කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවැත්විණි.
ඒ සඳහා කැබිනට් ප්‍රකාශකයන් වන ඇමැති දොස්තර රාජිත සේනාරත්න සහ ඇමැති ගයන්ත කරුණාතිලක මහත්වරුන්ට අමතරව නියෝජ්‍ය ඇමැතිවරුන් වන කරු පරණවිතාන සහ එරාන් වික්‍රමරත්න මහත්වරු ද, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහත්වරු ද පැමිණ සිටියහ.
සුපුරුදු පරිදි කරුණාතිලක මහතා කැබිනට් තීරණ කෙටියෙන් පැහැදිලි කළේය. ඉන් පසු වැට් බදු වැඩිකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති එරාන්ට ආරාධනා කළ ගහන්ත ඇමැතිවරයා කීවේ ‘ඔහුගේ කතාවෙන් පසු රාජිත ඇමැතිතුමා සුපුරුදුපරිදි ඉතුරුටික බලාගනියි.‘ යැයි කියද්දී සියලු දෙනාම සිනා සුනහ.
ඇමැතිවරුන්ගේ කතා වලින් පසු මාධ්‍යවේදීන් ප්‍රශ්න අසන්නට පටන් ගත්තේය.
බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු කැරණි.
මාධ්‍යවේදියෙක් - බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා කියා තිබුණා මේ ආණ්ඩුව බලු බද්ද සහ ඇග බද්දත් ගහන්න යන බව.
එම ප්‍රශ්නට පිළිතුරු දීමට නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා සූදානම් වෙද්දීම දොස්තර රාජිත සේනාරත්න මහතා ඊට ඉස්සර විය.
රාජිත සේනාරත්න - බල්ලන්ට බදු ගහනකොට බැසිල් ඇමැතිතුමා ඇයි ඔච්චර කළබල වෙන්නේ?
යළි කරු පරණවිතාන මහතා කතා කරන්නට උත්සාහ දරද්දී ‘අනිත් කිසි දේකට කළබල වුණේ නැති එක්කෙනා ඇයි බල්ලන්ට ගහද්දි කළබල වෙන්නේ?‘ යැයි යළි රාජිත සේනාරත්න මහතා කීවේ සියලු දෙනාට සිනා නංවමිනි.
කරු පරනවිතාන - මේ ආණ්ඩුව බලු බද්දක් ගහලත් නෑ. ඇඟ බද්දක් ගහලත් නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බදු ගහලත් නෑ. බලු බද්ද ගැහුවේ බැසිල් රාජපක්ෂලා තමයි. බල්ලු ගෙනත් බල්ලො බලාගන්න නාවික හමුදාවෙන් දැම්මා. රජකාලේ බදු ගෙව්වු ශ්‍රමයෙන්. නාවික හමුදාවෙන් බල්ලන් බලා ගන්න ශ්‍රමය ගත්තා කියන්නේ බලු බද්දක් ගැහුවා කියන එකයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරම්පරාව අහිමි වෙයි කියලා බය ඇති (හේ)
කුෂාන්, හොරකම් කරන එකා හොරකම් කරන්නේ ලිඛිතව සාක්ෂි ඇතුව නොවේ. මොළේ තියෙන ඕනෑම කෙනෙකුට බුද්ධිමත් කෙනෙකුට වැටහෙනවා, මෙයාලා මහින්ද රාජපක්ෂගේ රජයේ ඇමතිකම ගන්න කලින් හිටපු විදිය සහ දැන් තියෙන වත්කම්. මොවුන්ට කඩේ යන අයට මේවා නොපෙනීම පුදුමයක් නොවේ (නි)
මහා ලොකුවට හෘද රෝගීන්ට නොමිලේ දෙනවා කියලා කිවුව කතා විතරයි තවම. එක ලෙඩෙකුටවත් දීලා නැහැ. (නි)
කල්ප, ඔයා ඔය කියන හැමදේම රජයකට අවුරුද්දකින් කරන්න බැහැ (නි)
බල්ලොත් එක්ක බැහැ කියන්නේ නිකන්ද? (නි)
"අනිත් කිසි දේකට කළබල වුණේ නැති එක්කෙනා ඇයි බල්ලන්ට බදු ගහනවද කියලා ප්‍රශ්නේ අහපු ගමන් කළබල වෙන්නේ? (හේ)
නැව් ගිල්ල ඒවාටත් බදු ගහයි කියලද මේ වගේ කතා සමහරු කියන්නේ. (නි)
අපෝ! මෙයාගේ කතාව නම් හරිම අප්‍රසන්නයි. වැදගත් විදිහට කතා කරන්න දන්නේ නැති කෙනෙක්. (නි)
ඇත්තටම මේ ආණ්ඩුවේ කෙරුවාවල් දැන් ජනතාවට තිත්තවෙලා. ආණ්ඩුවේ නොහැකියාවට අාර්ථිකය වට්ටලා දාලා. අසීමිත බදු බරක් ජනතාවගේ හිසමත පටවලා තියන්නේ. දැන් ඉතින් පුලුවන්නම් බල්ලන්ටත් බදු ගහයි. පාරවල් හැමතැනම කඩාගෙන කොහෙවත් ඉවරයක් නැහැ. සංවර්ධනයක් කොහෙවත් දකින්න නැහැ. ඕනෑ කෙනෙකුට දකින්න පුළුවන්නේ මොනවද කරන්නේ කියලා. (නි)
නලින් යහම්පත්, දැන් ඔයාට ලිඛිතව සාක්ෂි තියෙනවද බැසිල් මහතා කොමිස් ගැහුවා කියලා? මොකටද මෙච්චර තටමන්නේ සාක්ෂි තියෙනවා නම්. යන්නකෝ එෆ්සීඅයිඩීයට. දාන්නකෝ නඩුවක්. (නි)
ලෙස්ලි හරි . (හේ)
කතාවේ හැටියට නම් බැසිල් විතරක් නෙමෙයි රාජිතත් හොඳටම කලබල වෙලා නේ .(බ)
ඔක්කොම බොරුකාරයෝ (බ)
මඩුවලිගේ කොහෙද (බ)
අපේම මිනිසුන්ට බල්ලන් කියා වහෙන්ඔරෝ අපහාසයන් කරන මේ ඇමති මණ්ඩලයේ ඉන්නේ මොන වගේ කට්ටියද? (නි)
කතාකරන කැත විතරක්. (නි)...
මන්ත්‍රීලට අසාධාරන විදිහට වාහන පර්මිට් දෙන එකට ජනතාවගේ විශාල විරෝධතාවයක් තිබෙනවා. ඇයි මේ ගැන කවුරුත් ප්‍රශ්න කරන්නේ නැත්තේ? (නි)
මොකක්ද මේ “බල්ලෝ" කරපු වැරැද්ද? මම දන්නා හැටියට නම් ඒ අය උත්තරීතර ස්ථාන වලත් නැහැ. මොකද මම කුඩා කාලේ බල්ලෝ කරපු විදිහටමයි අදත් ඒගොල්ලෝ කටයුතු කරන්නේ. එතකොට බල්ලෝ වැරදි නැහැනේ. බල්ලෝ ඕවා එකක්වත් මවිලකට ගණන් ගණන් ගන්නේ නැහැ. (නි)
සුදු ඇඳගත් වැදගත් මහත්හොරු (නි)
බැසිල් රාජපක්ෂලා කොමිස් ගහලා හම්බ කරපු විදේශ මුදල් ආපසු මෙහෙ ගෙනාවා නම් ඔය බදු ගැසීම නවතන්න තිබුණා. ඕක එයාට නොවැටහීම නිසා කී කතාවක් වෙන්න ඕනෑ (නි)
විසිල් විතරයිනේ ඇමතිතුමෝ. බල්ටි නැද්ද? (නි)
බල්ලන්ට බදු ගහනවා නම් ඒවා ගන්න දේශපාලකයන්ගෙන් (නි)
කලින් අාශ්‍රය කළ නිසා බැසිල්ට බය ඇති. මොනවා වුණත් එකට හිටියනේ. (නි)
තාමත් කතාව විතරයි. (ර)