IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මං ගීත නිර්මාණය කරන්නේ, රාවණා රජතුමාගේ විශේෂ අවස්ථා පාදක කර ගනිමින්

2016-08-11-ent-84

"රාවණා" ඉතිහාසයේ හරය නැවත වර්තමාන සමාජයට ගෙන ඒමට වෙහෙස මහන්සිවෙමින් කටයුතු කරන පුද්ගලයෙකු ලෙස, කලක් මාධ්‍යය ක්‍ෂේත්‍ර‘යේ කටයුතු කළ සජිත් දිල්පහන් දැක්විය හැකිය. ඔහුගේ "රාවණා" පිළිබඳ අන්තර්ගත "සුපර්ණිකා" සංයුක්ත තැටිය මේ වනවිටත් සමාජගතව අවසන්ය. මේ ඒ පිළිබඳවය.

 

"සුපර්ණිකා" සංයුක්ත තැටිය එළිදක්වලා කාලයක් ගතවුණා. කොහොද එයට ලැබෙන ප්‍රතිචාර. වෑයම සාර්ථකද?

2016-08-11-ent-85මුලින් එය සාර්ථක කරගන්න අපහසු වුණා. පළවෙනි කාරණාව අපි ලංකාවෙ දෙදහ දශකය පටන්ගත ගමන් ඇති වුණ චින්තනමය දුප්පත්කම මත රූපරචනාව කියන කාරණාවට යොමු වීම. මාධ්‍ය වුණත් මුලින්ම අහන්නේ මෙයට රූප රචනාවක් නැද්ද කියලා. මෙහි ගායකයා, සංගීත අධ්‍යක්ෂකවරයා ගැන එතරම් සැලකිල්ලක් ඔවුන් දක්වන්නෙ නැහැ. ගීතයක් ප්‍රචාරය කරන්න ලක්ෂ ගණනක් දෙන්න සිදුවෙනවා. මේ කරුණු කාරණා එක්ක හොඳ නිර්මාණයක් කරන්න ඕන කියලා හිතන තත්ත්වයට පත්වෙලා. ඒක ඉතාම ඛේදනීයයි. මේ ඛේදනීය තත්ත්වය තුළ %සුපර්ණිකා^ ගීත ඇල්බමයට මේ වෙද්දි ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙනවා.

 

වර්තමානයේ අහන්න ලැබෙන ගීත එක්ක මෙවැනි ගීතයක ඇති අර්ථයට ශ්‍රාවකයන්ට සමීප වෙන්න පුළුවන්ද?

ඉස්සර ගීතයට ආදරේ කළ මිනිස්සු වැඩිපුරම ආදරේ කළේ පද රචනයට. එහි අර්ථය එක්ක තමයි සංගීතයට, ගායකයාට ඇල්මක් ඇතිවුණේ. අනූව දශකයේ, අසූව දශකයේ ගීතවල වචන මතකයි. වචන කියන මාධ්‍ය ප්‍රබලයි.

ඒ වචන ගායනා කරන්නේ ලංකාවෙ ඉන්න ප්‍රවීණ ගායකයන් පිරිසක්. ඔවුන් අසූව අනූව දශකයේ ගායන කරපු ගීත සමග සසඳන විට මේ ගීත හොඳ මට්ටමක තිබෙනවා. ඒ තුළ මම විශ්වාස කරනවා "සුපර්ණිකා" ගීත ඇල්බමය ගැන කෙනෙක් දැන ගත්තොත් මේ සීඩී පටය ශ්‍රවණය කරනවා කියන විශ්වාසය මා තුළ තිබෙනවා. සිංහලේ රාවණා කියන නිරිඳු ගැන තමයි මෙහි කතා කරන්නේ, ඒ පිළිබඳ නිර්මාණය වූ ගී තැටියක් තමයි මෙහි තිබෙන්නේ. ඒ නිසා එය මිනිස්සු ගන්නවා.

 

රාවණා ඉතිහාසය අද හොඳ වෙළෙඳ භාණ්ඩයක් බවට වෙලා. මේ සංයුක්ත තැටියටත් එය අදාළයි?

නිර්මාණයකට අගයක් තිබිය යුතුයි. නිර්මාණයකට මිලක් තියෙන්න ඕනේ. එහෙම නිර්මාණයකට අගයක් හෝ මිලක් නැත්නම් ඒ නිර්මාණය කොතරම් හොඳ නිර්මාණයක් වුණත්, වැළලී යනවාමයි. ඒක නවත්වන්න බැහැ. ලෝකය වෙනස් වෙනවා. ඒ ධර්මතාවය අනුව නිර්මාණයට අගයක් හෝ මිලක් තිබිය යුතුයි. මේ ගැන කතා දෙකක් තිබෙනවා. අංක එක මුදල් ඉපයීමේ පරමාර්ථය. අංක දෙක සමාජයට යමක් දායාද කිරීමේ පරාමාර්ථය. මේ කාරණා දෙක තිබෙන්නේ කාසියේ දෙපැත්ත වගේ. ඕනම කෙනෙකුට මෙය නිර්වචනය කළ හැකියි. යහපත් පරමාර්ථයකින් මෙය සිදුවන්නේ. මං මේ ගීත නිර්මාණය කරන්නේ රාවණා රජතුමාගේ විශේෂ අවස්ථා පාදක කර ගනිමින්. ගීත ගායනා කරන්නේ, කරුණාරත්න දිවුල්ගනේ, සුනිල් එදිරිසිංහ, සනත් නන්න්දසිරි, ටී.එම්.ජයරත්න, වික්ටර් රත්නායක, සෙන්ටිග්‍රේට්, ඉෂාන් ප්‍රියංකර පෙරේරා වැනි මෙවැනි වැදගත් ගීතාවලියක් ජනතාව අතරට පත්කරන කර්තව්‍යය තුළ තමයි. මෙම සංයුක්ත තැටිය වෙළෙඳ පොළට නිකුත් කළ යුතුයි කියන අදහසේ අපි ඉන්නවා.

 

නිර්මාණයක් ගත්තම පරිකල්පනය කිරීමේ හැකියාවක් තිබෙනවා. එවිට මේ ඔබ කියන සත්‍යම කෙලෙසකද සමාජගත වෙන්නේ?

ලිඛිත මාධ්‍ය තුළ තමන්ගේ අත්දැකීමක්, තව කෙනෙකුගේ අත්දැකීමක්, සාමාජීය අත්දැකීමක් තුළින් නිර්මාණ බිහිවෙන්නේ. එය සිංහලේ රාවණ සහ මෙම ගීතාවලියේ කිසිදු ලිඛිත මූලාශ්‍ර‘යක් අනුගමනය කරලා නැහැ. මම කියන්නේ විශ්ව මූලාශ්‍ර‘‘ ඇසුරු කරගෙන තමයි මෙය රාවණා වෙන්නේ. මම රාවණා ඉතිහාසය පිළිබඳ කිසිදු පොතක් කියවන්නෙ නැහැ. ගීතාවලියටත් එය අදාළයි. වසර පහක් තිස්සේ සියලු දේවලින් ඉවත්ව රාවණා ඉතිහාසය ගැන හොයන්න මගේ ජීවිතය කැප කරමින් තමයි මම මේ කටයුත්ත කරන්නේ. ඒ තුළ මම රකින ප්‍රතිපත්තිය තුළ මට දැනෙන දේ මම විශ්වාස කරනවා අතිශයින්ම නිවැරදී කියලා. මට එය ඔප්පු කළ හැකි ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. මේ සත්‍ය ලබාදීමේදී මිනිසුන්ට ගෝචර වන ආකාරයට ලබාදෙන්නේ ගංගා සුදර්ශී මහත්මිය තමයි. මට මේ ගමනට ඇය ආශිර්වාදයක්. ප්‍රතිපත්තිගරුකව තමයි මේ කටයුතු සිදුකරන්නේ. මෙය හුදු මිත්‍යාවක් නොකර පරිකල්පනයක්ම නොකර සත්‍ය දැක්වීම තමයි මගේ ඒකායන අභිප්‍රාය.

 

ඒ අභිප්‍රාය ඉටුකරගන්න සුපර්ණිකා සංයුක්ත තැටියේ අන්තර්ගතය ගැන කතා කළොත්?

විශේෂිත සිද්ධීන් පරිච්ඡේදගත කර තිබෙන්නේ. මුලින්ම සුනිල් එදිරිසිංහ මහතාගේ ගීතය. රාවණා රජතුමාට උපහාර පිරිස ගායනා කරන්නේ. ඒ තුළ රාවණා ඉතිහාසය ශ්‍රී ලාංකීය ප්‍රෞඪත්වය හා රාම රාවණාට කළ වැරදි ක්‍රියාව තමයි ආරම්භ වෙන්නේ. ක්‍රමක් ක්‍රමයන් යුද්ධයට පාදක වූ කරුණු "සුපර්ණිකා" මෙම යුද්ධයට මූලික වුණා කියලා ඉතිහාසයේ අදහස් වෙනවා. රාවණා රජතුමාගේ නැඟණියට කළා වූ අඩන්තේට්ටම් මූලික කරගෙන යහපත් ස්ත්‍රී සංස්කෘතියක් තිබූ ආකාරයේ මෙවන් දෙයක් කරන්න හැකියාව කියනවද කියන හැඟීම මත තමයි රාමරජතුමා සීතාපැහැරගෙනවිත් ඒ දඬුවම ලබාදුන්නේ. එය ඇයට අපහාසයට පත්කිරීම නෙමෙයි. සංස්කෘතියක් උල්ලංගණය කිරීම තුළ දැනුණු වේදනාව තමයි මෙහි සඳහන් වෙන්නේ. මෙම ගීතයේ කාශ්‍යප බුදු පියාණන්ගේ බුද්ධ අවධිය ගැන, සුපර්ණිකාවන්ගේ ප්‍රේම වෘත්තාන්තය, ආදරණීය ජීවිතය පිළිබඳ මේ ගීත ඇල්බමය තුළ සාකච්ඡා වෙනවා. මම විශ්වාස කරනවා සංස්කෘතික වශයෙන් පුරාවෘත්තයක් වේවා, අධ්‍යාපනික වශයෙන්, සෞන්දර්ය අතින් හැම දෙයක්ම පාදක කර ගනිමින් තමයි සිංහලේ රාවණ ගැන කියවෙන සුපර්ණිකා ගී සමුච්චිය නිර්මාණය වෙන්නේ.

 

නිදුක් මදුෂික / ඡායාරූප - මිහිර බණ්ඩාර

 

2016-08-11-ent-86



අදහස් (0)

මං ගීත නිර්මාණය කරන්නේ, රාවණා රජතුමාගේ විශේෂ අවස්ථා පාදක කර ගනිමින්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 201 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 504 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 297 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 206 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 960 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 817 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site