IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘භික්ෂු සරසවි හිමිවරු කෙහෙල්බඩ තම්බති‘

අනුරාධපුර පරණ බන්ධනාගාරය අසළ භික්ෂු සරසවි නේවාසිකාගාරයේ බලෙන් අද සිව්වැනි දිනටත් රැඳී සිටින 300ක් පමණ ශිෂ්‍ය භික්ෂූන් කෑමට දෙයක් නැතිව කෙසෙල්බඩ තම්බාගෙන කතියි ඔවුන් විසින් මුදා හැරුණු වීඩියෝවක සඳහන් වේ.

සරසවිය දින නියමයක් නැතිව වසා පිටව යන ලෙස නේවාසිකයනට දැන්වුවත් මේ භික්ෂූහු බලෙන් රැඳී සිටිති.

නේවාසිකාගාරයට සැපයෙන විදුලිය හා ජලය කපා ඇත.

නේවාසිකාගාර බිමේ ළිඳකින් ඔවුහු වතුර ගනිති.

සරසවියට පිටින් කෙනකුට යෑමට හෝ එහි සිටින කෙනකුට එළියට ගොස් යළි ඇතුළු වීමට හෝ අවසර නැත.

සරසවි ආරක්ෂක නිලධරයෝ ගේට්ටුව මුර කරති.

වැඩබලන උසස් අධ්‍යාපන ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසුවේ නේවාසිකාගාරයෙන් පිටවී යන ලෙස ශිෂ්‍ය භික්ෂූන්ගෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටින බවයි.

 



අදහස් (0)

‘භික්ෂු සරසවි හිමිවරු කෙහෙල්බඩ තම්බති‘

සරත් Sunday, 16 February 2014 09:40 PM

මේ ප්‍රශ්නයේ නොපෙනෙන පැත්තක් අසල්වැසියන් හැටියට දෙයක් තියෙනවා. මේ අය ඉන්න තැන ඉතාම අධික ඝෝෂාවක් රාත්‍රියට පසුගිය දවස්වල ඇති වූනා. බජව් දානන් පටන්ගත්තා. අපිට රාත්‍රියට නිදාගන්න බැරිව හිටියා. මේ අයගේ ඝෝෂාව නිසා. කොහොම උනත් කෑම නැතුව ඉන්න එක ගැන නම් සැලකිල්ලක් දක්වන්න ඔන(දී)

:       0       0

අසේල Sunday, 16 February 2014 10:12 PM

මේ හැබෑම භික්ෂුන්ද? තෘෂ්ණාව අදුරන්නේ නැති මේ චීවර ධාරි චන්ඩින්ව සාසනයෙන්ද පන්නා දැමිය යුතුයි. (දී)

:       0       0

දම්මි Sunday, 16 February 2014 10:37 PM

බුදු හාමුදුරුවෝ යව ආහාරයට ගත්තේ (දී)

:       0       0

දම්මි Sunday, 16 February 2014 10:37 PM

අල්පේච්ච කම කියන්නේ ඔන්න ඕකට (දී)

:       0       0

රූපා Monday, 17 February 2014 01:12 AM

මහජන මුදල් කාබාසිනියා කරමින් දඟලන ගිහි ශිෂ්‍යයෝ වෙනුවට ද (අ)

:       0       0

සමන් Monday, 17 February 2014 03:49 AM

අපේ රටේ ඉන්න මහා ලොකු බෞද්දයෝ මොකද දන්නේ නැ සද්ද නැත්තේ ...මේ ඉන්නේ හාමුදුරුවරු නෙමේ වෙන්න ඇති මගේ හිතේ ,,,අර හරක් මරනවට ගිනි තියාගන්න කට්ටිය කොහෙද දන්නේ නැහේ ගිහින් තියෙන්නේ ...මට නම් මේ තමයි නියම සග විරුවෝ ,,,,,ජය වේවා ....(දී)

:       0       0

හසන්ති Monday, 17 February 2014 08:00 AM

අපේ රට මේ කොයි යන්නේ මට නම් නොතේරේ (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 17 February 2014 09:06 AM

අනේ අපොය් මේ හැමදුරුවරු සංසාරෙන් එගොඩ වෙන්න විදින දුක..සංසාරෙන් එගොඩ වීම කොහොම උනත් හැමදාමත් කෙහෙල් බඩම තමය් කන්න වෙන්නේ..කෙහෙල් බඩ තම්බනවා වගේ මේ රටේ මිනිස්සු තම්බන්න බැහැ කියන එක ඔබ වහන්සේලාට නිර්වාණය අවබෝදකරගන්න බැරි උනාට හෙට අනිද්දා හොදින් අවබෝද කරගන්න පුළුවන් වේවි (දී)

:       0       0

රත්න Monday, 17 February 2014 09:23 AM

ජීවිතය පවත්වාගෙන යාමට අල්පෙච්චතාවයෙන් මොනවහරි ආහාරයක් ගැනීම බුදුදහමට අනුව හොඳ ආදර්ශයක්. මේ වගේ ප්‍රායෝගික ක්‍රියාවන් තවතව සමාජ ගතකරන්න.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 17 February 2014 10:58 AM

සංසාර ගමන කොතරම් දුකක්ද කියල මේ හිමි වරුන්ට දැන් දැනිල ඇති. ? (දිල්)

:       0       0

හේමන්ත Monday, 17 February 2014 11:12 AM

ඕක අත්හැරලා යන්න. ඉගනගෙන ගන්න තියෙන්නේ ලෞකික සම්පත් විතරයි. භික්ෂූත්වය වටිනවා ඊට වඩා. සාසනය රකින්න. ඔබවහන්සේලාව රැකගන්න ඕනෑතරම් බෞද්ධ අය ඉන්නවා.(දිල්)

:       0       0

ඉන්දික Monday, 17 February 2014 01:08 PM

මේක ජ.වි.පේ වැඩක්.(නදී)

:       0       0

බමුණු Monday, 17 February 2014 01:11 PM

විශ්නු දෙවියොත් බටකොළ කෑවේ.(නදී)

:       0       0

සාරංග Monday, 17 February 2014 01:55 PM

පිටවෙලා කොහේ යන්නද ?(නදී)

:       0       0

ලක්ෂ්මන් Sunday, 16 February 2014 03:21 PM

මේ විශ්ව විද්‍යාල වල ප්‍රශ්ණ කවදාද අවසන් වෙන්නේ?අපේ දරුවෙක් කොහොමද ඔතනට යවන්නේ? (නි)

:       0       0

දයා Sunday, 16 February 2014 03:30 PM

අයියෝ! (නි)

:       0       0

රස්පී Sunday, 16 February 2014 03:45 PM

රටේ තියෙන ප්‍රශ්න මදි වගේ මෙයාලට (නි)

:       0       0

කාලිංග Sunday, 16 February 2014 04:24 PM

අපේ ළමයින් ගැනයි මට දුක (දී)

:       0       0

සාම Sunday, 16 February 2014 06:13 PM

මගේ දෙය්යනේ...මගේ ජීවිතේටවත් මේ නිව්ස් එක නම් අමතක කරන්නේ නෑ..කියන්න වචන නෑ ..ලංකාවේ ඉන්න වගකීමක් නැති මිනිස්සුන්ගේ ක්‍රියා වලට...(දී)

:       0       0

ශ්‍රී Sunday, 16 February 2014 06:19 PM

හිමි වරුන්ට ආහාර සපයන්න (දී)

:       0       0

ලන්කාසිරි Sunday, 16 February 2014 06:19 PM

මේ මොන අපරාදයක්ද වහාම ආහාර සැපයිය යුතුයි විසදුමක් ලැබෙන තුරු සංගයා ආරක්ෂා කලයුතු යි

:       0       0

කලන Sunday, 16 February 2014 06:26 PM

භික්ෂුන් වහන්සේලාට සරසවිය තහනම් කරන්න ඕනේ (දී)

:       0       0

ලුහිත් Sunday, 16 February 2014 06:42 PM

හාමුදුරුවන්ට මොනවා වෙලාද? (දී)

:       0       0

රත්නසිරි Sunday, 16 February 2014 07:35 PM

පාණීය ජලය කපා දැමීම, භික්‍ෂූන්වහන්සේට ආහාර පාණාදිය,අධ්‍යාපනයට බාදා කිරීම මේ රටේ වෙනස් වී ගෙන යන ජාතියේම අවාසනාවක්. කෙසෙල් බඩ වලදා දහම හදාරා බුදු සසුන වෙනුවෙන්ම ජීවිතය පූජා කළ ඔබ වහන්සේලාගේ ප්‍රශ්නය අපහැදිලි වුවත්. ඉගෙනීමට කැමති, උත්සහ වන්ත ,ඔබ කළ කිරෙන්න එපා. අප රට ජාතිය රැක දුන් ඔබ පර පුර අපට අවශ්‍යයි .(දී)

:       0       0

කමල් Sunday, 16 February 2014 07:54 PM

දැන් අපේ රටේ හාමුදුරුවන්ට බන කියන එක ඇරෙන්න අනිත් හැමදේටම වෙලා තියෙනවා (දී)

:       0       0

දම්මික Sunday, 16 February 2014 08:18 PM

සිව්රු ගලෙවුවනම් තමා හොද (දී)

:       0       0

බණ්ඩා Sunday, 16 February 2014 08:18 PM

සිව්රු ගලවල එලවන්න ...... (දී)

:       0       0

ගාමිණී - සිරි Sunday, 16 February 2014 08:32 PM

කෙසෙල්බඩ තම්බලා කෑමෙන් ජවය හා ශක්තිය අඩුවෙනවාලු... දැන් බලමු ...කුඹුරු සී සාන ගවයින්ට ගොවි මහතා දෙන්නේ කෙසෙල් කඳන් පෙති ගහලා අමුවෙන්..තම්බලා නෙවේනේ...ගවයා හොඳට සී සාන්නේ අපුරුවට.(දී)

:       0       0

ෆ්රෑන්ක් Sunday, 16 February 2014 08:33 PM

මේ හාමුදුරුවරුන්ට වෙලා තියෙ දෙයක්. සමහරු තම්බගෙන කනවා සමහරු නොකෑම ඉන්න වා (දී)

:       0       0

ඇසළ Sunday, 16 February 2014 08:40 PM

මේ කට්ටිය පහුගිය කාලෙත් අන්තරේට උද්ගෝෂණ කරපු හොද සහෝදරවරු පිරිසක්.(දී)

:       0       0

සුභාෂිනි Sunday, 16 February 2014 08:44 PM

අනේ මේ ඇමතියන්ට ඔලුවක් නැද්ද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4318 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 103 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 230 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 239 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 140 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 177 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site