බණ්ඩාරවෙල පූනාගල ලංගම බස් අනතුරෙන් 10 දෙනකු මියගොස් 26 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය අය අතර කාන්තාවන් පස් දෙනකු වෙතියි ද පොලිසිය පවසයි.
පල්ලමේ ස්වභාවය අනුව තවත් තුවාල කරුවන් ඇත්දැයි සෙවීම අසීරු වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. පොලිසියේ සහායට යුද හමුදාව ද කැඳවා ඇත.
(ඡායාරූපය ආර් ඩී කරුණාරත්න)
(ඡායාරූප ආර් කෝගුලන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි! මේ වගේ අනතුරුදායක මාර්ග ආදියට මාර්ගය පුරුදු රියදුරුන් නොදා හිටියාවද්ද?මොකද එහෙම අහන්නේ සමහර වෙලාවට අහුවෙන රියදුරන් යොමුකරන නිසා. (නි)
ඇයි ලංකාවේ බලපත්‍රය දෙන්නේ වාහන පදින්න බැරි අයටද ?අනික පුරුදු කරලා තමයි ඕවට දන්නේ .හේතුව පරණ බස් පාරවල් හදල බිල්ඩින් හදල විතරක් මදි අලුත් බස් දන්නේ ඕනි මහා ජනතාවට යන්න බය නැතිව (දී)
මිය ගිය අයට නිවන් සුව පතන්නෙමි තුවාල සිදූ උන අයට ඉක්මන් සුවය පාර්ථනා කරමි (දී)
අනේ දෙයියනේ මේ මොන විපතක්ද අහන්න ලැබුනේ? (නි)
මාගලි, මොනවා අලුතින් දැම්මත් ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක් කළේ නැත්තම් ඔය දේවල් නවත්තන්න බැහැ. පාර හොඳට හදලා තිබෙනකොට නොසැළකිල්ලෙන් රිය පදවන්න ඇති. (නි)
මෙතැන බොරුවට කෑ කෝ ගහලා වැඩක් නැහැ.අපි තවම දන්නේ නැහැ හරියට මොකද්ද සිද්ධ වුණේ කියලා.නිකම් රියදුරු මහතුන්ට බැණලා වැඩක් නැහැ,අපේ කට්ටියත් ඉතින්.... (නි)
මියගිය අය සමාදානයේ සැතපේවා, තුවාල වූ අය සුවපත් වේවා! (නි)
ඉතාම කනගාටුදායක පුවතක් මියගිය අයට නිවන්සුව පතන අතර තුවාලකරුවන්ට ඉක්මන් සුවය ලැබේවා.(නදී)
අපේ රටේ සමහර පාරවල් තියනවා වාහනයකින් තියා මට නම් පයින් යන්නත් බයයි. අනතුරු නම් ගොඩක් දරුණු එකක් මෙවන් අනතුරු නම් අහන්න දකින්න නොලැබේවා ..(නදී)
කරදරයට පත් සියලුම දෙනා ඉක්මනින් සුවපත් වේවා! හදිසියේ සමුගත් පිරිසට මතු අත් බවයකදී මෙවන් අකල් මරණ නොවේවා! මතු නිවන් දකිත්වා! (නි)
සමහරවිට තිරිංග දෝෂයක් වෙන්නත් පුළුවන්.බණ්ඩාරවෙල, බද්දුල්ල, කැප්පෙටිපොල , නුවරඑළිය වගේ ඩිපෝ වලට රියදුරන් අරගෙන හොඳින් පුහුණු කරලා තමා සේවයේ යොදවන්නේ. අපි බලමු තව ටිකක් මොකද වෙලා තියෙන්නේ කියලා (නි)
අනතුරට හේතුව නොදැන රියදුරුට පමණක් වැරදි කීම සාධාරන නැහැ. හැබැයි ඉස්සර නම් ලංගම රියදුරන්ගේ විනය ජාත්‍යන්තරය පවා අගය කළා. දැන් ඉන්න සමහර අය පෞද්ගලික බස් රියදුරන්ටත් වඩා විනය විරෝධියි. (නි)
මේ දිනවල තද වර්ෂාව. මීදුම.පූනගල ප්‍රදේශයට නොගිය මිනිස්සු බයිල කිව්වට ඇත්ත දන්නේ නැහැ. මීදුමට පාර පෙනෙන්නේ නැහැ. ගිහින් බලන්න.රියදුරන්ගේ වැරදිම නොකියා.දවාලක ගිහින් පුනාගල "ලිප්ටන් සීට් " බලන්න.පහළින් දිස්ත්‍රික්ක තුනක් එකවර බලාගත හැක. (නි)
පිටබැද්දර ජයා ,ඔබ හරි කදුරට පළාත් වල ඇති ලංගමයට අයත් ඩිපෝ වල රියදුරන්ට විශේෂ මාර්ග පුහුණුවක් දෙනවා අනිකුත් ලංගම රියදුරන්ට වැඩිය. කොතරම් පළපුරුදු කම් ඇති රියදුරෙක් හෝ අලුතින් එම කදුරට ඩිපෝවලට අලුතින් පත් වීමක් ලද හොත්, ඔවුන්ද ඒ විශේෂ පුහුණුවට සහභාගී විය යුතුයි..(නදී)
සමන්ති හරි. එකයි කඳු රටේ තත්වය. පාරවල්වල දුෂ්කරකම බලන්න බර වහනයක් එලවලම බලන්න ඕන. කඳුරටේ රියදුරු මහත්වරු වැරදි කරනවා ගොඩක්ම අඩුයි. ඒකෙනුත් ලංගමේ අයගේ වැරදි හරිම අඩුයි. නමුත් ලංගමේ වාහනවල තත්වය නම් කඳුකර මාර්ග ධාවනයට නම් සුදසු නැ. එදාවේලට තමයි රෙපයාර් කරන්නේ. මේවට බනින්න ඕන ලොකු අයගේ ඉඳලම පහලට ඉන්න ලොක්කන්ට. කොමිස් කාක්කන්ට. ලංගමේ කන ඉහඳ පණුවන්ට. (නදී)
මේ පාරවල් සුද්දෝ උන්ගේ තේ වතු වලට යන්න සහ තේ ප්‍රවාහනය කරන්න හදපු පටු, බෑවුම් සහ වංගු සහිත ඒවා. මේවයේ නිසි නඩත්තුවක් පවතින්නේ කලාතුරකින් .බස් වලත් අඩුපාඩු තියනවා. නමුත් බහුතරයක් ලංගම රියදුරන් ඉතාම දුෂ්කර තත්ත්ව යටතේ කඳුකරයේ ආරක්ෂාකාරීව පදවනවා. මේක තනිකරම රියදුරාගේ වරදක් වෙන්නේ ඔහු කන පැලෙන්න බීලා හෝ අනවශ්‍ය වේගයෙන් රේස් ගිහින් වගේ අවස්ථාවක පමණි. බොහෝවිට මේ වගේ දේවලට කාර්මික දෝෂ, මාර්ග දෝෂ, දේශගුණය සහ අවාසනාව කියන කරුණත් බලපානවා. මියගිය අයට නිවන් සුව, තුවාලකරුවන්ට ඉක්මන්සුව. .(නදී)
කනගාටුයි, ගමනක් ගියොත් ගෙදරට එන තුරු විශ්වාස නැහැ.(නදී)
රිස්වාන් හරි, උනේ මොක්කද කියලා හරියට නොදැන කෑ ගහලා වැඩක් නැහැ. සමහර විට තිබෙන කාලගුන තත්වය මත ලිස්සා යාමක් විය යුතුයි.(නදී)
මෙයට ප්‍රදාන වශයෙන් වගකිව යුත්තේ ප්‍රදේශයේ මාර්ග ඉංජිනේරුවන් මෙම අවදානම් ස්ථාන වලට මාර්ග ආරක්ෂක වැට, අඩුම තරමින් ඇස්තමේන්තු කර යෝජනා කර නැතිනම් පළමුව ඔවුන් ඉවත් කල යුතුය. දෙවනුව ඇමතිවරයා සියලු දෙනාට නියෝග නිකුත් කල යුතුය .(නදී)
මේ වගේ විපත් සතුරෙකුටවත් වෙන්න එපා. හරිම කණගාටුයි වුන දේට. (ස)
රිස්වාන්, සමන්ති ඔබ දෙපලගේ අදහස් කාලෝචිතයි!.(නදී)
සමුගත් සියලුම දෙනාට නිවන් සුව පතමි. අනෙක් යට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. කොයි තරම් දක්ෂ රියදුරු මහත්මයෙකුට උනත් වරදින්න යන්නේ නිමේක්ෂයක් පමණයි. කිසිම කෙනෙක් උවමනාවෙන් මෙවන් දේවල් කරන්නේ නැහැ. .(නදී)
අනුර ඔයා ලංකාවේද ඉන්නේ. .(නදී)
මට කියන්න්නට ඇත්තේද සෑම් මහතා පැවසු දෙයම තමයි.(නදී)
කොච්චර දේවල් කිව්වත් ඔච්චර තමයි. අහිංසක මිනිස්සු කී දෙනෙක් අද මැරුනද? මේ මිනිස්සු කොච්චර නම් බලාපෙරොත්තු ඇතිවද ඔය බසයට නගින්න ඇත්තේ.(නදී)
මේ වගේ අවදානම් ස්ථාන වලට පරණ රේල් පීලි යොදල හරි ආරක්ෂක වැටවල් ඉදි කරන්න.බලාපොරොත්තු නොවන අයුරින් මිය ගිය සැමට නිවන් සුව පතමි! (ස)
හිතාගන්න බැරි, තුවාල කාරයෝ හොයාගන්ඩ බැරි බස් එක තේ වත්තක තියෙද්දී. තේ කඩන්නේ එහෙනම් කොහොමද? (ස)
රිස්වාන් සහෝදරයාගේ කතාව හරි, අපි හරි හේතුව සොයා බැලිය යුතුයි.නැතිනම් තවත් මෙවැනි දෙයක් වෙන්න පුළුවන්.අපේ පවුලේ කෙනෙක් මේ දෙයින් නැති උනා හා සමානයි.හිතට ගොඩක් දුකයි.අපෙන් වෙන්වුන සියලු දෙනාට නිවන් සුව පතනවා. (ස)
ඡන්දෙ ගත් කට්ටිය මොකද කියන්නේ? (නි)
මේ දිනවල පූනාගල පැත්තේ හරියට මීදුම.රියදුරුට දොස්කීම වැරදියි. ලංගම බස් වල (ෆොග්) ලයිට් නැහැනේ (නි)
මෙවන් විපත් අකල් මරණ ඇසීමට දැකීමට සිදු නොවේවා! මළගිය ඇත්තන්ට නිවන් සුව,තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය!මෙවැනි අනතුරුදායක තැන් වලට ගරාදි වැටක් හරි යකඩ වැටක්වත් දැන්වත් බලධාරින් සවි කළොත් ජාතියට ලොකු සේවයක් වේවි (නි)
කාලගුණය ඉතාම අයහපත් නිසා මාර්ගය ලිස්සා යන්න පුලුවන්.දැන්වත් ඌව පළාතේ පාරවල් ටික හොදට හදලා දෙන්න. (නි)
මියගිය සියලු දෙනාටම නිවන් සැප ලැබේවා! තුවාල වූ අය ඉක්මනින් සුවපත් වේවා! (ස)
ලංගමයෙන් මේ මියගිය සහ තුවාල වූ මිනිස්සුට වන්දියක් ලැබෙයිද ? වෙන රටවල මෙහෙම වුණා නම් ජිවිත කාලෙටම හොයන්න බැරි තරම් ඉතා විශාල වන්දියක් පවුලේ අයට ලැබෙනවා. මම කියන්නේ අඩුම තරමේ මිනී පෙට්ටිය ගන්න රුපියල් 5000 ක්වත් ලැබෙයිද ? (නි)
වර්ෂාව නිසා ලිස්සලා යන්න ඇති මටත් හිතෙන්නේ..!! අඩුම ගානේ බයානක පල්ලම් තිබෙන තැන් වලවත් ආරක්ෂක වැටවල් හදන්න ඕනේ.අනික හරිම අබලන් ලංගමේ වාහන.කාලයක් පාවිච්චි කරපුවා.උඩින් ප්ලෙන්ට් කරාට වැඩක් නෑ.මේ වගේ බලධාරියෝ ඇස් ඇර බලන්න මේ අනතුරු දිහා.මියගිය අයට නිවන් සුව පතමි..!!! තුවාල ලබා සිටින අයට ඉක්මන් සුව පාර්ථනා කරමි...!!! (ස)
කඩතොළු, රළු, පාරවල් තිබුන කාලේ මෙවැනි සෝචනීය ඛේදවාචක උනේ නැහැ .සරල , සාමකාමී ජීවන රටාවකට හුරු අපි ක්ෂණිකව අනුගතවීමේ අනිටු ප්‍රති විපාක නොවඩුව ලබමින් පවතී. කාර්පට් මැදපු පාරවල්, පවර් ස්ටීරින්ග් සුක්කානම් තවමත් අපිට දුර වැඩියි. (ස)
මෙවැනි අනතුරු සිදුවීමට කාරණා කිහිපයක් බලපාන්න පුළුවන්. පාර ප්‍රමිතියට නැතිවීම, පාරේ හා වාහනයේ තත්වයට වැඩිය වැඩි වේගයකින් රථය පැදවීම , රියදුරා ගේ පළපුරුද්ද නැතිවීම සහ වාහනය ප්‍රමතියට නැතිවීම , විශේෂයෙන් ම ටයර් බ්රේක් සහ වාහනයේ යාන්ත්‍රනය ආදිය. අන්තිමේදී නැතිවන්නේ වටිනා මනුෂ්‍ය ජීවිතයි. .(නදී)
බස් රථයේ තත්වය දැක්කම 26ක් බේරුනා කියන එකත් වාසනාවක්. .(නදී)
අනේ දෙවියනේ ..! පපඩම් වෙලා තියන බසය දැක්කම ..තුවාල කරුවෝ මොනවගේ තත්වෙකද කියල හිතාගන්න පුළුවන් ..දෙවියනේ සෑම දෙනාටම ඉක්මන් සුවයත් මියගිය අයට නිවන් සුවයත් පතමි ...!!!.(නදී)
අනුර ආරක්ෂක වැටවල් තිබුනත් බස් එකක් වගේ එකක් නවත්තන්න කොහොමටවත් බැහැ..(නදී)
පවු මියගිය මිනිස්සු! (නි)
තුවාල ලැබූ පුද්ගලයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. ජීවිතය අහිමි වූ පුද්ගලයන්ට නිවන් සුව ප්‍රර්ථනා කරමු.මිනිසුනේ, දැන්වත් සිහි බුදිධියෙන් රිය පදවන්න.මේ අපිට නැතිවෙන්නේ අපේම මිනිස්සු නේද? (නි)
අනේ අපොයි! (නදී)
තුවාල ලැබූ අයට ඉක්මන් සුවය පතමි. මාර්ගට වැඩේ දියුණු කරමු. (ස)
මෙවන්.., රුදුරු දසුන් අප නෙත නොම ගැටේවා., මිය ගිය සැමට නිවනෙහි දොර ඇරේවා, රෝහලේ සිටින සැමටම සුව ලැබේවා., දෙනෙතට කදුළු බර වැඩි බව දැනේවා ..!! (ස)
දිවිපිදු සියලුදෙනාගේ ආත්මයන් ශාන්ත බාවයට පත්වේවා. තුවාලකරුවන් සියලුදෙනාට ඉක්මන් සුවය ලැබේවා. මින්මතු මෙවෙනි අනතුරක් කොතනත් සිදුනොවේවා. අපට මෙවෙනි දුක්බර අවස්ථාවක කියන්න තියන්නෙත් මේ ටිකමයි. නමුත් මිනිසුන්ගේ අපරික්ෂාකාරී ක්‍රියා නිසාමයි මෙවෙනි බරපතල ආපදාවන් සිද්දවෙන්නේ. නුවනත්ව කටයුතු කරා නම් බොහෝ අනතුරු අපට වලක්වාගන්න පුළුවන්. ප්‍රශ්නය නම් අපි හැමෝම හදිස්සි වැඩියි. අපේ ගම්පලාත් වල තිබෙන මාර්ග ගැනත් විශේෂ අවදානමක් අවශ්‍යයි. අදිවේගී පාරවල් ඉදිවුනාට එම පාරවල්වලට ලංවීමට ගන්නා කාලය ගැන බලනකොට මෙම පාරවල්වලින් ලැබෙන වාසිය විමසිල්ලට පත්වියයුතු කරුණකි. උදාහරණයක් වශයෙන් මොරටුව සිට කටුනායක අදිවේගී මාර්ගයට පිවිසීමට ගන්නා කාලය පැය තුනකි. මේවා ගැනත් අදාල නිලදාරීන් හොයලා බලන්න ඕනේ. (නදී)
ප්‍රයිවට් බස් එකක ඔය වැඩේ උනා නම් ඉවරයි. ලංගම බස් එකක් නේ නේද.. ලංගම බස් හොඳයි නේද. (ස)
අනේ දෙයියනේ (ස)
අනේ අපොයි! (නි)
මරික්කාර්, ඔබ හොද අදහසක් දමා තිබේ, මට කොට්ටාවේ ඉදලා ගාල්ලට එන්න විනාඩි 55/60ක් යනවා. ගාල්ලේ ස්ටෑන්ඩ් එකේ ඉදලා අලුත්වලට යන්න පැය 1ක් හෝ 1හමාරක් විතර යනවා. මොනවා කරන්නද ඉතින්? කාට කියන්නද? කවුරු අහන්නද? (නි)
වැස්ස නිසා පාර ලිස්සනවා.ඉතින් ඝර්ෂණය අඩු නිසා වේගෙ අඩු කරන්න ඕනෑ.රියදුරු ගොඩක් වේගයෙන් ඇවිත් තිබෙනවා වගෙයි. ආරංචි විදිහට යතුරුපැදියක් බස් එක ඕවර් ටේක් කරනකොට අයිනට කරන්න ගිහින් තමයි වැඩේ වෙලා තියෙන්නෙ (නි)
රියැදුරා බසය වේගයෙන් ධාවනය කරන්න ඇති (නි)
තුවාල ලැබූ සියල්ලන්ට ඉක්මන් සුවය ලැබේවා !!! මියගිය සියලු දෙනාට නිවන් සුව අත් වේවා !!! මෙවන් විපත් නැවත සිදු නොවීමට බලධාරින්ගේ ඇස් ඇරේවා !!! (ස)
අනේ අපොයි.අනතුරු නම් ගොඩක් දරුණු එකක්. මෙවන් අනතුරු නම් අහන්න දකින්න නොලැබේවා...දැන්වත් මේ පළාතේ පාරවල් ටික හොඳට හදලා දෙන්න. (ස)
අබලන් බස් එකක් වෙන්නැති.පව්. (ස)
වැඩි විස්තර නොදන්නා නිසා අදහස් ප්‍රකාශ නොකරමි , මිය පරලොව ගිය අයට නිවන් සුව!(දිල්)
මම අවුරුදු 30 කට කලින් බණ්ඩාරවෙල ඉගෙනගත්ත. මට මතකයි ඔය අංකය තියෙන බස් එකමයි ඒ කාලෙත් පුනගලට ගියේ. (දිල්)
අනතුරක් වෙන්න පළපුරුදු කෙනෙක්ද,අලුත් කෙනෙක්ද කියල වෙනසක් නැ.කා අතිනුත් වෙනවා.වුණේ මොකක්ද කියල හොයලා ආයේ නොවෙන්න මග පාදන එකයි කෙරෙන්න ඕන.(දිල්)
'සේෆ්ටි ෆස්ට්' වුණා නම් නිතරම හොදයි නේද ? මියගිය අයට නිවන් සුව! තුවාල වූ අයට ඉක්මන් සුවය පතමි. (නි)
මේ බස් එක ලංකාවට ගෙනාවේ 2007 අවුරුද්දේ. මුලින්ම ධාවනය කලේ කොළඹ. ඊයේ පුනාගල දක්වා ධාවනය කරලා තියෙන්නේ ආයිත් බණ්ඩාරවෙලට එන්න බලාගෙන. රියදුරු තැන හයියෙන් ධාවනය කරලා තියෙනවා. රියදුරා මොන මානසික තත්වයෙන් හිටියද දන්නේ නැහැ. එහෙම කියන්නේ බස් එක බේක් කරපු පාර ටිකක් තදට තියෙනවා පාරේ. රියදුරු මහත්තයා ටිකක් අලුත් කෙනෙක් කියලා ආරංචියි. අනතුරක් වුණාම අලුත් පරණ කියාල බැහැ. ලංගමට බඳවා ගන්නේ හැමදේම හොඳට හොයලා බලලා. ඒ අය ලංගමට එකතු කරගන්නේ හොඳටම පුහුණුවක් දිලා. රියදුරු අසුනේ ඉඳගත්තාම තමන්ගේ බස් එකේ යන අයගේ ජිවිතේ තියෙන්නේ ධාවනය කරන තමන්ගේ අතේ කියලා දැනගන්න ඕනේ. අපි මොනතරම්, මොන දේවල් කිව්වත් අනතුර සිදු වෙලා ඉවරයි. මේ අනතුරින් මරණයට පත්වුණ හැම දෙනාට ලංගමයේ ශෝකය ප්‍රකාශ කරනවා. තුවාල වුණ අයට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (ස)
බස් රථයේ තත්වය දැක්කම 26 ක් බේරුණා කියන එකත් වාසනාවක්. (ස)
26 දෙනාට ඉක්මන් සුවය ලැබේවා!! (ස)
උදයේ සහ සැන්දෑවේ තද මීදුම ඇති කඳු බෑවුම් සහිත පාරවල් වල රිය පැදවීම ඉතාමත් භයානකය. මේ රිය අනතුර සිදුවීමට ප්‍රධාන හේතුව ඒ අවස්ථාවේ පැවති තද මීදුම, තෙත පාර සහ කඳු බෑවුමය. සොබාදහම සමහර විට ඉතා බිහිසුන්ය. නගර, ගම්මාන අතරින් වැටී ඇති පාරේ දෙපසින් යන මගීන්ගෙන්ද, ඉදිරියෙන් එන රථ වාහනවලින්ද, දහසක් අනිකුත් කරදරවලින්ද, තම වාහනය බේරා ගෙන රිය පැදවීමට දක්ෂ ලංගම රියදුරුන්ට අගෞරව කිරීම වැරදිය. මියගිය සැමට ශෝකය පළ කරන අතර තුවාල ලැබී රෝහල් ගත වූවනට ඉක්මනින් සුවය ලැබේවා! (ස)
වැරැද්ද නීතිවල, පොලිසිය නීති නිසා මිනිසුන්ට ෆොග් ලාම්පු දාන්න අවසර නැහැ .,අඩු තරමට මීදුම දවසට වත් අවසර නැ,මිනිස්සු නිකම් මැරෙනවා.දැන්වත් ඇසි පනේවා. (ස)
ඔය පාර හරිම පොඩි බස් එකක් තියා වෑන් එකක් වත් යන්න බැහැ. ඉස්සර වෙලාම මේ පාරවල් හදල දෙන්න ඕන. මේවට ඔය ලොකු බලධාරින් වග කියන්න ඕන. ඕවට ලංගමට වත් රියදුරන්ට වත් බැනල වැඩක් නැහැ. (ස)
මහගෙදර ඇඹිලිපිටිය, 2007 ගෙනාව බස් එක අවුරුදු 30 කට කලින් දුවන්නේ කොහොමද ? මිය ගිය අයට නිවන් සුව තුවාල අයට ඉක්මන් සුවය පතමි. (ස)
සාමාන්‍යයෙන් ලංගම රියදුරන් බොහොම දක්ෂ රියදුරන්. පොඩි අත්වැරැද්දක් ඇති මහා විනාශයක් සිදුවෙන්ට. මිය ගිය අයට නිවන් සුව සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (ස)
අධිවේගී මාර්ග ඉදි වෙනවා වගේම මේ වගේ දුෂ්කර පාරවල් ලොකු කරලා හදන්න ඕනි.... එයයි විසදුම. (ස)
මෙවන් විපතක් අසන්න නොලැබේවා. මිය ගිය අයට නිවන් සුව පතන්නෙමි. තුවාල සිදූ උන අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (ස)
මෙතන කාටවත් බැනලා වැඩක් නැහැ. පාරවල් හරියට නැත්තම් බස් රියදුරු නෙවෙයි කවුරු ආවත් වෙන්න තියෙන අනතුර කාටවත් වලක්වන්න බැහැ.. (ස)
ගොඩක් කාලයකින් කාලෝචිත අදහස් ජාති බේදයකින් තොරව දලා තිබුනට ගොඩක් ස්තුතියි. වැඩි හරියක් හොඳ අදහස්, විශේෂයෙන් සමන්ති සහ රිස්වාන්, මරික්කාර් සහ තව ගොඩක් අයගේ අදහස් හොඳයි. මම ඒ පළාතේ කෙනෙක් විදිහට ඒවා අගය කරනවා. ඒ පැත්තේ ගොඩක් පාරවල් හොඳ තත්වයේ නැහැ.හැබැයි අපි පොඩි කාලේ දැක්කට වඩා පාරවල් ටිකක් දැන් හොඳයි. වංගු, පල්ලම් ගොඩක් තියෙනවා . එනිසා ඩ්‍රයිව් කරන්න අමාරුයි. විශේෂයෙන්ම ඔය සීටීබී එකේ තියෙන බස් වලින්. අපි එයට ස්තුති කරන්න ඕනි ඔය විදිහටවත් පදවනවට. ඒ වගේම සාමාන්‍ය මිනිස්සුත් දැනගන්න ඕනි. පාරවල් අයිනේ කඳු කපනවා, ගිනිගහනවා. ඉතින් අවසානයේ පාරවල් ඉක්මනට හෝදගෙන යනවා. (ස)
මේ දවස්වල ඔය පළාතට හරියට වහිනවා. පාරවල් කැඩෙන්න තියෙන අවස්ථාව වැඩියි . එනිසා පරිස්සමින් වාහන එලවන්න ඕනී. (ස)
අනේ මොනාද මේ වෙන්නෙ. අහිංසක මිනිස්සු ඔබට නිවන් සුව සහ තුවාල වූ අයට ඉක්මන් සුවය. (ස)
දිනේෂ් ගේ සටහන දැක්කම මට අහන්න තියෙන්නේ මේකේ රියැදුරා ජිවත් වෙනවද කියලා.ජිවත් වෙනවා නම්, වරද රියදුරාගේ නම්, ඉතිරි හරිය මම කියන්නේ නැහැ. මොකද මමත් 1968 දී වැලිවිට ලංගම බස් අනතුරින් මිය ගිය අයෙකුගේ දරුවෙක් නිසා.මම නම් රැකියාව කරන කාලයේ අමනයන් ලෙස රිය පැදවූ අයට මට පුළුවන් විදිහටහොඳ දඬුවම් දුන්නා. (ස)
ලංකාවේ ඉන්නේ, අපි දුප්පත් කියමින් සැමදා වගකීම් පැහැර හරින උගත් බමුණන් නිසා ජනතාව පාරේ මැරෙනවා. (ස)
මිස් මාගලී ඔයාගෙ කතාව නම් හරි.නමුත් එයට විසදුමක් ඔයා ඔයාගේ අප්පච්චිට කියලා අවුරුදු 70ත් 100ත් අතර පලපුරුදු කොල්ලො 10ක් 15ක් හොයලා අලුත් බස් ටිකක් අරන් දෙන්නකො. එතකොට වැඩේ හරිනෙ.(විපතක් උන විට බොර දියෙන් මාලු බාන්න හදන්න එපා.!!!? (ස)
සමහර විට බස් රථයේ කාර්මික දෝෂයක් වෙන්න ඇති. පව් අහිංසක මිනිස්සු ඔවුන් හට නිවන් සුව පතමු. (ස)
අති අමාරුම පාරක් මේ. සමහරු නොදන්න නිසා නොගැලපෙන අදහස් දාලා. මේ මම හැදුනු වැඩුන පරිසරය. අහිංසක මිනිස්සු. රජයේ වගකීම මෙවන් දේ සොයා බලා පිලියම් යෙදීම.ඒත් මේ වගේ පාරක් හදන්න කවුද සොය බලන්නේ.ලංකාදීපයේම මම දකින්න ආසයි අහවල් දේශපාලක තුමා ඔන්න මැදිහත් වුනා කියලා. අහිංසක මිනිස්සු ජීවත්වෙන ගම්වලට යන පාරවල් හදල දෙන්න පුලුවන් දේශපාලකයෙකු බණ්ඩාරවෙලින් බිහිවේවා... (ස)
මොකක්ද අනුර උඩින් දා තිබෙන අදහස? නියමයි. (නි)
ආණ්ඩු වලින් බලන්න ඕනේ ප්‍රථමයෙන් මේ වගේ දේවල්, මේවා ගැන නිකමටවත් හිතන්නේ නැහැ, අහිංසක මිනිස්සු නිකන් නැති වෙනවා. ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් පුද්ගලික කල නිසා, ලංගම ගැන බලන්නේවත් නැහැ. ඔය බස් එකේ තත්වේ කොහොම තිබුනද කවුද දන්නේ?
වන්නි ට ගේ පැතුම නම් හොඳයි. මමත් ඌව පරණගම,වැලිමඩ, බණ්ඩාරවෙල, හා සම්බන්ද කෙනෙක්. මේ මනාප දේසපාලනය තුල අවංකවම වැඩකරන්න පුළුවන් දෙසපාලකයෙකු බිහි වේවායි සිතිය නොහැකියි. (ස)
ඉතාමත් කණගාටුදායක පුවතක්. මිය ගිය අයට නිවන් සුව පතමි, තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය යුතු කරුණක් හැටියට සළකමි. අධිවේගී මාර්ග ඉදිවනවාත් සමඟම මෙවැනි පටු මාර්ග පුළුල් වී අනතුරු හා අවදානම් රහිත මාර්ග ලෙසට පරිවර්තනය කළ යුතුව ඇත. අහිංසක ජීවිත මින් මතුවට මෙලෙස විනාශ නොවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙස සමස්ත ලාංකික ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමි. (නි)
ඔව්. මේ දවස් වල වැස්සට පාරවල් ලෙස්සනවා. ඔය පූනාගල පරෙන් තමයි දියලුම ඇල්ල වැටෙන්නේ. සමන්ති, ලිප්ටන් සීට් වලට දිස්ත්‍රික්ක 3ක් නෙමෙයි, ලංකාවේ පළාත් පහක් පේනවා (නි)
මීදුම වැඩිකම නිසා සිදුවූ දෙයක්. බොරදියේ මාළු බාන්න එපා (නි)
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)
කණගාටුයි (නි)
අපි කියන්නේ අපේ සහෝදරයන්ට වාහනයක් එළවනකොට සිහිබුද්ධියෙන් එළවන්න. ඔබ රැගෙනයන ජනතාවගේ ආරක්ෂාව භාරවන්නේ ඔබටයි.බුද්ධිය ඉවසීම සමග සැමවිටම ඔබ කල්පනාකාරීව ඉදිරියට ගමන් කරනවා නම් බොහෝවිට අනතුරු වළක්වා ගැනීමට පුළුවන් වේවි. අපි කියන්නෙ නැහැ මේ අනතුරු වලට ඔබ විතරක් වැරදියි කියලා.සමරවිට බස් රථයේ කාර්මික දෝෂයක් වෙන්න ඇති.මේ දවස් වල එහාට හරියට වැස්ස.අපි රියදුරු පුටුවේ ඉදගන්න හැමෝටම කියන්නේ,ඔබ අප සියල්ලෝම ආරක්ෂා කරමින් ප්‍රවේශමෙන් වාහන එළවන්න. අපේ මියගිය සහෝදරයන්ට නිවන් සුව ලැබේවා! ඒ වගේම තුවාල වූ අපේ සහෝදරයන්ට ඉක්මන් සුවය ලැබේවා (නි)
හා හා ..කවුරුත් කලබල වෙන්න එපා. මේවා ලංකාවේ සාමාන්‍ය දේවල් (නි)
රටකට ගිය කලක්! (නි)
අනිවාර්යයෙන්ම බස් රියදුරු ගැන සෙවිය යුතුයි (නි)
මොනවා කරන්නද? පවු (නි)
ගොඩක් දුකයි (නි)
මේ මාර්ග මීට වඩා පුළුල් කළ යුතුයි. එමෙන්ම හොදම බස් රථ මේවාට යෙදවිය යුතුයි. අනේ විනාශයක මහත! අහිංසක මිනිස්සු, මොන වරදක් කළාටද මේ? (නි)
අපි මොනවා කිවුවත් ඒ අයගේ ජිවත් වෙන්න තිබුන කාලේ ඉවරයි (නි)
ප්‍රවාහන ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි. (ස)
සිතුදේ නොවෙයි. නොසිතු දෙයක් සිදුවෙයි. (ස)
අහෝ ! (ස)
මියගිය යට නිවන්සුව ප්‍රර්ථනා කරමි .තුවාල වූ සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා!!!! (ස)
මියගිය අයට නිවන් සුව ලැබේවා! තුවාල වූ අයට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මේ වගේ විනාශයක් වුණ තැනකට වෙන රටවල නම් මුලින්ම රටේ දේශපාලකයෝ යනවා.මේ මියගිය අයට සහ තුවාල වුවන්ට වන්දි දෙන්න. (නි)
සුරඟන ලෝක හදන අපේ රටේ අධිවේගී හැදුවත් මේ වගේද ජනතාවගේ ආරක්ෂාව සළසන්නේ? (නි)
ජනපතිතුමනි, කඳුරට අනතුරු සහිත මාර්ග පළල් කිරීමට ඔබේ නෙත් යොමු කරන්න. අහිංසක ජිවිත.ලංකාවට අධිවේගී මාර්ග දානවා වගේම කදුරට ප්‍රදේශ වල පාරවල් පළල් කරන්න උත්සාහ කරන්න.ඔබට ජයම වේවා. (නි)
මුළු හදවතින්ම ශෝක වෙනවා.මෙවන් අනතුරු යලිත් නොවේවා. (නි)
දැන්වත් බලධාරීන්ගේ ඇස් අරුනොත් හොදයි.(නදී)
ඌවෙ වතුර ටිකත් හම්බන්තොටට හැෙරව්ව එකේ, ඌව පළාතම හම්බන්තොටට සෂි මහා ඇමතිතුමාට කියලා ඈදා නොගත්තොත් සංවර්ධනය බොරු..(නදී)
බොරුවට කෑගහලා වැඩක් නැහැ. මෙම අනතුරට හේතුව වාහනයේ කාර්මික දෝෂයක්ද දන්නෙ නැහැ (නි)
මේ අනතුරට හේතුව රියදුරුගේ නොසැළකිලිමත්කම කියලා අලුත්ම වාර්තා වල සඳහන් වෙනවා කියන්නේ ඇත්තද? ලංගම රියදුරෝ කොහොමත් තවත් චණ්ඩි කොට්ඨාශයක්. කාටවත් අවනත වෙන්න කැමති නැහැ. දැඩි දඬුවම් දිය යුතුයි. (නි)
අනේ දෙවියනේ !!! මෙවන් විපත් යලි සිදු නොවේවා. අධිවේගී මාර්ග සාදන්න කලින්, මේ වගේ පටු පාරවල් හදන්න. (ස)
මෙහෙම විපත් වෙන්න දෙන්න එපා .... !!! (ස)
ඇය මේ වගේ මාර්ග වලට ඔය විනාස කරන සල්ලි යොදවන්නේ නැත්තේ. සාමාන්‍ය මිනිස්සුන්ට දැන්වත් මේ දේවල් දෙන්න කියලා මම ඉල්ලනවා. (ස)
මෙවැනි විපත් කවදාවත් අහන්න ලැබීමත් කණගාටුවක් මියගිය අයට නිවන් සුව, තුවාල සිදුවුනු සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (ස)
ගජමෑන් මහත්තයෝ, ලංගමේ රියදුරු මහත්වරු චන්ඩි නොවෙයි. ලංගම රියදුරෝ ජතික වගකිමක් වෙනුවෙන් කටයුතු කරන්නේ. එහෙත් රස්තියාදුකාර පුද්ගලික බස් රියදුරොත් එක්ක බස් ධාවනය කරද්දි නිකන්ම චන්ඩි වෙනවා. නැතිනම් ලංගම වහලා දාන්නයි වෙන්නේ. ඔබතුමා දන්නේ නැහැ අපේ රියදුරෝ තමයි 30 අවුරුද යුද්දේදි අපේ ආමි කොල්ලො ටික අවශ්‍ය තැන් වලට ජිවිතය පරදුවට තියලා අරන් ගියේ. මෙහෙම එක දෙයක් වුණාය ලංගම පහතට දාන්න එපා. ඔබතුමා කාර් එකක පාසැල් යන්න ඇති. නමුත් රටේ පාසැල් ගියපු ජනතාව දන්නවා ලංගමයේ අගේ. (ස)
දිනේෂ් මහත්තයෝ ඔය පේන්න තියෙන්නේ වගකීම ඉටු කරලා තියෙන හැටි. යුද්දෙට ශ්‍රී ලාංකිකයෝ හැම දෙනාම සම්මාදම් උනා .ලංගමය විතරක් නෙවෙයි. එහෙම කියල වැරැද්ද නිවැරැද්ද කරන්න හදන්න එපා. මම පාසල් ගිය විදිහ මේකට අදාළ නැහැ. (ස)