IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බල්ලෙක් අපුර සිසුන් දහයක් සපයි

අනුරාධපුර  මධ්‍යම මහා විද්‍යාලයයේ සිසුන් දස දෙනකු  අද (8) උදේ අයාලේ යන බල්ලෙකු විසින් සපා කන ළදැයි රොහල් ආරංචි කියයි.

සිසුවියෝ තිදෙනෙක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

 බල්ලා මරා දැමු බවත් බල්ලාට ජලභීතිකාව ඇද්දැයි  සොයා ගැනීමට හිස රෝහලට යැවීට නියමිතය.
 



අදහස් (0)

බල්ලෙක් අපුර සිසුන් දහයක් සපයි

නීරෝ Monday, 08 July 2013 01:13 PM

අර අහවල් සංවිධානය මේකටත් එරෙහි වන්න පුළුවන්.ජාතිවාදය එලා අනිකුත් ආගම්කාරයන්ව මරණ එක හොදලු. නමුත් බල්ලෝ මරණ එක පව්ලු. එහෙනම් තියෙන්නේ මේ පිස්සු බල්ලෝ ටික එයාලගේ පන්සල් වලට හෝ කාර්යාල වලට දැක්කල අරින එකයි. එතකොට තේරෙයි බල්ලන්ගේ හැටි. (දී)

:       0       0

ගුණවර්ධන Monday, 08 July 2013 01:17 PM

බල්ලා සිසුන් දණ ගස්වලා නැද්ද? (දී)

:       0       0

අචිනි Monday, 08 July 2013 01:25 PM

සතාගේ නම අහපුවහම මට හිතුනේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්ද කියල, ළමයින්ව හපලා තියෙන්නේ.(නදී)

:       0       0

සුදත් බ්‍රෙෂියා Monday, 08 July 2013 01:30 PM

බල්ලන්ටත් දැන් යන්න වෙන තැන් නැතුව වාගේ පනින්නෙම පාසැල් වලට.(නදී)

:       0       0

නුවන් Monday, 08 July 2013 01:34 PM

මේවා මහා බලු වැඩ.(නදී)

:       0       0

සමීර් Monday, 08 July 2013 01:40 PM

බල්ලෙක් හපන්න එනවිට ඉතිබිසෝ බගවා අරහන් , සාන්ත කුරුසයේ අඩ්යලමේ අපගේ සතුරන්ගෙන් අප මුදවා දෙන්න සහ අල්හාවී අක්බර් කියල බේරෙන්න බැහැ . සනීකව කරන්න පුළුවන් එකම දෙය වැලි හෝ පස්ටිකක් ටිකක් අරගෙන බල්ලාගේ කටට විසිකරන එක.(නදී)

:       0       0

රීමා Monday, 08 July 2013 01:44 PM

මේක බල්ලාගේ වරද නෙවේ බලලා හදපු කෙනාගේ වරදක්, (නදී)

:       0       0

නිමාලි Monday, 08 July 2013 01:45 PM

මාමා...ඔයා නම් හරිම ඇත්ත කියල තියෙන්නේ.(නදී)

:       0       0

බන්දුල Tuesday, 09 July 2013 08:52 AM

හප කාපු බල්ලටත් වැඩ අන්ත පිස්සු බල්ලෝ ටිකක් අදහස් දාලා තියෙන්නේ. ඒකත් විනෝදෙට අරගෙන.ඒකටත් දේශපාලනේ ගාව ගෙන.. (නි)

:       0       0

හේරත් Tuesday, 09 July 2013 09:22 AM

අනේ පිස්සු බල්ලෝ කාපන්කො හොඳට මස් පර්වත වගේ දිලෙන දේශපාලුවෝ කීප දෙනෙක්ව. ඊළඟ ආත්මේ වත් හොඳ තැනක උපදින්න. පව් වැඩ නොකර අහිංසකයන්ට වද නොදී.(නදී)

:       0       0

කෙවින් Monday, 08 July 2013 02:11 PM

හිතෙන්නේ නැද්ද විජාතික කුමන්ත්‍රණයක් කියල මේක ? (දී)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 08 July 2013 02:17 PM

අල්ලලා චීනෙට යවමුද ? විදෙස් විනිමෙකුත් ලැබෙනවා. මොකද කියන්නේ? කට්ටය සෙට් වෙමුද? මාර ලාබ බිස්නස් එක! (දී)

:       0       0

නිලූ Monday, 08 July 2013 02:37 PM

ළමයින්ට තියෙන පිස්සුව බල්ලට හැදෙයිද දන්නෙ නැහැ (දී)

:       0       0

චන්දි Monday, 08 July 2013 02:37 PM

ෂික්,! ඒකත් මහා බලු කේස් එකක්නේ. ළමයින්ට අමාරුද?දෙවි පිහිටෙන් සුව වෙන්න ඕනෑ (දී)

:       0       0

ලුම්බිණි Monday, 08 July 2013 11:33 AM

ඉතා අවාසනාවන්ත සිදු වීමක්.(නදී)

:       0       0

ගමගේ Monday, 08 July 2013 02:42 PM

හේරත් ඔබ හරි. ඩීල් මොනවද ඔය නං දොඩවන්නේ. මිනිස්සු බල්ලෝ වගේ දවස ගානේ වාහනවල හැප්පිලා , ගහලා , පිහියෙන් ඇනලා මරලා දානවා. ඔයා මේ සත්ව ඝාතන ගැන කතා කරනවා. ලංකාවේ ඉපදින්න ඕන මනුස්සයෙක් වෙලා නෙවේ. හරකෙක්, බල්ලෙක් හරි වගේ මොකෙක් හරි සතෙක් වෙලා. මොකද මිනිහට වඩා ගරුත්වයක් ඌට තියනවා. මේවද බනද විකාරද මන්දා. මටනම් නිකන් පිස්සු වගේ.(නදී)

:       0       0

නිශාර්ඩ් Monday, 08 July 2013 02:42 PM

හොඳ ලොකු පොහොසත් ගෙවල් වල නම් බල්ලන්ව බොහොම හොඳට බලා කියා ගන්නවා. වෙලාවට බෙහෙත් එන්නත් කරලා එහෙම. අවාසනාවකට වගෙයි මධ්‍යම පන්තියේ උදවිය නිකන් ශෝ එකට බල්ලෝ ඇති කරන්නෙ. උන්ට හරියට කන්න දෙන්නෙත් නැහැ. ඒගොල්ලො කන්නෙත් නැහැ. බල්ලන්ව නාවන්නෙත් නැහැ. ඒගොල්ලො නාන්නෙත් නැහැ. ඒගොල්ලො බෙහෙත් විද ගන්නෙත් නැහැ. බල්ලන්ට බෙහෙත් විදින්නෙත් නැහැ. බලු අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංගනය කරනවා. ඒ නිසා බල්ලෝ ඇති කරන සාමාන්‍ය පන්තියේ අයගේ ආදායම් තත්වය බලලා තමා බල්ලෝ ඇති කරන්න දෙන්න ඕනෑ. (දී)

:       0       0

රස්වි Monday, 08 July 2013 11:35 AM

ගෙදරට යවලා අර ළමයින්ට බෙහෙත් දා ගන්න සල්ලි ඉල්ලලා දෙන්න.(අ)

:       0       0

කැනඩා දිසා Tuesday, 09 July 2013 10:46 AM

මෙන්න රට , තමන් බල්ලෙක් හදනවනම් ඒ සම්පූර්ණ වගකීම තමන් සතුයි. බල්ලා කිසිම විටෙක තනියම ජනතාව අතරට ඇරීම සම්පූර්ණයෙන් තහනම්. බල්ලා එළියේ මල පහ කරන්න තමන් විසින් ඒ නියමයන්ට අනුව රැගෙන යා යුතයි. ඒ වගේම බල්ලාගේ අශුචි තැන තමන් විසින් පිරිසිදු කල යුතයි. දඩය $2500. සැපයි නේද.(නදී)

:       0       0

අමිළ Monday, 08 July 2013 02:58 PM

ගමගේ, බල්ල කියන්නේ තිරිසනෙක් , ඌට මිනිසුන් තරම් හිතන්න මොලයක් නැහැ. ඔයාට ඊට වැඩිය පොඩ්ඩක් හරි හිතන්න මොලයක් තියනවා නේද?(නදී)

:       0       0

පසන් Tuesday, 09 July 2013 10:55 AM

අන්තරයේ බල්ලෙක් ද කොහෙද මොකද එයාලට සිසුන් පෙන්නන්න බැහැනේ.(නදී)

:       0       0

ශාන සෞදි Monday, 08 July 2013 03:10 PM

ඇයි අමතකද ගුරුතුමියක්වත් බල්ලෙක් හැපුවේ නවගත්තේගම පාසැලක. (දී)

:       0       0

පහන් Monday, 08 July 2013 11:53 AM

මේ බල්ලා හිටියේ පළාත් සබාවක් කිට්ටුවද? (නි)

:       0       0

ලලිත් Tuesday, 09 July 2013 11:29 AM

අනේ ඒකටත් නොමිනේෂන් දෙන්නකෝ. ජාඩියට මුඩිය වගේ දැන් ඉන්න සම-හරක් ඇමතිවරුන්ට, මන්තිරිලට, පලාබබාලට ගැලපෙනවා. (නි)

:       0       0

සුනිල් Monday, 08 July 2013 12:06 PM

දැන් මේ රටේ අධ්‍යාපනය බල්ලට ගිහිල්ලනේ. ඒකයි මෙහෙම වෙන්නේ!! (නි)

:       0       0

ගමගේ Monday, 08 July 2013 12:09 PM

අපේ ගෙවල් ලඟත් ඔය වගේම හපන බල්ලෙක් ඉන්නවා. මිනිස්සු ඌට ගහන්නේවත් එලවන්නේවත් නැහැ. මොකද බල්ලෝ මරන්න තහනමක් තියනවලු. ඒ නිසා මටත් බයයි ඌට මොනවා හරි කරන්න. එහෙම තහනමක් තියනවද? දන්නෙ නැති නිසා අහන්නේ. නැත්නම් මම මෙලහකට වැඩේ දීලා, දන්නා කෙනෙක් කියන්නකෝ. මැරුවට කමක් නැද්ද? (නි)

:       0       0

අසංක හේරත් Monday, 08 July 2013 12:10 PM

දඩාවතේ යන බල්ලන් වඳ කිරීමට පියවර නොගැනීම මෙයට හේතුවයි. ආගම සහ රාෂ්ට පාලනය යනු එකට නොයන දෙකක් බව පාලකයන් වටහා ගත යුතුය. (නි)

:       0       0

රාජා Monday, 08 July 2013 12:16 PM

මේ වගේ රූපයක් අර දනගහපු කතාවේ ද තිබුනා ඒ වගේ දෙයක් නෙමෙයිනේ නේද?(නදී)

:       0       0

අසාද් Monday, 08 July 2013 03:30 PM

ඕකා ප්‍රාදේශීය සභා බල්ලෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

මාමා Monday, 08 July 2013 12:22 PM

බල්ලෝ නං මාර වාතයක්. අපේ පාරේ හැමතැනම බල්ලෝ ජරා කරලා. ඒවා බේරලා වාහනේ එලවන්න ගිහින් හැප්පෙන්න ගිහිල්ලත් තියෙනවා. බල්ලෝ බුර බුරා පස්සෙන් පන්නන් ඇවිත් බයික් එකෙන් වැටෙන්න ගිහිල්ලත් තියෙනවා. අහල පහල බල්ලෝ අපේ මිදුලේ ජරා කරලත් යනවා. ඒත් ඕවට කතා කරන්න ගියාම බලු මහත්තුරු ගන්නේ බල්ලාගේ පැත්ත. හදන බල්ලෙක් තමන්ගේ වත්ත ඇතුලේ හදා ගන්නවා මිසක් පාරේ අරින්න එපා කවදාවත්. නැත්තන් කොයි වෙලේ හරි බයික් එකෙන් වැටිච්ච එකෙක් හොයාගෙන ඇවිත් බල්ලට නෙවෙයි බල්ලාගේ අයිතිකාරයට මන්නේකින් කොටයි. (නි)

:       0       0

රුවන් Monday, 08 July 2013 12:37 PM

ගමගේ, ඔයා නීතියට බය නිසා හරි වැරදි නොකරන එක හොදයි. සතෙක් වුනත් මරණ එක වැරදියි තමා. නමුත් සතකුගෙන් හෝ සමාජයට කරදර නම් පොලිසියට,නගර සභාවට දැනුම් දුන්නොත් ඒ අය අවශ්‍ය පියවර ගනිවි (නි)

:       0       0

ඩිල් Monday, 08 July 2013 12:39 PM

බිබිඑස් හා උරුමයන් මේ සත්ව ඝාතනය තරයේ හෙළා දැකිය යුතුයි. (නි)

:       0       0

ආනන්ද ආර් Tuesday, 09 July 2013 12:12 PM

බල්ලා එනකොටම දණගහගෙන හිටියා නම් සමහරවිට හපන එකක් නැහැ. (නි)

:       0       0

කිරිහාමි Monday, 08 July 2013 12:45 PM

බල්ලොත් එක්ක බැහැ (නි)

:       0       0

සනත් Monday, 08 July 2013 12:46 PM

ඇමතිතුමෙකුගේ ගෙදරක හදපු බල්ලෙක්වද්ද? (නි)

:       0       0

මිලාන් Monday, 08 July 2013 12:49 PM

අද කාලේ මිනිස්සුත් බල්ලෝ වගෙයි. වෙනසක් නැහැ. කන්න දුන්න අත හපාකනවා (නි)

:       0       0

කොස්වත්ත Monday, 08 July 2013 01:03 PM

අසංක හේරත්, ඔයා හරි. අමු අමුවේ මිනිසුන් හරක් සහ සතුන් මරනවා. ඒත් බල්ලන්ව දඩාවතේ යන්න හැර බලාගෙන ඉන්නවා (දී)

:       0       0

සිරි Monday, 08 July 2013 01:04 PM

මේවා අදාළ බලදාරීන්ට තේරෙන්නේ නැද්ද මන්දා මේ වෙන දේවල්!! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 111 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1036 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 202 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 903 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3604 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2279 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site