පසුගිය රජය සමයේ වරැදි කළ පිරිස් තවමත් නිදැල්ලේ සිටින බව කියා රජයට චෝදනා එල්ල කළත් පොලිසියේ හා අධිකරණයේ ස්වාධිනත්වය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර නීතියට අනුකුලව වත්මන් රජය කටයුතු කරන බවත් පෙර රජය මෙන් නිතියට පිටින් දඬුවම් නොකරන බවත් එය රජයේ දුර්වලකමක් නොවන බවත් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මහනුවරදි පැවැසිය.
‘සුදු වෑන් වලින් උස්සාගෙන ගොස් පසුව ආයුධ පෙන්වන්නට යන අවස්ථාවේදී එම ආයුධයෙන් පෙරලා වෙඩි තැබිමට යාමේදි වෙඩි කා පුද්ගලයින් මියයැමේ සිදුවිම් දැන් වාර්තා නොවන බවත් එවැනි දේ වත්මන් රජයෙන් කිසිවිටකත් බලාපොරොත්තු නොවිය යුතු බවත් අමාත්‍ය වරයා එහිදි පැවැසිය.
හිටපු ජනාධිපති මහින්ද රාඡපක්ෂ මහතාට ලබා දි ඇත්තේ ප්‍රභූ ආරක්ෂාව සඳහා විධිමත් පුහුණුවක් ලැබු විශේෂ කාර්ය බළකා නිලධරයන් බවත් යුද හමුදා නිලධාරින්ට එවැනි පුහුණුවක් ලබා දි නොමැති බවත් ඇමැති කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ජන මතයට පිටින් පාර්ලිමේන්තු යන එක ගැන මොකද කියන්නේ (බ)
ශ්රී ලංකාවේ අාමි එක කියන්නේ හොද පුහුණුවක් ලද පිරිසක් කියල මෙච්චර ඉක්මනට අමතක කරනවා නම් ඊළග පාර ඡන්දෙන් කොහොමත් පරිදින එක විශ්වාසයි ජාතික ලැයිස්තුවෙන් වත් එන්න නම් මෝඩකම ප්‍රදර්ශනය නොකිරීමට වග බලා ගන්න හොදයි.......(බ)
නීතියට අනුකුලව වත් සමහරුන්ට දඬුවම් කරන බවක් පෙනෙන්නේ නැහැ! (බ)
එහෙට පනිනවා මොවුන්ට බනිනවා, මෙහෙට පනිනවා අනෙක් අයට බනිනවා. මේකනේ සම්ප්‍රදාය. (නි)
අශ්වයා උගන්ඩාවට පැනගිය පසු ඉස්තාලය වහන්න හොදේ. (ම)
අනේ මොකටද අපි මේවට උත්තර දීලා (නි)
අනේ ඇමතිතුමා මොනවාද මේ කියන්නේ? ලංකාවේ දැන් නීතියත් නැහැ ප්‍රජාතන්ත්‍රවාදයකුත් නැහැ. අපි එය හොඳට දන්නවා. (නි)
අනේ ඇත්තටම මේ වගේ කටක්? (නි)
මොනවා වුණත් අන්තිමේදී එයාලා බේරිලා (නි)
අපි කියන්නේ මේවා කල් ඇදෙනවා වැඩිය - පමාවෙලා යුක්තිය ඉස්ටවිම යුක්තිය ඉස්ට නොවීමට සමානයි. (ර)
බලමුකෝ එහෙම කරාවිද කියලා.(හේ)
සුදු වෑන් රජයේත් ඇමති පරාදවෙලා මේ රජයේත් ඇමති එදා එහෙම කරනකොට ඇයි කට වහගෙන හිටියේ (බ)
එතකොට ඔබ තුමා එම කැබිනට් එකේ හිටියේ නැහැ කැසිනෝ නරක නැහැ නොවැ (බ)
ජනතාව ප්‍රතික්ෂේප කලාට පිනට ලැබුන මන්ත්‍රී කමයි ඇමති කමයි වහ ගන්න මොනවා හරි ඉන්න ටික දවසට කියන්න. නමුත් කිසිම හරයක් නැති බව තමයි අපිට පෙන්නේ. (හේ)
ප්‍රංශ අවසාන විප්ලවය හා සමාන විප්ලවයක් නුදුරේදී ශ්‍රී ලංකාවේ ඇති වුවොහොත් එය රටේ පැවැත්මට සුබ වනවා ඇත (හේ).
මම නම් හිතන්නේ එස්.බි. ඇමතිතුමා කතා නොකර ඉන්න තරමට හොදයි.(හේ)
එකම නාට්ටිය තමයි හැමදාම. නළුවෝ සැරින් සැරේ වෙනස් වෙනවා. (ර)