IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘‘මං ආයෙත් රඟපානවා’’

 

 

ඕනෑම අම්මා කෙනෙක් වගේම තමන්ගේත් එකම අරමුණ දරුවගෙ වැඩවලට මුල් තැන දීම බව උදාරි වර්ණසූරිය පවසනවා. උදාරි මෙහෙම කියන්නේ වසරක් විතර කාලයක් සිංගප්පූරුවේ ගත කරමින් සිට මෙහි පැමිණියාට පසුවයි. දැන් දුව ටිකක් ලොකු නිසා තමා රඟපෑමට නැවතත් එක්ව සිටින බවත් ඇය පවසනවා. මෙතැන් සිට කලා ලොවේ කරන දේ ගැන කියන්න උදාරි සැඳැල්ලට ආවේ මේ විදියටයි.

 

 කොහොමද උදාරි, මොනවද අලූත් විස්තර?
අවුරුදු දෙකක් විතරම හිටියෙ සිංගප්පූරුවෙ. ඒත් මාස දෙකින් දෙකට වගේ ලංකාවට ඇවිත් ගියා. මේ මාසෙන් පසුව දිගටම ලංකාවේ ඉන්නයි කල්පනාව.

 
 
 
 
 

 


 නැවතත් රඟපෑමට එක්වෙන්නද සූදානම?
සූදානම නෙවෙයි, දැනටමත් රඟපෑමේ කටයුතු බාරගෙනයි තියෙන්නේ.

 

 


 මොනවද බාර ගත්ත දේවල්?
නිල්වලා ආයතනයේ සහ තවත් මෙගා නාට්‍ය කීපයක රඟපෑම් බාරගත්තා.

 

 


 සමහරු මෙගා නාට්‍ය ප‍්‍රතික්ෂේප කරනවා. ඒත් ඔබ ඒවාට ආසයි වගේ?
අද මෙගා කිව්වට ඒවා බොහෝ වෙලාවට සීමා වන්නේ කොටස් සියයකට වගෙයි. ඉතින් ඒවගේ නාට්‍යවල රඟපාන්න කැමතියි.

 

 


 සමහර ශිල්පිනියන් මවක් වුණාට පස්සේ එක්කෝ රඟපෑමෙන් ඉවත් වෙනවා. නැත්නම් සෑහෙන කාලයක් ගිහින් රඟපෑමට එක්වෙන්නේ. ඒත් ඔබ ඉක්මනට නැවත රඟපෑමට ඇවිත්. ඒ ගැන මොනවද කියන්න පුළුවන්?
මවක් තම යුතුකම් වටහා ගන්න  ඕනෑ. ඒ යුතුකම් ඉටු කරන අතරේ, මට මගේ ආදරණීය පේ‍්‍රක්ෂක ජනතාවගෙන් ලැබුණ ආදරයට ගරු කරන්නත්  ඕනෑ. දරුවා ලැබෙන්නට පෙර මම ජනප‍්‍රිය නිළිය සම්මානය රැගෙන ගෙදර ගියේ. ඉතින් පේ‍්‍රක්ෂක ජනතාවගේ ඒ ආදරයට මම ගරු කරන්න  ඕනෑ.

 

 


 නැවතත් ඒ ජනප‍්‍රියත්වය ලැබේවි කියලා හිතනවද?
ඒක මට නැතිවෙලා නැහැ. මට ඉන්නෙ අවංක පේ‍්‍රක්ෂක පිරිසක්.

 

 


 ඒ කියන්නේ ඔබ රඟපාන්න ජනප‍්‍රියත්වය වෙනුවෙන්මද?
ඒ වෙනුවෙන්ම නෙවෙයි. රඟපෑම මගේ විනෝදාංශයයි. ඒ නිසා පේ‍්‍රක්ෂකයින් පිනවීමට ලැබීම භාග්‍යයක්.

 

 


 රඟපෑමෙන් පේ‍්‍රක්ෂකයින් පිනවීම විතර ද බලාපොරොත්තු වන්නෙ?
පේ‍්‍රක්ෂකයින් පිනවීම සරල කාරණයක් නෙවෙයි. ඒ වෙනුවෙන් හොඳ රඟපෑමක්, හොඳ නිර්මාණයක් කරන්න  ඕනෑ. සරල හෝ ශාස්ත‍්‍රීය  ඕනෑම දෙයක් හරියට කරන්න  ඕනෑ.

 

 


 සැමියාගෙන් මේ කටයුතුවලට හොඳ දායකත්වයක් ලැබෙනවද?
ඇත්තටම සුජිත් මට ලොකුම හයියක්. ඒ වගේ කෙනෙක් ලැබීම මගේ වාසනාවක්. කලා කටයුතුවලට මාව උනන්දු කරවන්නේ එයා.

 

 


 දැන් සැමියත් රඟපානවා කියලා ආරංචියි?
එයාට රඟපාන්න තියා හෙල්ලෙන්න එවලාවක් නැහැ. වෛද්‍යවරයකු හැටියට සුජිත් අතිශයින්ම කාර්ය බහුලයි.

 

 


 එහෙම නම් ඔහු සහ ඔබ පෙනී සිටි වීඩියෝ එක මොකක්ද?
සුජිත්ගෙ උපන් දිනයට මට එයාට තෑග්ගක් දෙන්න  ඕනෑ වුණා. ඒ නිසා සම්පත් ප‍්‍රනාන්දුපුල්ලේ ලිව්ව ගීතය භාතිය - සන්තුෂ් සංගීතවත් කළා. මම ගැයුවා. සිංගප්පූරුවෙ අපේ ගෙදර අපේ පරිසරයේදී සියල්ල රූගත කළේ ඉන්දික මල්ලවාරච්චි අයියා. ඒ විදියට තමයි මම සුජිත්ට මියුසික් වීඩියෝ එකක් කළේ. ඒ ආදර කතාවට මමයිxසුජිතුයි හැර වෙන කවුරුවත් අවශ්‍ය නැහැ. ඇත්තටම ඔහුටත් හොඳට රඟපාන්න පුළුවනි.

 

 

 

 


 මවක් වූ හැටියෙ බොහෝ කාන්තාවන් මහත් වෙනවා. ඒත් ඔබ පෙරටත් වඩා නම්‍යශීලී පෙනුමින් යුතු බවයි බොහෝ දෙනා කියන්නේ? මොකක්ද එහි රහස?
දරුවා ප‍්‍රසූත කළ දවස්වල මම ගොඩක් තරබාරු වුණා. රාත‍්‍රියට නින්ද නොයන තරමටම එය පීඩනයක් වුණා. ඒත් අපේ තාත්තා මට ව්‍යායාම් ගැන කියලා දුන්නා. තාත්තා ගුවන් හමුදාවේ ක‍්‍රීඩා අංශයේ නිලධාරියෙක්. දැන් විශ‍්‍රාමිකයි. තාත්තා කියාදුන් පුහුණුවීම් කළා. ආහාරපානවලදී පවා ගොඩක් සැලකිලිමත් වුණා. තෙල් කෑම ගොඩක්ම අඩු කළා. ඒ නිසා ඉක්මනට සුපුරුදු නම්‍යශීලී හැඩයට හදාගන්න පුළුවන් වුණා.

 

 


 කොහොම වුණත් ”මවක්” රඟපෑම හොඳ දෙයක්ද?
මව සහ රඟපෑම කියන්නේ දෙකක්. රඟපෑම මම මගේ ගෙදරට ගෙනියන්නේ නැහැ. මේ දක්වා දරුවාගේ වැඩ කළේ මමයි. කාටවත් ඒවා බාර දුන්නෙ නැහැ. ඒ නිසා කිසිවක් පටලවාගෙන යමක් කරන්න මම කැමති නැහැ.

 

 


 සමකාලීන ටෙලි ශිල්පිණියන් සමග ඔබගෙ බැඳීම් මොන වගේද?
පසුගිය කාලය පුරාවට කවුරුවත් ඇසුරු කරන්න බැරි වුණා.

 

 


 පසුගිය කාලයේදී ටෙලි කෂේත‍්‍රයේ බොහෝ දෙනා ගැන විවිධ කතා අහන්න ලැබුණා. ඒ ගැන මොකද හිතන්නේ?
කටකතා උපරිමයි, අන්නතයි තමයි. ගොඩක් දේ ගැන දකින් අහන්න ලැබුණත් තමයි. ඒත් සමහර විට මතුපිටින් දකින දේට වඩා ඇතුළාත්නය වෙනස් වෙන්න පුළුවනි.

 

 


 සිංගප්පූරුවේ ටෙලි නාට්‍ය විකාශය වන්නෙත් මේ විදියටද?
නැහැ, එහෙ ගොඩාක්ම තියෙන්නේ විකට ඒවා. ඒ අතින් අපේ නිර්මාණ සහ අපේ නළු නිළියන් ඉතා විශිෂ්ටයි.

 

 


 දුව ගැන මොනවද කියන්න පුළුවන්?
මවක ලෙස මගෙන් ඉටුවිය යුතු සියල්ල සැමදා කරනවා. මුල් තැන මගේ පවුලටයි.

 

 


 කවුද ක්ෂේත‍්‍රයේ සිටින ඔබගේ හොඳම යාළුවෝ?
හොඳම යාළුවෝ නැහැ. ඒත් ඔක්කොමලා හොඳ යාළුවෝ.

 

 

 



අදහස් (0)

‘‘මං ආයෙත් රඟපානවා’’

ප්‍රදීප් Sunday, 08 December 2013 04:44 PM

අනේ දැන් සති දෙකක් තිස්සේ මේක දිහා බල බලා අපි ඉන්නවා (නි)

:       0       0

ලාල් මහනුවර Tuesday, 26 November 2013 02:38 AM

2ක 3න ෆොටෝ දැක්කහම නම් හොදට රග පායි කියලනම් හිතෙනවා (අ)

:       0       0

සරා Tuesday, 26 November 2013 01:38 PM

මලක් වගේ පුංචි දරුවෙකුත් ළඟ තියාගෙන මෙහෙම ඉන්නවට මම නම් අකමැතියි (නි)

:       0       0

සංජු Monday, 25 November 2013 04:42 PM

ඔය ගොඩක් ලස්සනයි. කොහොමත් ඔය ඡායාරූප ටික මම ගබඩා කරලා අාශාවෙන් තියාගෙන ඉන්නවා (නි)

:       0       0

මධු Tuesday, 26 November 2013 01:50 PM

ලස්සන ඡායාරූප ටිකක් (නි)

:       0       0

ජනක සම්පත් Wednesday, 04 December 2013 01:19 PM

මම ඔයාගේ රංගනයට ගොඩක් කැමැතියි. ඔයා ගොඩක් ලස්සන වෙලා රංගනයෙන් ඉදිරියටම යන්න සුබ පතනවා .(නදී

:       0       0

නදීකා Friday, 13 December 2013 02:21 PM

මෙයා ඉදගෙන ඉන්න විදියට මම හරිම ආසයි.(නදී)

:       0       0

ජීවා Friday, 29 November 2013 03:17 PM

මටත් කියන්න තියෙන්නේ ඔයා අම්ම කෙනෙක් නිසා පින්තුරෙකට සංවර විදියට පෙනී ඉන්න කියලා. (නදී)

:       0       0

නාලක Sunday, 24 November 2013 11:50 PM

මේකත් වැදගත් පුවතක්ද අපට ? (නදී)

:       0       0

දර්ශා Sunday, 24 November 2013 05:28 PM

ඔබ සැබවින්ම දක්ෂයිනේ.(නදී)

:       0       0

ධම්මික විජේසිහ Wednesday, 27 November 2013 09:55 AM

අම්මත් දුවත් දෙන්නම ලස්සනයි. ඔබ හොද නිලියක් වේවායි පතනවා.. (නදී)

:       0       0

සිත්ති Saturday, 21 December 2013 06:57 PM

ඔයිට වැඩිය ටිකක් හොඳට ඉදගන්න ඉගෙනගත්තා නම් හොඳයි නේද? (නදී)

:       0       0

සන්දිය[මාදිපොල] Monday, 25 November 2013 12:28 AM

මගෙත් ආසම නිළිය, (නි)

:       0       0

සුරංග Monday, 25 November 2013 12:31 AM

ඇත්තටම සන්තෝෂයි (නි)

:       0       0

සංජු Sunday, 01 December 2013 11:44 AM

ඔය පින්තුර ටික හරිම ලස්සනයි. (නදී)

:       0       0

සනත් Sunday, 01 December 2013 12:00 PM

ඔයා හරිම ලස්සනයි. හැමෝම වෙනුවෙන් මගේ ස්තුතිය (නදී)

:       0       0

අමිත් Tuesday, 03 December 2013 08:46 AM

ඔයාගේ ඔය තියෙන ලස්සන, අසංවර පිංතූරයක් නිසා අහිමි කර ගන්න එපා. අපි ඔයාට ආදරෙයි. දැන් ඔයා අම්මා කෙනෙක් . නැද්ද මචං........ජය වේවා. (ස)

:       0       0

නිසංසලා Saturday, 07 December 2013 02:50 PM

වාඩි වෙන විදියනම් කියල දෙන්න වේවි මෙයාට. (අ)

:       0       0

ගයන් Sunday, 24 November 2013 06:03 PM

සිංගප්පුරුවේ ෂොපිං ගියේ නැද්ද ඔයා.(නදී)

:       0       0

පුජිත Tuesday, 26 November 2013 03:57 PM

ඉතින් කොච්චර හොදයිද? (නි)

:       0       0

දීප් Friday, 29 November 2013 04:14 PM

මම ඔබට කැමතියි. (නදී)

:       0       0

විදු Thursday, 05 December 2013 07:52 AM

අම්ම කෙනෙක් උනාම සංවර වෙන්න ඕනි නේද නෝනා (නදී)

:       0       0

ලාල් Monday, 25 November 2013 02:41 AM

මමත් නළුවෙක් වුණා නම් කියලා හිතෙනවා (නි)

:       0       0

සලාස් Wednesday, 27 November 2013 10:36 AM

දැන් අම්ම කෙනෙක්නේ. තව ටිකක් හොදට ඉන්න බලන්න.(නදී)

:       0       0

Madu Sherina Monday, 25 November 2013 07:15 PM

මම නම් කැමැතිම නිළිය (අ)

:       0       0

තිලන්ක Thursday, 28 November 2013 04:47 AM

ඉතා හොදයි (නි)

:       0       0

නිශාන්ත Thursday, 19 December 2013 03:56 PM

එයා අසංවර නැහැ. (දිල්)

:       0       0

ලකී Wednesday, 18 December 2013 01:00 PM

අම්ම කෙනෙක් උනාම සමාජයට වගේම තමන්ගේ දරුවන්ටත් ආදර්ශයක් වෙන්න ඕනේ. විශේෂයෙන් තමන්ගේ දියණියට.(නදී)

:       0       0

නිශාන්ත Tuesday, 17 December 2013 07:00 PM

අනේ මන්ද... මේක අහක් කරලා වෙන මොනවා හරි වැදගත් දෙයක් අලුතින් දැම්මොත් නරකද? (අ)

:       0       0

මධු Monday, 25 November 2013 07:54 PM

ඔබගේ ආත්ම ශක්තිය අගයකොට සළකමි (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 25 November 2013 06:09 AM

කෙසේ රඟපෑවත් ඔබ මට උසස්ය.හේතුව ඔබ මට සැමවිටම දුවක ලෙස පෙනෙන නිසාය. ලාබාල වියේ රඟපෑමට පිවිසි ඔබගේ රංගනයන් උසස්ය. බරපතල චරිත මේ දක්වා ඔබට නොලැබුනත් රඟපාන බොළඳ චරිත වලට ඉමහත් සාධාරණයක් ඉටුකරයි. බොඳ මීදුම් හී චරිතය ඊට උදාහරණයකි. එය උසස් රංගනයකි. මවක වන ඔබ සැබෑ ජීවිතයේද සමාජයට ආදර්ශමත් චරිතයක් රඟපායි. විශාල රසික පිරිසක් පිරිවරාගත් ඔබ වැනි අය ඉතාමත්ම සංවේදීව සහ ආදර්ශමත්ව කරන කියන කටයුතු ලොවට පෙන්විය යුතුය. මම ඔබට සුභ පතමි. (නි)

:       0       0

දීප්ති Monday, 25 November 2013 02:00 PM

සිංගප්පුරුවේ තමයි මමත් ඉන්නේ. ලංකාවේ වගේ පොහොසත් කෙල්ලයි, දුප්පත් කොල්ලයි කියන එකම තේමාව නෙමෙයි, මෙහෙ දවස් 7 ට තිබෙන්නේ නාට්‍ය තේමාවල් 7ක්. ඇත්තටම හරිම ලස්සන කතා තේමාවල් මෙහෙ නාට්‍ය වල තිබෙනවා, ලංකාවට වැඩිය. (නි)

:       0       0

ගිහාන් Monday, 09 December 2013 08:48 PM

මේ ඉන්න විදියට මම නම් අකමැතියි (නි)

:       0       0

සචින් Thursday, 28 November 2013 05:06 PM

ළමයවත් තියාගෙන ඉන්න හින්දා ටිකක් විනීතව හිටියනම් හොඳ නැද්ද ? නැද්ද මං අහන්නේ.(නදී)

:       0       0

රමණි Monday, 25 November 2013 02:16 PM

මමත් කැමතිම නිළියක්. කිසිම ආඩම්බරයක් නැහැ.දීර්ඝ ගමනක් යන්න වාසනාව ලැබේවා!! (නි)

:       0       0

රන්ජිත් බලංගොඩ Tuesday, 03 December 2013 09:30 PM

සමහර කලාකරුවන් බොරුවට මාධ්‍ය වලට නම් කියන්නේ අපි බොහොම අවංක විනීත හැදියාවක් තියෙන අය කියලා. ඒ උනාට එයාලගේ හැටි අපි හොදට දන්නවා. (නදී)

:       0       0

රුක්ශාන් Wednesday, 27 November 2013 03:57 AM

හරිම හොදයි. තව රගපාන්න අක්කේ. (නි)

:       0       0

කුමාරි Tuesday, 26 November 2013 06:37 PM

නිලියක් වශයෙන් බොලද චරිත වලට ඔයා හොදට ගැලපෙනවා. හැබැයි මේ තියන පොටෝත් එක්ක අම්ම කෙනෙක්ගේ සංවර කම ගෑවිලවත් නැහැ. රගපාන වෙලාවට රගපාලා අනිත් වෙලාවට සාමාන්‍ය මනුස්සයෙක් වසයෙන් හිටියොත් ගොඩක් අය ඔයාට ආදරය කරයි. යහපත් අනාගතයකට අම්මටත් දුවටත් සුබ පතමි.(නදී)

:       0       0

සුජි Friday, 06 December 2013 07:04 PM

ඔයිට වැඩිය සංවරව ඉදගත්තා නම් මොකද වෙන්නේ? (නදී)

:       0       0

කුමාරිහාමි Friday, 13 December 2013 09:07 AM

අදහස් දක්වන අයට මේ ඡායාරූප වල තිබෙන අසංවරකම මොකක්ද?

:       0       0

චින්තක රාජපක්ෂ Sunday, 01 December 2013 04:28 PM

ලස්සන තිබුනට රගපානවා හරි නැහැනේ අනේ.(නදී)

:       0       0

චමින්ද Sunday, 24 November 2013 08:41 PM

මම ආසයි (අ)

:       0       0

දුමින්ද Wednesday, 27 November 2013 06:49 AM

අක්කාට මම සුභ පතනවා. (නි)

:       0       0

නුගේගොඩ Tuesday, 03 December 2013 04:20 PM

ලස්සනයි. අන්තිම පොටෝ එක ගොඩක් ලස්සනයි. ආයේ මොකටද උගුරට හොර බෙහෙත් බොන්නේ. (ස)

:       0       0

නුවන් Wednesday, 11 December 2013 06:34 PM

ඔයා දේශපාලනයට එන්න. ඔයා වගේ අය ඡන්දෙ ඉල්ලුවම අපේ ගෙවල් වල ඉන්න ගැහැණු උඩ පැනලා ඡන්දෙ දෙනවා. (නි)

:       0       0

පෙරේරා Sunday, 24 November 2013 09:20 PM

ඔබ ඔඩෙල් එකේදී රගපාපු රංගන අතිවිශිෂ්ඨය. අපේ මතකයේ සදා නොමැකෙ..(ස)

:       0       0

ලයනල් Friday, 06 December 2013 02:36 AM

කලාතුරකින් දැකිය හැකි අමුතුම ලස්සනක් ඔබට පිහිටා තිබෙනවා. මේක පෙර කළා වූ කුසල් බලයකින් ඔබට ලැබුණු දෙයක්. ඔබට ජය හා සැප පතමි. (නි)

:       0       0

දමයන්ති නිලුකා Wednesday, 27 November 2013 01:39 PM

දැන්වත් සංවරව හැසිරෙන්න. දැන් ඔයා අම්මා කෙනෙක් ඒකයි එහෙම කිව්වේ.(නදී)

:       0       0

චින්තක කරුණාරත්න Sunday, 01 December 2013 06:53 PM

අයියෝ මෙයා අර අර මොකක්ද එකකට කලින් අහුවුනා නේද? (නදී)

:       0       0

ලාරා Sunday, 24 November 2013 10:15 PM

ගැහැණු අය ඔහොම පහසුවෙන් ඉන්නවට මම නම් අකමැතියි (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 26 November 2013 09:02 PM

මම ඕන ඔට්ටුවක් දානවා අර මිලානෝ කියල ඇඟට ගෙන අදහස් දාන කෙනා මිලානෝ දෙකලවත් නැහැ මම හිතන්නේ, ඇයි ඒ විදියට බොරු කරන්නේ (අ)

:       0       0

සමදරා Thursday, 12 December 2013 08:44 PM

මම නම් ඇයට කැමති නැහැ (නි)

:       0       0

සමීර Monday, 25 November 2013 04:19 PM

මම ඔබට කැමතියි (නි)

:       0       0

රත්නසිරි Tuesday, 10 December 2013 07:41 PM

මමත් කැමතියි ඔයා නැවතත් රගපානවට (නි)

:       0       0

සනත් Tuesday, 26 November 2013 01:14 PM

මට 3 වැනි ඡායාරූපය හරිම ලස්සනයි.ඔයා දක්ෂ නිළියක්. හොඳට රගපානවා. (නි)

:       0       0

දිල් Monday, 25 November 2013 09:59 AM

අම්මත් ලස්සනයි.දුව ඊටත් වඩා ලස්සනයි.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 54 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 137 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 432 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1044 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 770 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1483 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site