හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී රණවක සහ එස් සී බී එන් මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විභාගයට ගානිණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 11 දෙනෙක් මෙම නඩුවේ වගඋත්තරකරුවෝ වෙති.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇතැයි පොලිසිය කියයි.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි තුන්දෙනාම එකම තීන්දුව නොදුන්නේ? රටම දන්නවා. ගමක් ඇස් දෙකෙන් දුටුවා. අනේ මන්දා! (නි)
හැබැයි මේක හරියටම තීරණය කරන්නේ ස්වාභාවධර්ම උසාවිය කියලයි මම නම් හිතන්නේ (නි)
අනේ අපේ දුමින්ද සර් කොහොම හරි බේරෙන්න ඕන. අපේ රට පාලනය කරන්න දුමින්ද උතුමා වගේ අයව ඕන දෙයියනේ (බ)
අනේ මේ මොනවද වෙන්නේ? අාය මෙයාට නඩු දාල? මට කිසි දෙයක් මතක නැහැ. (බ)
මින්පෙර සිදුවුණ දේවල් වලට වෙනස් යමක් සිදුනොවනු ඇත (නි)
ලකී, ඔන්න එ්ක අනික් පැත්තට ගියා. මට නම් හරිම සන්තෝෂයි (නි)
රොහාන්, මහින්ද නොකී ඒවා බොහොමයක් වෙලා තිබෙනවා. ඒවා එතුමාගේ අවාසියට හිටියා. මේකත් එකක්. (නි)
සාධාරණ තීන්දුවක් (නි)
නීතියේ සාධාරණත්වය දැකගත හැකි නඩු තීන්දුවක් (නි)
මමත් මේ නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ (නි)
මම නම් කියන්නේ දුමින්ද නිදහස් වෙනවා. දුමින්ද වෙඩි තැබූබවට සාක්කි නැහැ. අධිකරණයෙන් නිදහස් වුණොත් ඔහු දේශපාලනයට නැවත එනවා. සමහරවිට මහින්දගේ පැත්තෙන්. එ්කේ කිසි වරදක් නැහැ. මොකද මහින්ද කිව්වේ නැහැනේ මේ දෙන්නට රණ්ඩුවෙන්න කියලා. (නි)
මෙතන අදහස් දාපු අය තාමත් අන්ධවෙලා කියල පේනවා අදහස් වලින්ම. සාධාරණ තීන්දුවක් (නි)
හෙලිකොප්ටරයෙන්නේ එදා සිංගප්පූරු ගෙනිච්චේ. ස්වභාවික යුක්තියෙන් ගැළවෙන්න බැහැ. දුන් තීන්දුව අති විශිෂ්ටයි. අපිට සතුටුයි දැන්. යුක්තියට ජය! (නි)
රටට බලන් හිටියේ මේ නඩු තීන්දුව විසදුම එනකන්.(හේ)
සාධාරණ තීන්දුවක් (නි)
මේවා අහිංසක මිනිස්සු රවට්ටන නාට්‍ය නොවේවා! නැත්නම් නීතිය තිබ්ුණාටත් වඩා වල්වදීවී. (නි)
හිනාවෙලා යන්නේ හරියට ජනතවට ජීවිත කැපවීමෙන් රට ගොඩනඟන්න උත්සාහ කළ ජන නායකයින් හැටියට කියලා හිතාගෙන වෙන්න ඇති (නි)
රාජපක්ෂ මහත්තයා වරද්දාගත්තේ මෙන්න මේ වගේ අය ආරක්ෂා කරන්න ගිහිල්ලා. (නි)
ජනතා මුදලින් යැපෙන මෙයාලා රෝස මල් වගේ. සාමාන්‍ය ජනතාවගේ බඩවල් පිටට ඇලිලා (නි)
මෙම තීන්දූවෙන් අප ඉගෙන ගතයුතු එකම පාඩම වන්නේ බලය ඇති කළ බලයෙන් අන්ධව හැසිරී දැන දැන අමාරුවේ වැටිමය. අද ඔහුට ඔහු පමණයි. (ර)
බුද්ධි ඔබ කියූ දේ පරිදිම සැබෑ ප්‍රයෝගික ස්වරුපයත් ඔය ලෙසයි. (ම)
අද කීයට විතරද මේ නඩු තීන්දුව දෙනවා ඇත්තේ? (නි)
බමුණුසිංහ, ඔබ වගේම මමත් එදා ඉඳලා බලාගන ඉන්නේ මොකක්ද අවසන් තීන්දුව කියලා. (නි)
අවි ගත්තෝ අවියෙන්ම නසිති (ම)
විත්තිය සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී. බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ වරදට පැමිණිලි පක්ෂය බන්ධනාගාර ගතකරන ලදී.(ම)
නිතිය ගැන මහජන විස්වාසය තහුරු කරනු මැන! (ම)
අන්තිමට වෙන්නේ විත්තිය නිදහස් වෙලා පක්ෂ සංවිධායකකමකුත් ලැබෙන එක (ම)
අපි ඉතින් කොයිතරම් බලාගෙන හිටියත් අපිට ඕන කෙනාම වැරදි කාරයා කරන්න උසාවියකට බැහැනේ....විත්තිය ඉන්නවා...පැමිණිලි පක්ෂය ඉන්නවා...දෙගොල්ලන්ටම හොඳ නීතිඥ තැන් ඉන්නවා...දෙපැත්තෙන්ම කෙස් පැලෙන තර්ක ගේනවා....ඔක්කොම දිහා බලලා විනිසුරු මඩුල්ල තීරණය කරනවා කාටද හොඳම නීතිඥ කට්ටිය හිටියේ කියලා...ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ....(ම)
තීරණය ගැන පොදු ජනතාව විමසිල්ලෙන් සිටියි (ම)
දෙපැත්තම හයි කාරයෝ නිසා තීන්දුව ගැන දැන්ම කියන්න අමාරුයි , ඉර හඬ වගේ විස්වාසයි මේ මිනීමැරුමට අපි ඔහෙලා වගේ කෙනෙක් අහු වුණා නම් කොළ නැති ගහ අනිවා (ම)
මමත් මේ බලාගෙන ඉන්නේ තීන්දුව ලැබෙනතුරුයි (නි)
නීතිය සහ යුක්තිය ඉටුවීම එකවර සිදුවන අවස්ථා නැතිවාම නොවේ. එහෙත් ඉතා විරලය . මේ නඩුව නීතිය ඉටුවේ යැයි ජනතාව බලාපොරොත්තුවෙන තවත් එක ආන්දෝලානාත්මක නඩුවකි . කෙසේ නමුත් භාරත ඝාතනය වුන බවත් දුමින්ද සිල්වා එයට සම්බන්ධ බවත් සැබෑය. දෙපාර්ශයේ තර්ක විතර්ක හා හෙළිවුණ කරුණු අනුව පමණක් තීන්දුව ලැබෙන බව අප තේරුම් ගත යූතුය. (බ)
කරන කලට පව් මිහිරිය මී සේ... (නි)
අධිකරණයේ සාධාරණත්වය ගැන කවුරුත් අවධානය යොමුකර ඇති බව පෙනේ. (නි)
නඩු තීන්දුවෙන් කිහිප දෙනෙක් ජීවිතන්තන්තය දක්වා හිරේට යයි. කොහොම වුණත් වැරදිකරුවන්ට දඩුවම් දිය යුතුයි. (ම)
දුමින්ද නිදොස්කොට නිදහස් කරලා ලබන මැතිවරණයෙන් නාම යෝජනා ලබාදෙනතුරුයි අපි නම් මේ බලාගෙන ඉන්නේ (නි)
ලංකාවේ චෝදනාලාභියෙකු වරදිකරු වීමේ අනුපාතය 4%යි. ශීලාචාර රටවල මේක 80%ක් විතර වෙනවා. මේ පදනමේ සිට බල විට මේකේ තීන්දුව ගැනත් හිතන්න පුළුවන් (නි)
මම නම් තුනෙන් දෙකක්ම බර නිදහස්වෙන තීන්දුව පැත්තට (නි)
නඩු තීන්දුව දෙන්නේ උසාවියේ ඉදිරිපත් කළ තර්ක අනුව වැරැද්ද කළ බව ඔප්පු කළාද නැද්ද යන්න මත විනා වැරැද්ද කළාට නොවෙයි. (නි)