අනුරාධපුර පරණ බන්ධනාගාරය අසළ භික්ෂු සරසවි නේවාසිකාගාරයේ බලෙන් අද සිව්වැනි දිනටත් රැඳී සිටින 300ක් පමණ ශිෂ්‍ය භික්ෂූන් කෑමට දෙයක් නැතිව කෙසෙල්බඩ තම්බාගෙන කතියි ඔවුන් විසින් මුදා හැරුණු වීඩියෝවක සඳහන් වේ.
සරසවිය දින නියමයක් නැතිව වසා පිටව යන ලෙස නේවාසිකයනට දැන්වුවත් මේ භික්ෂූහු බලෙන් රැඳී සිටිති.
නේවාසිකාගාරයට සැපයෙන විදුලිය හා ජලය කපා ඇත.
නේවාසිකාගාර බිමේ ළිඳකින් ඔවුහු වතුර ගනිති.
සරසවියට පිටින් කෙනකුට යෑමට හෝ එහි සිටින කෙනකුට එළියට ගොස් යළි ඇතුළු වීමට හෝ අවසර නැත.
සරසවි ආරක්ෂක නිලධරයෝ ගේට්ටුව මුර කරති.
වැඩබලන උසස් අධ්‍යාපන ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසුවේ නේවාසිකාගාරයෙන් පිටවී යන ලෙස ශිෂ්‍ය භික්ෂූන්ගෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය පහුගිය කාලෙත් අන්තරේට උද්ගෝෂණ කරපු හොද සහෝදරවරු පිරිසක්.(දී)
පිටවෙලා කොහේ යන්නද ?(නදී)
විශ්නු දෙවියොත් බටකොළ කෑවේ.(නදී)
මේක ජ.වි.පේ වැඩක්.(නදී)
ඕක අත්හැරලා යන්න. ඉගනගෙන ගන්න තියෙන්නේ ලෞකික සම්පත් විතරයි. භික්ෂූත්වය වටිනවා ඊට වඩා. සාසනය රකින්න. ඔබවහන්සේලාව රැකගන්න ඕනෑතරම් බෞද්ධ අය ඉන්නවා.(දිල්)
සංසාර ගමන කොතරම් දුකක්ද කියල මේ හිමි වරුන්ට දැන් දැනිල ඇති. ? (දිල්)
ජීවිතය පවත්වාගෙන යාමට අල්පෙච්චතාවයෙන් මොනවහරි ආහාරයක් ගැනීම බුදුදහමට අනුව හොඳ ආදර්ශයක්. මේ වගේ ප්‍රායෝගික ක්‍රියාවන් තවතව සමාජ ගතකරන්න.(නදී)
අනේ අපොය් මේ හැමදුරුවරු සංසාරෙන් එගොඩ වෙන්න විදින දුක..සංසාරෙන් එගොඩ වීම කොහොම උනත් හැමදාමත් කෙහෙල් බඩම තමය් කන්න වෙන්නේ..කෙහෙල් බඩ තම්බනවා වගේ මේ රටේ මිනිස්සු තම්බන්න බැහැ කියන එක ඔබ වහන්සේලාට නිර්වාණය අවබෝදකරගන්න බැරි උනාට හෙට අනිද්දා හොදින් අවබෝද කරගන්න පුළුවන් වේවි (දී)
අපේ රට මේ කොයි යන්නේ මට නම් නොතේරේ (දී)
අපේ රටේ ඉන්න මහා ලොකු බෞද්දයෝ මොකද දන්නේ නැ සද්ද නැත්තේ ...මේ ඉන්නේ හාමුදුරුවරු නෙමේ වෙන්න ඇති මගේ හිතේ ,,,අර හරක් මරනවට ගිනි තියාගන්න කට්ටිය කොහෙද දන්නේ නැහේ ගිහින් තියෙන්නේ ...මට නම් මේ තමයි නියම සග විරුවෝ ,,,,,ජය වේවා ....(දී)
මහජන මුදල් කාබාසිනියා කරමින් දඟලන ගිහි ශිෂ්‍යයෝ වෙනුවට ද (අ)
අල්පේච්ච කම කියන්නේ ඔන්න ඕකට (දී)
බුදු හාමුදුරුවෝ යව ආහාරයට ගත්තේ (දී)
මේ හැබෑම භික්ෂුන්ද? තෘෂ්ණාව අදුරන්නේ නැති මේ චීවර ධාරි චන්ඩින්ව සාසනයෙන්ද පන්නා දැමිය යුතුයි. (දී)
මේ ප්‍රශ්නයේ නොපෙනෙන පැත්තක් අසල්වැසියන් හැටියට දෙයක් තියෙනවා. මේ අය ඉන්න තැන ඉතාම අධික ඝෝෂාවක් රාත්‍රියට පසුගිය දවස්වල ඇති වූනා. බජව් දානන් පටන්ගත්තා. අපිට රාත්‍රියට නිදාගන්න බැරිව හිටියා. මේ අයගේ ඝෝෂාව නිසා. කොහොම උනත් කෑම නැතුව ඉන්න එක ගැන නම් සැලකිල්ලක් දක්වන්න ඔන(දී)
අනේ මේ ඇමතියන්ට ඔලුවක් නැද්ද? (දී)
මේ විශ්ව විද්‍යාල වල ප්‍රශ්ණ කවදාද අවසන් වෙන්නේ?අපේ දරුවෙක් කොහොමද ඔතනට යවන්නේ? (නි)
මේ හාමුදුරුවරුන්ට වෙලා තියෙ දෙයක්. සමහරු තම්බගෙන කනවා සමහරු නොකෑම ඉන්න වා (දී)
කෙසෙල්බඩ තම්බලා කෑමෙන් ජවය හා ශක්තිය අඩුවෙනවාලු... දැන් බලමු ...කුඹුරු සී සාන ගවයින්ට ගොවි මහතා දෙන්නේ කෙසෙල් කඳන් පෙති ගහලා අමුවෙන්..තම්බලා නෙවේනේ...ගවයා හොඳට සී සාන්නේ අපුරුවට.(දී)
සිව්රු ගලවල එලවන්න ...... (දී)
සිව්රු ගලෙවුවනම් තමා හොද (දී)
දැන් අපේ රටේ හාමුදුරුවන්ට බන කියන එක ඇරෙන්න අනිත් හැමදේටම වෙලා තියෙනවා (දී)
පාණීය ජලය කපා දැමීම, භික්‍ෂූන්වහන්සේට ආහාර පාණාදිය,අධ්‍යාපනයට බාදා කිරීම මේ රටේ වෙනස් වී ගෙන යන ජාතියේම අවාසනාවක්. කෙසෙල් බඩ වලදා දහම හදාරා බුදු සසුන වෙනුවෙන්ම ජීවිතය පූජා කළ ඔබ වහන්සේලාගේ ප්‍රශ්නය අපහැදිලි වුවත්. ඉගෙනීමට කැමති, උත්සහ වන්ත ,ඔබ කළ කිරෙන්න එපා. අප රට ජාතිය රැක දුන් ඔබ පර පුර අපට අවශ්‍යයි .(දී)
හාමුදුරුවන්ට මොනවා වෙලාද? (දී)
භික්ෂුන් වහන්සේලාට සරසවිය තහනම් කරන්න ඕනේ (දී)
මේ මොන අපරාදයක්ද වහාම ආහාර සැපයිය යුතුයි විසදුමක් ලැබෙන තුරු සංගයා ආරක්ෂා කලයුතු යි
හිමි වරුන්ට ආහාර සපයන්න (දී)
මගේ දෙය්යනේ...මගේ ජීවිතේටවත් මේ නිව්ස් එක නම් අමතක කරන්නේ නෑ..කියන්න වචන නෑ ..ලංකාවේ ඉන්න වගකීමක් නැති මිනිස්සුන්ගේ ක්‍රියා වලට...(දී)
අපේ ළමයින් ගැනයි මට දුක (දී)
රටේ තියෙන ප්‍රශ්න මදි වගේ මෙයාලට (නි)
අයියෝ! (නි)