IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මා එජාපයේ නැහැයි කීම විහිළුවක්

හිටපු කතානායක කරු ජයසූරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරයට සමුදුන් වහාම එනම් 2020 අගෝස්තු 21 දින එක්සත් ජාතික පක්ෂයේ සක්‍රීය සාමාජිකත්වය සඳහා අයැදුම් කර 2020 වසර සඳහා සාමාජිකත්වය ලබා තිබෙන බව කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊට අමතරව කරු ජයසූරිය මහතා මීට වසර විස්සකට පෙර ආරම්භ කරන ලද යාවජීව සාමාජිකත්වය ද ලබාගෙන ඇතැයි මාධ්‍ය අංශය පවසයි.

කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවන බව පැවැසීම සාමාජිකත්ව ව්‍යුහය පිළිබඳ අවබෝධයකින් තොරව කරන ලද පදනම් විරහිත හාස්‍යජනක ප්‍රකාශයක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එහි මෙසේ ද සඳහන් වේ.
එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇති අවාසනාවන්ත ඉරණමෙන් ගලවා ගැනීම සඳහා පොදු ජනතා සිතුම් පැතුම්වලට සමගාමී වන ලෙස පක්ෂයේ කඩිනම් ප්‍රතිසංවිධානයක් උදෙසා නායකත්වය දීමට තමා සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟම ඒ පිළිබඳව පළව ඇති අතැම් ප්‍රතිචාර පිළිබඳව කරුණු පැහැදිලි කිරීම අපගේ වගකීමක් කොට සලකමු.

පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජයෙන් පසුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට පැහැදිලිව ප්‍රකාශයට පත්කෙරිණි. ඒ අනුව සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යයට නායකත්වය දෙන ලෙස කරු ජයසූරිය මහතා වෙත ඉල්ලීම් ගලා එන්නට විය.

කිසිසේත් නොසලකා හල නොහැකි තරම් වූ අදාළ ඉල්ලීම් සියල්ල සැලකිල්ලට ගනිමින් එම දුෂ්කර වගකීම උර මතට ගෙන පක්ෂයත් පාක්ෂිකයාත් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට තමා සූදානම් බව පක්ෂ නායකත්වයට වාචිකව දැනුම් දුන් කරු ජයසූරිය මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ස්වකීය අදහස ප්‍රකාශයට පත්කරන ලදී. මෙය පක්ෂ සාමාජිකයන් හා පක්ෂයට හිතවත් ප්‍රගතිශීලී පුරවැසියන් අතිමහත් බහුතරයකගේ එකඟත්වය මත ගනු ලැබූ තීරණයක් බව ද අවධාරණය කරමු.

නමුත් කරු ජයසූරිය මහතා සිය මතය ප්‍රකාශයට පත්කළ පසුව එතුමා සම්බන්ධයෙන් විවිධ අභූත හා හාස්‍යජනක චෝදනා දිගින් දිගටම එල්ල කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාම සමීපව කටයුතු කළ නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පිළිබඳව කරු ජයසූරිය මහතා කරන ලද ප්‍රකාශයක් සමගි ජන බලවේගයෙන් තරග කළ ඒ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වාසිදායක වූ බැවින් කරු ජයසූරිය මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබිණි. (එහෙත්, මෙම ප්‍රකාශය සමගි ජන බලවේගය බිහිවීමට පෙර එනම්, 2019 වර්ෂයේදී දේශපාලන අරමුණක් නොමැතිව පුද්ගලයකු අරභයා කරන ලද්දක් බවට තහවුරු වීමෙන් පසුව විනය පරීක්ෂණ උත්සාහය හකුළා ගනු ලැබීය.)

 2. ඉන් පසු 2020.8.25 දින පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කරු ජයසූරිය මහතා පිළිබඳව තවත් පදනම් විරහිත හා හාස්‍යජනක ප්‍රකාශ දෙකක් සිදුකොට ඇති බව වාර්තා විය.

 පළමුවැන්න නම්, කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයකු නොවන හිටපු කතානායකවරයාට පක්ෂ නායකත්වයට පත්කිරීමෙහිලා නීතිමය බාධාවක් පවතින බවයි. පක්ෂ ව්‍යවස්ථාව අනුව හා සැබෑ අවශ්‍යතාවක් ඇත්නම්, එයට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීති විශාරදයින්ගේ මතයයි.

එමෙන්ම, 2015 සැප්තැම්බර් පළමුවන දින කතානායක ධුරයට පත්වූ කරු ජයසූරිය මහතා ඊට සමගාමීව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති පදවිය ද උසුලන ලදී. 2020 මාර්තු 2 දිනෙන් කතානායක ධුරය අවසන් වුව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරය අඛණ්ඩව 2020 අගෝස්තු 20 දින දක්වා බලපැවැත්විණි. එම උත්තරීතර ධුරයන්ගේ ස්වාධීනත්වය රැක ගැනීම සඳහා කිසිදු දේශපාලන පක්ෂයක සක්‍රීය තනතුරක් නොදැරීමේ ප්‍රතිපත්තිය මත පිහිටා එතුමන් කටයුතු කරන ලදී.

 දෙවැනි චෝදනාව නම්, කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවන බවයි. එය ද පක්ෂ සාමාජිකත්ව ව්‍යුහය පිළිබඳව හෝ අවබෝධයකින් තොරව කරන ලද පදනම් විරහිත හාස්‍යජනක ප්‍රකාශයකි.

 මින් වසර 20කට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කරු ජයසූරිය මහතා එක්ව ආරම්භ කළ 1000m යාවජීව පක්ෂ සාමාජිකත්වය ලබාගෙ ඇති කරු ජයසූරිය මහතාගේ පක්ෂ සාමාජිකත්වය අඛණ්ඩව බලපැවැත්වේ. තව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරයට සමුදුන් වහාම නැවත 2020 අගෝස්තු 21 වන දින පක්ෂයේ සක්‍රීය සාමාජිකත්වය පිණිස වාර්ෂික පක්ෂ සාමාජිකත්වය සඳහා ද අයැදුම් කළ ඒ මහතා මේ වනවිට 2020 වර්ෂය සඳහා පක්ෂ සාමාජිකත්වය ද ලබාගෙන තිබේ.

කෙසේ වෙතත්, 2010 වසරේ සහ 2015 වසරේදී පක්ෂයට පරිබාහිර පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමේදී පවා සලකා නොබැලූ නිර්ණායක ඉදිරිපත් කරමින් මෙලෙස කටයුතු කිරීමෙන් තවදුරටත් විනාශය කරා ගමන් කරන්නේ පක්ෂය හා එයට දිවි දෙවැනි කොට ආදරය කරන පාක්‍ෂිකයන්මය. තව ද ශ්‍රී ලංකාවට නිදහස දිනා ගැනීමෙහිලා පුරෝගාමී වූ එදා මෙදා තුර ශ්‍රී ලාංකික ජනතාවට අභිමානවත් ජීවිතයක් සඳහා මග විවර කරන්නට කැපවූ දේශපාලන පක්ෂයක් මෙලෙස විනාශ මුඛයට ඇද දමා ඉතිහාසයට එක් කිරීමෙන් ඉටුකරනුයේ කවර පාර්ශ්වයක දේශපාලන වුවමනාවක් දැයි ජනතාවට මනාව පැහැදිලි වනු ඇත.

(***)



අදහස් (3)

මා එජාපයේ නැහැයි කීම විහිළුවක්

banda Thursday, 27 August 2020 06:56 AM

නව තරුණ නායකයාට අපේ සුබපැතුම්...!!! 

:       27       5

de silva Thursday, 27 August 2020 09:12 AM

තරුණ ජවසම්පන්න ඔබ වැනි නායකයෙක් එජාපයට ගැලපේ.

:       0       1

sudda Thursday, 27 August 2020 09:15 AM

මෙතුමත් තමන් තරුණ නායකයෙක් කියලා හිතන්නේ බෙහෙත් ටිකක් ඉල්ලගෙනද දන්නේ නැහැ ඉන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 118 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 199 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 747 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 553 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1272 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 652 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site