ඌව පළාත් සභා මැතිවරණ රාජකාරියේ දී කොතෙකුත් තර්ජන ගර්ජන පැමිණිය ද මැතිවරණ දෙපාර්තමේන්තුව යුද්ධයට ගිය අලියකු සේ නොසැළී කටයුතු කරන්නේ යැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ධම්මපදයේ සහස්ස වර්ගයෙන් ඝාතාවක් උපුටා දක්වමින් පැවැසීය.
ඌව පළාත් සභා මැතිවරණ නිරීක්ෂකයන්ට හා සහකාර මැතිවරණ කොමසාරිස්වරැන්ට අනාරක්ෂිත තත්ත්වයක් උද්ගතව ඇති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පොලිස්පතිට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඇසූ අවස්ථාවේ දේශප්‍රිය මහතා මේ බව කීය.
‘‘යො සහස්සං සහස්සෙන - සංගාමේ මානුසෙ ජිනෙ, ඒකං ච ජෙය්‍යං අත්තානං - ස වේ සංගාමජුත්තමෝ“ යන ධම්ම පද පාඨය අනුව තම දෙපාර්තමේන්තුව කටයයුතු කරන්නේ යැයි ඔහු සඳහන් කළේය.
‘කෙනකුට යුද පිටියේ දී දල ලක්ෂයක් දෙනා පරාජය කළ හැකියි. එහෙත් උත්තරීතර ජයග්‍රාහකයා වනුයේ තමන් ජයගන්නා තැනැත්තාය.‘ යනු එහි සිංහල තේරුමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටිය එක්කෙනත් මේ වගේම එඩිතරයි.(දී)
වත්මන් අධර්මිෂ්ඨ දේශපාලකයින්ට ධම්මපදයේ සදහන් උතුම් වදන් තේරුම්ගන්න බැහැ මැකෝ මහත්තයෝ. (දී)
ලාල් මහත්තයෝ.... එතකොට කලින් හිටියේ ධර්මිෂ්ට පාලකයෝද? (දී)
ඔහොම යමුකෝ... (නි)
ඔය වගේ ගොඩක් දෙනා කියන ධම්ම පද අහලාම අපි දැන් රහත්වෙලා වගෙයි ඉන්නේ. (නි)
නියමයි මහත්තයෝ.... (නි)
මෙතුමාට නම් අර කලින් අයට වගේ ආතතිය එහෙම හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)
අන්න හරි. අපේ ප්‍රජා අයිතීන් ආරක්‍ෂා කරනවා කියල කවුරු බෙරිහන් දුන්නත් අපිට ඇත්තටම ඉන්නේ ඔබතුමා විතරයි. ඒක නිසා තමයි හැමකෙනාම ඔබ වට්ටන්න, අධෛර්ය කරන්න උත්සාහ කරන්නේ. ඔබතුමාට යුක්තියේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)
සාධාරණ මැතිවරණයක් , නිදහස් මැතිවරණයක් ලංකාවේ තියන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. මක් නිසා ද යත් මේ දේශපාලන ක්‍රමයේ තියන අඩුපාඩු කම් නිසා. බලයේ සිටින විධායකය හෝ දේශපාලන අධිකාරිය විසින් පත් කරනු ලබන මැතිවරණ කොමසාරිස් ස්වාධීනව වැඩ කළ හැකි පුද්ගලයෙක් වෙයිද? එසේ වැඩ කල හොත් ඹහුගේ අවසාන මැතිවරණ රාජකාරියක් එය වනු නිසැකය. මෙය රටේ නායකයාගේවත් පාලකයාගෙවත් වරදක් නොව අ.ක්‍ර. ව්‍යවස්ථාවේ වරදකි. (නදී)
අපේ සමහර දේශපාලකයො ජන්ද දිනාගන්න බැරුව මැකෝට අපහාස කරනවා. එයාලා හිතාගෙන ඉන්නෙ මැකෝ නිසයි පරදින්නෙ කියලා. තමන් පරදින හේතු හොයාගන්න බැරි වුනාම වැටහෙන්නෙ නැති වුනාම පරාජය තමයි ඉතිං උරුමය. නටන්න බැරි මිනිහට පොලොව ඇදයිලු නේ්? (නදී)
" මාගේ ධර්මය ප්‍රඥා වන්තයින් සඳහාමය" බුදුන් වහන්සේ.
හොඳයි (නදී)
මොකෙක්ද මේ.. ගිරවෙක්ද? (නදී)
සිතුවිලි සිත මුල්කොට උපදින්නේ - උතුම්ය සිත ඉන් සැම නිපයෙන්නේ කිලිටු සිතින් කළ කී දේ දෙන්නේ - දුකමයි රියසක ලෙස'නුව එන්නේ. (ධම්ම පද යමක වර්ගය මුල්ම ගාථාවේ සිංහල අනුවාදය වැටහෙන පරිදි) (නදී)
ඒ උතුමන් වහන්සේ මීට වසර 2600 පෙර කරන ලද දේශනා අදටත් ප්‍රයෝගිකයි. නමුත් ඔක්කොම ලන්ඩන් නිව්යෝර්ක් දිහා බලන් ඉන්නවා. ජීවිතය සරු වෙන්න දර්මයේ හැසිරෙන්න. එ්ක බොස්ටෝන් වලින් එන්නේ නැහැ. (නදී)