IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


මැකෝ හරි අත හොයයි

(සුජිත් හේවාජුලිගේ)

තමන් කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  කුමන පාර්ශ්වය සමඟ දැයි මැතිවරණ කොමිෂන් සභාව  නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසා  අැත.

මේ අනුව නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ලැබුණු වහා කොමිෂන් සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගෙන ඒ අනුව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඉදිරි මැතිවරණ රාජකාරී කටයුතුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  පිළිගත යුත්තේ කුමන පාර්ශ්වය  දැයි ගැටලුවක් මතුවූ හෙයින් නීතිපතිවරයාගේ අදහස විමසීමට කොමිෂන් සභාව මෙසේ තීරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල  සිරිසේන පාර්ශවය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය සහ මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය වශයෙන් කොටස්  තුනකට මේ වනවිට බෙදී පවතී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කර සිටින අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා   පාර්ශ්වය සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාටය.  මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය විපක්ෂ නායක සමගි  ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට  සහාය පළ කිරීමට  තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය ඉදිරිපත් කර ඇති ජනාධිපති අපේක්ෂකයා හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාය.



අදහස් (0)

මැකෝ හරි අත හොයයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අසත්‍ය වීඩියෝ අන්තර් ජාලයට දැමූ තරුණයෙක් රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 30 97 0

රජයට විරුද්ධව මහජන විරෝධතාවය ඇතිවන ආකාරයට උතුරේ ද්‍රවිඩ ඊලාම් විරුසැමරුම් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදිවු අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්ත


නාවික හමුදාවට සෙත් පතා ඉස්ලම් දේව මෙහෙයෙන්
2024 නොවැම්බර් මස 30 49 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද දින කොළඹ


මෝටර් රථ අනතුරකින් කළමනාකරණ සහකරුවෙකු මරුට
2024 නොවැම්බර් මස 30 344 0

මහරගම පමුණුව හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි ජීප් රථයක් මෝටර් රථ දෙකක ත්‍රී රෝද රථයක හා යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත


පෙට්‍රල් රුපියල් 2 කින් අඩුකරයි
2024 නොවැම්බර් මස 30 770 0

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 309 ක් බවත් ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර න


ගසක් කපන්න ගිය අයකු විදුලි සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 30 399 0

හල්දුම්මුල්ල සීලතැන්න ප්‍රදේශයේ දී අවදානම් ලෙස පැවති ගසක් කපා ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු එම ගස අධිබලැති විදුලි රැහැන්වල පැටලීමෙන් විදුලිසැරවැදී එම


උඩරට මාර්ගයේ දුම්රිය ඇල්ල, නානුඔය හා බණ්ඩාරවෙල දක්වා
2024 නොවැම්බර් මස 30 451 0

මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල , නානුඔය හා බණ්ඩාරවෙල දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 607 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 810 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2244 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site