IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බස්නාහිර සෞඛ්‍ය ඇමැතිකම කීර්ති කාරියවසම් ඉල්ලයි

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රඬක, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යධූරය තමාට ලබාදෙන්නැයි ඉල්ලා එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 44 දෙනෙකුගේ අත්සන් සහිතව ලිපියක් යොමු කර තිිබේ.

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ වෙත අමාත්‍යධූරයක් ලබාදීම මෙතෙක් කල් ප්‍රතිපත්තියක් ලෙස සිදුව ඇති නිසා මෙම අමාත්‍යධූරය ලංකා සම සමාජ පක්ෂ විකල්ප කණ්ඩායම නියෝජනය කරන තමන් වෙත පවරන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහුට සහය දැක්වීමට බස්නාහිර පළාත් සභාවෙන් ඉදිරිපත් වූ පළමු සන්ධාන මන්ත්‍රීවරයා මෙන්ම පොදු අපේක්ෂකවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක්ව අත්සන් කළ අවබෝධතා ගිවිසුමට වාමාංශික ව්‍යාපාරය වෙනුවෙන් අත්සත් තැබුවේ ද කීර්ති කාරියවසම් මහතා වන අතර ඒ හේතුවෙන් ඔහුට එතෙක් දැරූ ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරිකධූරය සහ පක්ෂ සාමාජිකත්වයද අහිමි විය.

ඔහුට අමාත්‍යධූරය පිරිනැමන ලෙස ඉල්ලා අත්සන් තබා ඇති මැති ඇමතිවරුන් අතර බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විෙජ්රත්න, නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ, සභානායක සුනිල් ජයමිණි, අමාත්‍යවරුන් වන රංජිත් සෝමවංශ, ගාමිණී තිලකසිරි, ලලිත් වනිගරත්න, මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, මහේෂ් අල්මේදා, මොහොමඩ් ෆායිස්, කෝකිලා ගුණවර්ධන, ආනන්ද හරිස්චන්ද්‍ර, මෙරිල් පෙරේරා, ගුණසිරි ජයනාත්, ප්‍රදීප් උදුගොඩ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ජගත් කුමාර, අර්ෂාඩ් නිසාම්ඩීන්, සලෝචන ගමගේ, ප්‍රදීප් පෙරේරා, සන්ධ්‍යා සිරිවර්ධන, නවුසර් ෆවුසි, එස්.ඩී.අයි.ඩී ජානක, සෙනල් වෙල්ගම, ප්‍රසන්න සංජීව, ලලිත් වර්ණකුමාර, ලලිත් එල්ලාවල, රෝහණ අබේගුණවර්ධන, සරත් සුමනසේකර, ඩිල්ෂාන් ජයවර්ධන යන මන්ත්‍රීවරුන්ද වෙති.

 



අදහස් (0)

බස්නාහිර සෞඛ්‍ය ඇමැතිකම කීර්ති කාරියවසම් ඉල්ලයි

මහින්ද සෞදි Friday, 01 January 2016 02:22 PM

උපන් රටට සේවය කරන්න පුදුම උත්සහයක්, පව් අනේ එයාට දෙන්න. (ර)

:       0       0

නිලමේ Friday, 01 January 2016 03:46 PM

නිලතල බෙදා ගැනිමේ සටන! (නි)

:       0       0

මහානාම - මතුගම Saturday, 02 January 2016 12:18 AM

මොහු හොඳ කෙනෙක්. ඇමතිකම මොහුට දීම සුදුසුයි (නි)

:       0       0

යහම්පත් Friday, 01 January 2016 10:07 AM

තනතුරක් ලැබෙනවානම් රට උනත් පාවා දෙයි. වෙන ඕනෑම දෙයක් උනත් දෙයි. (කෞ)

:       0       0

රන්දික Friday, 01 January 2016 11:11 AM

මේ රටේ දේශපාලඥයින් හදන්න බෑ.(හේ)

:       0       0

සුමිත්‍රා Friday, 01 January 2016 11:19 AM

ඔය තනතුරු පස්සේ දුවන්නේ රටට ආදරේකට කියලද හිතන්නේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 683 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 938 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1399 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2541 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3334 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35057 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24043 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site