ව්‍යාජ තොරතුරු සහිත නාම යෝජනා පත්‍රයකට අත්සන් තැබූ බව කියන නව සම සමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අඟහරුවාදා (11) ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
අපේක්ෂකයන්ගේ දිවුරුම් ප්‍රකාශ සහතික කළ නීතීඥවරියක සහ සාමවිනිසුරුවරයකු ද පොලිසියට ගෙන්වීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන් දන්නේ නැහැ මේවාට මොනවා කරලා ඇතිද කියලා (දී)
ඔකට හොද වැඩේ... පිට රට වල ගිහින් ලංකාව ගැන කේලම් කියන්න මෙයා ලැහැස්ති උනේ... හොදම වැඩේ.... (දී)
ඉතින් මෙයා කල වරදට නීතියෙන් දඩුවම් දෙන්නේ නැද්ද (දී)
මෙයා අචාර්යද මහාචාර්යද නාමයෝජනාවක් වත් හදාගන්න දන්නේනැද්ද (දී)
කලින් නවනීදන් පිල්ලේට රට ජාතිය පාවා දීමට වැරදි තොරතුරු දුන්නා වගේද?පුරුද්දට වෙන්නැති . (නදී)
රටට එරෙහිවන බලවේග වල නිරුවත පේනවා නේද? මෙයාල හැමදාම කතා කරේ රටට වින කරන විදියට. එජාප රජයන් තියෙන කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි. (නදී)
මෙතුමා සිදු කළායයි සඳහන් වන කරුණ කුඨ රාජ්‍ය ලේඛන සකස් කිරීමේ ගණයටයි වැටෙන්නේ. මෙවැනි අවස්ථාවකදී වහා අත්අඩංගුවට ගන්නට හැකි වුවද එසේ නොකර කට උත්තර සටහන් කිරීමට පමණක් කැඳවීම තවමත් එතුමාට කරන සැළකිල්ලක් ලෙසිනුයි මා දකින්නේ. (දී)
බාහු මහත්තයාගේ වැඩ ඔක්කෝම පව් වැඩ. (දී)
නාමයෝජනා සම්මත කරන්න කලින් මේවා සොයාබලන්නේ නැද්ද (දී)
බාහු කරපු වැඩේ වැරදියි (දී)
නීතිය හරියටම ක්‍රියාවේ යොදවන හැඩයි. නාම යෝජනා අත්සන් කරන කොට පෑන හරියට ඇල්ලුවේ නැතිනම් ඒකටත් දඬුවම් දිය යුතුයි. (දී)
බාහු මොනවද මේ කරන්න දේශපාලනය නැති කරනවා (දී)
ඇත්තටම ලංකාවේ දේශපාලන ක්‍රමය ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ (දී)
මෙයාගේ පක්ෂෙන් මොක්කු පනින්නද? ලාහෙට ගෙම්බෝ අල්ලනවා වගේ යන්තම් නම් ටිකක් හොයල දැම්මා. ඉතුරු ටිකට බොරු නම් දැම්මා. මොකද කව්රුත් ඡන්දෙ දෙන්නේ නැති බව දන්නවානේ. මේ ජාතියෙ විප්ලවාවදියෝ එකයි ලෝකෙටම ඉන්නේ. එලොවටත් නැහැ මෙලොවටත් නැහැ.(නදී)
පච වැඩක් කරලා වගේ. (නදී)
වාසු ගේ පක්ෂය ඡන්දෙ ඉල්ලනේ ටී.එන්.ඒ එකත් එක්කද? (නදී)
නාම යෝජනා අනුමත වෙලාතියෙන නිසා මොකද්ද මේකට ගන්න පුළුවන් නීතිමය තත්වය (දී)
මෙයාව පොලිසියට නෙමෙයි ගෙන්වන්න තියෙන්නේ රටෙන් පිටමන් කරන්න ඕනා.(දී)
මැතිවරණ නීති දන්නා කියන අයටත් වරදින්නේ නාම යෝජනා පත්‍ර සැකසීමේදී අපේක්ෂක ලැයිස්තුව කල් වෙලා ඇතිව හෙළි දරව් නොකිරීම හේතුකොට ගෙන .හෙළි දරව් නොකරන්නේ නම කැපිච්ච අයවලුන් වෙනත් පක්ෂ වලට පනින නිසයි.නාම යෝජනා ලේඛනයේ වැරද්දක් නම් නිෂ්ප්‍රභා කරනවා මිස බොරු කරනම් ගැසීම සුදුසු නොවේ..පැහිච්ච දේශපාලකයෝ හිටපු එ.ජා.ප .ය කොළඹ නගර සභා නාම යෝජනා පත්‍රයේ වයස 18 ට අඩු අයෙකු ඉදිරිපත් කොට අන්තිම මොහොතේ අනාගත් හැටි මතකනේ.(දිල්)