IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බැසිල් බෙහෙත් ගන්න ඇමරිකාවට යයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ  වෛද්‍ය ප්‍රතිකාර සඳහා අැමරිකාව බලා අද ගියේය.

ඔහු ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හී පදිංචි කරුවකි.

තුන් මාසයක වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහාධිකරණය ඔහුට අවසර දුන්නේය.



අදහස් (0)

බැසිල් බෙහෙත් ගන්න ඇමරිකාවට යයි

චානක ලොස් ඇන්ජලිස් Sunday, 11 December 2016 10:31 PM

ඇමරිකාවට ගිහින් බෙහෙත් ගන්න තරම් ලෙඩක් මොහුට තිබේ නම් මොහු ජනතා සේවයට නුසුදුසු පුද්ගලයෙක් නොවේද? ඒ වගේම මීට පෙරත් මොහු අත්අඩංගුවට ගත්විට මරණාසන්න විදියට කීප වතාවක්ම ලෙඩ වුණා නේද? (නි)

:       0       0

ජයරත්න Monday, 12 December 2016 12:27 PM

ඇති හැකි අය බේත් ගන්නෙ පිටරටවලින්. නැති බැරි උන්ට බාල බේත් ගමේ රෝහලෙන් (ර)

:       0       0

වසන්ජය Sunday, 11 December 2016 11:13 PM

චුදිතයන් සනීප නැහැ විදෙස් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කිවුවහම අධිකරණය සානුකම්පිතව සළකා බලනවා. නමුත් චූදිතයන් එය දඩමීමා කරගෙන තිබේදැයි සොයාබලා වැරදි කර ඇත්නම් දඬුවම දෙගුණ තෙගුණ කර ලබාදීමත් අවශ්‍ය වෙනවා (නි)

:       0       0

අජිත් Monday, 12 December 2016 12:01 AM

අනේ පව් අප්පා! බටහිර කුමන්ත්‍රණයක්වත් සෙට් කරගන්න හදනවාද දන්නේ නැහැ. (නි)

:       0       0

සරත් Monday, 12 December 2016 01:09 AM

බොරුද දන්නෙ නැහැ. මම නම් හිතන්නේ මෙයාගේ සල්ලි හංගලා තියෙන්නේ ඇමරිකාවේ. (නි)

:       0       0

ටිරෝන් Sunday, 11 December 2016 10:59 AM

මදැයි කළා! (නි)

:       0       0

මහින්ද පතිරණ - හෝමාගම Monday, 12 December 2016 02:14 AM

බැසිල් රාජපක්ෂගේ දුරදිග සැළසුම් තේරුම් ගැනීම අති දුෂ්කරය. ඒකාබද්ධ විපක්ෂය කඩා එහි සමඟිය පළුදුකොට මහින්ද රාජපක්ෂ තම සොයුරාගේ නම විකුණමින් අවසානයේ ජී.එල් හදාගත් පොහොට්ටුවටද හේත්තුවීම ඔහුගේ කූඨත්වය මනාව පිළිබිඹු වෙන කාරණාවන්ය. ලොස් ඇන්ජලිස් පදිංචි බැසිල්වරයාණන් මේ දේශයේ එකම ගැළවුම්කරුවාණන්ය. (නි)

:       0       0

කසුන් Monday, 12 December 2016 03:07 PM

මේ රටේ බෙහෙත් නැද්ද (ර)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 12 December 2016 03:17 AM

කොන්ත්‍රාත් දෙන හැටි අහගන්න ට්‍රම්ප්ව හම්බවෙන්න යනවද දන්නෙත් නැහැ (නි)

:       0       0

ඉසුරු Monday, 12 December 2016 03:34 AM

අනේ වාසනාවන්! (නි)

:       0       0

අනුර Monday, 12 December 2016 03:34 AM

මේවා ඔප්පු කරන්න බැහැ. බැඳුම්කරයද එසේමය (නි)

:       0       0

සුසිල් Monday, 12 December 2016 03:46 AM

2005ට පෙර කාලය අපි දන්නවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 12 December 2016 03:50 AM

බැසිල් රාජපක්ෂලා ගහපු "හතරවරම් ගැහිලි" වලට වන්දි ගෙවන්නේ/දඬුවම් ලබන්නේ අපේ රටේ අපි වැනි අන්ත අසරණ මිනිස්සු. බැසිල් රාජපක්ෂලාගේ පව් ගෙවන්නේ රටේ අන්ත අසරණ මිනිස්සු. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 12 December 2016 03:52 AM

ඇමරිකාවේ අධිසුඛෝපභෝගී නිවාස 7-8 හි සැබෑ හිමිකරුවා කව්ද කියලා ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් හොයන්න පුළුවන්. ඒ කාගේ මුදල්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 December 2016 03:53 AM

පිලිපීනයේ ජනාධිපති වගේ කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් අනේ අපිටත් හිටියා නම් අපි මොනතරම් වාසනාවන්තද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 12 December 2016 03:55 AM

කරපු හොරකම් හසුවෙද්දී මේ මුදල් නැවත දෙන්න කැමති වුණොත්.....? අධිසුඛෝපබෝගී නිවාස වලට අයිතිකරුවෙක් නැහැ කියලා නිදහස් වෙන්න පුළුවන් ලෝකයේ එකම රට ලංකාවයි. (නි)

:       0       0

තිලක් Sunday, 11 December 2016 12:22 PM

මමත් වැඩ කරන්නේ කොම්පැනියක. අපේ කොම්පනියේත් 500ක් විතර ඉන්නවා. ළඟදි චීනුන්ට විකුණන්න වගේ හදන්නේ. අපිටත් ඔයවගේ නැවක් හරි මංකොල්ල කාලා අපිවත් ආණ්ඩුවට බඳවා ගන්න කියලා උද්ඝෝෂණය කරනවා (නි)

:       0       0

නවින්ද Sunday, 11 December 2016 12:30 PM

දේශප්‍රේමය වෙන්න ඇති (නි)

:       0       0

දිනේෂ් Sunday, 11 December 2016 01:13 PM

මිට දශක දෙකකට පෙර යන එන මං නැතුව හිටිය උදවිය අද අැමෙරිකාවේ පදිංචිකරුවන් වෙලා ඇමෙරිකාවට ප්‍රතිකාර ගන්න යනවා. ලංකාවේ ජීවත්වන සියලුම මන්දබුද්ධික ජනතාව මේවට වගකියන්න ඕනෑ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 12 December 2016 05:19 AM

මෙයාලා ලෙඩ්ඩු නම් ඇයි රට කකා මෙහාට වෙලා ඉන්නේ? ග්‍රීන් කාඩ් තිබෙන නිසා ඇමෙරිකාවේම නවතින්නකෝ. (නි)

:       0       0

අජිත් Monday, 12 December 2016 05:30 AM

නැහැ ලෙස්ලී, මම හිතන්නේ ට්‍රම්ප් මෙයාව එයාගේ ප්‍රධාන උපදේශක තනතුරට පත්කර ගනීවි. කොහොමටත් එක අත්තේ කුරුල්ලෝ එකටනේ ඉගිලෙන්නේ! (නි)

:       0       0

ටිෂාන් Sunday, 11 December 2016 01:46 PM

ඇයි මෙහෙ බෙහෙත් අල්ලන්නෙ නැද්ද? (නි)

:       0       0

එරන්දි Monday, 12 December 2016 05:57 AM

අපි බැසිල්ට බනිනවා ලංකාවේ බෙහෙත් අල්ලන්නේ නැතුව ඇමරිකාවේ යනවා කියලා. අපේ සෞඛ්‍ය ඇමැතිතුමාත් ලංකාවේ බෙහෙත් එපා කියලා සිංගප්පුරුවේ ගියා. ඉතින් බැසිල් විතරක් නොවෙයි ලංකාවේ අනික් අයත් යන්න පුලුවන් නම් ගියාට වරදක් කියන්නේ කොහොමද. (නි)

:       0       0

රමණි Monday, 12 December 2016 06:00 AM

නන්ද, ශ්‍රී ලංකා එක දෙකඩ කළ පළවෙනියා මෙයා නොවෙයි. ඒ නිසා ඒ වැඩේ කරපු හැමදෙනාටම පවු පළදෙන්න කියන්න. (නි)

:       0       0

ජයතු Monday, 12 December 2016 08:42 PM

විශෙෂයෙන් දේශපාලකයන් මවිබිමට අාදරය අැති කෙනෙකු වශයෙන් වෙනත් රටක පුරවැසියෙක් වෙයිද? ජනතා මුදල් මංකොල්ල කා අැමරිකාවේ බැංකුවල තැන්පත් කිරීම සමහර රටවල දේශපාලකයන් නිතිඥ සහය අැතුව කරන කටයුත්තකි. (නි)

:       0       0

පද්මිණි Monday, 12 December 2016 06:28 AM

ලංකාවේ නීති පද්ධතිය හෝ අධිකරණය ගැන විශ්වාසයක් තබන්ට බැහැ. ස්වභාව ධර්මය කෙදිනක හෝ සාධාරණත්වය ඉටු කරාවි. (ම)

:       0       0

චන්න Sunday, 11 December 2016 02:27 PM

මෙයාට ගෙවල් 3ක් මෙහෙ තියෙනවා. ලංකාවේ දේශපාලනයට එන්න කලින් මෙයා ඇමරිකාවේ හිටියේ කොහොමද කියලා අපි දන්නවා (නි)

:       0       0

ශාන් Monday, 12 December 2016 07:14 AM

මේ ගැන කවුරුත් කතා කරන්නේ නෑනේ.(හේ)

:       0       0

සිදත් Sunday, 11 December 2016 02:52 PM

අනේ දෙවියනි, ලංකාවාසී අප ගැන අනුකම්පා කරලා ආයේ එන්න නම් වරම් දෙන්න එපා! (නි)

:       0       0

පෙරේරා Sunday, 11 December 2016 03:15 PM

බායි... බායි ....! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 12 December 2016 08:12 AM

ස්වභාව ධර්මය සාධාරණත්වය ඉටු කරනකම් බලන් ඉන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ.(ම)

:       0       0

මුදිත Sunday, 11 December 2016 06:06 PM

ඉක්මනින් සනීප වෙන්න කියලා කියන්න. මොකද ඉක්මනටම අපේ දුප්පත් රටට ඇවිල්ලා නැවත මහා සේවයක් කරන්න. මෙතුමන්ලා නැතුව අපේ රටේ ගොඩක් උදවිය හරිම අමාරුවෙන් ඉන්නේ (නි)

:       0       0

මුදලිගේ Sunday, 11 December 2016 06:07 PM

පවු අනේ! දුක් මහන්සියෙන් හම්බ කරගත්ත මුදල් වියදම් කරලා බෙහෙත් ගන්න යන්න මේ උත්තමයට අවසර දෙන්න. මේ උත්තමයාගේ කටුකන මහත්හොරුත් ගුවන්තොටුපළට යන්න එයාව ඇරළවන්න. පවු! පුලුවන්නම් කොහෙන් හෝ සල්ලි ටිකක් හොයාගෙන පොල්ගෙඩි ලක්ෂයක් විතර ගහන්න ඒකාබද්ධ විපක්ෂයත් හවුල් කරගෙන (නි)

:       0       0

නන්ද Sunday, 11 December 2016 06:08 PM

ඔහු අායෙත් ලංකාවට එන එකක් නැහැ. ඔය ලක්වී තිබෙන චෝදනා වලට වැරදිකරුද නැද්ද කියන එක අධිකරණය තීරණය කරාවි. ශ්‍රී.ල.නි.ප. ය අසමගි කිරීමේ පාපකර්මයට මෙයා වගකිව යුතුයි. (නි)

:       0       0

දිලිප් Monday, 12 December 2016 11:56 AM

බලන් ගියහම මේ ඔක්කොම ලෙඩ්ඩු තමා අපේ පිහිටට එන්න පොරකන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 49 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 123 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 102 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 81 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 312 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 70 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site