IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


බස් අනතුරින් දරුවෙක් මරුට හතක් රෝහලට

මාතර තිහගොඩ නායිබුලේ දී මීට සුළු මොහොතකට පෙර මගී බස් රථ දෙකක් ගැටීමෙන් හත් හැවිරිදි දරුවකු මියගොස් දස දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මියගිය දරුවාගේ හිස කඳින් වෙන්ව තුබූ බව ඇසින් දුටුවෝ පවසති තුවාලකරුවන් මාතර රෝහලට ඇතුළත් කර ඇත.



අදහස් (0)

බස් අනතුරින් දරුවෙක් මරුට හතක් රෝහලට

පියල් Monday, 02 December 2013 09:22 AM

රියදුරන්ට පුහුණුව මදි.(නදී)

:       0       0

නිහාල් Sunday, 01 December 2013 09:17 AM

දිනපතා සිදුවෙන්න මාරාන්තික අනතුරු වලට මෙතෙක් රජය නැතිනම් පොලිසිය නිහඩව ඉන්නවා මිසක මොනවද කළේ ? (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 30 November 2013 02:40 PM

පවු දරුපැටියා .

:       0       0

ශාන්ති Sunday, 01 December 2013 11:26 AM

මටත් කියන්ඩ ඇත්තේ නිහාල් කියපු ටිකමයි. මිය ගිය පොඩි පුතුට නිවන් සුව පතන්නෙමි. නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 01 December 2013 11:51 AM

විනීත නැතිකම රියදුරන්ගේ. මගීන් තමයි වන්දි ගෙවන්න ඕනේ. මේ අයගේ රියදුරු බලපත් අහෝසි කල යුතුයි. මියගිය දරුවට නිවන් සුව.අනෙක් අයට ඉක්මන් සුවය ලැබේවා.(නදී)

:       0       0

උදයකාන්ත- ඇෆ්ඝනිස්තාන් Saturday, 30 November 2013 04:54 PM

දරුවාගේ දෙමවුපියන්ට කොච්චර වේදනාවක් ඇද්ද? කෙසේ විදදරා ගන්නද? පවු දරු පැටියාට වුණ දේ. නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ගාල්ලේ සංජීව Saturday, 30 November 2013 05:18 PM

අර දෙමව්පියන්ට කොපමණ වේදනාවක් ඇද්ද?දරුවෙක් අවුරුදු 7 ලොකු මහත් කරන්න කොච්චර වෙහෙසෙනවද දෙමව්පියෝ? තව මොනවා කියන්නද? (නි)

:       0       0

සරත් Saturday, 30 November 2013 05:31 PM

මගී ජීවිත වලට " blood Money " රියදුරු විසින්ම දෙන ක්‍රමයක් ලංකාවේ ස්ථාපිත කලොත් ඔය විසේ කර රියදුරන්ව මෙල්ල කරන්න පුළුවන් වෙයි . පවු අහිංසක ජීවිතයක් !!.(අ)

:       0       0

නුවන් Saturday, 30 November 2013 05:54 PM

පේනවනේ පාරේ හැටි.පොද වැටුණහම පාරවල් ලිස්සනවා.ඕනෑම රියදුරෙක් දන්නවා පාර ලිස්සනවා කියා.මේවා නම් රියදුරන්ගේ නොසැළකිල්ල. අනේ රත්තරන් පොඩි එකා.දරුවට නිවන් සුව පතමු (නි)

:       0       0

වාරණ Saturday, 30 November 2013 06:08 PM

වැහි වෙලාවක්: එත් මේවගේ මාරක රිය අනතුරකට වගකිවයුතු රියදුරන්ට එය සමාවක් නොවේ.වන්දිය ගෙවන්න සිදු වුනේ අහිංසක දරුවට. (අ)

:       0       0

ඉන්දික මල්ලි-ඩුබායි Sunday, 01 December 2013 11:31 PM

වෙලාවට අර 33000 වයර් බස් එක උඩට වැටිලා නැත්තේ. නැත්තං බස් එක ඇතුලෙම කට්ටිය රෝස් පාන් වෙනවා(නදී)

:       0       0

මධු Saturday, 30 November 2013 06:39 PM

නුවන් මල්ලි, රියදුරාගේම වැරැද්ද නාෙව මේක මේ පාර හදපු අයගේ වැරැද්ද. මන්දගාමි පාරවල් පළල් කරලා කාපට් දානවා කියනවා, හයි වේ කරනවයි කියනවා. එතකොට දැනගන්න ඕනෑ පාරක් අලුත්වැඩියා කරද්දි ලිස්සන්නේ නැති වෙන්න හදන්න (නි)

:       0       0

රොහාන් Saturday, 30 November 2013 06:56 PM

මදු, ඔයා පාරේ වැරැද්ද කියන්න එපා. වහින වෙලාවට ඕනෑම පාරක් ලිස්සනවා. වාහන පදවන අය දැනගන්න ඕනෑ ඒක (නි)

:       0       0

නිමාලි Saturday, 30 November 2013 06:59 PM

අයියෝ! හැමෝම රියදුරාටයි පාර හැදූ අයටයි බනින්න පටන් ගත්තා.පුංචි මල්ලි පවු.තුවාල වුණ අයටත් ඉක්මන් සුවය.එහෙත් බුදු දහම අනුවත් හිතන්න. වෙන්න තිබෙනවා නම් දෙයක් එය වළක්වන්න බැහැ.කාටත් බැනලා වැඩක් නැහැ.නිවන් සුව ලැබේවා මල්ලියාට! ඉක්මන් සුවය අන් හැමෝටම (නි)

:       0       0

ගමගේ Saturday, 30 November 2013 07:26 PM

අපේ ලංකාව කවදා හැදෙයිද නිමාලි? (නි)

:       0       0

ජනිදු Saturday, 30 November 2013 07:57 PM

රියදුරන්ගේ වැරැද්ද මෙතන තියෙන්නේ තනිකරම. මේක මම උදේ දවල් යන පාර. හවස මේක බලාගෙන ගෙදර ආවේ මම. පාරේ වැරැද්දක් කියන්න බැහැ. මොකද මේ පාර තවම හදනවා. මෙතන ති‍බූ වංගුව ලොකු කරලා හැදුවේ මෑතකදී. තවම පාරේ ඉරිවත් සළකුණු කර නැහැ. (නි)

:       0       0

රංග Saturday, 30 November 2013 07:58 PM

ඔය පාරේ යන පුද්ගලික බස් ගමන මුලදි කොට කොට හිමින් යනවා. ඊට පස්සේ පුදුම වේගෙකින් යන්නේ. පාර දිගටම වංගු. ඒත් ඒවා ගානක් නැහැ. (නි)

:       0       0

සුරේෂ් දොම්පෙ Saturday, 30 November 2013 08:00 PM

පිස්සො වගේ වාහන එලවනව.ඇත්තටම මුන්ට ලයිසන් දුන්න එවුන්ට ගහන්න ඕනෙ. (අ)

:       0       0

නුවන් Saturday, 30 November 2013 08:53 PM

මදු අයියේ මම දැනට ජිවත් වෙන්නේ ඉතාලියේ.මේවා දියුනු රටවල් එත් වරුසාව වැස්සම මෙහෙ පාරවලුත් ලිස්සනවා.බස් එකක් කියන්නේ මගින් ගොඩක් ජිවිත ගොඩක් එයාල එක තේරුම් ගන්නත් ඕන. මම මිට මාස2කට පෙර කතරගම ගියා බස් එකේ.එත්තටම මම දෙයියන් සිහිකරගෙන අවේ.එස්සර කරනවා ඇග හිරිවටෙනවා.කතරගම ඉඳලා ගාල්ලට පය4 විනදි20 යි .වහනයකටත් ඔය වෙලවම යනවා නවත්වන්නේ නැතිව. (අ)

:       0       0

චන්දි Saturday, 30 November 2013 09:00 PM

අනිච්චාවත සංකාරා...!! පුතණුවනි..!! පතමි ඔබට අජරාමර නිවන් සුව...!!!., විපතින් තුවාල ලැබූ අන් සැමට ඉක්මන් සුවය පතමි.....!!! (අ)

:       0       0

විරාජ් කාලිංග Saturday, 30 November 2013 09:17 PM

අනේ දරු පැටියා, රියදුරන්ගේ නොසැලකිලිමත් රිය පදවිල්ල තමයි, රියදුරෝ දෙන්නගෙන් එක්කෙනෙක් හිතන්න තිබුන නම් අද මෙහෙම වෙන්නේ නැනේ, (අ)

:       0       0

කුමාරිහාමි Tuesday, 03 December 2013 03:59 PM

පුද්ගලික බසයේ ගිය කෙනෙක් කිව්වේ පුද්ගලික බසය පාර මැදින් ආව නිසා ලංගම බසයට පාරෙන් ඉවතට කපන්න වෙලා අනතුර වුනා කියලා. මියගිය දරුවා ඉඳලා තියෙන්නේ පුද්ගලික බසයේ ජනේලෙන් හිස එලියට දාගෙන. (ස)

:       0       0

ඉන්දික Saturday, 30 November 2013 11:02 PM

ලංකාවේ වාහන පාරේ එලවන හැටි දැක්කාම පිස්සු හැදෙනවා කිසිම කෙනෙක් නීති ගරුක විදිහට එලවන්නේ නෑ . පිස්සෝ වගේ පාර පුරාම යනවා , දේශපාලන කාරයෝ තමයි බස් අයිති කාරයෝ එක නිසා ඩ්‍රයිවර්ලාට මිනි මරලා උනත් බේරෙන්න ලංකාවේ පුළුවන් , බස් පාරේ යන්නේ පාර එයාලගේ වගේ , පාරේ අනිත් පැත්තේ යන වාහන වලටත් ඇගට කපනව. මේවා ඔක්කොමට මුල ලංකාවේ කිසිම නීතියක් නැතිකම. නීති ඇති කරන්නේ නැත්තේ ඒවා කලාම දේශපාලකයන්ට පාඩු නිසා . සාමාන්‍ය ජනතාව සුරගෙන කාල එයාල හොදට සැපට ඉන්නවා.සාමාන්‍ය ජනතාව මැරි මැරි ජිවත් වෙනවා. දේශපාලනය බිස්නස් එකක් වෙලා. ලංකාව විකුණලා කට්ටිය හොදට ජිවත් වෙනවා . ගොඩාක් රටවල් එක්ක බලද්දී ලංකාවේ තියෙන සම්පත් එක්ක ගොඩක් දියුණු කරන්න පුළුවන්, මේ ජරා දේශපාලනය තමයි ඔක්කොමට මුල , නැතිඋන ළමයට නිවන් සුව පතනවා , තුවාල උන කට්ටියටත් ඉක්මන් සුවය ලැබෙන්න ඕනේ . (අ)

:       0       0

දොන් පෙරේරා Monday, 02 December 2013 03:51 AM

දැන්වත් කරුණාකර ඉන්දියන් කසිකබල් වාහන ගැනීමෙන් වළකිමු. මේවයේ කිසිම ආරක්ෂාවක් නැත.(නදී)

:       0       0

ශෙරීන් Friday, 06 December 2013 01:27 AM

පවු. මේවා කියවන්න,දැනගන්න ලැබීමත්, අපි කර තිබෙන පවක්.අර අහිංසක දරුවා බෙල්ල එළියට දාන්න ගිහින් නිසා කියලා දැක්කා, ඒ දරුවාගේ හිස කදෙන් වෙන් වෙලා තියෙන්නේ. දරුවා සමග බසයේ සිටි වැඩිහිටි පුද්ගලයා මීට අනිවාර්යෙන් වගකිව යුතුයි. (නි)

:       0       0

අකිල Sunday, 01 December 2013 01:16 AM

රංග ඔය පාරේ විතරක් නෙමෙයි, හැම පාරකම බස් පළමු ටික කොටකොට ගිහින් අන්තිම ටික බස් එකේ ඉදගෙනවත් ඉන්න බැරි විදිහට යන්නේ. නැති වූ ළමයාට නිවන් සුව පතනවා!! තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ලැබේවා!! (නි)

:       0       0

රුවිනි Sunday, 01 December 2013 07:57 AM

මුලින්ම රියදුරන්ගේ සහ වාහන අයිතිකාරයින්ගේ මොළේ හදන්න ඕනෑ. ඊට පස්සේ නැවත රියදුරු බලපත්‍ර දැඩි නීති යටතේ ලබාදෙන්න ඕනෑ. බලන්න දිනකට කොතරම් අනතුරු වෙනවාද කියලා. අහිංසක ජීවිත කීයක් දිනකට අනතුරුවලට ගොදුරු වෙනවාද?දැඩි නීති ඕනෑ. විනයගරුක රියදුරන් බිහිකරන්න. (නි)

:       0       0

නිමල් Sunday, 01 December 2013 08:44 AM

රියදුරු බලපත්‍ර ලත් මග මරුවන්ට දැඩි දඬුවම් පමුණුවන තුරු මෙවැනි අනතුරු වළක්වන්න බැහැ. ඒ වගේම මෙවැනි අය බේරා ගැනීමට උගත් නිතිවේදින්ද ඉදිරිපත් නොවන්නේ නම් මැනවි. (නි)

:       0       0

නෙතූ Sunday, 01 December 2013 08:51 AM

හික්මීමක් නැති රිදුරෝ නිසා දවසගානේ අහිංසක ජීවිත කීයක් නම් නැති වෙනවද? දරු පැටියට නිවන්සුව ලැබේවා! තුවාල කරුවන්ට ඉක්මන් සුවය වේවා! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 844 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 751 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1022 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 204 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1213 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site