ජන සටන පාද යාත්‍රාව ලබන 28 වැනිදා මහනුවරින් ආරම්භ කරන බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අද (10) කිපැවසුවේය.
“එදා මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂ දුර්දාන්ත පාලනය නිමා කරන සටන පා ගමනකින් තමයි ආරම්භ කළේ. වත්මන් දුර්දාන්ත පාලනය නිමා කරවන සටනත් අපි පාද යාත්‍රාවකින් අරඹනවා“ යැයි ඔහු වැඩිදුරටත් කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උරුලෑවෝ රංචුව ගිය පාර වගේ මාස ගණනක් දුර්ගන්ධය තියේවි! එපමණයි මට කියන්න තියෙන්නේ (නි)
ලෝකයේ උගතුන්ට වඩා නුගතුන් වැඩියි. ලංකාවෙත් එසේමයි. පෝසතුන්ට වඩා දුප්පතුන් වැඩියි. ඉතින් බත් පැකට් එකකට රුපියල් 1000 කට එක දවසකට මිනිසුන් හොයාගන්න බැරිවෙන එකක් නැහැ. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අමිල සිංග, ඔබ හරි. තවත් අරක්කු, බියර්, බිරියානි, ෆ්‍රයිඩ් රයිස් පාටියක් පාද යාත්‍රාවක් ස්වරූපයෙන්. මේ ලෝකේ දෙයක් දන්නේ නැති අයත් ඉතින් එදාට දේශප්‍රේමියෝ (නි)
මෙතුමා දුර්දාන්ත කියන වචනේ තේරුම නොදැන කතාකරන්නේ. මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ (නි)
මානයෙන් ඔලුව උදුමවාගත් තමුන් රජවරු කියා හිතාගෙන වැඩ කරපු මේ අය සමඟ නැවත යන්න හිතන අය දෙපාරක් නොවේ දහස් වාරයක් නැවත හිතන්න. (නි)
ලැජ්ජා නැතුව අායෙත් ඇවිල්ලනේ හැබෑට? (නි)
බත් පැකට් එකටයි බෝතලයටයි රටක් පාවාදෙන මිනිස්සු බලාගන්න පුළුවන් එදාට. බලන්න මිනිස්සු ඉතුරුවෙයිද කියලයි මට සැක. (නි)
මෙයාලගෙ පාද යාත්‍රාව ඉවර කරන්න ඕනෑ තැන අපි තීරණය කරන්නම් (නි)
බලය කියන දෙය තාවකාලිකයි කියා තේරුම් නොගන්නා එකම පුද්ගලයා දේශපාලකයායි. (නි)
අගමැතිතුමා එපා කියලා තියෙද්දීත් ලංකාවට දේශපාලකයින් කිහිපදෙනෙක් වාහන ගෙන්වීමේ සුදානමක් තිබෙන බවට ප්‍රචාරයක් පවතිනවා. ඔබතුමා පුලුවන්නම් මීට එරෙහිව පාද යාත්‍රාවක් යන්න. අපි සේරම එනවා. (නි)
අපි ජනවාරි 8 වෙනිදා ගෙදරම යැව්වා. නැවත රාජපක්ෂවරුන්ට ලංකාවේ දේශපාලනය කරන්න බැහැ. (නි)
මෙයාල බලය තිබෙන කාලයේදී විඳපු සැප ගැන ලිපියක් අන්තර්ජාලයේ තිබෙනවා. අනිවාර්යෙන්ම කියවන්න. (නි)
සකල ශ්‍රී ලංකාවාසී අඥාන ජනතාවනි, එක්වන්න! (නි)
බලමු කී දෙනෙක් හිටීද කියලා (නි)
එදා මහින්ද පාද යාත්‍රා ගියේ මිනිසුන් මරාදාපු ආණ්ඩුවකට එරෙහිව. යුක්තිය, සාධාරනය, නීතිය ඉටුකරන්න කියල.ඒත් අද බැසිල්පාද යාත්‍රා යන්නේ යුක්තිය,සාධාරනය,නීතිය එපා කියල නේද? (බ)
පැත්තකට වෙලා ඉන්නකෝ. කරගන්න අයට යමක් කරගන්න ඉඩදීලා. ඔබතුමා නම් හුඟ දෙනෙකුට එපාවෙලා තියෙන්නේ. (නි)
28 වෙනිදට බලමුකෝ පාද යාත්‍රා යන අය කී දෙනෙක් ලංකාවේ ඉන්නවද කියලා (නි)
අනේ ඔයාගේ පාද යාත්‍රාව. ඕක ඇමරිකාවටම යනවා නම් හොඳයි තවත් විකාර නොකර. බොරුවට එෆ්සීඅයිඩී එකට යනවා එනවා විතරයි (නි)
අපොයි! අපි නම් එන්නේ නැහැ (නි)
අපේ රටේ නීතියක් රීතියක් තියෙනවා නම් රාජපක්ෂලා මේ තරම් දඟලන්නේ නැහැ. දඟලන්න ඉඩ තියන්නෙත් නැහැ. (නි)
මේ වගේ අය එක්ක එකතුවෙලා රජයට විරුද්ධව උද්ඝෝෂණ කරන්න තරම් අය ලංකාවේ ඉන්නවද? (නි)
ඉහේ උකුණෝ බිමට පනිනවා මේවා අහලා. දුර්දාන්ත පාලනයක් කිව්වේ කොයි කාලේ ආණ්ඩුවද. එදා පැනලාගිය හැටියට අපි හිතුවේ නැහැ හීනෙන්වත් ලංකාවට අඩිය ගහයි කියලා. (නි)
රජයේ සේවකයෙකු සේවය අතහැර යනවිට ඔහුට තිබුණු වගකීම් ඔහුගේ අධීක්ෂක නිලදරියාට බාරදීම සම්මත නීත්‍යානුකූල සිරිතකි. කුරහන් සාටකය ගළවා පෑලදොරින් ඇමරිකාවට ගිය බැසිල්ලා නැවත පාද යාත්‍රා කරන්නේ කා සමඟද? (නි)
චෝදනා තිබෙන කෙනෙක් නේද මේ එළියේ ඉන්නේ? අනේ මන්දා .....! (නි)
යමෙක් හරි පාරේ ගිය බව මහජනතාවට පසක්කර ඇත්නම් අන්‍යයන්ද ඇදගෙන හරිපාර සොයා මහපාරේ යනවා නම් අපටද එක්විය හැක. එසේ නොමැතිව තමා බැහැපු අසුචි වළෙන් ගොඩ එන්නට අන්‍යයන්ගේ කර පාවිච්චි කරන්න හදනවා නම් අපිටත් ජරාව ගාගන්න නම් බැහැ. (නි)
මොකද්ද ඔයතරම් කියන වත්මන් දුර්දාන්ත පාලනය? මට නම් තේරුමක් නැහැ. (නි)
මේ රටේ දුප්පත් ජනතාවගේ මුදල් ගසාකාලා ඡන්ද වලට වියදම් කරලා ඒවා එළිවෙද්දී එ්වායින් ගැළවෙන්න කරන මගඩියක් වගේ. අනේ ඉතින් මේවට රැවටෙන මිනිස්සු තවමත් මේ රටේ ඉන්නවනේ හැබෑට? (නි)
මේ පාද යාත්‍රා යන්නේ ඔවුන්ගේ නැතිවුන බලය , ඔවුන් කරාවූ සොරකම් වසා ගෙනිමට , වංචා වසා ගැනිමට ජනතාව මුලාකොට නැවත බලයක් ගෙනීම සඳහාය (බ)