IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මේ ආදරයයි කතාමාලාවේ තේමා ගයනා ගායනා කරන රදීශ් වැන්දබෝනා

2016-10-27-ent-66

"රදීශ් වැන්දබෝනා" තනු නිර්මාණකරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියත්, ඔහු ගායකයෙකු ලෙස බොහෝ දෙනා හඳුනාගනු ලබන්නේ "මේ ආදරයයි" සහ "අනන්තෙන් ආ තරු කුමරා" යන කතාමාලාවල තේමා ගයනා කිරීමත් සමගය. පසුගියදා එළිදැක්වූ අලුත් ගීතය පිළිබඳව සහ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඔවුන් කරන වෑයමක් පිළිබඳව පැවසීමට ඔහු "තරුණයා" සමග මෙලෙස එක්විය.

 

අලුත් තොරතුරු ගැන කතා කළොත්?

2016-10-27-ent-64මගේ ගීතයක් එළිදැක්වූවා "මේ සංසාරයේ" නමින්. එය තමයි අලුත්ම තොරතුර. ඒ ගීතය මේ දිනවල ඉන්දියාවෙ තිරගත වන එම්.එස්.දෝනි චිත්‍රපටයේ ගීතයේ සිංහල වර්ෂන් එක. ඊට අමතරව රූපවාහිනි ආයතනවල නාට්‍ය වෙනුවෙන් ගීත නිර්මාණය කරනවා. වෙනත් කලාකරුවන්ගේ ගීත වගයකුත් නිර්මාණය කරනවා.

 

මේ දිනවල තවත් වැඩකටයුත්තක් සඳහා වෙහෙසෙනවා නේද?

ඒ තමයි දිමන්ක වෙල්ලාලගේ ගේ "අවසන් පෙම මගේ" ගීතයේ රිගින් ටෝන්වලින් ලැබෙන මුදලින් භාගයක් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වෙන්කිරීම. අපේ ඉලක්කය තමයි ලක්ෂ 10ක මුදලක් එකතු කර ගැනීම. ඒ ගීතයත් රණවිරු ගීතයක් නිසයි අපි එවැනි දෙයක් කරන්න අදහස් කළේ. තාම ඒ දේ මිනිස්සු අතරට ගිහින් නැහැ. ඒ අයගේ උදව්වෙන් තමයි ආබාධිත රණවිරුවන්ට දෙයක් කරන්න හැකිවෙන්නේ.

 

ඔබව බොහෝ දෙනා හඳුනන්නේ කවුරුන් විදිහටද?

මාව බොහෝ දෙනා හඳුනන්නේ තනු නිර්මාපකයෙකු ලෙසයි. දැනට අවුරුදු 6–7ක කාලයක ඉඳන් මම ගීත නිර්මාණය කරනවා. ඉතිං මෑතකදි තමයි ගීත ගායනය සඳහා යොමු වුණේ.

 

ඔබ ගායකයෙකු ලෙස බොහෝ දෙනා හඳුනන්නේ "මේ ආදරයයි" සහ "අනන්තෙන් ආ තරු කුමරා" යන කතාමාලාවන්හි තේමා ගායනා නිසා නේද?

ඔව්, මාව ගායකයෙකු ලෙස දැනගන්නේ ඒ නිසා තමයි. සිරස ආයතනයේ "ස්වප්නා" නාට්‍යයේ මම සිංදුවක් කළා. ඒකෙ තනුව සහ සංගීතය නිර්මාණය කළේ මමයි. ඒ හරහා තමයි සිඩ්නි චන්ද්‍රසේකර මහතා මගෙන් ඇහුවෙ මේ ගීතය ගායනා කරන්න කැමතිද කියලා. මොකද මම Guide එකක් දාලා යැව්වා Sing කරලා. එයට ඔහු කැමති වෙලා තමයි මට ඒ ගීතය ගායනා කරන්න ආරාධනාව ලැබුණේ.

 

දැනට ඔබේම ගීත තියෙනවාද?

මගේ ගීත මම තවම එළියට දැම්මෙ නැහැ. මොකද ගායකයෙක් වෙන්න ලොකු කැමැත්තක් මට තිබුණෙ නැති නිසා.

 

ඔබ වැඩි කැමැත්තක් දක්වන්නේ තේමා ගීත සඳහා පමණද?

මම ගීත ගායනය සඳහත් කැමැත්තක් දක්වනවා. දැන් ඒ දේ තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නාට්‍ය ගීතත් මම කරනවා. ගායනයට වගේම තනු නිර්මාණයටත් මම කැමතියි. මම ගොඩක් කළේ වෙනත් ගායක ගායිකාවන්ට තනු නිර්මාණය කරපු එකයි. මේක මට ටිකක් අලුත් අත්දැකීමක්. බොහෝ අය මගේ ගීතවලට කැමැත්තක් දක්වනවා. මගෙත් බලාපොරොත්තුව හොඳ නිර්මාණ ටිකක් රසිකයන්ට ලබාදෙන්න.

 

ලංකාවේ කාලීන රැල්ලක් ඔස්සේ නිතරම ගීත නිර්මාණය වෙන්නේ ඇයි?

විරහව කියන දේ මේ කාලයේ ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ. ඕනෑම රටක එකම සංගීතය හැමදාම තියෙන්නෙ නැහැ නේ. ලංකාව ගත්තොත් 60, 70 ගණන්වල ජෝතිපාල වැනි ගායකයන්ගේ වෙනස්ම රැල්ලක් තිබ්බෙ. ඊට පස්සෙ 80 දශකය වෙන කොට ඒක වෙනස් වුණා. ඒ වගේ කාලෙන් කාලෙට මෙය වෙනස් වේගෙන ආවා. 90 දශකය වෙද්දි මිල්ටන් මල්ලවආරච්චි, රූකාන්ත ගුණතිලක වැනි අය නිසා ගීතමය රැල්ලක් ඇති වුණා. 90 දශකයේ අන්තිම වෙද්දි භාතිය සංතුෂ් සංගීත ක්ෂේත්‍රයට පැමිණියා. ඊට පස්සේ %හිප්හොප්^ කියන සංස්කෘතියක් හැදුණා. දැන් ඒක වෙනස්වෙලා මාර්ස් මාර්කට් කියන රැල්ල ඇවිත් තියෙනවා. අද බැලුවොත් ලංකාවෙ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ විරහා ගීත. ඒ නිසා ඉදිරියෙදි වෙනස්ම සංගීත රැල්ලක් එන්න ඉඩ තියෙනවා.

 

තාක්ෂණය දියුණු වෙද්දි රසිකයා දියුණු වෙන්නේ කොහොමද?

ඒ කාලෙට වඩා අද තාක්ෂණය පැත්තෙන් සහ ගායනය පැත්තෙන් ලොකු දියුණුවක් දකින්න තියෙනවා. අපේ රට පුංචි රටක්. මේක ඇතුළෙ තමයි මේ හැමදෙයක්ම කරන්නේ. අපට ඉන්දියාව වගේ හරි, ඇමෙරිකාව වගේ හරි බිලියන ගණන් ජනතාව නැහැනේ. ඒ අයට තමා අපි හැමදේම කරන්නේ. ලංකාව බැලුවාම හැම ජාතියේම ගීත ඇහෙනවා. ලංකාවෙ අය කරන්නෙ හැම භාෂාවක ගීත වැලඳගන්නවා. ඒ නිසා අපේ අය කොච්චර හොඳ දෙයක් කරන්න හැදුවත් ලිමිට් එක එච්චර තමයි.

 

මතක් කළ යුතු පිරිස?

මාව මේ ක්ෂේත්‍රයට ගෙනාවේ ප්‍රිහාන් මඩප්පුලි කියන පුද්ගලයා. ඔහු සහ ළහිරු මුදලිගේ කියන දෙන්නව තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ දෙන්නා හින්දා තමයි අද මම මෙතැන ඉන්නේ. 

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-10-27-ent-65



අදහස් (0)

මේ ආදරයයි කතාමාලාවේ තේමා ගයනා ගායනා කරන රදීශ් වැන්දබෝනා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 36 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 171 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 358 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 124 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 719 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 483 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site