IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මේ දවස්වල 'සුරදූතියෝ' ටෙලිනාට්‍යයේ තමයි වැඩ

2016-05-18-ENT-27

මෑත කාලයේ බොහෝ ප්‍රේක්ෂකයන් අතර කතා බහට ලක්වූ ගයාත්‍රි ඩයස් වර්තමාන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය හා ප්‍රවීණ රංගන ශිල්පිනියක්. පසුගිය කාලේ විවිධ කලා කටයුතු ඔස්සේ ඔබේ අවධානය දිනාගත් ගයාත්‍රිගේ කලා කටයුතු පිළිබඳව "සාරවිට" අපි ඇගෙන් තොරතුරු විමසුවා.

 

2016-05-18-ENT-30මේ දවස්වල හරි කාර්යය බහුලයි නේද?

ඔව්, මේ දවස්වල "සුරදූතියෝ" ටෙලිනාට්‍යයේ තමයි වැඩකටයුතු කෙරී ගෙන යන්නේ. ඊට අමතරව තව ටෙලිනාට්‍ය දෙකක් කරනවා ඒවා කොයි කාලෙ විකාශය වෙයිද කියලා මම දන්නෙ නැහැ.

 

චිත්‍රපට පැත්තේ දායකත්වය පිළිබඳව කිව්වොත්?

චිත්‍රපට ගැන කිව්වොත් දෙකක් විතර කළා. මේ දවස්වල තිරගත වන "සිංහයා' චිත්‍රපටයෙත් මම ඉන්නවා. ඒවත් එක්ක චිත්‍රපට 4ක් විතර කරපු ඒවා තියෙනවා. පසුගිය දවස්වල එක චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වුණා. තව අලුත් චිත්‍රපටයක රූගත කිරීම් තව මාසයකින් පටන් ගන්නවා. මමත් නයනයි, එකට රංගනයෙන් දායක වන චිත්‍රපටයක්. ඉතිං ඔය විදිහට තමයි කටයුතු සිද්ධ වෙන්නේ.

 

දේශීය ටෙලි කර්මාන්තයේ ඇඳ වැටීමක් තිබෙනවාද? ඉන්දියානු නාට්‍ය සංස්කෘතය හේතුවෙන් දේශීය නාට්‍ය ප්‍රචාරය වීමේ අඩුවීමක් තියෙනවාද? 

අනිවාර්යයෙන්ම. අපේ ටෙලි නාට්‍ය සඳහා තිබුණු ඉඩකඩ තමයි මේ ඉන්දියානු ටෙලිනාට්‍යවලින් වැහිලා ගිහිල්ලා තිබෙන්නේ. අපේ රටේ ඉන්න ප්‍රේක්ෂකයොත් විවිධාකාරයිනේ. ඒ ප්‍රේක්ෂකයොත් අපේ නිර්මාණ බලනවා හා සමානවම ඒ අනෙකුත් නිර්මාණවලට යම්කිසි රුචිකත්වයක් දරනවා. ඒ නිසා නාලිකා මේ හැම දෙයක් ගැනම හිතලා බෙදලා හදලා විකාශය කරනවා. නමුත් දේශීය නිර්මාණවලට තිබෙන ඉඩ ඇහිරෙන ගතියක් ඒකෙන් සිද්ධ වෙනවා.

 

එවැනි කටයුත්තක් සිදුවන්නේ දේශීය දේවල්වල වටිනාකමක් නැති නිසාද?

වටිනාකම නැති නිසා නෙමේ. රූපවාහිනි නාළිකාත් යැපෙන්නේ වෙළෙඳ දැන්වීම් ඔස්සේ. ඉතිං අපේ වෙළෙඳ පොළත් බොහොම වෙන රටවල්වල දේවල් සඳහා කැමතියි. අපේ දේකට අනුග්‍රහය දක්වනවාට වඩා විදේශීය දේවල්වලට අනුග්‍රහකත්වය දක්වන්න අපේ රටේ සමහර නිෂ්පාදකකරුවන් හරි කැමතියි. ඒ හින්දා වෙන්න ඇති රටේ තිබෙන සියලුම නාළිකාවන් වෙනත් රටක දෙයක් ප්‍රචාරය කරන්න උත්සාහ කරන්නේ කියලා තමයි මටනම් හිතෙන්නේ.

 

අද අප රටේ දේශීය ටෙලිනාට්‍ය අඩුමුදලක් වැය කොට නිෂ්පාදනය කරන නිසා මෙවැනි තත්ත්වයක් උදා වෙනවා කියලා චෝදනා ඇත්තද?

වෙනත් රටවල ටෙලිනාට්‍ය විකාශනය වීම නිෂ්පාදකවරුන් පවා අලස වෙලා තියෙනවා. ඔය නිෂ්පාදකවරුනුත් ටෙලි නාට්‍ය සඳහා ලොකු වියදමක් දරන්න බයයි. මොකද මේ වියදම දැරුවට පස්සේ, මේ ටෙලිනාට්‍ය විකාශය කරගන්න තැනක් තියෙනවාද කියන එක ඔවුන්ට ප්‍රශ්නයක් නිසා. ඔවුන් ගොඩක් දුරට උත්සාහ කරන්නෙ "ලෝ බජට්" එකේ නිර්මාණ කරන්න. "ලෝ බජට්" එකේ නිර්මාණයක් කරලා මේක ගියත් එකයි නැතත් එකයි කියන තැනේ ඉඳලා නිර්මාණය කරන නිෂ්පාදකවරු පිරිසකුත් ඉන්නවා. ඉතිං ඒ හින්දා මම විශ්වාස කරනවා. අපේ රටේ නිෂ්පාදකවරු වැඩිවශයෙන් නිර්මාණයන් කරන්න නම් ඒ සඳහා වියදම් කරන නිෂ්පාදකයට හරි විදිහේ මිලක් ලැබිලා හරි විදිහේ තැනක් ලැබුණනම් අපේ නිෂ්පාදකවරු තව වියදම් කරලා තාක්ෂණික පැත්තෙන්ද හැම පැත්තමද නළු නිළියන්ට වැඩිපුර ගෙවලා ඒ කාර්යය හොඳට කරයි කියලා හිතනවා.

 

මෙම වැටිලා තියෙන වළෙන් ටෙලිනාට්‍ය කර්මාන්තය නැවත ගොඩනැගීමට හැකියාවක් තියෙනවාද?

ගොඩගන්න පුළුවන්. මොකද අපේ ටෙලි නාට්‍ය සියයට හැටක් විතර ගත්තොත් එහෙම අඩුවියදම් නිර්මාණ ලෙස හැදෙන්නේ අර මම කියපු කාරණා නිසා. මම හිතනවා අපේ රටේ නිර්මාණ සඳහා වැඩි අවස්ථාවක් ලැබෙන්න පටන් ගත්තොත් ඒ අගාධයෙන් ගොඩ එන්න පුළුවන් කියලා. එහෙම නැති වෙන්නේ නැහැ. මොකද අපේ රටේ ඉන්න අධ්‍යක්ෂකවරු අපේ රටේ ඉන්න රංගන ශිල්පිනි ශිල්පිනියන් කාර්මික ශිල්පීන් මේ හැමෝම යැපෙන්නේ තමන් කරන රස්සාවෙන්. ඒකට අනෙකුත් නාළිකා උදව් නොකොළොත් එහෙම කර්මාන්තයක් හැටියට සියලුදෙනාම වැටෙනවා. ඒ නිසා එහෙම නොවෙන්න ඉඩකඩ සිදුවෙමින් පවතිනවා. දැන් ඇත්තටම නිර්මාණ ගොඩක් කෙරෙනෙවා. පහුගිය කාලෙ ගත්තොත් මමත් සෑහෙන නිර්මාණ සඳහා දායක වුණා. මට හිතෙන්නෙ ඉදිරියේදී මේ ක්‍රමය වෙනස් වෙලා අපේ නිර්මාණ සඳහා ඉඩක් ලැබෙයි කියලා.

 

ලාංකික කලාකරුවන් සඳහා සාධාරණයක් වීම සඳහා ඇයි කිසිඳු දේශපාලනික ක්‍රමයක් ගොඩ නැගෙන්නේ නැත්තේ ඇයි?

දේශපාලනික මට්ටමින් යමක් වෙයි කියලා හැමදාම කලාකරුවෝ බලාගෙන හිටියා. නමුත් කලාකරුවන් දේශපාලනයට ගියා වුණත් ඒ දේ සිද්ධ වුණේ නැහැ. ඉතිං මම හිතන්නෙ දේශපාලනය මත දෙයක් වෙයි කියලා බලාගෙන හිටියොත් කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ. අඩුම තරමින් අපි ගත්තොත් එහෙම රටේ තියෙන සිනමා ශාලා පවා ඒ කාලේ තිබුණට වඩා 50%ක් විතර වැහිලා තියෙන්නේ. ඉතිං ඒ වැහිලා තියෙන ප්‍රශ්නය ඇති වෙලා තියෙද්දිත් රටක් හැටියට දේශපාලන බලේ ඉන්න අයට කරන්න පුළුවන් දෙයක් නැහැ ඒ දේවල් නැවත යථා තත්ත්වයට පත් කරන්න. ඉතිං එහෙම තියෙද්දි දේශපාලනයෙන් යමක් බලාපොරොත්තු වෙන එක ඒ තරම්ම ප්‍රායෝගිකයි කියලා මම හිතන්නෙ නැහැ. මම හිතන්නෙ අපි අපිම එකතු වෙලා මේ දේ ගොඩ ගත්තොත් ඇරෙන්න දේශපාලන වටපිටාවක නම් කිසිදෙයක් සිදු නොවුණා සේම ඉදිරියේදීත් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද මේ වෙනකොටත් කලාවට සම්බන්ධ හුඟ දෙනෙක් දේශපාලනය කරනවනේ. ඒ අතින් බලන කොට වෙච්ච දේකුත් නැහැනේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

 

2016-05-18-ENT-29
2016-05-18-ENT-26
2016-05-18-ENT-28



අදහස් (0)

මේ දවස්වල 'සුරදූතියෝ' ටෙලිනාට්‍යයේ තමයි වැඩ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 0 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1276 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2738 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1694 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2919 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site