IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මේ කාලේ වැඩිම ඉල්ලූම තියෙන්නේ බූට් සිංදුවලට

2016-06-24-ent-145

මෑත කාලයේ පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැගුම්ගත් ගීත අතරින් ”අවසාන පේ‍්‍රමයයි” ගීතය හරහා දිමංක වෙල්ලාලගේ කියන ගායන ශිල්පියා මතකයේ රැුඳෙන ගායන තරුවක් බවට පත් වුණා. පේ‍්‍රමය, විරහව, ශෝකය කියන හැඟීම් තාරුණ්‍යයට නුහුරු නුපුරුදු අත්දැකීමක් නෙමෙයි. කඳුල සහ පේ‍්‍රමය ආදරණීය සිත් සතන්වලට ආමන්ත‍්‍රණය කරන්නට සමත් වූ දිමංක පසුගියදා අලූත් ගීතයක් හරහා නැවත පේ‍්‍රක්ෂකයා අතර කතාබහට ලක් වුණා. මේ දිනවල අලූත්ම ගීතයට ලැබෙන ඉහළ ප‍්‍රතිචාරත් සමඟ කලා ජීවිතේ තොරතුරුත් සමඟින් ඔහු සඳැල්ල අපි සමඟ කතා බහට එක් වුනේ මෙලෙසින්.

 

ඔබම ද මේ හිතට මාගේ

දුක ගෙන දෙන්නේ

සමුගෙන රහසේ

දෙතැන අපේ ගෙවන මොහොතේ

තනිකම මහදේ නැහැ වියකෙන්නේ

තරහා නොසිතා යළි මා සොයලා

ඔබ එන්න රත්තරනේ කවදක හෝ සසරේ...

 

 

2016-06-24-ent-146කවුරු එනකම්ද මේ විදිහට බලාගෙන ඉන්නේ?

ජීවිතේට තවම විශේෂ කෙනෙක් නැහැ.

 

එහෙනම් කාටද මේ කියන්නේ?

මේ ගීතයත් එක්තරා විදිහකට මගේ ජීවිතයට සම්බන්ධ අත්දැකීම් එකතු කරලා හදපු ගීතයක්.

 

ගීතයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

ප‍්‍රතිචාර නම් ගොඩක් හොඳයි. මමත් මේ ගීතයේ රංගනයෙන් දායක වෙනවා. යුරේනි නොෂිකා තමයි රූප රචනයේ පෙනී ඉන්නේ. ඉතින් ඇය සමඟ මට රඟපාන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.

 

ජීවිතේ අත්දැකීම් එකතු කරලා ලියවුණු ගීතය ගැනත් කියමු...?

මගේ නිර්මාණය වුණ හැම ගීතයක්ම ලියවුණේ මගේ අත්දැකීම්වලට සම්බන්ධ දේවල්. ”ඔබමද මේ” කියන ගීතයටත් මගේ ජීවිතේ සමහර අත්දැකීම් පාදක කරගෙන තමයි ලියවුණේ. ගීතය ලිව්වේ සචිත් පී. චතුරංග, සංගීතවත් කළේ චන්දන වල්පොල, රූප රචනය ළහිරු මුදලිගේ.

මේ ගීතයේ මම කුඩා කල සිටම අන්ධ ළමයෙක්. මුකුත්ම නොපෙනෙන මගේ ලෝකෙට එළිය ගෙනෙන ගෑණු ළමයෙක් ඉන්නවා. මගේ ජීවිතේ ගොඩක් අවස්ථාවලදී උදව් කරන්නේ ඒ ගෑණු ළමයා. තරුණ වයසට එනකොට ඇයට නොකිව්වට පොඩි කාලෙ ඉඳලම මම ඇයට ආදරේ කරනවා. ඒත් ඇය මගේ ආදරේ දැනන් හිටියෙ නැහැ. ඇය වෙනත් අයකු සමඟ විවාහ වෙනවා. එදා ඒ දුක දරාගන්න බැරිව අවසානයේ මම ජීවිතයෙන් සමුගන්නවා. මම ඇයට ආදරේ ප‍්‍රකාශ කළා නම් මේ ආදර කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා. මේ කතාව තමයි ලියවුණු අලූත්ම ගීතය. කොච්චර ගීත ලියවුණත් ”අවසාන පේ‍්‍රමයයි” ගීතයේ ජනප‍්‍රියත්වය තවම අඩුවෙලා නැහැ.

 

එතකොට මේ විරහව වේදනාවත් එක්ක හැමදාම ඉන්නද කල්පනාව?

අපෝ නැහැ. හැඬට උචිත විදිහට තමයි මම ගීත ගායනා කරන්නේ. ඉදිරියේදී වෙනසක් කරන්න බලනවා. මේ කාලේ වැඩිම ඉල්ලූම තියෙන්නේ බූට් සින්දුවලට නේ.

 

අවසාන පේ‍්‍රමයයි ගීතයට පිළිතුරු ගීත කියලා පසුගිය කාලේ ඇතිවුණ ආරවුලට මොකද වුණේ?

මේ ක්ෂේත‍්‍රයේ කිසිම කෙනෙක් එක්ක මගේ කිසිම ආරවුලක් ඇති වුණේ නෑ. ඒ ගීතයට පිළිතුරු ගීතය ගායනා කළාට පස්සෙ ”අවසාන පේ‍්‍රමයයි” ගීතය තවත් ජනප‍්‍රිය වුණා. මාව දැනුවත් නොකර මගේ ගීතයට පිළිතුරු ගීතයක් කරපු නිසා මුලදි මට මේ ක්ෂේත‍්‍රය ගැන ලොකු කලකිරීමක් ඇති වුණා. අකමැති කියලා නම් මම කොහේවත් ප‍්‍රකාශ කළේ නැහැ. මාව දැනුවත් කරලා පිළිතුරු ගීතය කළා නම් මීට වඩා ගොඩක් වටිනවා. ක්ෂේත‍්‍රයේ කිසිම කෙනෙක් එක්ක අමනාපයක් නැහැ. වෙනදා වගේ ක්ෂේත‍්‍රයේ වැඩ කටයුතු කරගෙන යනවා.

 

මේ දවස්වල ප‍්‍රසංග වේදිකාවේ දිමංකට ලොකු ඉල්ලූමක් තියෙනවා නේද?

හොඳ ඉල්ලූමක් තියෙනවා. ගායකයෙක් විදිහට ක්ෂේත‍්‍රයට ආවට පස්සේ වැඩිපුරම ප‍්‍රසංග වේදිකාවේ වැඩ කරපු අවුරුද්ද මේ අවුරුද්ද.

 

ඒ කියන්නේ දිමංක සින්දු කියන්න ලොකු ගණන් ඉල්ලන්නේ නැහැ කියලද?

ඇත්තටම... මම ප‍්‍රසංගවලට ලොකු ගණන් ගන්නෙ නැහැ. මට අලූත් පරපුරේ අය එක්ක අභියෝග නැහැ. තරගයක් නැහැ. මේ ගමන මම බොහොම සාධාරණව හෙමින් යන ගමනක්. මම කියන චරිතයට වටිනාකමක් ලබාදෙන්න ඕන. ඒක සල්ලිවලට ලබාගන්න මම කැමති නැහැ.

 

තමන්ගේම කියලා සංගීත කණ්ඩායමක් පටන් ගන්න අදහසක් නැද්ද?

සංගීත කණ්ඩායම් ගොඩකින් මට කතා කරලා තියෙනවා. ඒ වගේම සංගීත කණ්ඩායමක් පටන් ගන්න කියලා ගොඩක් අය මට කියනවා. ඒත් මට තවම එහෙම අදහසක් නැහැ. මම කැමති මගේ ගමන තනියම යන්න. ක්ෂේත‍්‍රයේ තව කාලයක් යනකොට මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්.

 

අද තියෙන සංගීත කලාව ඇතුලේ තියෙන්නේ විරහව, වේදනාව, අඳෝනාව විතරයි කිව්වොත් ඔබ ඒකට එකඟ වෙනවද?

එක පැත්තකින් ඔබ කියන කතාවට මම එකඟ වෙනවා. ඒත් මේ රැුල්ල තනි පුද්ගලයකුට වෙනස් කරන්න අමාරුයි.

 

සංගීත ක්ෂේත‍්‍රයේ නවකයෙක් විදිහට මේ කලාව ඇතුළෙ මීට වඩා යමක් කළ හැකියි කියලා හිතෙන්නෙ නැද්ද?

දැන් ගීත හැදෙන්නෙ රිගින් ටෝන් සංකල්පයට. කලාව අද හම්බ කරන වෙළෙඳාමක් වෙලා. අද තියෙන්නෙ මුදලට සින්දු හිට් කරන කලාවක්. සංගීත කලාව ඇතුළේ අපිට මීට වඩා දුර යන්න පුළුවන්. ඒත් හැමෝම බලන්නේ රැල්ලට යන තාලේ ගීතයත් කරලා ඒක මාර්කට් කරගන්න. මට ඕන වුණේ පේ‍්‍රක්ෂකයාගේ හිතට දැනෙන ගීත කරන්න. ගීතය වටිනවා නම් ඉබේටම ගායකයාටත් ඒ වටිනාකම ලැබෙනවා.

 

නදීශා අතුකෝරළ 

 

sandalla

 

2016-06-24-ent-147



අදහස් (0)

මේ කාලේ වැඩිම ඉල්ලූම තියෙන්නේ බූට් සිංදුවලට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 30 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2087 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1075 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 941 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 729 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2473 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site