IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මේ සිරිපා වාරයයි

20160323Siripade2

ලක්ෂ ගණනින් බැතිමතුන්ගේ වන්දනාවට ලක්වන සමනල කන්ද පිළිබඳව අප්‍රකට තොරතුරු බිඳක් ගෙන ඒමටයි සංචාරකයාගේ වෑයම. ශ්‍රී ලංකාවේ කඳු අතරින් වඩාත්ම විශාල මෙන්ම බොහෝ ප්‍රදේශ වලට දැකගත හැකි කන්ද වන්නේද මෙය වේ. උස අනුව සිව් වන තැන හිමි වුවද අනෙක් කඳුවලට වඩා කැපී පෙනෙන්නේ එහි හැඩය නිසාත්, තනි කන්දක් ලෙස නැගී සිටින නිසාත් පහසුවෙන් සමනල කන්ද හඳුනාගත හැකිය. බටහිර බැවුමේ පිහිටා ඇති නිසා කොළඹ ප්‍රදේශයට වුවද උදෑසන කාලයේදී සිරිපා කඳු පසුබිමින් හිරු නැගෙන අයුරු දැක ගත හැකිය. ශ්‍රී පාදයට පිවිසුම් මාර්ග ලෙස බොහෝ දෙනා දන්නේ හැටන් මාර්ගය හා රත්නපුර මාර්ගය වේ.

20160323Siripade3නමුත් ප්‍රදේශ හයකින් ආරම්භ වන මාර්ග හයකින් සිරිපා කරුණා කල හැකිය. 1. හැටන්-නල්ලතන්නි මාර්ගය / 2. රත්නපුර-කුරුවිට මාර්ගය / 3. රත්නපුර-පලාබද්දල මාර්ගය / 4. දැරණියගල-උඩමාලිබොඩ මාර්ගය / 5. දෙහෙනකන්ද - මුක්කුවත්ත මාර්ගය / 6. රජමලේ -සඳගලතැන්න මාර්ගය යන මෙම මාර්ග විවිද ස්ථාන වලින් ප්‍රදාන මාර්ග වන රත්නපුර හා හැටන් හා එක්වී කඳු මුදුන වෙත ලඟා වේ. මෙම මාර්ග අතරින් දෙහෙනකන්ද දුරින් වැඩිම හා දුෂ්කරම මාර්ගය වන අතර රජමලේ මාර්ගය පහසුම මාර්ගය වේ.

සීත ගඟුල ශ්‍රී පාද වන්දනාකරුවන් අතර ප්‍රකටය. හැටන් මාර්ගයේදී සීත ගඟුල ලෙස හමුවන්නේ කැලණි ගඟේ අතු ගංගාවක් වන අතර රත්නපුර මාර්ගයේදී සීත ගඟුල වන්නේ කලු ගඟේ අතු ගංගාවකි. සමනල කන්දේ හැඩයම ඇති, බැණ සමනල කන්දත් කුණුදිය පර්වතයත් සිරිපා කඳු ආසන්නයෙන්ම දැකගත හැකිය.

අහස පැහදිලි උදෑසනක සිරිපා කඳු මුදුනට පිදුරුතලාගල, හෝර්ටන්තැන්න, අම්බුලුවාව, මස්කෙලිය ජලාශය සහ තවත් භූමි ලක්ෂණ රාශියක් දැකගත හැකිය.
සමනල අඩවියේ සැඟවී ඇති දිය ඇලි රාශියට අමතරව ප්‍රකට දියඇලි කිහිපයක්ම ප්‍රවේශ මාර්ග ආසන්නයෙන් දැකගත හැකිය. ලක්ෂපාන, ඇබර්ඩීන්, මොහිනී, ගාට්මෝර්, සිරිපා ඇල්ල, බත්තලු ඔය ඇල්ල හැටන් පාරට ආසන්නයේ පිහිටා ඇති අතර මාපලාන ඇල්ල, දෙහෙන ඇල්ල, බෝපත් ඇල්ල රත්නපුර මාර්ගය ආසන්නයෙන් පිහිටා ඇත. අලියා, දිවියා වැනි සිව්පාවුන්ගේ පටන් ලක්ෂ සංඛ්‍යාත සතුන්ට නිවහනක් වන සිරිපා අඩවිය මෙරට ප්‍රධානම ජල පෝෂක ප්‍රදේශයක්ද වේ.

 

20160323Siripade6සිරිපා කරුණා කරන ඔබ විසින් ගෙන යන සැම දෙයක්ම නැවත ගෙන ඒම ඔබ සතු යුතුකමක් මෙන්ම වගකීමකි. මෙම සුවිශේෂී පරිසර පද්ධතිය රැකගැනීමට අප සැම කෙනෙකුගේම දායකත්වය ඉතාම වැදගත් වේ.

සටහන සහ ඡායාරූප - අනුරාධ තෙන්නකෝන්

20160323Siripade7 20160323Siripade8 20160323Siripade9 20160323Siripade10 20160323Siripade11 20160323Siripade12 20160323Siripade13 20160323Siripade14 20160323Siripade15 20160323Siripade16 20160323Siripade17 20160323Siripade18 20160323Siripade20 20160323Siripade21 20160323Siripade22 20160323Siripade23 20160323Siripade24 20160323Siripade25 20160323Siripade26 20160323Siripade27 20160323Siripade28 20160323Siripade29 20160323Siripade30 20160323Siripade31



අදහස් (0)

මේ සිරිපා වාරයයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 8 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 26 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2452 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1398 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 2079 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1423 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37981 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site