බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරීන් පළාත් ගුරු සේවයට බඳවා ගන්නැයි ඉල්ලමින් ගුරු විභාගය සමත් බස්නාහිර පළාත් උපාධිධාරීන්ගේ එකමුතුව අද (27) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කර මුදල් අමාත්‍යංශය දක්වා පැමිණියේය.
ලෝටස් පාර වසා දැමුණු අතර එකමුතුවේ නියෝජිතයන්ට මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දුවීමෙන් පසු ඔවුහු විසිර ගියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ගෙන්න් ටිකක් යවනන්කෝ අර ගුරුවරු ඉල්ලලා උද්ඝෝෂණය කරන කට්ටිය ඉන්න තැනට. ප්‍රශ්නේ ඉවරයි නේ.... (ර )
උපාධිධාරීන් මේ තත්වයට පත්වුණේ 1956දි සිංහල පමණයි ඉංගිසි එපා කියා ඇතිකළ ප්‍රතිපත්තිය නිසයි.1963 ට පෙර ප්‍රතිපල දෙන්නත් කලින් විශ්ව විද්‍යාලයෙන් පිටවෙනකොටම ගුරුපත්වීමක් ලැබෙනවා.නමුත් ගුරුසේවයේ දිගටම රැඳීසිටියේ බොහොම ටිකදෙනයි ප්‍රතිපල ආවට පසු බොහෝ දෙනා වෙනත් රැකියාවලට යනවා.අද උපාධිධාරීන්ට එහෙම වෙනත් රැකියාවලට යන්න බැහැ ඉංගිසි දැනුම නැති නිසා..(බ)
විභාගයක් තියලා ඒක සමත් වුන උපාධිධාරීන් ඉන්නවා නම් ඒ අයව ගුරු සේවයට බඳවා ගන්න පුළුවන්නේ. කිසිම දෙයක් පිළිවෙලකට නොකරන එක තමයි අපේ රටේ තියන ප්‍රශ්නය? සමහරවිට ලක්ෂගානක් වියදම් කරලා, ලොකුවට උත්සව තියලා, ගුරුවරුන්ව රස්තියාදු කරවලා, පළාත් සභා ඡන්දයක් එහෙම කිට්ටු කරලා, රැකියා ප්‍රධානය කරන්න, ලොකුවට සැලසුම් කරනවා ඇති. (හේ)
මේ අයගෙන් වැඩිම හරියක් සිංහලයන්, ඔවුන්ගේ ඉල්ලීමත් ඉතාමත් සදාරනයි.හැම දුකක්ම විඳලා ඉගෙනුම අවසන් කරන විට රැකියා නැහැ. (හේ)
භද්‍රානි හරි. ඇති දෙයියනේ, විභාගයක් තියල ඒකෙන් සමත් නම් පත්වීම් දෙන්න බැරි මොකද? විභාගයක් තිබ්බේ ගුරු පුරප්පාඩු තිබුන හින්දනේ. ඉතින් ඉතුරු හරිය කෙරෙන්න උද්ඝෝෂණය කරන්න ඕනද? සමහරවිට බඳවා ගැනීමේ පරිපාටියේ තියෙනවද දන් නෑ 'ඉගැන්වීමට කට හයිය තිබේ දැයි බැලීමට අනිවාර්යයෙන් කලයුතු උද්ඝෝෂණයෙන් පසු පත්වීම් ප්‍රදානය කරනු ඇත' කියලා. (ර)
දේවි ඔබ නිවැරදියි. බණ්ඩාරනායක මහත්තය රටට සිංහල පමණයි කීවාට, එතුමාගේ ගෙදර කතා කළෙත් දරුවන්ට ඉගැන්නුවෙත් ඉංග්‍රීසි මාධයෙන් තමයි. ගම්වල මිනිස්සු ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරා එතුමන්ලාගේ පැලැන්තිය ආක්‍රමණය කළයි කියන බියට තමයි එදා ඔය නීතිය ගෙනාවේ. ජනතාව පුහු දේශප්‍රේමයකින් කුල්මත් කරලා, ඉංග්‍රීසි මාධයෙන් ඉගැන්වූ සමහර පාසල් රජයට පවරා ගෙන සිංහල මාධයෙන් අධ්‍යාපනය සිදු කළා.(බ)
ඔබගේ උත්සහය ගැන මම අගය කරනවා. (ර)
කරුණාපාල, ඔබතුමා හරි කියලා මටත් හිතෙනවා. එයාලා අපේ රටේ අහිංසක මිනිස්සු හැමදාම රැවටුවා. ඒ ප්‍රතිපත්තිය නිසා අපේ තරුණ ශ්‍රමය අදටත් විඳවනවා. (නි)