IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


භාෂා පරිවර්තක හිඟයෙන් මැතිසබේ වැඩ කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ  භාෂා පරිවර්තකයන්  දොළොස් දෙනකු පමණ හිඟවීමෙන් එහි කටයුතුවලට බරපතළ ලෙස බාධා මතුව ඇතැයි වාර්තාවේ.

මින් පුරප්පාඩු අටක්ම පවතින්නේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පරිවර්තකයන්ගේ බව  පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

භාෂා පරිවර්තක  කාර්යාලයේ නියමිත කාර්යමණ්ඩලය හතළිහකි.

මෙම භාෂා පරිවර්තක පුරප්පාඩු සම්බන්ධයෙන් අවස්ථා තුනකදීම සම්මුඛ පරීක්ෂණ කැඳවනු ලැබුවද සුදුසු  අය ඒවාට   පැමිණ නැතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ  අඩු වැටුප් මීට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් පැවසූහ.

භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් මැතිසබේ කටයුතු මෙන්ම කාරක සභාවල කටයුතුවලටද බරපතළ  බාධා මතුව ඇතැයි  එම ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (7)

භාෂා පරිවර්තක හිඟයෙන් මැතිසබේ වැඩ කොටඋඩ

prasanna Saturday, 05 April 2025 03:06 PM

සිංහල හැර කිසිම වෙන භාෂා දැනුමක් නැති, පජාත සෙට් එකක් මේ ආණ්ඩුවේ ඉන්නේ. ඉතා හොඳ බුද්ධි මට්ටමක් තියන තරුණ පිරිසක් ලංකාවේ ප්‍රධාන පාසල් වලින් බිහිවෙනවා. නැවත වතාවක් මේ ගම්කබරයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න එපා.

:       9       11

නලින් Saturday, 05 April 2025 08:47 PM

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන සියලුම ලේඛන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ඉදිරිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු වුවත් සිදු කෙරෙන්නේ ඒ අනුවයි. භාෂා/භාෂණ පරිවර්තනය අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි.

:       0       0

Lankabarana Sunday, 06 April 2025 06:24 AM

රාජ්‍ය බලය ගැනීමේ උපක්‍රමයක් ලෙසටත් රදලයින්ගේ නැතිවෙන වරප්‍රසාද රැකගැනීමේ උපක්‍රමයක් ලෙසටත් පැය 24 න් සිංහල භාෂාව රාජ්‍යා භාෂාව කිරීම නිසා සිංහල ජනතාව ඉංග්‍රීසි භාෂාවෙන් ඈත්වුණා. දෙමළ භාෂාවටත් එහෙම්ම වුණා එහි ප්‍රතිඵල අවුරුදු තිහක් ජනතාව දුක් වින්දා.. ඔවුන්ගේ එම අරමුණ ඉටුකර ගැනීමට ඔවුන්ගේ පක්ෂයේ ගැත්තන්ට පමණක් රැකියාදීලා රාජ්‍ය සේවය විනාශකළා.. දැන් කාලයේ වුණත් ගමේ පාසල හොඳම පාසල කිව්වත් හරියාකාරව භාෂා දැනුමක් ලබන්න ජාතික පාසලකට ගියත් ලැබෙන්නේ නැහැ. එනිසා දුප්පත් පැලකින් පැමිණි ජනාධිපතිතුමා සෑම දරුවෙකුටම මව් භාෂාවට අමතරව දෙවැනි භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් අනිවාර්ය කරනවා නම් ඉතාමත් හොඳයි...

:       0       0

කමනිSunday, 06 April 2025 01:36 PM

මෙන්න ලොකු ඉස්කෝලෙකට ගිහින් ගම්බද අය ගැන ඉරිසියාවේ පැලෙන කෙනෙක්. ඔයාගේ ඉස්කෝලේ බහුතරේකටවත් ඉංග්‍රීසි වතුර වගේ පුළුවන්ද ඈ..? ඉංග්‍රීසි කාලා වතුර බීපු අය දැන් අවුරුදු 70ක් තිස්සේ රට සෑහෙන්න දියුණු කරලානේ තියෙන්නේ. දැන් මේ රටේ බොහෝ දෙනෙකුට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් හෝ තිබෙනවා. මෙතැන කතා කරලා තියෙන්නේ 'දෙමළ' ගැන මිසක් සිංහල, ඉංග්‍රීසි ගැන නෙවෙයි.

:       2       1

Lalla Saturday, 05 April 2025 03:15 PM

හිඟන පඩියට වැඩ කාරයෝ එන්නේ නෑ. බොල් වී නම් ගන්න හැකිවෙයි.

:       2       15

Priyankara Perera Saturday, 05 April 2025 06:52 PM

අපගේ කාර්යාලයේ නම පරිවර්තක කාර්යාලය නොවේ. නිවැරදි නම පරිවර්තක කාර්යාලයයි. සම්පූර්ණ සේවක සංඛ්‍යාව 40ක් නොව 44කි. එක් කරුණක් නිවැරදිව වාර්තා කර ඇත. ඉංග්‍රීසි/දෙමළ/ඉංග්‍රීසි භාෂා ධාරාවේ පවතින වැඩිම පුරප්පාඩු සංඛ්‍යාව එයයි. වැටුප් සාධකය පමණක් නොව ලිපිකරු කාර්ය මණ්ඩලයට ලබා දෙන තවත් බොහෝ අමතර ප්‍රතිලාභ පරිවර්තකයින්ට ලබා නොදේ. මෙම සියලු විෂමතා වසර 20කට ආසන්න කාලයක් තිස්සේ මහලේකම්වරයාට සහ කළමනාකාරිත්වයට දැනුම් දී ඇත. කළමනාකාරිත්වයේ මෙම අඩුපාඩු නොසලකා ඔවුන් විදේශගත වේ.

:       0       0

නමිත Saturday, 05 April 2025 08:15 PM

දැන් පාර්ලිමේන්තු සේවකයින්ගේ වැටුප් කපා හැර ඇති නිසා සුදුසුකම් සහිත හොඳ මිනිස්සු කොහොමත් එන එකක් නැහැ!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site