IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බොලිවුඩයට අඩු නොවන නවක නිළියෝ

මෙම වසරේ එනම් 2016 වසරේ අඩක්ම නිමවී ගියත් බොලිවුඩයේ ඇතැම් අයට තවම නව වර්ෂයක් ලෙස හැඟේ. එයට හේතුව වන්නේ ඉදිරියේදී එළිදැක්වීමට ඇති බොලිවුඩ් චිත්‍රපටවලින් ක්ෂේත්‍රයට බිහි වීමට ඇති නවකයන්ගේ දස්කම් දැකගැනීමට හැකියාව තිබෙන බැවිනි. ඇතැම් රංගන ශිල්පීන් නවක නොවුණද ඔවුන් විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත් වී නොමැත. එයට හේතුව ලෙස සඳහන් කරන්නේ ඔවුන් දායක වූ චිත්‍රපට ආදායම් නොලැබූ හෙයිනි.එවැනි රංගන ශිල්පීන් කිහිප දෙනෙකු මෙසේ ගෙනහැර දක්වමු.

 

Saiyami Kher

2016-07-01-ent-22

1992 වර්ෂයේදී උපන් ඇය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ 2013 වර්ෂයේදීය. මේ වනවිට ඇය රංගනයෙන් දායක වී ඇත්තේ එක් චිත්‍රපටයක් සඳහා පමණි. ඒ 2015 වර්ෂයේදී තිරගත වූ "Rey" නම් තෙළිඟු චිත්‍රපටයටය. ඉදිරියේදී බොලිවුඩයේ එළිදැක්වීමට නියමිත "Mirzya"චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ඇය දායක කරගෙන තිබෙන බව සඳහන් වෙයි.


 

Shriya Pilgaonkar 

2016-07-01-ent-24

ඇය කුඩා කාලයේදීම ක්ෂේත්‍රයට පිවිසි Tu Tu Main Mainනම් රූපවාහිනී කතාමාලාව ඔස්සේය. ඒ 1996 වර්ෂයේදීය. ඉන්පසු ඇය ක්ෂේත්‍රයෙන් ඉවත්ව තිබේ. ඉන්පසු 2013 වර්ෂයේදී නැවතත් චිත්‍රපටය සඳහා දායක වී ඇති ශ්‍රියා, මෙම වසරේ ශාරුක් ඛාන් සමග චිත්‍රපටයක රංගනයෙන් දායක වීමට නියමිතය.

 

Sayesha Saigal

2016-07-01-ent-23

මේ වනවිට 18 වැනි වියේ පසුවන ඇය ක්ෂේත්‍රයට පිවිසියේ 2015 වර්ෂයේදී තිරගත වූ Akhil නම් තෙළිඟු චිත්‍රපටය හරහාය. මැය පිළිබඳව ඉන්දියානු මාධ්‍ය බොහෝ විට කතා කිරීමට පෙළඹී ඇත්තේ ඔක්තෝබර් මාසයේ එළිදැක්වීමට නියමිත අජේ දේව්ගන්ගේ නවතම චිත්‍රපටය වන Shivaay නම් චිත්‍රපටය නිසාය. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඇය රංගනයෙන් දායක වන බව සඳහන් වෙයි.


 

Pooja Hegde

 

2016-07-01-ent-21

නිරූපණ ක්ෂේත්‍රය හරහා රංගනයට අවතීර්ණ වූ ඇය, මූලිකව රංගනයට දායක වූයේ 2012 වර්ෂයේදී තිරගත වූ Mugamoodiනම් දෙමළ චිත්‍රපටයටය. 2010 වර්ෂයේදී Miss Universe India තරගයේ අවසන් තිදෙනා අතරට පැමිණි ඇයට චිත්‍රපට රංගන වරම් හිමිවිය. මේ දිනවල යූටියුබ් ජාලයේ උණුසුම් ප්‍රතිචාර ඇති Mohenjo Daro නම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිසා ඇය පිළිබඳව බොහෝ දෙනා කරුණු සොයන බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙයි. අගෝස්තු මාසයේ එළිදැක්වීමට නියමිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රිතික් රෝෂන් සමග ඇය රංගනයෙන් දායක වී ඇත.



අදහස් (0)

බොලිවුඩයට අඩු නොවන නවක නිළියෝ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 174 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 813 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 643 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 344 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2605 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 961 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site