බලංගොඩ, පඹහින්න, පුවක්ගහවෙල ප්‍රදේශයේ කන්දක ආරම්භ වී ඇති නාය යෑමේ තත්ත්වය පිළිබඳ සොයාබැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ පරීක්ෂණ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය කරා ළඟාවෙමින් සිටින බව එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවධානම් කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ආචාර්ය ආර්.එම්.එස් බණ්ඩාර මහතා පැවසීය.
මේ වන විට එම කන්දේ සිට බොරවතුර පහළ පිහිටි ඇළ මාර්ගයක් කරා ගලා ඒම ආරම්භ වී ඇතැයි කී අධ්යක්ෂවරයා ඒ අවට ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි එහි පදිංචිකරුවන්ට දැනුම්දීමක් කරන බව ද සඳහන් කළේය.
මෙම නායයෑම හේතුවෙන් බලංගොඩ බදුල්ල මාර්ගයේ බෙරගල, පුවක්ගහවෙල ප්‍රදේශයේ මාර්ගයට පස් කඳු කඩාවැටීම සිදුවිය හැකි බැවින් එම මාර්ගයේ ගමන් කිරීමේදී විමසිලිමත් වන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බව ද අධ්යක්ෂවරයා සදහන් කළේය.
මෙය මීට වසර හතකට පමණ පෙර එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ පුවක්ගහවෙල නාය යෑම නැවත සක්‍රීයවීමක් වීමක් නොවන බව කී අධ්යක්ෂවරයා ඊට ඉහළින් ඇති මුත්තෙට්ටුවේගම ප්‍රදේශයේ අලූතින් සක්‍රීය වූ නායයෑම් තත්ත්වයක් බව ද පැවසීය.
ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප
අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක
පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු
අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
භූ විද්‍යාඥයෝ පුවක්ගහවෙල