වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ ආරක්ෂිත මුහුදු බෙල්ලන් කවච විශේෂ හයක් හා ඒවා විකිණිමට තබා තිබු විසිතුරු භාණ්ඩ අලවිහලක හිමිකරු මාතර කෝට්ටේ ගොඩ දී අත්අඩංගුවට ගත් බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. වනජිවි අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටියගේ මෙහෙයවීමෙන් වැටලිම සිදු විය.
අත්අඩංගුවට ගත් බෙල්ලන් විශේෂ අතර ලංකා සිතියම් බෙල්ලන් කවච 20 ක් ද, ව්‍යාග්‍රා කවඩි බෙල්ලන් කවච 12 ක් ද, මහා ට්‍රයිඩැග්නා මට්ටි බෙල්ලන් යුගල 06 ක් ද , පැලිමරෝස් මියුරෙක්ස් බෙල්ලන් 10 ක් ද , සිනිදු මකුළු බෙල්ලන් 7 ක් ද, මකුළු බෙල්ලන් 22 ක් ද වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෙල්ලන් ගැන අපිට දැනුමක් නෑ. අපේ ගෙදර මාළු ටැංකියේත් එක එක ජාති බෙල්ලන් ඉන්නවා . මොන බෙල්ලන් ද නීති විරෝධී කියල දැනගන්නේ කොහොමද ? (බ)
ඇත්තටම මෙවන් නීති ගැන අපිත් දන්නෙ නැහැ (නි)
ශ්‍රීමාලි, ඔයාගේ ටැංකියේ ඉන්න ගොළුබෙල්ලන්ට කිසිම තහනමක් නැහැ, මම හිතන්නේ.... (නි)
මෙහෙම නීති ගැන මහජනයා දැනුවත් කළයුතුයි නේද? එතකොට ඔය සම්භාණ්ඩ නිපදවන්න සහ පිටරට වලින් ගෙනෙන හම් සපත්තු, බෑග්,ජැකට් එහෙමත් අත්අඩංගුවට ගන්න ඕනෑ නේද? (නි)