IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බැසිල්ගේ පෙත්සම කල් යයි

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් අක්‍රමිකතා, මුදල් විශුද්ධිකරණ ඇතුළු අසත්‍ය චෝදනා කිපයකට වගඋත්තරකරු කරමින් තමන්ට එරෙහිව චෝදනා ගොනු කරමින් ගම්පහ, කඩුවෙල හා පූගොඩ අධිකරණ කිහිපයක  ගොනු කර ඇති නඩු විභාග වලින් තමන්ගේ පුද්ගලික නිදහසට බාධා එල්ල වී සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වි ඇතැයි කියමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූනි 8 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(28) තීන්දු කළේය.

තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, අනිල් ගුණරත්න සහ කේ.ටී .චිත්‍රසිරි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලුණු අතර එහිදි මෙම තීන්දුව ලබා දී තිබේ.

පෙත්සමට අදාළ ලේඛන ලබා ගැනීම සඳහා තවදුරටත් කල් අවශ්‍ය බව පෙත්සම අද(28) කැඳවූ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි අතර ඒ අනුව  පෙත්සම සළකා බැලීම ජුනි මස 08 වනදාට කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.



අදහස් (0)

බැසිල්ගේ පෙත්සම කල් යයි

විජය Tuesday, 29 March 2016 03:41 AM

අයියා ආවත් ඔය රටට ආත්මයක් නෑ, රටේ සල්ලි තමන්ට ඕන විදියට පාවිච්චි කරන කෙනෙක් කොහොමද හරිවෙන්නේ, ඇත්ත කියන කිසිකෙනෙකුට ඔය කිසි කෙනෙක් ඡන්දය දෙන්නේ නැනේ, ඉතින් හැමදාම මේ වගේ දේවල් අහගෙන ඉන්න එකනේ ඇත්තේ (බ)

:       0       0

කමලේෂ් Tuesday, 29 March 2016 04:32 AM

නඩු කියන්න බැරිය ඕන තරම් කල්. මොකද සල්ලි වලින් අඩුවක් පාඩුවක් තියෙයියැ. අසාධාරණ කළ අය නඩු කල් යනවට කැමතියි. ඉඩම් නඩුත් එහෙමනේ. ඉඩම තමන්ගෙ නොවන බව දන්න කෙනා නඩු දාන්නේ අයිතිකරගන්න නෙමෙයි, පුවළුනතාක් කල් ඉන්න බලාගෙන. මේ නිතියේ ඇති හිඩැස වහන්න අපේ නිති විශාරදයින්ට බැරි ඇයි? (බ)

:       0       0

හසන්ත Tuesday, 29 March 2016 04:33 AM

මේ රජය පෙරලෙනකල් කොහොමහරි ඇදගෙන ගියොත් කාටද ඉතිං? ඒවට දෙයියො දඩුවම් දෙන්න පරක්කු ඇයි දෙවියනේ? (බ)

:       0       0

විජිත Tuesday, 29 March 2016 04:39 AM

ලියකියවිලි ලෑස්ති කරගෙනනේ නඩුව ගොනු කරන්න තිබුනේ? ඇයි නිතිඥ මහත්තුරු කිවේ නැද්ද ඒක? අපරාදේ ලංකාවේ උසාවිවල කාලය සම්පත් කොපමණ නාස්ති වෙනවද මෙහෙම කල් ගන්න ගියාම. උසාවි වලට නඩු ඉවර කරගන්න බැරි තරම් පිරිලා. (බ)

:       0       0

ජයමහ Tuesday, 29 March 2016 04:42 AM

මේ විධියට මිනිස්සුන්ව ගොනාට අන්දන එක නවත්වන්න විනිසුරුවරුන්ට පුළුවන්. කල් ඉල්ලුවාම මාස ගණන් දෙන්නෙ නැත්ව සතියක් විතර දෙන්නනේ තිබුනේ? නඩු කල් අදින ක්‍රමවේදය ලංකාවෙන් තුරන් කළ යුතුයි. (බ)

:       0       0

ජයතු Monday, 28 March 2016 04:45 PM

මහින්ද රජය පරාජය විමත් සමග මොහු රට හැර යෑම ඉතාමත් බරපතල ලෙස ජනතා මුදල් මංකොල්ල කා අැති බව රටටම ඔප්පු කර අැත. (ස)

:       0       0

පද්මිණි Tuesday, 29 March 2016 05:39 AM

මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් මෙච්චර කල් ගියා. කෝ හොරු ඇල්ලුවද ? (නි)

:       0       0

සමන්ත Monday, 28 March 2016 11:05 PM

“පෙත්සමට අදාළ ලේඛන ලබා ගැනීම සඳහා තවදුරටත් කල් අවශ්‍ය බව පෙත්සම අද(28) කැඳවූ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි “ කියන එකෙන්ම තේරෙනවා මේ හදන්නේ නිතියෙ හිඩැසක්වු නඩු කල් දැමිිමේ වාසිය අරගෙන කල් මරන්න කියලා. මේවට ඉඩ දෙන්න එපා. පෙත්සම දානකොටඅවශ්‍ය ලියකියවිලි ලැස්ති කරගෙන එපැයැ දාන්න. (අ)

:       0       0

රසික ලන්ඩන් Monday, 28 March 2016 11:08 PM

වැරදි කළ අය නඩු කල් යනවාට ඉතා කැමතියි. මේකත් ඒකට හොඳම උදාහරණයක් බවයි මටත් හැඟෙන්නේ. ඉක්මනට නඩුව අහලා හිරෙි යනවට වැඩිය හොඳයිනේ මොනවා හරි කිය කියා ලියකියවිලි ලෑස්ති කරගන්න කම් කිය කියා ඇද ඇද ගෙදරට වෙලා ඉන්න එක. අපේ නිතිය මේ වගේ දේවල් වලට ඉඩ නොතබා වෙනස් කල යුතුයි වහාම. (අ)

:       0       0

asara Tuesday, 29 March 2016 12:32 AM

තමන් වැරැද්දක් කරලා නැත්නම් පුළුවන් තරම් ඉක්මනට නඩුව අහලා ඉවර කරගෙන නිර්දෝෂී බව රටට පෙන්නන්න එපැයි හරි මනුස්සයෙක් නම්. එයාම නඩු දාලා එයාම කල් ඉල්ලනවා. ඇයි මේ ? (අ)

:       0       0

බණ්ඩාර Tuesday, 29 March 2016 12:41 AM

නිතිය අපට ඉක්මණින් සාධාරණය ඉටුකර පෙන්වන්නේ කවදාද? (ම)

:       0       0

ටිෂාන් Tuesday, 29 March 2016 12:49 AM

පෙත්සම සළකා බලන්න්ත් ජුනි මස 08 වනදාට කල්දැම්මා කියන්නේ මාස 3 යි. ඔය සළකා බැලිම ඉවර වෙලා නඩු අහලා තින්දුව දෙන්න කොච්චරකල් යයිද දන්නෙ නැහැ. මෙහෙම රටක ඉපදුනේ ඇයි කියලා හිතෙනවා. (ස)

:       0       0

මනෝජ් Tuesday, 29 March 2016 01:44 AM

අය්ය කොහොමහරි ආපහු ගේනකන් අදින්න මෙයාට ඕන. ඊට පස්සේ මොන නඩුද ඉතින්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 0 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 202 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 518 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 386 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 303 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 208 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site