IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


බස්නාහිර ආණ්ඩුකාර ඇතුළු 6 කට නොතිසී

(මනෝප්‍රිය ගුණසේකර)

 
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු 06 දෙනෙකුට ලබන ඔක්තෝම්බර් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින්  කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (21)  නොතිසි නිකුත් කළේය.
 
අඩු ආදායම්ලාභීන් අතර බේදා දීම සඳහා සෙවිලි තහඩු මිලදී ගැනීමේදී මුල්‍ය අක්‍රමිකතාවයක් කළ බවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව හෝමාගම බදු ගෙවන්නන්ගේ සංගමය විසින් පවරා ඇති පෙත්සමක් විභාග කිරීමට තීරණය කළ  විනිසුරුවරයා මොවුන්ට නොතිසී නිකුත් කළේය.
 
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක මහතාට අමතරව මෙලෙස නොතිසි නිකුත් කරන ලද්දේ හෝමාගම ප්‍රාදේශීය සභාව, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ, එහි ලේකම්වරයා, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සහ එහි සහකාර කොමසාරිස්වරයාටය.

හෝමාගම බදු ගෙවන්නන්ගේ සංගමයේ සභාපති ගමගේ විජේරත්න මහතා විසින් ගොනු කර ලද පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නොතිසි නිකුත් කළේය.
 
හෝමාගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභීන් අතර සෙවිලි තහඩු බේදාදීමට 2019 වසරේදී හෝමාගම ප්‍රාදේශීය සභාව ගත් තීරණයකට අනුව වගඋත්තරකාර එම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ විසින් සෙවිළි තහඩු 1040 මිලදී ගෙන ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර හෝමාගම බදු ගෙවන්නන්ගේ සංගමයේ සභාපති ගමගේ විජේරත්න මහතා එලෙස සෙවිලි තහඩු මිලදී ගැනීමේදී වගඋත්තරකරු විසින් එක් සෙවිලි තහඩුවකින් රුපියල් 380/-ක මුදලක් වංචා කොට ඇතැයිද සඳහන් කොට ඇත.
 
මෙම සෙවිලි තහඩු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා විසින් කරන ලද පරීක්‍ෂණයකදී අදාළ සෙවිලි තහඩු මිලදී ගැනීම ක්‍රියාවලිය තුළ අවිධිමත්භාවයක් පෙන්නුම් කරන බව අනාවරණය වී ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු මෙම තත්ත්වය බස්නාහිර පළාත් සභාවේ 1991 අංක 4 දරන පළාත් පාලන ආයතනවල පරිපාලනය අධීක්ෂණය කිරීමේ බලය පිළිබඳ ප්‍රඥප්තියේ 2.1 වගන්තිය යටතේ වරදක් වන බවද සඳහන් කොට ඇත.
 
එවැනි වරදක් කරන පළාත් පාලන ආයතන ප්‍රධානියෙකුට එරෙහිව පරීක්ෂණයක් පවත්වා ඔහු ධුරයෙන් ඉවත් කිරීමට හෝ අදාළ පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට අදාළ පළාත් සභාවේ පළාත් පාලන විෂයභාර අමාත්යවරයාට බලය පැවරෙන බවද සඳහන් කරන පෙත්සම්කරු ඒ අනුව හෝමාගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මෙම අකාර්යක්ෂම හා අයථා පාලනය පිළිබඳව විශ්‍රාමික අධිකරණ නිලධාරීයෙකු පත්කර විමර්ශනයක් පවත්වන ලෙස පළාත් ආණ්ඩුකාර වරයාට නියෝගයක් නිකුත් කරනනැයි ඉල්ලීමක්ද කොට ඇත.
 
එම විමර්ශනයේ වාර්තා පදනම් කරගෙන වගඋත්තරකාර සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර හෝමාගම බදු ගෙවන්නන්ගේ සංගමයේ සභාපති ගමගේ විජේරත්න මහතා අධිකරණයෙන් ඉල්ලීමක්ද කොට ඇත.
 
 ඉදිරිපත් වු කරුණු සළකිල්ලට ගනිමින් මෙම පෙත්සම ලබන ඔක්තෝම්බර් 06 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙහි වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.
 



අදහස් (0)

බස්නාහිර ආණ්ඩුකාර ඇතුළු 6 කට නොතිසී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 519 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 240 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 753 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 961 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 548 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 611 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site