(රෝෂන් තුෂාර)

සිර දඬුවම් ලද ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා විහාර මහා දේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහයේදී ජනතාව කුපිත කරවන, නොමග යවන සුළු සහ ජනතා විශ්වාසය කඩ කරන අසත්‍ය ප්‍රකාශ බලන්ගොඩ කස්සප හිමියන්  මාධ්‍යයට නිකුත් කර ඇති බවට පැලවත්ත ජාතික ජන බලවේගය පක්ෂ කාර්යාලයෙන් ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කුරුඳුවත්ත පොලිසිය අද පැවසීය.

පැලවත්ත ජාතික ජන බලවේග කාර්යාලයේ සංවිධායක ජගත් බස්නායක මහතා පොලිසියට කරන ද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර සිටියේ විහාර මහා දේවී උද්‍යානයට පිහි දෙකක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් බලන්ගොඩ කස්සප හිමි පසුගිය 22 මාධ්‍යයට නිකුත් කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය සහ ජනතාව නොමගය වන සුළු වැරදි සහගත එකක් බවය.

පිහි රැගෙන පැමිණි පුද්ගලයන් පැලවත්ත ජාතික ජන බලවේග කාර්යාලයෙන් ඒවා ඇති බවට කස්සප හිමියන් කරන ලද ප්‍රකාශය අසත්‍ය බවත් එමඟින් ජනතාව විශ්වාසයක් කඩවන බවත් පැමිණිලි කර ඇති බව පැවසීය.