මාතර තිහගොඩ නායිබුලේ දී මීට සුළු මොහොතකට පෙර මගී බස් රථ දෙකක් ගැටීමෙන් හත් හැවිරිදි දරුවකු මියගොස් දස දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මියගිය දරුවාගේ හිස කඳින් වෙන්ව තුබූ බව ඇසින් දුටුවෝ පවසති තුවාලකරුවන් මාතර රෝහලට ඇතුළත් කර ඇත.
මාතර තිහගොඩ නායිබුලේ දී මීට සුළු මොහොතකට පෙර මගී බස් රථ දෙකක් ගැටීමෙන් හත් හැවිරිදි දරුවකු මියගොස් දස දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මියගිය දරුවාගේ හිස කඳින් වෙන්ව තුබූ බව ඇසින් දුටුවෝ පවසති තුවාලකරුවන් මාතර රෝහලට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිච්චාවත සංකාරා...!! පුතණුවනි..!! පතමි ඔබට අජරාමර නිවන් සුව...!!!., විපතින් තුවාල ලැබූ අන් සැමට ඉක්මන් සුවය පතමි.....!!! (අ)
පවු. මේවා කියවන්න,දැනගන්න ලැබීමත්, අපි කර තිබෙන පවක්.අර අහිංසක දරුවා බෙල්ල එළියට දාන්න ගිහින් නිසා කියලා දැක්කා, ඒ දරුවාගේ හිස කදෙන් වෙන් වෙලා තියෙන්නේ. දරුවා සමග බසයේ සිටි වැඩිහිටි පුද්ගලයා මීට අනිවාර්යෙන් වගකිව යුතුයි. (නි)
පුද්ගලික බසයේ ගිය කෙනෙක් කිව්වේ පුද්ගලික බසය පාර මැදින් ආව නිසා ලංගම බසයට පාරෙන් ඉවතට කපන්න වෙලා අනතුර වුනා කියලා. මියගිය දරුවා ඉඳලා තියෙන්නේ පුද්ගලික බසයේ ජනේලෙන් හිස එලියට දාගෙන. (ස)
රියදුරන්ට පුහුණුව මදි.(නදී)
දැන්වත් කරුණාකර ඉන්දියන් කසිකබල් වාහන ගැනීමෙන් වළකිමු. මේවයේ කිසිම ආරක්ෂාවක් නැත.(නදී)
වෙලාවට අර 33000 වයර් බස් එක උඩට වැටිලා නැත්තේ. නැත්තං බස් එක ඇතුලෙම කට්ටිය රෝස් පාන් වෙනවා(නදී)
විනීත නැතිකම රියදුරන්ගේ. මගීන් තමයි වන්දි ගෙවන්න ඕනේ. මේ අයගේ රියදුරු බලපත් අහෝසි කල යුතුයි. මියගිය දරුවට නිවන් සුව.අනෙක් අයට ඉක්මන් සුවය ලැබේවා.(නදී)
මටත් කියන්ඩ ඇත්තේ නිහාල් කියපු ටිකමයි. මිය ගිය පොඩි පුතුට නිවන් සුව පතන්නෙමි. නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා(නදී)
දිනපතා සිදුවෙන්න මාරාන්තික අනතුරු වලට මෙතෙක් රජය නැතිනම් පොලිසිය නිහඩව ඉන්නවා මිසක මොනවද කළේ ? (ස)
හික්මීමක් නැති රිදුරෝ නිසා දවසගානේ අහිංසක ජීවිත කීයක් නම් නැති වෙනවද? දරු පැටියට නිවන්සුව ලැබේවා! තුවාල කරුවන්ට ඉක්මන් සුවය වේවා! (ස)
රියදුරු බලපත්‍ර ලත් මග මරුවන්ට දැඩි දඬුවම් පමුණුවන තුරු මෙවැනි අනතුරු වළක්වන්න බැහැ. ඒ වගේම මෙවැනි අය බේරා ගැනීමට උගත් නිතිවේදින්ද ඉදිරිපත් නොවන්නේ නම් මැනවි. (නි)
මුලින්ම රියදුරන්ගේ සහ වාහන අයිතිකාරයින්ගේ මොළේ හදන්න ඕනෑ. ඊට පස්සේ නැවත රියදුරු බලපත්‍ර දැඩි නීති යටතේ ලබාදෙන්න ඕනෑ. බලන්න දිනකට කොතරම් අනතුරු වෙනවාද කියලා. අහිංසක ජීවිත කීයක් දිනකට අනතුරුවලට ගොදුරු වෙනවාද?දැඩි නීති ඕනෑ. විනයගරුක රියදුරන් බිහිකරන්න. (නි)
රංග ඔය පාරේ විතරක් නෙමෙයි, හැම පාරකම බස් පළමු ටික කොටකොට ගිහින් අන්තිම ටික බස් එකේ ඉදගෙනවත් ඉන්න බැරි විදිහට යන්නේ. නැති වූ ළමයාට නිවන් සුව පතනවා!! තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ලැබේවා!! (නි)
ලංකාවේ වාහන පාරේ එලවන හැටි දැක්කාම පිස්සු හැදෙනවා කිසිම කෙනෙක් නීති ගරුක විදිහට එලවන්නේ නෑ . පිස්සෝ වගේ පාර පුරාම යනවා , දේශපාලන කාරයෝ තමයි බස් අයිති කාරයෝ එක නිසා ඩ්‍රයිවර්ලාට මිනි මරලා උනත් බේරෙන්න ලංකාවේ පුළුවන් , බස් පාරේ යන්නේ පාර එයාලගේ වගේ , පාරේ අනිත් පැත්තේ යන වාහන වලටත් ඇගට කපනව. මේවා ඔක්කොමට මුල ලංකාවේ කිසිම නීතියක් නැතිකම. නීති ඇති කරන්නේ නැත්තේ ඒවා කලාම දේශපාලකයන්ට පාඩු නිසා . සාමාන්‍ය ජනතාව සුරගෙන කාල එයාල හොදට සැපට ඉන්නවා.සාමාන්‍ය ජනතාව මැරි මැරි ජිවත් වෙනවා. දේශපාලනය බිස්නස් එකක් වෙලා. ලංකාව විකුණලා කට්ටිය හොදට ජිවත් වෙනවා . ගොඩාක් රටවල් එක්ක බලද්දී ලංකාවේ තියෙන සම්පත් එක්ක ගොඩක් දියුණු කරන්න පුළුවන්, මේ ජරා දේශපාලනය තමයි ඔක්කොමට මුල , නැතිඋන ළමයට නිවන් සුව පතනවා , තුවාල උන කට්ටියටත් ඉක්මන් සුවය ලැබෙන්න ඕනේ . (අ)
අනේ දරු පැටියා, රියදුරන්ගේ නොසැලකිලිමත් රිය පදවිල්ල තමයි, රියදුරෝ දෙන්නගෙන් එක්කෙනෙක් හිතන්න තිබුන නම් අද මෙහෙම වෙන්නේ නැනේ, (අ)
පවු දරුපැටියා .
මදු අයියේ මම දැනට ජිවත් වෙන්නේ ඉතාලියේ.මේවා දියුනු රටවල් එත් වරුසාව වැස්සම මෙහෙ පාරවලුත් ලිස්සනවා.බස් එකක් කියන්නේ මගින් ගොඩක් ජිවිත ගොඩක් එයාල එක තේරුම් ගන්නත් ඕන. මම මිට මාස2කට පෙර කතරගම ගියා බස් එකේ.එත්තටම මම දෙයියන් සිහිකරගෙන අවේ.එස්සර කරනවා ඇග හිරිවටෙනවා.කතරගම ඉඳලා ගාල්ලට පය4 විනදි20 යි .වහනයකටත් ඔය වෙලවම යනවා නවත්වන්නේ නැතිව. (අ)
පිස්සො වගේ වාහන එලවනව.ඇත්තටම මුන්ට ලයිසන් දුන්න එවුන්ට ගහන්න ඕනෙ. (අ)
ඔය පාරේ යන පුද්ගලික බස් ගමන මුලදි කොට කොට හිමින් යනවා. ඊට පස්සේ පුදුම වේගෙකින් යන්නේ. පාර දිගටම වංගු. ඒත් ඒවා ගානක් නැහැ. (නි)
රියදුරන්ගේ වැරැද්ද මෙතන තියෙන්නේ තනිකරම. මේක මම උදේ දවල් යන පාර. හවස මේක බලාගෙන ගෙදර ආවේ මම. පාරේ වැරැද්දක් කියන්න බැහැ. මොකද මේ පාර තවම හදනවා. මෙතන තිබූ වංගුව ලොකු කරලා හැදුවේ මෑතකදී. තවම පාරේ ඉරිවත් සළකුණු කර නැහැ. (නි)
අපේ ලංකාව කවදා හැදෙයිද නිමාලි? (නි)
අයියෝ! හැමෝම රියදුරාටයි පාර හැදූ අයටයි බනින්න පටන් ගත්තා.පුංචි මල්ලි පවු.තුවාල වුණ අයටත් ඉක්මන් සුවය.එහෙත් බුදු දහම අනුවත් හිතන්න. වෙන්න තිබෙනවා නම් දෙයක් එය වළක්වන්න බැහැ.කාටත් බැනලා වැඩක් නැහැ.නිවන් සුව ලැබේවා මල්ලියාට! ඉක්මන් සුවය අන් හැමෝටම (නි)
මදු, ඔයා පාරේ වැරැද්ද කියන්න එපා. වහින වෙලාවට ඕනෑම පාරක් ලිස්සනවා. වාහන පදවන අය දැනගන්න ඕනෑ ඒක (නි)
නුවන් මල්ලි, රියදුරාගේම වැරැද්ද නාෙව මේක මේ පාර හදපු අයගේ වැරැද්ද. මන්දගාමි පාරවල් පළල් කරලා කාපට් දානවා කියනවා, හයි වේ කරනවයි කියනවා. එතකොට දැනගන්න ඕනෑ පාරක් අලුත්වැඩියා කරද්දි ලිස්සන්නේ නැති වෙන්න හදන්න (නි)
වැහි වෙලාවක්: එත් මේවගේ මාරක රිය අනතුරකට වගකිවයුතු රියදුරන්ට එය සමාවක් නොවේ.වන්දිය ගෙවන්න සිදු වුනේ අහිංසක දරුවට. (අ)
පේනවනේ පාරේ හැටි.පොද වැටුණහම පාරවල් ලිස්සනවා.ඕනෑම රියදුරෙක් දන්නවා පාර ලිස්සනවා කියා.මේවා නම් රියදුරන්ගේ නොසැළකිල්ල. අනේ රත්තරන් පොඩි එකා.දරුවට නිවන් සුව පතමු (නි)
මගී ජීවිත වලට " blood Money " රියදුරු විසින්ම දෙන ක්‍රමයක් ලංකාවේ ස්ථාපිත කලොත් ඔය විසේ කර රියදුරන්ව මෙල්ල කරන්න පුළුවන් වෙයි . පවු අහිංසක ජීවිතයක් !!.(අ)
අර දෙමව්පියන්ට කොපමණ වේදනාවක් ඇද්ද?දරුවෙක් අවුරුදු 7 ලොකු මහත් කරන්න කොච්චර වෙහෙසෙනවද දෙමව්පියෝ? තව මොනවා කියන්නද? (නි)
දරුවාගේ දෙමවුපියන්ට කොච්චර වේදනාවක් ඇද්ද? කෙසේ විදදරා ගන්නද? පවු දරු පැටියාට වුණ දේ. නිවන් සැප ලැබේවා! (නි)