IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මාකන්දන මිනී වළෙන් ඇට සැකිල්ල මතු කර ගනී

පිළියන්දල මාකන්දන මිනීවළ පැය කිහිපයක් තිස්සේ හාරා ඇටකටු මතු කර ගත් බව පොලිසිය කියයි.

ඉළ ඇට කැබැල්ලක් මුලින්ම සොයා ගත් බවත්, ඇටසැකිල්ල හිස්කබල ද සමග වෙනම ඇති බවත් පොලිසිය කියයි.

ඇටසැකිල්ල තනි කොටසක් ලෙස ගොඩ ගැනීම පොලිසියේ උත්සාහයයි.

වළේ පළල අඩි තුන හමාරක් පමණ වන අතර ගැඹුර අඩි හතරකි.

සැකකාර දෙවැනි සැමියා වන වාසනා පැතුම් ගුණවර්ධන ද දැඩි ආරක්ෂාව මැද එහි ගෙන එනු ලැබ සිටී.

ඔහු වසර තුන හමාරකට පෙර ඝාතනය සිදු කළේ ද එම  නිවසේ දීමය.

ගැමියකු මහේස්ත්‍රාත් චමත් මදනායක මහතාට කියා ඇත්තේ කුණු දැමීම සඳහා තමා ලවා වලක් කප්පවා ගත් බවයි. ඒ සඳහා රුපියල් තුන් දහසක් ගෙවූ බව ද ඔහු කියා ඇත.

 



අදහස් (0)

මාකන්දන මිනී වළෙන් ඇට සැකිල්ල මතු කර ගනී

චන්දි Tuesday, 19 November 2013 05:04 PM

පොලිසියේ මහතුනේ .., උසාවියෙන් අවසර අරන්. ඔය ඇට සැකිල්ල ගොඩට අරන් දාලා..., ඔය වලටම ඔය යකාව පණපිටින් දාලා වහන්න ඔය දරුවන්ට අවසර දෙන්න ....!!!(දිල්)

:       0       0

රෝයි Tuesday, 19 November 2013 05:06 PM

ඇයි දැන් අරාබි නීති ගැන කතාකරන්නේ? දැන් ඔය කට්ටියම නේද අරාබි නීති වලට බනින්නේ? අපේ කට්ටිය ඉතින් කබරගොයත් තලගොයා කරන කට්ටිය නේද? මේකෙම්ම පේනවා අපේ කට්ටියගේ උගත්කම (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 19 November 2013 11:01 PM

අපේ කට්ටිය වෙන දේවල් වලට පැන පැන උද්ඝෝෂණ. මේ වෙලාවෙනේ මේ පාපතරයාට මෙතනට එන්න නොදී උද්ඝෝෂණයක් කරන්න තිබුනේ.නීතියෙන් කොහොම ගැළවුණත් රටේ ජනතාවගෙන් බේරුමක් නැති බව දැනෙන්න.එක් කෙනෙකුට ජනතාවගෙන් හොද දඩුවමක් ලැබුනොත් අනිත් අයත් ඉබේටම හැදෙයි. (නි)

:       0       0

චන්දි Tuesday, 19 November 2013 11:13 PM

මට සමාවෙන්න චමත් මල්ලි, වේදනාවයි කේන්තියයි දෙකම එකට ආපු වෙලාවක ලියපු අදහසට (නි)

:       0       0

රෝහණ Wednesday, 20 November 2013 11:15 AM

අවුරුදු 3 1/2 යනකම් පොලීසියෙන් වහන් වෙලා තිබුනෙ කොහොමද? මට තේරුම් ගන්න අමාරුයි. (ස)

:       0       0

අක්ෂි Tuesday, 19 November 2013 05:18 PM

හාමුදුරුවරු පිරිත් කියා කියා පුජාවල් තිය තියා ඉන්නවා. නියම බුදු දහම හැමෝටම අහන්න ලැබෙන්නේ නැහැ. පින් පවු , සංසාරේ බය, ජීවිතේ ප්‍රයෝජනයක් ගන්න හැටි , මේවා බුදුන් කියා දුන් විදියට කියලා දෙනවා නම්? මිනිස්සු මෙහෙම දේට පෙළඹීම අඩුවෙනවා. අපි කවුද කියන එක ඉතිහාසේ වගේ දේවල් පවා පාසල් වල උගන්නනෙත් නැහැ. පාලකයෝ විනෝදෙන් ඉන්නවා.බලය ලැබුනේ අයි කියලා මතක නැහැ. සමහර මිනිස්සු වල්මත් වෙනවා, අපිට ජාතියක් හැටියට තියෙන වටිනාකම් කියලා දෙන්න පටන්ගන්න ඕනෑ මිනිස්සු එකතුවෙලා හරි. එක්කෙනෙක් එල්ලුවා කියලා හේතුව නැතිවෙන්නේ නැහැනේ. (නි)

:       0       0

රොහාන් Wednesday, 20 November 2013 11:20 AM

ගේ ගත්ත මිනිස්සුන්ට දාලා දුවන්න හිතෙන්න ඇති.(නදී)

:       0       0

මහින්ද රත්නායක Wednesday, 20 November 2013 11:24 AM

තව මාස 3 කින් විත්තිකාරය අගේට නිදහස් වෙනවා (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 November 2013 05:24 PM

දයා, හැම එකටම සෞදිය ඇදලා ගන්න එපා. මොකද අපේ රටේ වැඩකාරකමට ගිය අයගේ මළමිනී එවලා තියෙන්නේ ඇතුළේ මොනවත් නැතුවලු. ඒ කියන්නේ අපිට සාධාරන සැකයක් ඇතිවෙනවා නේද? මේ මියගිය අයගේ ශරීර කොටස් ගන්න මැරුවා කියලා. කෝ එතකොට අර කිවුව සෞදියේ නීතිය ? වරදට දඬුවම් කරන්න ඕනෑ. එහෙම නේද ? අපිට කවුරුවත් වෙන්න ඕනෑ නැහැ අපි අපිම වෙමු. එල්ලුම්ගහ ක්‍රියාත්මක වුණොත් මේ අපරාධ හුඟාක් අඩුවෙයි (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 20 November 2013 11:26 AM

කින් බෙනට්, ඔබ කියන අදහස් හරියට හරි.

:       0       0

රම්‍යා Tuesday, 19 November 2013 05:26 PM

ඔච්චර තමයි. දඬුවම් නැතිවෙයි. හෙට තවත් 5 දෙනෙක් මැරුවා කියලා පත්තරේ තියෙයි.අනිද්දට තවත් දෙන්නෙක්..... (නි)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 19 November 2013 05:28 PM

අනේ චන්දී,කෙනෙක්ව මරන්න කියන්න තරම් දරුණු වෙන්න එපා.එහෙම කියන එකත් පව්.හිතන එකත් පව්.අපි මොනවටද නිකරුනේ පව් පුරවා ගන්නේ,කොහෙවත් යන පව්කාරයෙක් නිසා... ඒ මනුස්සයත් සමහරවිට හිතින් මැරි මැරි ඉපදෙනවා ඇති (නි)

:       0       0

මතේශ දර්මසිරි Wednesday, 20 November 2013 12:06 AM

කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදන් සමාදියාමි.. මේ පදය කැඩුවම මෙලොවත් එලොවත් දෙකේම පව් පටිසන් දෙනවා. දැන් දෙන්නාටම එම පව් කර ගැසිමට සිදුව ඇත. මේ දෙදෙනාම මෙම පදය කඩා තිබේ (නි)

:       0       0

ලලිත් අපොන්සු Tuesday, 19 November 2013 05:28 PM

මිනිහත් හමුදාවෙන් පැන්න කෙනෙක්වද්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 November 2013 03:49 PM

නිලූ, ඇවතුම් පැවතුම් නරක් උනොත් දෙවියොත් අහක බලනවා අනේ. ඒකනේ අපේ පැරණි ගැමියෝ කීවේ හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියලා.(නදී)

:       0       0

අයිෂ Monday, 25 November 2013 05:16 PM

ෂෙරිෆ් කියන විදිහට පව් හේදෙන්නේ නැහැ බෞද්ධයන්ගේ. කුසල් හෝ අකුසල් පළදෙනවාමයි. බුදුන්ගේ ධර්මය එයයි.මොහුටත් එය එසේම වෙයි (නි)

:       0       0

ප්‍රිය Wednesday, 20 November 2013 12:12 AM

පිරිමින්ට වැරදි කියන්න නරකඊ අනික තමුන්ට වඩා අවුරුදු 10 ක් බාල කොල්ලෙක්, මේ ගැනි තමඊ වැරදි, දරුවෝ එන්න අම්මල දරුවෝ වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ, දරුවෝ ගැන නොහිත කමගින්නෙන් පෙලෙන ගැහැනුන්ට හොද පාඩමක්, ඔය ගැනි ජීවත් වෙලා හිටියනම් හිරේ දන්නා ඕන ඔය ගනිව, (අ)

:       0       0

රූපවති Wednesday, 20 November 2013 12:24 AM

මේ මිනී මරුවන්ට කෑම වතුර නැතිව ගහක බැදලා තියන්න ..නීතියක් ගෙනෙන්න ඕන ..මැරෙනකම් විදවලා ඉබේම මැරේවි..මිනිස් ජීවිත හරියට බල්ලෝ බළල්ලු වගේ තත්වෙකට වැටිලා දැන් ලංකාවේ ..?,එවැනි දේවල් අහන්නවත් නොම වේවා ...!!!ඒ කාන්තාවට නිවන් සුව ..!!! (අ)

:       0       0

පර්සි බණ්ඩාර Wednesday, 20 November 2013 12:30 AM

සමහරුන්ට ලොව තිබෙන ලොකුම උතුම් සතුට සෙපත කම් සේප ( කම් සුව) මේවා විඳීමට ගොස් සමහරු අතීතයේ රජ කම ඇත ඇරියා . සමහරු හිස දන්ගෙඩියට දුන්න . සමහරු හිරේ ගියා . මතකනේ දස්කොන් කතාව . මේ ගැහැනු කෙනා ජීවිතය බිලි දුන්න .(අ)

:       0       0

නිශාන්ත - ඩුබායි Wednesday, 20 November 2013 11:45 AM

බලන්න මේ මැරිලා ඉන්න ගෑනු කෙනා මොනතරම් ලස්සනද? ඒත් එයාගේ ඒ ලස්සන ශරීරය පොලවට පස් උනාම ස්වභාවය බලන්න. වලේ තියෙන ඇට සැකිල්ල දිහා. ඒක නිසා රූපයෙන් බල පුලුවන්කාරකම් වලින් තනතුරු වලින් ආගම් වලින් මිල මුදල් වලින් නිල තල බලයෙන් ඔලුව උදුම්මා ගෙන ජීවත් වෙන්න එපා. අපි කාගේත් මේ ලැබුවා වූ මනුස්ස ජීවිතය ඉතාම තාවකාලිකයි. මේ ලියන මාත් කියවන ඔබත් තව ටික කලකින් අර වලේ තියෙන ඇට සැකිල්ලට වඩා වෙනසක් නෑ. අද අද එයි මාරු පින්කර ගන්නේ කෙලෙසද හෙටමරු නෙති සිතන්නේ බුදු දහම තියෙන මේ වගේ උතුම් කාලයක ඉපදෙන්න වාසනාව ලැබූ අපි යහපත්ව ජීවත් වෙමු. මගේ රටට දළදා හිමි සරණයි. (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 19 November 2013 05:46 PM

ඔය වාසනා පැතුම් මගේ යාලුවෙක්. ඒත් කවුද දන්නේ මේ වග. මටත් දැන් ටිකක් බයයි (නි)

:       0       0

රූපවති Wednesday, 20 November 2013 01:09 AM

මෙයාව ඔතනම තියන දඩුවම් දෙන්න (අ)

:       0       0

සෙනෙවි Wednesday, 20 November 2013 01:33 AM

න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ජේ න පබ්බතනම් විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ටිතෝ මුන්චෙයිය පාප කම්මා. යම් කිසිවෙකු තමා කල වැරදි ක්‍රියාවෙන් බේරීමට ආකාශය තුල , මහා සමුද්ද්රය මද්ද්යයේ , පර්වත ගුහාවක සැඟ වුවත් තමා කල පාප කර්මයන් බේරීමට නොහැකිය. උතුම් වූ බුදු වදන සිහියේ තබාගෙන ලොකු හෝ කුඩා වැරදි නොකර ජීවිතය ගෙවන්න උත්සාහ කරමු . එසේම හැම අපරාධ කරවෙකුගේම කුඩා කාලයක් තිබුන, එසේනම් ඔවුන්ගේ දෙමාපියන් හොඳ නරක කියාදීම මඟ හැරෙන්නට ඇති. ඒ නිසා දෙමාපියන් තම දරුවන්ට තරගයේ දිවීමට වඩා ධර්මය ගුණ යහපත් කම් උගන්වමින් තමන්ද ඒවා පිළිපදිමින් උත්සාහයෙන් දූරදර්ශිව කටයුතු කල යුතු වේ. (අ)

:       0       0

මේනක Wednesday, 20 November 2013 01:58 AM

මනුස්ස ජිවිතයකට ගිය කලක්.කවදාවත් වැරදි කරලා හැංගිලා ඉන්න බැ. (අ)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 20 November 2013 02:01 AM

අන්න මොහමඩ් ගෙන් අහගන්න නියම බුදු දහම තියෙන්නේ තායිලන්තයේ විතරලු . එතකොට ශ්‍රී ලංකාවේ තියෙන්නේ මොන බුදු දහමද දන්නේ නැ නේද? සමහරවිට අන්‍යාගමික බුදු දහමක් වෙන්න ඇති (අ)

:       0       0

අසෝක Tuesday, 19 November 2013 06:12 PM

මේ මිනිහා හරිම මෝඩ මිනිහෙක්. කාන්තාව මැරුවට පස්සේ ප්‍රාදේශීය සභාවකටවත් සම්බන්ධ වුණා නම් හරිනේ (නි)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 20 November 2013 03:17 AM

මොහොමඩ්,දන්නා දෙයක් ගැන කතා කරන්න. (අ)

:       0       0

මැග්රි Wednesday, 20 November 2013 05:03 PM

පාරුක් ,මට පොඩ්ඩක් හරි ඉතිහාසය කියල දෙනවද ?.(අ)

:       0       0

ගයාන් Monday, 25 November 2013 12:34 PM

මට ටිකක් අපැහැදිලියි. කාගේ දෙවන සැමියාද? කව්ද මෙතන මැරිලා තියෙන්නේ? (නි)

:       0       0

රමියා Wednesday, 20 November 2013 09:44 PM

රෝස් ඔයා හරියටම හරි . අන්තිමට හිරගෙය , මරණය ,තවත් කීප දෙනෙකුටත් මරණය . (ස)

:       0       0

පද්මිණි Tuesday, 19 November 2013 06:42 PM

මරණ දඬුවම් ඕනෑ නැහැ. මෙයා දැනටමත් පණපිටින් අපායක තමයි ඉන්නේ. මේ අවුරුදු තුන හමාරට හීනෙන් කී සැරයක් ඇවිල්ලා ඔය නෝනා බෙල්ල මිරිකන්න ඇද්ද? බැරි තැන තමා ගේ විකුණන්න ඇත්තේ. එහෙත් අපි කළ හොඳ නරක අපි පිටුපස එනවාමයි. නැත්නම් බුදු බණ බොරු. (නි)

:       0       0

අනිල් රෝහණ Tuesday, 19 November 2013 06:46 PM

ෂෙරිෆ්, ඔයා කියනවිදියට අපරාධ කරන ඕනෑම ආගමක අය කැළණි පන්සල් යනවද?නිකන් මෝඩ කතා කියන්න එපා. පන්සලේ ලොකුහාමුදුරුවන්ට හැමදෙනාම එකයි.හැබැයි ඔයාට පිරිත් නුල් බැදගන්න,පිරිත් නුලේ වටිනාකම දැනගන්න ළගදීම අවස්ථාව ලැබෙන්න කියලා පතනවා !!! (නි)

:       0       0

කමල් Tuesday, 19 November 2013 06:56 PM

අක්ෂි නොදන්නා දේ කියවන්න එපා. හාමුදුරුවෝ හොඳට බණ කියනවා.ඔයා බෞද්ධයා චැනල් එක බලන්න.(ස)

:       0       0

පෙත්තා Wednesday, 20 November 2013 06:07 AM

මේක පෙර පවක්.මිනිස්සු පතාගෙන එන හැටි.අනේ අහිංසක අම්මා කෙනෙක්.අර අයියත් පව්.එයාගේ අම්මා ඉන්නවා නම් කොහොම ඉවසන්නද? අනේ බටුවන්ගල රාහුල හිමියෝ මීගහතැන්නේ මෙරිල් කාරියවසම් විදුහලේදී සිදුකළ මව්පිය වන්දනා වැඩසටහන බලන්න.හැම කෙනෙකුටම අගනා ගුණ වගාවක්. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 20 November 2013 06:12 AM

විසෙන් විස නසමු (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Wednesday, 20 November 2013 06:15 AM

මෙන්න බොලේ සමහරු අපිට බණ කියන්න එනවා. ඔහෙලා බැංකොක් යන්නේ මොකද කියලා අපි දන්නවා. (නි)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 19 November 2013 07:07 PM

අක්ෂි,මහමෙවුනාව ඩොට් කොම් බලන්න.බලලා මටත් විස්තර කියන්න.(ස)

:       0       0

ප්‍රිය Tuesday, 26 November 2013 08:48 AM

කාන්තාවක් ලස්සන මෙන්ම චරිතයද හොද වියයුතුයි (නි)

:       0       0

රන්ජනී Tuesday, 19 November 2013 07:19 PM

මේ සිංහල අපගේ දේශයයි. ලැජ්ජාවේ පණ යනවා (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 19 November 2013 01:55 PM

අරාබි රටවල කෙරෙන විදියට පිලියන්දල නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේම එල්ලා මැරිය යුතුයි මේ මිනීමරුවා. (ස)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 19 November 2013 01:58 PM

අනේ මන්දා ...දැන් ගෙදර ගිහින් කුණු වළක්වත් කපන්න බැරිවෙයි ... නෝනා මොනවා හිතයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

වන්නි තිලක් Tuesday, 19 November 2013 01:59 PM

අපරාධයක් කොට කිසිදා සැගව සිටිය නොහැක. මරණ දඬුවම නැති එක විශාල වරදකි. මෙය දැන් වත් ක්‍රියාත්මක කල යුතුය. (නදී)

:       0       0

ජයාන් Tuesday, 19 November 2013 07:30 PM

දයා, ඔයා මොනවද දන්නේ අරාබිය ගැන. මමත් ඉන්නේ අරාබියේ. මෙහෙ ප්‍රසිද්ධියේ එල්ලලා මරන්නේ පිට රට මිනිහෙක් මෙහෙ ඇවිල්ලා මිනි මැරුවොත් විතරයි. මෙහෙ අයට කරන්නේ හිරේ දාන එක විතරයි. මෙහෙ එක්කෙනෙක් පිට රට කෙනෙක් මැරුවොත් බොරු හේතුවක් දාලා බේරනවා (නි)

:       0       0

මොහමඩ් Tuesday, 19 November 2013 07:31 PM

අනිල් රෝහණ,නිකන් බොරුවට ශේරිෆ්ට බැනගෙන කයිවාරු ගහන්න එපා.අනික නියම බුද්ධාගම තියෙන්නේ තායිලන්තයේ. (නි)

:       0       0

දොඩන්ගොඩ Wednesday, 20 November 2013 01:32 PM

මෝහමෙඩ් නියම ඉස්ලාම් තියෙන්නේ ඩුබායි වල. එහෙ මුස්ලිම් කාන්තාවන් ඔලුව වහන්නේ නැහැ. කාන්තාවන්ට එහෙ ඕනතරම් නිදහස තියෙනවා. පිරිමින් පවා එහෙමයි.(නදී)

:       0       0

නිශාන්ත Tuesday, 19 November 2013 07:41 PM

පද්මිණිගේ කියමනට මගෙන් මල් මිටක්! මේ ගැහැණු කෙනත් ලොකු දරුවෝ ඉදිද්දිත් කාම ආශාව නිසා සිහිවිකල් වෙලා යහපත් ජීවිතේ නැතිකර ගත්තා (නි)

:       0       0

නිමල් Wednesday, 20 November 2013 07:18 AM

බන කියලා, ආගමෙන් දහමෙන් දවසින් දෙකෙන් මිනිස්සු හදන්න බැහැ. ඒ ක්‍රමය ඕනෙ නමුත් පුතිපල ලබන්න පුළුවන් තවම ඉපදී නැති පරම්පරාවලින්. දැනට සමාජයේ ඉන්න නූගත්, පාපතරයෝ අඩුකිරිමට හැකි එකම මඟ නීති තද කිරීම හා නිති හරියට ක්‍රියාත්මක කිරීම පමණි. එයට මුදල් යන්නේ නැත. වහාම මිනිමැරුම්, ස්ත්‍ර,ළමා දූෂන සදහා ඇති නීති තද කරන්න. දියුනු රටවල 99% ක්ම අඩුගානේ බීලා එලවන්නෙ වත් නැත්තේ ඇයි. අහු වුනොත් දඩ ගෙවලා ඉවර කරන්න බැහැ. රස්සාවත් ඉවරයි වගේ තද නිති ඇති නිසා හා ඒවා අකුරටම ක්‍රියාත්මක වන බැවිනි. (නදී)

:       0       0

සමදරා Wednesday, 20 November 2013 07:27 AM

ෂෙරිෆ් පුතේ, ඔයාගේ කතාව හරියට හරි. පාලකයන්ට කිසි දෙයක වගක් නැහැ (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 19 November 2013 02:17 PM

අපේ ලංකාවේ නීතිය අනුව අපරාධකරු මාස තුන හතරකින් පොදු සමා කාලය යටතේ නිදහස් වෙලා කැළණි පුජා බිමට ගිහින් පාප කර්මයන් ටික හෝදගෙන පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියල පිරිත් නුලකුත් ගැට ගහගෙන ගෙදර යාවි. (නදී)

:       0       0

අමිළ කටුනායක Tuesday, 19 November 2013 02:18 PM

වතුර යට සැගවු බෝලේ වගේ තමයි අපරාදකරුවෝ. කොයි වෙලේ හරි කොටු වෙනවා.(නදී)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 20 November 2013 07:43 AM

ඔය කියන ගුනවර්දධන මහතා පින්තුර වල ඉන්නවද? පේන විදියට නන් කොළ පාට කමිසේ දා ගෙන ඉන්නේ එයා වගේ.(නදී)

:       0       0

අනුර Tuesday, 19 November 2013 08:01 PM

පව් අහිංසක ගැහැණිය. ඔය මිනිහට දඬුවම් කරන්න.මොනවා හරි ප්‍රශ්නයක් තිබුනා නම් විසදා ගන්නවා මිස මරපු එක හරිම අපරාධයක් (නි)

:       0       0

සත්‍යයා Wednesday, 20 November 2013 08:07 AM

ත්‍රස්තවාදය අවසන් වුණා කියලා පාලකයෝ උදම් අනනවා. මේවත් ත්‍රස්තවාදයෙන් බැහැර කළ හැකිද? රටේ ජනතාව අපරාධ කරන්න බිය නොවන්නේ නීතිය වල් වැදී ඇති නිසා නොවේද? (නි)

:       0       0

සුසිල් Wednesday, 20 November 2013 08:09 AM

මිනී මරණ මේ වැනි රුදු මිනිසුන්ට දියයුතු මරණ දඩුවම කල් නොම යන්ට මැතිදුනි රට රකින මෙය සිහියට ගන්ට කලයුකු දේ කරල මේරට රැකගන්ට (අ)

:       0       0

දයා අළහකෝන් Wednesday, 20 November 2013 06:00 PM

දෙවිවරු නම් තිස්තුන් කෝටියක් ඉන්නවා. අනික හැම‍ කෙනෙකුටම ඉෂ්ට දෙවියෙකුත් ඉන්නවා? (නි)

:       0       0

ෆසාල් අහමඩ් Wednesday, 20 November 2013 08:12 AM

නින්දවූර් වු සිද්ධියට අදහස් දැක්වූ ජාතිවාදී අදහස් දක්වන්නනි, අැයි මේ වගේ ප්‍රශ්නයකදී ඔබගේ අදහස් නැත්තේ? නින්දවූර් වල හර්තාලය කළේ අැයි කියා කව්රුත් දන්නවා. එහි සාධාරනය ඉල්ලා හර්තාලය කළේ. මේ වගේ මිනීමැරුමකදී ඔබලාගේ අදහස් නැත්තේ අැයි. මේ වගේ මිනීමැරුම් 95% ක්ම ලංකාවේ සිදු කරන්නේ සිංහල බෞ්දධයන් බව දැන්වත් දන්නවද? (නි)

:       0       0

ශාන්ති Tuesday, 19 November 2013 08:07 PM

පත්මිණිගේ කතාව මමත් අනුමත කරනවා කළ කළ දේ පල පල දේ කියන්නේ නිකන් නෙමෙයි (දිල්)

:       0       0

ආරියසේන Tuesday, 19 November 2013 08:11 PM

සිංහල රජකාලේ තිබුණ දඩුවම් තමා ක්‍රියාත්මක කළයුත්තේ.සෞදි අරාබියේ දඩුවම නම් මදි.පණපිටින් උල තියනෙවා,එහෙම නැත්නම් පණපිටින් තාප්පයකට තියලා මැටි ගහනවා.එහෙමත් නැත්නම් අලියට කියලා පාගලා මරනවා.මේවා තමා වැරදි කරන අයට දෙන දඩුවම්. (නි)

:       0       0

සම්පත් Wednesday, 20 November 2013 08:29 AM

ෆසාල් අහමඩ්, ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. කට තිබෙන පළියට අදහස් දක්වන්න කලින් ඇත්ත හරි හැටි දැනගන්න, අනිත් සුළු ජාතීන්ට කරන අපරාධ නිසා ඔවුන්ගේ දියුණුව තව තවත් වැඩි වෙනවා. බලන්න හරක් මස් කඩ වැහුවට පස්සේ දැන් අපේ ගමේ හරක් මස් මිල අඩු වුණා (නි)

:       0       0

අමිල - කටුනායක Wednesday, 20 November 2013 08:44 AM

ඇට සැකිල්ලක් දැක්කම ඔක්කොම එපා වෙනවා. (ස)

:       0       0

ලංකාසිරි Tuesday, 19 November 2013 08:29 PM

'උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ' කියන කියමනේ තේරුම එතරම්ම පින් ඇති තැනක් කැළණි පන්සල යන්නට උපහැරණයක් පමණක් විනා පව් සමා කරන තැනක් නොවේ. කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. මෙය ලෝක නියමයයි. කැලණියේ වැන්දත්, මක්කම ගියත් මෙයින් ගැළවීමක් නොමැත. වහ වහා කුසල් රැස් කරගන්න. (නි)

:       0       0

සුනිල් Wednesday, 20 November 2013 02:08 PM

මේ තැනැත්තා මේ ගැහැණිය මැරුවේ සහ වල දැම්මේ එක වරයි ! නමුත් ඔහු ජාති ලක්ෂවර මේ විදිහටම මැරුම් කා මිහිදන් වෙනවා. මේ සසර මොන තරම් බයානකද ? බුදු සමිදුන්ගේ දේශනා ගැන දන්නේ නැතිනම් අපටද මෙවැනි දේ සිදුවිම නොවැලැක්විය හැකිය. (ස)

:       0       0

ජීවක Wednesday, 20 November 2013 02:14 PM

සිංහල බෞද්ධයට බනින්න එපා! (නදී)

:       0       0

රෝස් Wednesday, 20 November 2013 02:14 PM

අනියම් කම්සැප හොයන හුග දෙනෙක්ට හිමිවන්නේ අන්තිමට හිරගෙදර නැත්නම් මරණය .(නදී)

:       0       0

කෙවින් Tuesday, 19 November 2013 03:30 PM

චමත්, උඹ හරියටම හරි මචන් . ගහක් හදන්නවත් වළක් කපන්න බැරි වෙයි. (ස)

:       0       0

පාරුක් Wednesday, 20 November 2013 02:17 PM

හලෝ මාගරි ඔය හරියට ඉතිහාසය ගැන දන්නේ නැහැ වගේ මෙතන ප්‍රතිචාර දාන්නේ. මේක සිංහල ජාතියේ ලේ වලින් ආපු දෙයක්. (නදී)

:       0       0

අතුල Tuesday, 19 November 2013 08:59 PM

ජීවිතයක හැටි ධර්මයට අනුව ජීවත්වනවා නම් මෙවැනි දේ සිදු නොවේ (අ)

:       0       0

නිලු Wednesday, 20 November 2013 02:19 PM

අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ. ඔය දෙවිවරු 33 කෝටියක් ඉන්නවද? (නදී)

:       0       0

උදයකාන්ත - ඇෆ්ඝනිස්ටන් Tuesday, 19 November 2013 03:40 PM

හැකි ඉක්මනින් එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න. තව ඔය වගේ දේවල් වැඩි වෙන්න කලින්. (ස)

:       0       0

සිරිවර්ධන Sunday, 24 November 2013 02:43 PM

ෂෙරිෆ් මහතාගේ කට්ට මී පැණි දන්නා ඕනේ.අර නන්ද මාලනිගේ සිංදුව කුත් තිඑන්නේ. (අ)

:       0       0

දයා අලහකෝන් Tuesday, 19 November 2013 03:50 PM

පැතුම්ගෙ වාසනා පැතුම් දැන් මතුවුණානෙ. දැන් ඉතින් හොඳට සතුටු වෙන්න පුළුවන්. (ස)

:       0       0

අජිත් Tuesday, 19 November 2013 09:16 PM

සවුදි අරාබි ගැන කතාකරන්න එපා (අ)

:       0       0

චකා Tuesday, 19 November 2013 09:17 PM

ශ්‍රී ලංකාව තුල සිදුවන හොර මෙරයන්ගේ සුළු වෙරදී වලට පවා බර පතල වේද සහිත දීර්ග කාලීන සිර දඬුවම් ලබා දිය යුතුයි එය එල්ලුම් ගහට වඩා සුදුසුයි (අ)

:       0       0

කින් බෙනට් Wednesday, 20 November 2013 09:36 AM

දේශපාලකයෝ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කැමති නැත්තේ ඒක කවදා හරි තමන්ටත් කැරකිලා එයි කියල බයටයි (නි)

:       0       0

කුමාරසිරි Thursday, 21 November 2013 11:33 AM

ඔයා හරි මොහොමඩ්, තායිලන්තයේ තමයි නියම බුද්දාගම තියන්නේ. පහුගිය දවස්වල මොහොමඩ්ලට හොඳට සැලකුවා. (ස)

:       0       0

ධම්ම Tuesday, 19 November 2013 04:02 PM

වසර තුන හමාරක් තිස්සේ රහස සුරැකී තියෙන කොට ගුණවර්ධනට හිතෙන්න ඇති පැතු අයුරු වාසනාව උදා උනා කියලා. (ස)

:       0       0

චන්දි Tuesday, 19 November 2013 04:09 PM

අනේ අර අහිංසක දරු දෙන්න මොන පවක් කරාටද මේ වගේ අවස්තාවක මුහුණ දුන්නේ.. තම මෑණියන්ගේ මිනිය නොව ඇට කටු ටික දකින්න තරම් ...? ඒ දරුවෝ අද මේ වනවිට මොන තත්ත්වයකද ඇත්තේ (මවගේ මිනි මරුවත් ඉදිරියේම තියා ගෙන (පවු අප්පා ) (නදී)

:       0       0

නිස්තාර් Wednesday, 20 November 2013 02:47 PM

නිලූ ඇත්ත තමයි. දෙවිවරු 33 කෝටියක් ඉන්නවා නම් හැම මිනිහෙකුටම දෙවියෙක් ඉන්නවනේ. (ස)

:       0       0

මිලානෝ අප්පුහාමි Tuesday, 19 November 2013 09:37 PM

ඉතාලි එන සමහර පුද්ගලයන්ට තමුන්ගේ පොඩි දරුවන්ගේ ඉගෙනීම, සෙනෙහස, අාත්ම ගෞරවය අමතක කරලා මේ වගේ අනුවණ තීරණ ගැනීම හේතුවෙන් මේ වගේ කරදර වලට ගොදුරුවන පවුල් ඕනෑතරම් දකින්න පුළුවන්. පළගැටියන් නොවී ජීවත්වීම අප සැමටත් ආදර්ශයක් (නි)

:       0       0

මගරි Wednesday, 20 November 2013 10:06 AM

ෆසාල් අහමඩ්, සිංහල බෞද්ධයන්ගේ අන්තවාදයක් ඇත්තේ නැහැ.ඒක අපේ ආගමෙන්ම තමා පුරුදු කරලා තියෙන්නේ.මධ්‍යම ප්‍රතිපදාව කියලා.ඒ ප්‍රතිපත්තියේ ගිහිල්ල තමා සුද්දෝ මුස්ලිම්වරු හොය හොයා මරනකොට ඔය නින්දවූර් වගේ පළාත්වල රහසිගතව පදිංචි කලේ.මිනි මැරුම් වලින් 95% ක් සිංහල බෞද්ධයන් කරනවා කියල කියන්නේ ඔබ ඒ ගැන සමීක්ෂණයක් කලාද ?.අපිට නම් පත්තරක් බැලුවොත් පෙන්නේ හොර ජාවාරම්, කුඩු බිස්නස් වගේ දේවල් වලට ගොඩක් සම්බන්ධ මුස්ලිම් ජාතිකයන් කියලා.අනෙක් කරුණ සමහර මුස්ලිම් රටවල වගේ සමහර අපරාධ ආගමේ නාමයෙන් වසන් කරන්නේවත් ඒවා සාධාරණීකරණය කරන්නේවත් නැහැ ලංකාවේ. (ස)

:       0       0

රාධා. Tuesday, 19 November 2013 04:23 PM

පසු ගිය කාලේ මිනී මැරුම් වල වගේ කොහොමත් තව ටික දිනකින් මෙයාව නිදහස් කරාවි. (ස)

:       0       0

ඩොනල්ඩි Tuesday, 19 November 2013 10:04 PM

මේ ලොව මිනිසුනි කොයිබද යන්නේ ..!! (ස)

:       0       0

ශාන්ති Tuesday, 19 November 2013 10:29 PM

මේ ලොව මිනිසුන් අපායට යන්නේ(ස)

:       0       0

චන්දි Tuesday, 19 November 2013 04:50 PM

අම්මෝ, බයත් හිතුනා. පොටෝ එක දැකලා., ධම්ම කියන්න වගේ මේ මුරුගයා., හිතන්න නැතුව ඇති කවදාවත් මේක එළිවෙයි කියලා.., හැබැයි ., යාලුවනේ මට තව ප්‍රශ්නයක් මතු වුනා, මෙයාගේ දරු දෙන්න අවුරුදු තුන හමාරක්ම තමන්ගේ අම්ම ගැන හෙවුවේ නැද්ද...? මොකද මේ හිටි ගමන් අම්මා මතක් වුනේ...? මේ ප්‍රශ්න දෙක ගැන..., මගේ යාලුවන්ට මොකද හිතෙන්නේ.., කියන්න බලන්න...!! (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 19 November 2013 10:32 PM

චන්දි අක්කේ දරුවන් විතරක් නෙමේ සහෝදරයෝ දෙමාපියෝ සොයලා බැලුවේ නැද්ද වසර ගානක්.අනේ මන්දා ප්‍රශ්න ගොඩක් තියෙනවා වගේ.බලමු මොකද වෙන්නේ කියා දෙන තීන්දුවේදී.(ස)

:       0       0

තබුක් සිල්වා Tuesday, 19 November 2013 10:42 PM

ඇයගේ මරණය පිලිබදව සබැ තතූ හෙලිකරගැනීමට මෙමගින් ඇහැකි වෙතඊ අනුමානය කෙරෙ. ,මරණයේ අබි රහස රටට හෙළිවීම නිසැකවම සිදුවනු ඇත (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1442 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1728 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1276 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1339 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1929 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 787 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14570 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 169 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site