ඕනෑම අම්මා කෙනෙක් වගේම තමන්ගේත් එකම අරමුණ දරුවගෙ වැඩවලට මුල් තැන දීම බව උදාරි වර්ණසූරිය පවසනවා. උදාරි මෙහෙම කියන්නේ වසරක් විතර කාලයක් සිංගප්පූරුවේ ගත කරමින් සිට මෙහි පැමිණියාට පසුවයි. දැන් දුව ටිකක් ලොකු නිසා තමා රඟපෑමට නැවතත් එක්ව සිටින බවත් ඇය පවසනවා. මෙතැන් සිට කලා ලොවේ කරන දේ ගැන කියන්න උදාරි සැඳැල්ලට ආවේ මේ විදියටයි.
කොහොමද උදාරි, මොනවද අලූත් විස්තර?
අවුරුදු දෙකක් විතරම හිටියෙ සිංගප්පූරුවෙ. ඒත් මාස දෙකින් දෙකට වගේ ලංකාවට ඇවිත් ගියා. මේ මාසෙන් පසුව දිගටම ලංකාවේ ඉන්නයි කල්පනාව.
|
|
|
නැවතත් රඟපෑමට එක්වෙන්නද සූදානම?
සූදානම නෙවෙයි, දැනටමත් රඟපෑමේ කටයුතු බාරගෙනයි තියෙන්නේ.
මොනවද බාර ගත්ත දේවල්?
නිල්වලා ආයතනයේ සහ තවත් මෙගා නාට්‍ය කීපයක රඟපෑම් බාරගත්තා.
සමහරු මෙගා නාට්‍ය ප‍්‍රතික්ෂේප කරනවා. ඒත් ඔබ ඒවාට ආසයි වගේ?
අද මෙගා කිව්වට ඒවා බොහෝ වෙලාවට සීමා වන්නේ කොටස් සියයකට වගෙයි. ඉතින් ඒවගේ නාට්‍යවල රඟපාන්න කැමතියි.
සමහර ශිල්පිනියන් මවක් වුණාට පස්සේ එක්කෝ රඟපෑමෙන් ඉවත් වෙනවා. නැත්නම් සෑහෙන කාලයක් ගිහින් රඟපෑමට එක්වෙන්නේ. ඒත් ඔබ ඉක්මනට නැවත රඟපෑමට ඇවිත්. ඒ ගැන මොනවද කියන්න පුළුවන්?
මවක් තම යුතුකම් වටහා ගන්න ඕනෑ. ඒ යුතුකම් ඉටු කරන අතරේ, මට මගේ ආදරණීය පේ‍්‍රක්ෂක ජනතාවගෙන් ලැබුණ ආදරයට ගරු කරන්නත් ඕනෑ. දරුවා ලැබෙන්නට පෙර මම ජනප‍්‍රිය නිළිය සම්මානය රැගෙන ගෙදර ගියේ. ඉතින් පේ‍්‍රක්ෂක ජනතාවගේ ඒ ආදරයට මම ගරු කරන්න ඕනෑ.
නැවතත් ඒ ජනප‍්‍රියත්වය ලැබේවි කියලා හිතනවද?
ඒක මට නැතිවෙලා නැහැ. මට ඉන්නෙ අවංක පේ‍්‍රක්ෂක පිරිසක්.
ඒ කියන්නේ ඔබ රඟපාන්න ජනප‍්‍රියත්වය වෙනුවෙන්මද?
ඒ වෙනුවෙන්ම නෙවෙයි. රඟපෑම මගේ විනෝදාංශයයි. ඒ නිසා පේ‍්‍රක්ෂකයින් පිනවීමට ලැබීම භාග්‍යයක්.
රඟපෑමෙන් පේ‍්‍රක්ෂකයින් පිනවීම විතර ද බලාපොරොත්තු වන්නෙ?
පේ‍්‍රක්ෂකයින් පිනවීම සරල කාරණයක් නෙවෙයි. ඒ වෙනුවෙන් හොඳ රඟපෑමක්, හොඳ නිර්මාණයක් කරන්න ඕනෑ. සරල හෝ ශාස්ත‍්‍රීය ඕනෑම දෙයක් හරියට කරන්න ඕනෑ.
සැමියාගෙන් මේ කටයුතුවලට හොඳ දායකත්වයක් ලැබෙනවද?
ඇත්තටම සුජිත් මට ලොකුම හයියක්. ඒ වගේ කෙනෙක් ලැබීම මගේ වාසනාවක්. කලා කටයුතුවලට මාව උනන්දු කරවන්නේ එයා.
දැන් සැමියත් රඟපානවා කියලා ආරංචියි?
එයාට රඟපාන්න තියා හෙල්ලෙන්න එවලාවක් නැහැ. වෛද්‍යවරයකු හැටියට සුජිත් අතිශයින්ම කාර්ය බහුලයි.
එහෙම නම් ඔහු සහ ඔබ පෙනී සිටි වීඩියෝ එක මොකක්ද?
සුජිත්ගෙ උපන් දිනයට මට එයාට තෑග්ගක් දෙන්න ඕනෑ වුණා. ඒ නිසා සම්පත් ප‍්‍රනාන්දුපුල්ලේ ලිව්ව ගීතය භාතිය - සන්තුෂ් සංගීතවත් කළා. මම ගැයුවා. සිංගප්පූරුවෙ අපේ ගෙදර අපේ පරිසරයේදී සියල්ල රූගත කළේ ඉන්දික මල්ලවාරච්චි අයියා. ඒ විදියට තමයි මම සුජිත්ට මියුසික් වීඩියෝ එකක් කළේ. ඒ ආදර කතාවට මමයිxසුජිතුයි හැර වෙන කවුරුවත් අවශ්‍ය නැහැ. ඇත්තටම ඔහුටත් හොඳට රඟපාන්න පුළුවනි.
මවක් වූ හැටියෙ බොහෝ කාන්තාවන් මහත් වෙනවා. ඒත් ඔබ පෙරටත් වඩා නම්‍යශීලී පෙනුමින් යුතු බවයි බොහෝ දෙනා කියන්නේ? මොකක්ද එහි රහස?
දරුවා ප‍්‍රසූත කළ දවස්වල මම ගොඩක් තරබාරු වුණා. රාත‍්‍රියට නින්ද නොයන තරමටම එය පීඩනයක් වුණා. ඒත් අපේ තාත්තා මට ව්‍යායාම් ගැන කියලා දුන්නා. තාත්තා ගුවන් හමුදාවේ ක‍්‍රීඩා අංශයේ නිලධාරියෙක්. දැන් විශ‍්‍රාමිකයි. තාත්තා කියාදුන් පුහුණුවීම් කළා. ආහාරපානවලදී පවා ගොඩක් සැලකිලිමත් වුණා. තෙල් කෑම ගොඩක්ම අඩු කළා. ඒ නිසා ඉක්මනට සුපුරුදු නම්‍යශීලී හැඩයට හදාගන්න පුළුවන් වුණා.
කොහොම වුණත් ”මවක්” රඟපෑම හොඳ දෙයක්ද?
මව සහ රඟපෑම කියන්නේ දෙකක්. රඟපෑම මම මගේ ගෙදරට ගෙනියන්නේ නැහැ. මේ දක්වා දරුවාගේ වැඩ කළේ මමයි. කාටවත් ඒවා බාර දුන්නෙ නැහැ. ඒ නිසා කිසිවක් පටලවාගෙන යමක් කරන්න මම කැමති නැහැ.
සමකාලීන ටෙලි ශිල්පිණියන් සමග ඔබගෙ බැඳීම් මොන වගේද?
පසුගිය කාලය පුරාවට කවුරුවත් ඇසුරු කරන්න බැරි වුණා.
පසුගිය කාලයේදී ටෙලි කෂේත‍්‍රයේ බොහෝ දෙනා ගැන විවිධ කතා අහන්න ලැබුණා. ඒ ගැන මොකද හිතන්නේ?
කටකතා උපරිමයි, අන්නතයි තමයි. ගොඩක් දේ ගැන දකින් අහන්න ලැබුණත් තමයි. ඒත් සමහර විට මතුපිටින් දකින දේට වඩා ඇතුළාත්නය වෙනස්
වෙන්න පුළුවනි.
සිංගප්පූරුවේ ටෙලි නාට්‍ය විකාශය වන්නෙත් මේ විදියටද?
නැහැ, එහෙ ගොඩාක්ම තියෙන්නේ විකට ඒවා. ඒ අතින් අපේ නිර්මාණ සහ අපේ නළු නිළියන් ඉතා විශිෂ්ටයි.
දුව ගැන මොනවද කියන්න පුළුවන්?
මවක ලෙස මගෙන් ඉටුවිය යුතු සියල්ල සැමදා කරනවා. මුල් තැන මගේ පවුලටයි.
කවුද ක්ෂේත‍්‍රයේ සිටින ඔබගේ හොඳම යාළුවෝ?
හොඳම යාළුවෝ නැහැ. ඒත් ඔක්කොමලා හොඳ යාළුවෝ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාතුරකින් දැකිය හැකි අමුතුම ලස්සනක් ඔබට පිහිටා තිබෙනවා. මේක පෙර කළා වූ කුසල් බලයකින් ඔබට ලැබුණු දෙයක්. ඔබට ජය හා සැප පතමි. (නි)
ඉතා හොදයි (නි)
ළමයවත් තියාගෙන ඉන්න හින්දා ටිකක් විනීතව හිටියනම් හොඳ නැද්ද ? නැද්ද මං අහන්නේ.(නදී)
මටත් කියන්න තියෙන්නේ ඔයා අම්ම කෙනෙක් නිසා පින්තුරෙකට සංවර විදියට පෙනී ඉන්න කියලා. (නදී)
මම ඔබට කැමතියි. (නදී)
ඔය පින්තුර ටික හරිම ලස්සනයි. (නදී)
ඔයා හරිම ලස්සනයි. හැමෝම වෙනුවෙන් මගේ ස්තුතිය (නදී)
ලස්සන තිබුනට රගපානවා හරි නැහැනේ අනේ.(නදී)
අයියෝ මෙයා අර අර මොකක්ද එකකට කලින් අහුවුනා නේද? (නදී)
ඔයාගේ ඔය තියෙන ලස්සන, අසංවර පිංතූරයක් නිසා අහිමි කර ගන්න එපා. අපි ඔයාට ආදරෙයි. දැන් ඔයා අම්මා කෙනෙක් . නැද්ද මචං........ජය වේවා. (ස)
ලස්සනයි. අන්තිම පොටෝ එක ගොඩක් ලස්සනයි. ආයේ මොකටද උගුරට හොර බෙහෙත් බොන්නේ. (ස)
සමහර කලාකරුවන් බොරුවට මාධ්‍ය වලට නම් කියන්නේ අපි බොහොම අවංක විනීත හැදියාවක් තියෙන අය කියලා. ඒ උනාට එයාලගේ හැටි අපි හොදට දන්නවා. (නදී)
මම ඔයාගේ රංගනයට ගොඩක් කැමැතියි. ඔයා ගොඩක් ලස්සන වෙලා රංගනයෙන් ඉදිරියටම යන්න සුබ පතනවා .(නදී
අම්ම කෙනෙක් උනාම සංවර වෙන්න ඕනි නේද නෝනා (නදී)
දැන්වත් සංවරව හැසිරෙන්න. දැන් ඔයා අම්මා කෙනෙක් ඒකයි එහෙම කිව්වේ.(නදී)
ඔයිට වැඩිය සංවරව ඉදගත්තා නම් මොකද වෙන්නේ? (නදී)
වාඩි වෙන විදියනම් කියල දෙන්න වේවි මෙයාට. (අ)
අනේ දැන් සති දෙකක් තිස්සේ මේක දිහා බල බලා අපි ඉන්නවා (නි)
මේ ඉන්න විදියට මම නම් අකමැතියි (නි)
මමත් කැමතියි ඔයා නැවතත් රගපානවට (නි)
ඔයා දේශපාලනයට එන්න. ඔයා වගේ අය ඡන්දෙ ඉල්ලුවම අපේ ගෙවල් වල ඉන්න ගැහැණු උඩ පැනලා ඡන්දෙ දෙනවා. (නි)
මම නම් ඇයට කැමති නැහැ (නි)
අදහස් දක්වන අයට මේ ඡායාරූප වල තිබෙන අසංවරකම මොකක්ද?
මෙයා ඉදගෙන ඉන්න විදියට මම හරිම ආසයි.(නදී)
අනේ මන්ද... මේක අහක් කරලා වෙන මොනවා හරි වැදගත් දෙයක් අලුතින් දැම්මොත් නරකද? (අ)
අම්ම කෙනෙක් උනාම සමාජයට වගේම තමන්ගේ දරුවන්ටත් ආදර්ශයක් වෙන්න ඕනේ. විශේෂයෙන් තමන්ගේ දියණියට.(නදී)
එයා අසංවර නැහැ. (දිල්)
ඔයිට වැඩිය ටිකක් හොඳට ඉදගන්න ඉගෙනගත්තා නම් හොඳයි නේද? (නදී)
ඔය ගොඩක් ලස්සනයි. කොහොමත් ඔය ඡායාරූප ටික මම ගබඩා කරලා අාශාවෙන් තියාගෙන ඉන්නවා (නි)
සිංගප්පුරුවේ ෂොපිං ගියේ නැද්ද ඔයා.(නදී)
මම ආසයි (අ)
ඔබ ඔඩෙල් එකේදී රගපාපු රංගන අතිවිශිෂ්ඨය. අපේ මතකයේ සදා නොමැකෙ..(ස)
ගැහැණු අය ඔහොම පහසුවෙන් ඉන්නවට මම නම් අකමැතියි (නි)
මේකත් වැදගත් පුවතක්ද අපට ? (නදී)
මගෙත් ආසම නිළිය, (නි)
ඇත්තටම සන්තෝෂයි (නි)
මමත් නළුවෙක් වුණා නම් කියලා හිතෙනවා (නි)
කෙසේ රඟපෑවත් ඔබ මට උසස්ය.හේතුව ඔබ මට සැමවිටම දුවක ලෙස පෙනෙන නිසාය. ලාබාල වියේ රඟපෑමට පිවිසි ඔබගේ රංගනයන් උසස්ය. බරපතල චරිත මේ දක්වා ඔබට නොලැබුනත් රඟපාන බොළඳ චරිත වලට ඉමහත් සාධාරණයක් ඉටුකරයි. බොඳ මීදුම් හී චරිතය ඊට උදාහරණයකි. එය උසස් රංගනයකි. මවක වන ඔබ සැබෑ ජීවිතයේද සමාජයට ආදර්ශමත් චරිතයක් රඟපායි. විශාල රසික පිරිසක් පිරිවරාගත් ඔබ වැනි අය ඉතාමත්ම සංවේදීව සහ ආදර්ශමත්ව කරන කියන කටයුතු ලොවට පෙන්විය යුතුය. මම ඔබට සුභ පතමි. (නි)
අම්මත් ලස්සනයි.දුව ඊටත් වඩා ලස්සනයි.. (නි)
සිංගප්පුරුවේ තමයි මමත් ඉන්නේ. ලංකාවේ වගේ පොහොසත් කෙල්ලයි, දුප්පත් කොල්ලයි කියන එකම තේමාව නෙමෙයි, මෙහෙ දවස් 7 ට තිබෙන්නේ නාට්‍ය තේමාවල් 7ක්. ඇත්තටම හරිම ලස්සන කතා තේමාවල් මෙහෙ නාට්‍ය වල තිබෙනවා, ලංකාවට වැඩිය. (නි)
මමත් කැමතිම නිළියක්. කිසිම ආඩම්බරයක් නැහැ.දීර්ඝ ගමනක් යන්න වාසනාව ලැබේවා!! (නි)
මම ඔබට කැමතියි (නි)
ඔබ සැබවින්ම දක්ෂයිනේ.(නදී)
මම නම් කැමැතිම නිළිය (අ)
ඔබගේ ආත්ම ශක්තිය අගයකොට සළකමි (නි)
2ක 3න ෆොටෝ දැක්කහම නම් හොදට රග පායි කියලනම් හිතෙනවා (අ)
මට 3 වැනි ඡායාරූපය හරිම ලස්සනයි.ඔයා දක්ෂ නිළියක්. හොඳට රගපානවා. (නි)
මලක් වගේ පුංචි දරුවෙකුත් ළඟ තියාගෙන මෙහෙම ඉන්නවට මම නම් අකමැතියි (නි)
ලස්සන ඡායාරූප ටිකක් (නි)
ඉතින් කොච්චර හොදයිද? (නි)
නිලියක් වශයෙන් බොලද චරිත වලට ඔයා හොදට ගැලපෙනවා. හැබැයි මේ තියන පොටෝත් එක්ක අම්ම කෙනෙක්ගේ සංවර කම ගෑවිලවත් නැහැ. රගපාන වෙලාවට රගපාලා අනිත් වෙලාවට සාමාන්‍ය මනුස්සයෙක් වසයෙන් හිටියොත් ගොඩක් අය ඔයාට ආදරය කරයි. යහපත් අනාගතයකට අම්මටත් දුවටත් සුබ පතමි.(නදී)
මම ඕන ඔට්ටුවක් දානවා අර මිලානෝ කියල ඇඟට ගෙන අදහස් දාන කෙනා මිලානෝ දෙකලවත් නැහැ මම හිතන්නේ, ඇයි ඒ විදියට බොරු කරන්නේ (අ)
හරිම හොදයි. තව රගපාන්න අක්කේ. (නි)
අක්කාට මම සුභ පතනවා. (නි)
අම්මත් දුවත් දෙන්නම ලස්සනයි. ඔබ හොද නිලියක් වේවායි පතනවා.. (නදී)
දැන් අම්ම කෙනෙක්නේ. තව ටිකක් හොදට ඉන්න බලන්න.(නදී)