IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මේ පාර හම්බවුණේ මැදිවියේ චරිතයක්

2016-09-09-ent-66

පුංචි තිරයේ දඩබ්බරයා කියලා කිව්වට හැමෝම වගේ ඔහුට ආදරෙයි. ඒ හැමෝම වගේ ආදරය කරන ආදරණීය රංග ශිල්පියා ශ්‍රීනාත් මද්දුමගේ මේ දිනවල ලංකාවට ඇවිත් ඉන්නෙ. කවුරුත් දන්නවනෙ ඔහු පදිංචිව සිටින්නෙ ඕස්ටේ‍්‍රලියාවේ කියලා. ඒ විදියට ඕස්ටේ‍්‍රලියාවේ සිටින ශ්‍රීනාත් ලංකාවට එන්නෙ විශේෂ හේතුවක් එක්කයි. මෙවර එයා ලංකාවට ආ විශේෂ හේතුව මොකක්ද?

ශ්‍රීනාත් හදිසියේම නැවතත් ලංකාවට ඇවිත්.

මේ සැරේ නම් විශේෂයෙන්ම ආවේ උදයකාන්ත මහත්මයාගේ අලූත් චිත‍්‍රපටයේ චරිතයක් රඟපෑම වෙනුවෙනුයි. කොහොමටත් එතුමා චිත‍්‍රපටයක් කළොත් මට චරිතයක් බාරකරනවා. ඉතින් ඒකට හේතුව මම දන්නෙ නැහැ. නමුත් මම ඔහුට ඊට ගරු කරනවා.

 

උදයකාන්තගෙන් හැර වෙනත් අධ්‍යක්ෂවරු වෙතින් ඔබට ආරාධනා ලැබෙන්නෙ නැද්ද?

2016-09-09-ent-63නැත්නම් ඔබ ඒවායේ රඟපාන්නේ නැද්ද? වෙනත් අයගෙන් ආරාධනා ලැබෙනවා. ඒත් උදයකාන්ත ආරාධනා කළාම එන්න හිතෙනවා. මොකද එයා මගේ නිවාඩු සහ රාජකාරි ගැන හොඳින් වටහාගෙන ඉන්නෙ. ඒ නිසා අද කියලා හෙට එන්න කියන්නෙ නැහැ. අනෙක ඔහු ඔහුගෙ නිර්මාණ කාර්යය හොඳට සැළසුම් කරලා කරන්නෙ. ඒ නිසා ඒ වෙනුවෙන් කාලය වෙන්කර ගැනීමට ඉඩක් මට ලැබෙනවා. අනෙක මේ නිර්මාණයෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නෙ එහි බොහෝ කොටස් රූගත කරන්නේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර වීමයි. දැන් ලංකාවේ මෙහි රූගත කිරීම් පටන්ගෙන.

 

මෙවර ඔබගෙ චරිතය මොකක්ද?

මැදිවියේ කෙනෙකුගේ චරිතයක්. ප‍්‍රධාන නළුවාගේ බාප්පාගේ චරිතය කිව්වොත් නිවැරදියි.

 

දැන් ඔබගෙ ජීවිතය කොහොමද කියලා ඇහුවොත්?

ඕස්ටේ‍්‍රලියාවේ ජීවිතය නෝනා සහ දියණිය සමග සුන්දරව ගෙවනවා. මෑතකදී අපි විශේෂ සංදර්ශනයක් පැවැත්වුවා. දෝන කතිරිනා ජවනිකා පෙළහර කියලා. ජවනිකා ගොන්නක් ඊට ඇතුළත් වුණා. මෙල්බර්න්හි වෙසෙන අපේ දරුවන්ට සහ ඉතිහාසය අමතක නම් වැඩිහිටියන්ට ඒ ගැන මතකය යළි අවදිකරවීමටයි. මධූර ජවනිකා, ආනන්ද ජවනිකා වගේ වාර්තා රංගනයක්. එහි විශේෂත්වය වුණේ මෙල්බර්න්හි වෙසෙන ශ්‍රී ලාංකිය ප‍්‍රජාවේ පිරිසක් රංගනයට දායකවීමයි. ප‍්‍රකට රංගවේදී යුවළක් වන දිලිනි ලක්මාලි තිරිමාන්න සහ සහන් විමලසිරි ලංකාවෙන් පැමිණ ප‍්‍රධාන භූමිකා හැඩ කළා. අජිත් මෙන්ඩිස්ගෙ තිර රචනයට ඒ නිර්මාණ පෙළහර හැඩවුණා. AUSCA සංවිධානය තමයි මෙය සංවිධානය කළේ. මෙහි සභාපතිනිය ශ‍්‍රියානි මද්දුමගේ, ලේකම් පුෂ්පික ගමගේ මෙන්ම භාණ්ඩාගාරික දීපාල් ධර්මරත්න. උප සභාපති චිත‍්‍රා සෙනරත් ඇතුළු පිරිස තමයි මට මේ දේ කරන්න ඇරියුම් කළේ.

රංගනයට කවදාවත් එක්නොවූ පිරිස සමග 85 ක් පමණ රඟපෑවා. ඒක විශේෂ දෙයක්. මේ අපූරු සංදර්ශනයෙන් පසුව තවත් විශේෂිත කටයුත්තක් සිද්ධ වුණා.

 

ඒ මොකක්ද?

මේ සංදර්ශනය පැවැත්වෙද්දී තමයි අරණායකට සහ ලංකාවට ගංවතුර ඛේදවාචකය සිද්ධ වුණේ. මෙහිදී ලැබුණු අතිරික්ත මුදල සද්ක‍්‍රියාවකට යොදවන බවට. ඒ අනුව AUSCA සංවිධාන ඒ මුදලින් නිවසක් තනා දීමට (සුදුසු කෙනෙක් සොයා) කටයුතු කරනවා. මේ පැමිණි ගමනට එයත් එක් හේතුවක් වුණා.

මේ ගෙවී ගිය වසර දොළහේ සිට ඔබ දිවි ගෙවන්නෙ මෙල්බර්න් නගරයේයි. කොහොමද ඒ ජීවිතය ඔබට දැනෙන්නෙ.

ප‍්‍රකට පීටර් මැක් රෝහලේ සේවය කරන්නෙ. ඊට අමතරව මෑතකදී පුංචි ව්‍යාපාරයක් පටන්ගත්තා. පෙර කී සේ ජීවිතය ඇත්තටම සුන්දරයි.

 

මොන වගේ ව්‍යාපාරයක්ද?

ඒක ඇත්තටම ටේක් අවේ (Takeaway) අවන්හලක්. ‘‘කිංස්බර් ෆිෂ් ඇන්ඞ් චිප්ස්’’ එහි නමයි. ෆිෂ් ඇන්ඞ් චිප්ස් ඕස්ටේ‍්‍රලියාවේ හරි ජනප‍්‍රියයි. ඉතින් එය පුංචියට පටන් ගත්ත. ඒ අවන්හල අපේ ලංකාවේ කොළඹ සහ ගාල්ලේදී විවෘත කරන්නත් බලාපොරොත්තු වෙනවා. මගේ මිත‍්‍ර සනත් ගුණරත්න එක්කත් ඒ ගැන සාකච්ඡුා කරමින් සිටින්නෙ. නුදුරු අනාගතයේදී එය අවන්හල් ජාලයක්බවට සමහර විට විකාශය වේවි.

 

එය ලෝකය පුරා ගෙනයාමටද අරමුණ?

අපි බලමු නේද? පුංචියට පටන්ගෙන උත්සාහ කරලා බලමු.

 

නුදුරේදී ඔබ රඟපෑ අපට දැකගත හැකි නිර්මාණ තිබෙනවාද?

අජිත් මෙන්ඩිස්ගේ රචනයකට අනුව නිර්මාණය වන ටෙලි නාට්‍යයක චරිතයක් රඟපෑවා. ඒ අතරතුරේදී දියණිය සහ බිරිඳ එක්ක අපි අපේ පුංචි ලස්සන රටේ හැකිතාක් සංචාරය කළා. දැන් නැවත ඕස්ටේ‍්‍රලියා ගිය පසු  AUSCA සංවිධානය සමග එක්වී තවත් අපූරු ප‍්‍රදර්ශනයක් මේ වසර අගදී සංවිධානය කිරීමට කටයුතු සූදානම් කරනවා. මෙල්බර්න්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට එය තවත් අපූරු අත්දැකීමක් වේවි.

 

සටහන/ඡායාරූප සඳුන් ගමගේ 

 

2016-09-09-ent-65
2016-09-09-ent-64



අදහස් (0)

මේ පාර හම්බවුණේ මැදිවියේ චරිතයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 51 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 406 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 238 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 828 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 330 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 53 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site