IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘මේ ඔක්කොම මට හීනයක් වගේ’

අජන්ත පිය සෙනෙහසට මැදිව...

තමාටම අනන්‍ය වූ පන්ද යැවීමේ අපූරු ඉරියව්ව නිසාම එක් නිමේෂයකදී මුළු! මහත් ක‍්‍රිකට් ලෝකයේම අවධානය දිනා ගැනීමට ඔහුට හැකිවිය. අජන්ත මෙන්ඩිස් නමැති ඔහුගේ ඒ පන්දු යැවීම විටෙක හාස්කමක් මෙන් විය. බොහෝ විචාරකයින් ඔහුගේ පන්දු යැවීම හැඳින්වූවේ මැජික් එකක් හැටියටය. ඇඟිලි දෙකක් පමණක් උපයෝගි කරගෙන යවන පන්දුව කැරම් බෝල් යනුවෙන් නම් කිරීමද සිදුවිය. එලෙසින් ක‍්‍රිකට් ලෝකයට අවතීර්ණ වූ අජන්ත මෙන්ඩිස් හෙවත් අජා නැත්නම් මෙන්ඩා මේ දිනවල ක‍්‍රිකට් පිටියේ දක්නට නැත. පිට කොන්දේ ඇති වූ ආබාධයක් නිසා ප‍්‍රතිකාර ගනිමින් සිටීම ඊට හේතුවය. ටික දිනකට හෝ පිටියෙන් ඈත්ව සිටීම ක‍්‍රීඩකයකුට කනගාටුවට කරුණක් විය හැකිය. නමුත් මේ සියල්ල අතරේ අජන්ත මෙන්ඩිස් නම් සිටින්නේ පුදුමාකාර සතුටකිනි. තමා පියෙකු වීම ඊට හේතුවයි. මේ සතුට දරාගෙන සුන්දර නිවෙසක වෙසෙන ඔහුගේ කැදැල්ලේ හැඩ රුව බලන්නට පසුගිය දිනෙක අපි ගියෙමු. අජන්තගේ බිරිඳ යෝෂිණී සහ පුංචි පුතු මේ දිනවල වෙසෙන්නේ රාජගිරියේ ඇති සුපිරි නිවාස සංකීර්ණයක ඇති නිවෙසකය. මෙය අහස් වියන මත තැනූ පුංචි මාළිගයක් ලෙස නම් කළාට වරදක් නැත. මහල් විසි ගණනකින් සමන්විත මේ අපූරු නිවාස සංකීර්ණයේ මුදුන් මහළක ඇති අජන්තගේ නිවෙසට ගිය පසු එහි ආලින්දයට දර්ශනය වන දසුන සැබැවින්ම අප විමතියට පත්කරවන තරම්ය. ”මෙතැනට උදේට ශ්‍රීපාද කන්ද පෙනෙනවා.’’ අජන්ත ඈතට අත දිගු කරමින් අපට පෙන්වීය. අප ආලින්දයට යාබද සඳළුතලයට ගොස් අවට සිරි නැරඹීමු. මේ කොළඹද? කියා සිතා ගත නොහැකි තරමටම සුන්දර දසුන් එහි සිට දැකගත හැකිය. එක් භූමි ප‍්‍රදේශයක් දර්ශනය වන්නේ මහා වනාන්තරයක ස්වරූපයෙනි. රාජගිරිය සිට පැතිරීගිය මේ භූමි ප‍්‍රදේශය අසලින් පුංචි ගංගාවක් ගලා යයි. ඒ දියවන්නාවේ කොටසක් බව අජන්ත අපට කීවේය. ‘‘තවත් ලස්සන දර්ශන පෙන්වන්නම් අපි තේ බීල ඉමුකො’’ යැයි ඔහු ආරාධනා කළේය. තේ පැන් සංග‍්‍රහය අතරවාරයේ මේ පුංචි නිවෙසේ හැඩරුව අපි නැරඹීමු. කාමර තුනකින් පමණ සමන්විත මෙහි ගෙබිමට අතුරා ඇත්තේ ලීයෙන් නිමවන ලද රටාය. සාලය, මුළුතැන් ගෙන සහ නිවෙසේ සේවය කරන අය සඳහා ඉඩකඩක්ද වෙන්ව තිබේ. නිවෙසකට එහා ගිය සුපිරි හෝටලයක ඇති රිද්මයට සමානව ගෘහ භාණ්ඩ සහ අනෙක් සියල්ල තබා ඇත. මේ නිවෙස ගත්තෙ යෝෂිණි මවක් වීමේ අපේක්ෂාවෙන් සිටියදීයි. පුංචි පුතා ලැබුනාට පස්සෙ අපට වඩා නිදහසේ අලූත් තැනක ඉන්න  ඕනෑ වුණා. මෙය මහා ලොකු මන්දිරයක් නෙවෙයි. අපේ පුංචි පවුලට දැනට මෙය සෑහෙනවා. මෙම සුපිරි නිවාස සංකීර්ණයෙන් නිවෙසක් ගැනීම ගැන අජනත්ත අපට කීවේ එ ලෙසිනි. මේ අතරවාරයේ යෝෂිණි පුංචි අමුත්තා රැගෙන ආවාය. අජන්ත පුතු දෝතට ගෙන සෙනෙහස බෙදා ගනිමින් සිටී. ‘අජා’ පුදුම සතුටකින් සිටින්නේ. එයාට මුළු ලෝකෙම ලැබුනා වගේ. අපේ පවුලේ පළවෙනි අත්දැකීම තමයි මේ. අජාගෙ පවුලේ හැමෝමත් මේ අත්දැකීම නිසා පුදුමාකාර සතුටකින් සිටින්නේ’’ යෝෂිණී අපට කීවාය. මේ අතරේ අජන්ත තමාට ජීවිතය දැනෙන හැටි කීවේය.   ‘‘ජීවිතේ හරිම සුන්දරයි. ලොකු සතුටක් දැනෙනනවා. ඒ වගේම වගකීම් ගැනත් සිහිවෙනවා. වෙනදාට වඩා මට වැඩ කොටසක් කරන්න තියෙනවා කියලා හිතෙනවා. ආයෙත් ක‍්‍රිකට් පුහුණුවීම් පටන් අරගෙන තියෙන්නෙ. කොන්දේ ආබාධයට ප‍්‍රතිකාර ගනිමින් හිටිය නිසා පසුගිය මාස තුනක කාලයක් ක‍්‍රීඩා කළේ නැහැ. ප‍්‍රතිකාර සඳහා ඔස්ටේ‍්‍රලියාවටත් ගියා. දැන් සූදානම් වන්නේ ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරග මාලාව සඳහායි. නැගෙනහිර කණ්ඩායම සඳහා මා ඇතුළත්. ඉන්පස්සෙ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියටත් ක‍්‍රීඩා කිරීම තමයි අපේක්ෂාව’’ අජන්ත අද දවසේ ඔහුගේ කටයුතු සහ අපේක්ෂාවන් ගැන ප‍්‍රකාශ කළේ එලෙසිනි. එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග‍්‍රහණය කැරවීම සඳහා උපරිමයෙන් කැපවීම් ඔහුගේ ප‍්‍රධාන අරමුණයි. මේ සියල්ල අතරේ ඉතා යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම තමාගේ අභිප‍්‍රාය බව ඔහු කීවේය.   අද මේ සුන්දර ජීවිතය ගෙවන විට අතීතයේ ගෙවූ ජීවිතය දැනෙන්නේ කොහොමද? අපි අජන්තගෙන් විමසීමු.   ‘‘ඇත්තටම ගොඩක් සතුටුයි. එදා සිටියා වගේ නොවෙයි. ජනප‍්‍රියත්වය ඇතුළු සෑම දෙයක්ම වගේ ලැබිලා. පසුගිය කාලය දිහා බලන විට අද සතුටු නැහැ කිව්වොත් එය බොරුවක් සතුටු විය හැකි දේ බොහෝමයි. ලෝකයේ ප‍්‍රකට ක‍්‍රීඩකයින් සමග ක‍්‍රීඩා කරන්න ලැබුණා. ඒ වගේම අපේ රටේ වීරයින් වූ මුරලිදරන්, වාස්, සනත්, සංගක්කාර, මහේල වැනි සුපිරි ක‍්‍රීඩකයින් එක්කත් ක‍්‍රීඩා කරන්න ලැබුණා. මේක හරියට සිහිනයක් වගෙයි. හැබැයි මේ සියල්ල මට නිකම්ම ලැබුනු දෙයක් නෙවෙයි.  විශාල කැපකිරීමක ප‍්‍රතිඵලය වගේම දෙවියන්වහන්සේගේ කැමැත්ත නිසා ලැබුණු දේවල්. මේ සියල්ල වෙනුවෙන් මගේ පවුලේ අය වගේම යෝෂිණිගේ පවුලේ අයගෙනුත් ලැබෙන්නෙ ලොකු සහයෝගයක්. මගේ බිරිඳ යෝෂිණී ගැන මට හරි ආඩම්බරයි. එයා මගේ ළඟින්ම සිටිමින් සියලූ දේ ගැන කතා කරමින් සියල්ලට සහයෝගය ලබා දෙනවා.’’   අජන්ත සීරුවට එලෙස කියාගෙන යද්දී, අපි යෝෂිණී දෙස බැලූවෙමු. ඇය ‘අජා’ දෙස බලා සිටින්නේ දැඩි සෙනෙහස පෙරදැරිවය.   ‘‘මෙයාට මොනම වෙලාවකදීවත් කේන්ති යන්නේ නැහැ. හරිම නිවිච්ච චරිතයක්. දෙවියන්වහන්සේගේ කැමැත්තට එයා මට ලැබුණු ගුණවත් මිනිසෙක්. පුංචි පුතා ලැබෙන්නට පෙර මාව සතුටින් තියන්න එයා කළ හැකි හැමදේම කළා. මේ නිවෙස පවා ගත්තේ පවුලක් ලෙස අපට අලූත් තැනක නිදහසේ, නිස්කලංකව ජීවත් වෙන්න  ඕනෑ නිසයි. විවාහ වෙලා අවුරුද්දයි මාස හයයි. මේ කාලෙයෙදී පුංචි පුතා එක්වීම වචනයෙන් කියන්න බැරි තරමේ සතුටක්. දැන් ජීවිතේ සම්පූර්ණයි කියලා හිතෙන්නෙ. පුතා උපන්නෙ පෝය දවසෙදීයි.   සඳ එළිය මෙන් සෞම්‍යවූ තරු එළිය ගෙනා ඒ පුංචි සුරතලා සමග ගෙවන ඒ සුන්දර මොහොත තවත් ඔවුන්ගෙන් උදුරා ගැනීම සුදුසු නැත. ඒ සෙනෙහස විඳගන්නට ඉඩ දී අපි මේ නිහතමානී ක‍්‍රිකට් තරුව වෙසෙන මේ සුපිරි නිවාස සංකීර්ණයේ මුදුනින් සමුගෙන ගියෙමු.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
අජා මට හරිම ආදරෙයි මෙතැනට ශ්‍රීපාද කන්ඳ පෙනෙනවා.. මේ තරම් සතුටක් මට කවදාවත් දැනිලා නෑ... (සෙනෙහසක අරුත) හැන්දෑවට මෙතැන හරිම ලස්සනයි



අදහස් (0)

‘මේ ඔක්කොම මට හීනයක් වගේ’

ඩිලාන් Wednesday, 08 August 2012 01:26 PM

අජන්තට ඔය ගෑණු ළමයා කැමති වුණේ ඇයි දන්නේ නැහැ නේද? (නි)

:       0       0

දිසානායක Monday, 23 July 2012 04:03 PM

ලංකාවේ මොන තරම් ළමයි පාරේ හිගා කනවද? අන්න ඒ අයට උදවු කරන්න. (නි)

:       0       0

චමී Friday, 03 August 2012 08:46 PM

අම්මත් ලස්සනයි. තාත්තත් ලස්සනයි. බබත් ලස්සනයි. ගෙදරත් ලස්සනයි. (නි)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 12:19 PM

සුභ පතනවා ලස්සන ජීවිතයක් සතුටින් ගතකරන්නට... (නි)

:       0       0

චමී Friday, 03 August 2012 08:49 PM

අදහස් දැක්වීමට ස්තුතියි. ඔබගේ අදහස කතෘ අනුමැතිය සදහා යොමුකර ඇත. (නි)

:       0       0

අනුර Monday, 23 July 2012 10:52 AM

අජන්ත, මගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

‍මනෝහරන් Tuesday, 24 July 2012 11:27 AM

ජනු ක්‍රිකට් ෆුට්බෝල් කියන්නේ ක්‍රීඩාවක් පමණක්ම නොව ව්‍යාපාරයක්.. මටනම් ඕවගේ දේවල් ගැන වැඩි දැනුමක් නැහැ..(නු)

:       0       0

කින් බෙනට් Monday, 23 July 2012 11:24 AM

කෙනෙක්ගේ වාසනාව මතුවෙලා දියුණුවෙනවා දැකල සතුටු වෙන එක ලොකු දෙයක් .... අජන්තත් හරිම වාසනාවන්තයි ...ඒ ගැන කින් බෙනට්ටත් හරිම සතුටුයි .... නමුත් අජන්තගේ වාසනාව එක දිගටම රැඳුනේ නැති එක ගැන දුකයි .... අජන්තට මේ දේවල් ලැබුනේ රට වෙනුවෙන් කෙටි කාලයක් හරි තම උපරිමය කරන්න ලැබුන නිසයි ,,,, නැවතත් තම සුපුරුදු රිද්මයට පැමිණ ලංකාවේ ජනතාවව සහ ලෝකයේ ක්‍රිකට් රසිකයන්ව පිනවන්න වාසනාව ලැබේවා.... ඒ වගේම අජන්තත් රසිකයන්ටත් වාසනාව උදාවේව කියල ප්‍රාර්ථනා කරනවා නම් හරි සතුටුයි ... .(ස.වි)

:       0       0

තරුන්දි Friday, 27 July 2012 11:22 AM

සුභ පැතුම්! (නි)

:       0       0

දිල්හාන් Monday, 23 July 2012 04:35 PM

මම සුභ පතනවා ඔබට (දී)

:       0       0

පෙරේරා Saturday, 28 July 2012 08:32 AM

අජන්ත, ඊළඟ තරඟයේදී ඔයාගේ උපරිම දස්කම් පෙන්වන්න.... (ස)

:       0       0

කුමාර Monday, 23 July 2012 04:37 PM

අජා.. සුභ පතනවා ඔබට (දී)

:       0       0

ලාලිත්‍ය Monday, 30 July 2012 10:37 AM

සිංහල බෞද්ධකම පෙන්නන්න බැරි, ඒකට හැමදාම විරුද්ධ වුණ අයට තමයි ඔය "සිංහල කතෝලිකයන්" කියන්නේ. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 25 July 2012 01:21 PM

ඇත්ත.අපේ අයට තියෙන්නේ පුදුමාකාර ඊර්ෂ්‍යාවක්.පාරේ ළමයි හිගා කන්නේ එයාලගේ දෙමාපියන්ගේ වරදින්.ඒකට අපේ කොල්ලා මක් කරන්නද? (නි)

:       0       0

ජානු Tuesday, 24 July 2012 12:46 AM

මොහු ධනවතෙක් වෙලා තියෙන්නේ කුඩු විකුණලා ,මංකොල්ල කාලා, හොරකන් කරලා නෙවෙයි. රට වෙනුවෙන් ක්‍රීඩා කරලා.එක ඔහුගේ දක්ෂතාවය.ලංකාවේ ඉන්න දුප්පත් ළමයි ගැන මේ වෙලාවේ මතක් කරන්නේ ඇත්තටම හරිම කුහක ,මෝඩ මිනිස්සු. (නි)

:       0       0

සුදු මාම Thursday, 26 July 2012 10:00 PM

සල්ලි තියෙනවනම් සැප විදින්නත් ඕනෑ. නමුත් අසරණ අයටත් උදවු කරනවා නම් ගොඩක් වටිනවා. (දී)

:       0       0

සමන්ත Saturday, 28 July 2012 09:12 AM

අජන්ත , ඔබට සුබ පැතුම් . ඒ වගේම මේ පාරත් t20 තරග වල ඔයාගේ දස්කම් උපරිමයෙන් පෙන්වන්න . (දී)

:       0       0

රුක්මල් Monday, 23 July 2012 12:46 PM

එදා වෙලා හොයාගන්න බැරි මිනිසුන් ලක්ස ගණන් ඉන්දි මෙයාල මේ විඳින සැප ඕනවට වැඩ වැඩි .... නමුත් කල්පනා කරලා බලන්න. මහා පාරේ වැටිලා ටැප් එකෙන් වතුර බිලා හැදෙන දරුවෝ දරුවෝ නෙමෙය්ද. ඇති නැති පරතරය ඕනෑවටත් වැඩ වැඩි (දී)

:       0       0

සාලිය රත්නායක Thursday, 26 July 2012 10:32 PM

අලුත් සාමාජිකයා ඇතුළු ඔබ තිදෙනාට මගෙන් සුභ පැතුම් !!!!!!!!!!!!!! (දී)

:       0       0

ප්‍රියාස් Sunday, 22 July 2012 06:22 PM

හරිම ලස්සනයි...(ස.වි)

:       0       0

සොනාලි Tuesday, 24 July 2012 01:53 AM

චූටි බබා ගොඩක් ලස්සනයිනේ. (නි)

:       0       0

උපාලි Thursday, 26 July 2012 10:38 PM

මහන්සියෙන් සාදාරන විදිහට සල්ලි හොයල සැපට ඉන්න එක වරදක් නොවෙයි . එහෙම අයට ඉරිසියා කරන එක වැරදියි . හැබැයි හම්බ කරන කොටසින් ටිකක් හෝ අන් අයගේ යහපතට යොදවන්න පුළුවන් නම් ගොඩක් පින් . එක යහපත් අයගේ ලක්ෂණයක් . තවත් මුදල් ලැබේව (සදාරනව ) අන් යටත් උදව් කරලා සතුටින් ඉන්න ලැබේවා. (දී)

:       0       0

අනුරාධා Wednesday, 25 July 2012 02:02 PM

ඇත්තටම ගොඩාක් සන්තෝෂයි. (නි)

:       0       0

සමන් Wednesday, 25 July 2012 09:18 PM

මගේ හෘදයාංගම සුභ පැතුම්! (නි)

:       0       0

මාධව Thursday, 02 August 2012 09:25 PM

ඔබටත් පවුලේ සැමටත් උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

චමින්ද Wednesday, 25 July 2012 09:19 AM

අපේ මිනිස්සුන්ගේ ඉරිසියාව කියන එක උපරිමයෙන්ම තියෙනවා ... (දී)

:       0       0

හස්තික Tuesday, 11 March 2014 10:11 PM

අනේ වාසනාවන් (දී)

:       0       0

උදේශිකා Thursday, 26 July 2012 01:15 PM

පැටියට අපේන් සුභ පැතුම්..(ස)

:       0       0

හෂාන් Tuesday, 11 March 2014 10:11 PM

සුභ පැතුම් (දී)

:       0       0

ඉෂි Friday, 27 July 2012 08:03 PM

පුංචි පවුල රත්තරං. සුභ පැතුම්! (නි)

:       0       0

නියතපාල Sunday, 29 July 2012 07:44 PM

දුප්පත්ව ඉපදීම වරදක් නෙවයි හැබැයි දුප්පතක් විදියට මිය යාම වැරදියි අජන්ත ඔබට සුබ පැතුම් (අ)

:       0       0

නිසන්සලා Thursday, 26 July 2012 01:28 PM

ඔබට සුභ පැතුම්....(ස)

:       0       0

කසුන් Tuesday, 31 July 2012 09:37 AM

මේවා දැක්කම අපිටත් හීනයක් වගෙයි (දී)

:       0       0

ඉන්දික Tuesday, 24 July 2012 07:55 AM

සුභ පැතුම්! (නි)

:       0       0

සුජිත් Tuesday, 24 July 2012 08:15 PM

තව කෙනකුගේ දියුණුව බලලා අවංකව සන්තෝස වෙන්න පුළුවන් කමත් මිනිසකු තුල තියන උතුම් ගුණයක්. ඒ අය සමාජයේ බොහොම අඩුයි.(නු)

:       0       0

ලක්විදු Monday, 23 July 2012 07:16 PM

"දිසානායක 2012-07-23 16:03:40 ලංකාවේ මොන තරම් ළමයි පාරේ හිගා කනවද? අන්න ඒ අයට උදවු කරන්න...." දිසා, ඔබ හොදින් තේරුම් ගන්න. ලංකාවේ ළමයි හිගා කන්නේ නැහැ. ජාවාරම් කාරයින් විසින් හිගා කන්න යොදවනවා. (නි)

:       0       0

කමල් Tuesday, 24 July 2012 08:29 AM

හැමොම මහන්සිවෙලා සල්ලි හම්බකරොත් සැප විදින්න පුළුවන් ..ඔයාලට ඇස්වහක් වදින්න එපා.පුංචි පුතුට දෙවි පිහිටයි...උපයන සල්ලි වලින් සැප විඳිනවා වගේම පින් කමුත් කරනවා ඇති....(ස)

:       0       0

ඉසුරු Tuesday, 24 July 2012 08:41 AM

හොඳයි‍‍‍.. ....හොඳයි...... (ස)

:       0       0

නාරම්බන Saturday, 28 July 2012 12:36 PM

ඉනෝකා මොනවා කිව්වත් මෙයා විවාහය නිසා තමන්ගේ ආගම මාරුකරා... (ස)

:       0       0

ලක්විදු Monday, 23 July 2012 07:33 PM

'රුක්මල් 2012-07-23 12:46:02 එදා වෙලා හොයාගන්න බැරි මිනිසුන් ලක්ස ගණන් ඉන්දි මෙයාල මේ විඳින සැප ඕනවට වැඩ වැඩි .... නමුත් කල්පනා කරලා බලන්න. මහා පාරේ වැටිලා ටැප් එකෙන් වතුර බිලා හැදෙන දරුවෝ දරුවෝ නෙමෙය්ද....." රුක්මල්, ඒක ‍එයාගේ වැරැද්ද නෙමෙයි. වැරැද්ද තියෙන්නේ මේ සමාජ ක්‍රමයේ. (නි)

:       0       0

ඇලෙක්ස් Monday, 23 July 2012 01:42 AM

වාසනාව. (නි)

:       0       0

ඉනෝකා Monday, 23 July 2012 07:53 PM

ඇත්තම කියනවා නම් හැම කෙනෙක්ම ධනය හා බලය ඉදිරියේ තමන්ගෙ රට,ජාතිය,ආගම පාවා දෙන්නෙ නැහැ. අපේ ඉතිහාසයෙන්ම ඒ බව ඔප්පු වෙනවා. ආ...! මට අමතක වුණා. දැන් මේ කියන විදියට, ඇන කොටා ගන්න මිනී මරා ගන්න හා වෙන් වෙන ජෝඩු එක් කරලා තියෙන්නෙ මහසෝනද? සීරි යකාද? මට දැනගන්න ඕනේ නිසයි අහන්නේ. (නි)

:       0       0

පෙරේරා Monday, 23 July 2012 02:41 PM

හීනය සැබෑවක් කර ගැනීමෙන් , නිහතමානීව ඉදිරියට යන්නට සුභ පැතුම්........(ස)

:       0       0

ට්‍රිෂාන් Monday, 23 July 2012 03:05 AM

සුභ පැතුම්. ඉදිරියටම යන් දිරියෙන්. (ත)

:       0       0

කවින්ද Monday, 23 July 2012 02:45 PM

රුක්මල්,ඔයාට වුණත් සල්ලි තිබුණා නම් ඔයා වුණත් කරන්නේ ඔය ටිකමයි.අපි හැමෝම කැමතියි සැපවත් ජීවිතයකට. (නි)

:       0       0

රාජි Wednesday, 25 July 2012 10:53 AM

ඔබට සුභ පතනවා (දී)

:       0       0

අනුර Sunday, 29 July 2012 06:41 AM

ඔබගේ ක්‍රීඩා විලාශය විශිෂ්ඨයි. අපි සැමදා ඔබට ආදරෙයි. (නි)

:       0       0

අසන්ක Friday, 27 July 2012 09:27 AM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

රත්නායක Thursday, 26 July 2012 04:11 PM

සුභ අනාගතයක්...!(නු)

:       0       0

චාමික Monday, 23 July 2012 03:04 PM

මම සුභ පතනවා ඔබට (දී)

:       0       0

සමිත් ලක්ෂාන් Friday, 07 March 2014 05:40 PM

මම හදවතින්ම සුභ පතනවා අජන්ත අයියාට.(නදී)

:       0       0

ශානි Wednesday, 08 August 2012 12:06 PM

සුභ පතනවා ඔබට (දී)

:       0       0

කුරුවිට Monday, 23 July 2012 09:19 PM

මීට වඩා සල්ල තියන අය තව මොනතරම් ඉන්නවද. (ත)

:       0       0

සමන් Thursday, 02 August 2012 09:50 AM

"මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ" (නි)

:       0       0

අචිනි Saturday, 04 August 2012 06:50 PM

සුභ පැතුම් ඔබ දෙපලට සහ අලුත් සාමාජිකයාට...!!(නු)

:       0       0

කමල් Wednesday, 25 July 2012 05:11 PM

අයියෝ සල්ලි........ (නි)

:       0       0

එරංග සඳරුවන් Monday, 30 July 2012 09:24 AM

සුභ පැතුම් මෙන්ඩිස්. ඉක්මනට නැවතත් ටීම් එකට එන්න. (ස)

:       0       0

නදීශා Saturday, 04 August 2012 08:14 PM

ලස්සන ජීවිතයකට සුභ පැතුම්..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 620 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1022 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site