(සුජිත් හේවාජුලිගේ)
කූට වෙළෙඳුන් පිරිසක් එකතු කළ අගය මත බදු පනත (වැට්) ක්‍රියාත්මකවීමට පෙර වෙළෙඳපොළේ විවිධ භාණ්ඩ දහසකට ආසන්න ප්‍රමාණයකට එම බදු ඔවුන්ගේ හිතුමනාපෙට එකතුකර විකිණීමට පටන් ගැනීම හේතුවෙන් පාරිභෝගිකයන් දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් ඒ ගැන අවධානය යොමු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රජයට දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේ වැට් බද්ද කලින්ම අයකර ඊට පසු ජනවාරි මාසයේ යළිත් වැඩි කළහොත් උද්ධමනය දෙවතාවකට වැඩිවන බවයි.
පනත් කෙටුම්පත අනුව වැට් බද්ද අය කළ හැක්කේ ජනවාරි මාසයේ සිට පමණි. එසේ හෙයින් ඊට කලින් අය කිරීම නීති විරෝධී බව මන්ත්‍රීවරයා කීවේය.
කූට වෙළඳුන් මේ ආකාරයට කටයුතු කළහොත් වැට් බද්ද දෙවතාවක් අය වීම වැළැක්විය නොහැකි බවද ගාමිණි වලේබොඩ මහතා පැවසීය.
වැට් බද්ද අය කිරීමට පටන් ගැනීමත් සමඟ පවුලකට අවුරුද්දකට රුපියල් පනස් දෙදහසක් පමණ අමතරව ගෙවීමට සිදුවන බව පැවසූ මන්ත්‍රීවරයා ටයිටනික් නැව සොයාගෙන ගිය ටයිටෑන් පිපුරුවා සේ මේ ආර්ථිකයත් වැට් බද්ද හමුවේ පුපුරා යන දින වැඩි ඈතක නොවන බවද සඳහන් කළේය.
මේ අතර පිටකොටුවේ වෙළෙඳුන් නාටාමිවරුන් සහ වෙළෙඳසල් සේවකයන්ගේ නම් වලට වැට් අංක ලබාගෙන මහා පරිමාණ ලෙස බදු වංචා කිරීමේ ක්‍රියාදාමයක් දිගින් දිගටම සිදුවන බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පෙන්වා දෙයි.
මේ හේතුවෙන් තාවකාලිකව වැට් අංක ලබාදීම නතර කරන ලෙස එම කමිටුව රජයෙන් ඉල්ලීමක් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
භාණ්ඩ දාහකට කලින්ම වැට්ගහලා