මූකලං බස්සා හා කොණ්ඩ කුරුල්ලා බෝංචි මල් ආහාරයට ගැනීමට අනුවර්තනය වී සිටිතියි ගැපෙක් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා කියයි.
මේ කුරුල්ලන් මෙතෙක් එළවළු වගාවට හිතකර විලෝපිතයන් බවත් ඔහු කියයි.
විලෝපිතයන් පාලනය කරනු වෙනුවෙට මූකලං බස්සා හා කොණ්ඩ කුරුල්ලා විලෝපිත තත්ත්වයට පත්ව ඇති බව ද ඔහු පවසයි.
මෙම කුරුළු ගහනය වැඩි වෙතොත් බෝංචි පලදාව පහත වැටෙනු ඇතැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොණ්ඩ කුරුල්ලා සහ කහ කුරුල්ලා එළවලු වගා වල මල් සහ ඉතා ලපටි කරල් ආහාරයට ගන්නා බව මම නම් අහලා තිබුණා. ඒ බව තේරුම් ගත් ගොවියෝ ඒවා සැළකුවේ ස්වභාව ධර්මයේ සාමාන්‍ය සිදුවීමක් ලෙසයි.වී කුරුල්ලන් මීයන් වැනි බරපතල හානි කරන සතුන් හැර මෙවැනි සතුන් පලවා හරින්න ගොවියන් මහන්සි වුණේ නැහැ. ඒ සතා සිවුපාවාගේ කුසගිනි නිවීම පින් සිදුවෙන දෙයක් හැටියටයි සැළකුවේ. (නි)
මොන කොණ්ඩ මෝස්‌තරකාරයෝ ආවත් අහිංසක ගොවියාට බඩට පාර තමයි අන්තිමට (නි)
කෘෂිකර්මයට අදාලව විදේශ රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් බහු ජාතික සමාගම් වල දේවල් පිළිපදින්න ගිහිල්ලා අපි දැන් ලංකාවේ කෘෂිකර්මාන්තය වරද්දාගෙනයි තියෙන්නේ. ඒ නිසා මේ දේවල් ගැන යෝනිසෝමනසිකාරයෙන් විමසා බැලීම යෙහෙකි. ඒ වගේම ඉතින් දැන් අපේ රටේ උගත්, බුද්ධිමත් සහ ප්‍රායෝගික කෘෂි විද්‍යාධරයෝ ඕනෑතරම් ඉන්නවානේ. (නි)
සමහර මුකලන් බස්සෝ බෝංචි මල් විතරක් නෙමෙයි, රටම කනවා. තාම තේරෙන්නේ නැහැනේ? (නි)
ගොවියන් අසරණයි නේද? (නි)
හැමෝම ගහන්නේ දුප්පත් ගොවියාගේ බඩටමයි. ඒ නිසා ලස්සන කුරුල්ලනේ, ඔබත් ඒ ගොඩට එකතු වෙන්න එපා. (නි)
වස විස එළවලු පළතුරු වලට ගහනකොට, පණුවෙක්වත් කන්න ඉතුරු නොවෙනකොට මෙහම දේවල් වෙනවා. එහෙම කියලා අනේ මේ අහිංසක සත්තු මරලා දාන්න නම් වැඩ කරන්න එපා හොදේ. (නි)
අනේ අහිංසක කුරුල්ලෝ මරන්න නම් එපා. කුරුල්ලන්ව එළවන්න වෙන මොකක් හරි විකල්පයක් හොයාගනිමු. (නි)
මේ දෙන්නා දැන් හරිම නරකයි, පරම්පරාවේ සිරිත් අමතක කරලා මිනිසාට අකාරුණික වෙලා. (නි)
ගොවියන් සමග තරහවෙලා තිබෙන්නේ කුරුල්ලෝ නොවේ කියලයි මට නම් හිතෙන්නේ (නි)
මෙය බරපතල හානියක් ලෙස ගොවියන් සිතන එකක් නැහැ කියලා මම සිතනවා (නි)
මේ සදහා කඩිනම් සහ සාර්ථක පළිබෝධ මර්දන ක්‍රමයක් අනුගමනය කළ යුතුයි (නි)
කඩිනම් සාර්ථක පලිබෝධනාශක ක්‍රම තමයි අපේ විනාශයට හේතු වෙලා තිබෙන්නේ. මේ කුරුල්ලන් දෙන්නම හරි අහිංසක සත්තු. බෝංචි මලක් දෙකක් කෑවාට වගාවට ලොකු හානියක් නොවෙන බව පැරණි ගොවියෝ දන්නවා. (නි)
වෙජිටේරියන් වෙලා ඇති...(නදී)