බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ මැක්රේ සිරි කොතට ගෙන්වා ගැනීමෙන් ඡන්ද දිනිය නොහැකියැයිද සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඇතුළු සියළු ජාතින් දිනාගැනීමෙන් පමණක් එක්සත් ජාතික පක්ෂයට රට දිනාගත හැකි යැයිද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා හොරණ මුත්තුසාමී කෝවීලේදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර පුන පුනා කිවුවත් ලොකු අයට මොළේ නැතුවට මක් කරන්නද අායුබෝන්. (නි)
ඔලුව නැති වස්සෙක්.(නදී)
ජනතාවගෙන් එක්ෂත් ජාතික පක්ෂය ඈත් වුණ එක තමා වුණේ (නි)
සජිත් මහතාගේ ජනප්‍රියකම තේරෙනවා පහුගිය කාලය තුල එතුමා ලබා තියෙන ඡන්ද ප්‍රමාණය බැලුවම. (නි)
පරාක්‍රම, ඔබ කියන්නේ සැමදාම සන්ධානය රජ කරනා බව නේද ? ඒක තමා වෙන්නේ.එජාපය සැමදා රට ගැන හිතන පක්ෂයක් නොවේ.සජිත් මහත්තයා ආවොත් වෙනසක් කරන්න පුළුවන්, එහෙත් එයට ඉඩ දෙන්නෙත් නැහැ (නි)
රටට ආදරය කරන නායක පිරිසක් බිහිවනතුරු එජාපයට විපක්ෂයේම තමා ඉන්න වෙන්නේ (නි)
සජිත් හරියටම හරි. නායක සමුළුව පළමුවන මෝඩකම වාර්තා කළා. (නි)
රනිල් ගිය වර ෆොන්සේකා මහතාව නොදා සජිත්ව ජනාධිපති තරඟයට දැමීමට බය වුණා. ෆොන්සේකා මහතාව පොදු විපක්ෂය කියලා දමලා පරාජය ලබා පක්ෂයේ නායකකම රැක ගත්තා. රනිල් දන්නවා එයා ඉන්නතුරු එයාට දිනන්න බැරි බවත්. සජිත් කියනවා නම් එයාට පුළුවන් පක්ෂය දිනවන්න කියලා,දීලා බලන්නකෝ එක වරක් (නි)
ගණන් ගන්න එපා (නි)
මෙතන සජිත් මහත්තයට බනින කට්ටිය හිතන්නේ සජිත් මුල ඉදලා රනිල්ට විරුද්ධ වුණා කියලද? රනිල් එක දිගටම පරාද වෙද්දී සජිත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙලා පක්ෂය දිනවන්න කටයුතු කළේ. එකයි මුළු රටේම පැතුම. මමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක්, මමත් රනිල්ට ජන්දේ දුන්නා මුල් කාලේ. නමුත් දිනන්න බැරි කෙනෙක් බව තේරුණු නිසා රනිල්ට ජන්දේ දෙන එක නතර කළා.සජිත් එජාපෙ නායකයා වෙනකම් මගේ ඡන්දෙ මහින්ද මහතාට. එජාපෙ සැමදාම විපක්ෂයේ තියන්න හිතන කුමන්ත්‍රණකාරයෝ විටරයි රනිල්ට කඩේ යන්නේ. (නි)
සජිත් මහත්තොයෝ,ඔයත් හරියට අර නරිය උඩබලා ගෙන සිටියාලු මොකද්ද එකක් වැටෙන කම්. රනිල් මහත්තයා හැරමිටියෙන් යනතුරු ඉවසන්න පුලුවන්ද ? (නදී)
දේශප්‍රේමී ජනතාව, රනිල් මහත්තයාත් විපක්ෂ නායකකමටයි පක්ෂ නායකකමටයි තිබෙන ආශාව ගැන ඔබතුමා දන්නේ නැද්ද ? රටක විපක්ෂ නායකයෙකුට තියෙන බලසම්පන්නකම මෙතන අදහස් පළ කරන සමහර අය දන්නේ නැහැ.ඒකයි වෙලා තියෙන්නේ. නන්දන මහත්මයාටයි මේ ප්‍රශ්නය-මැක්රේව සිරිකොතට ගෙන්නුවේ කවුද ? අජිත් මහත්තයෝ, ඔබතුමාටත් ,මෙතන අදහස් පල කරන අය පසුවට පිළිතුරු දෙයි. ඒ නිසා ඔබතුමාට, මම දැන් මොකුත් කියන්න යන්නේ නැහැ. (නි)
නායකත්ව මණ්ඩලේ පළමු පියවර සාර්ථකව අරගෙන තියෙනවා, නැත්නම් මේ වෙලාවේ සිහිමොළේ ඇති කෙනෙක් මැක්රේව ගෙන්නනවද සිරිකොතට? ආණ්ඩුවට විරුද්ධවීම එක දෙයක්, කොහෙවත් යන නයි අල්ලලා රෙද්ද අස්සේ දා ගැනීම තව එකක්. (නි)
එජාප දැන් කාටද අවනම්බු කළේ? ඇයි නොතේරෙන්නේ අපි දෝහි වෙන්නේ ජාතියට රටට කියලා? (නි)
කොහොමද ටිකිරි මොළේ? (නි)
මෙතන ඉන්න සමහර අය සජිත්ගේ කට පියාගන්න කියනවා, සජිත් කතාකරන්නේ ඇත්ත, මෙතන මේ විදියට කතාකරන අයට මම මේ කියන්නේ මේ රටේ ජන්දයක් දිනන්න නම් රටට වින කරන අයට විරුද්ධව නැගී හිටින්න කියලා (නි)
හොඳ හිතින් කියන්න මොනවද වුණේ? මං කොහොමද දන්නේ? (නි)
පක්ෂයේ අය සමග සාමදානෙන් වැඩ කරන්න බැරි අය කොහොමද රට පාලනය කරන්නේ? එයා නායකයා වෙන්න කලින් ඉන්න නායකයට යටත් වෙන්න ඕනෑ. (නි)
ජාත්‍යන්තර ප්‍රජාව පිළිගන්න එකම නායකයා අපේ නායක රනිල් පමණයි (නි)
අම්මපා! ඇති තේරුනා (නි)
රනිල් කියන්නේ බුද්ධිමත් පාලනයට දක්ෂ කෙනෙක් එකේ විවාදයක් නැහැ.නමුත් ඔහු වැඩ කරන්නේ පොතේ හැටියට.අද රටේ තත්වය වෙනස්. පොතේ හැටියට වැඩ කරන්න අමාරුයි .30 වසරක යුද්දෙන් පස්සේ තිබෙන බලපෑම් සහ වෙනත් කරුණු කරනා සංකීර්ණයි සුක්ෂමව තැනෙ හැටියට ඇනේ ගහන්න පුළුවන් සුක්ෂම කෙනෙක් වෙන්න ඕනේ. සජිත් කතා කරනා විදිහෙන් ඒ හැකියාව තියනවා කියල පේනවා. ඒ සේරටම වැඩ මාර්කෙට් කරන්න පුළුවන් මැතිවරණ දිනන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් සජිත් තමා ඉන්නේ. (දිල්)
ඔබ වැනි කෙනකු යු.එන්.පී එකේ ඉන්න එක ඊට වඩා ණයක්. තමන් අලියෙක් කියල හිතාගන ඉන්න පොඩි මී පැටියෙක්.(නදී)
ඇයි මේ පුත්තු මෙහෙම ගොන් වැඩ කරන්නේ.(නදී)
අජිත්ගේ කතාවට මමත් එකඟයි.යූඑන්පී එකට ඉන්න නායකයා රනිල් විතරයි. (ස)
ඒක ඇත්ත. හාමුදුරුවන්ට යන්න නොදි පන්න පන්න පහර දුන්නා මහ ලොකු බෞද්ධයෝ ටික. මැක්රේව ගෙනල්ලා රට පාවලා දීලා යැව්වා. (ස)
මෙයා හත් පොලේම ගාගත්තා වගේ. (ස)
මැක්රේ ගෙනාපු එක හරි. රනිල් මැක්රේට කියලා කොහොමහරි යුධ අපරධ ඔප්පු කරාවී. මංගලට ජයවේවා! (නි)
ඇයි දෙයියනේ! සිරිකොත අපවිත්‍ර කරගන්න එපා. (නි)
සජිත් නායකකමට පත් වුණත් එක්සත් ජාතික පක්ෂය ගොඩට එන්නේ බාගයයි.අපට ඔය ගැන හොඳට පේන කියන්න පුළුවන්.ෆොන්සේකා ආවත් ඔච්චරයි (නි)
රට ගැන හිතන නායකයෙක් යූ.එන්.පී. එකට ඕනෑ (නි)
මට නම් බයේ බැහැ විරෝධය පාලා මන්ත්‍රීකමින් ඉවත් වේවි කියලා (නි)
මෙයා බොරදියේ මළු බානවා (දිල්)
යු එන් පි එකට මුදල් ලැබෙනවා .ඒක වෙන්නැති හේතුව.(දිල්)
විපක්ෂය තවම හිතන්නේ රජයට විරුද්ධව. ද්‍රෝහී දෙස් විදෙස් සතුරන් එන්.ජී.ඕ කාරියින් එක්ක එකතුවෙලා පුලුවන්තරම් මේ රජය අපහසුතාවයට පත්කිරීමෙන්, මේ රටේ පුර වැසියන්ගේ හිත දිනාගන්න පුලුවන් කියළද? යුද්‍ධයක් ඇතිවුනේ ම්ලේච්ඡ කොටින් එක්ක මිස දමිළ සහෝදරයන් සමග නොවෙයි. යුද්ධයෙන් පසුව උතුරේ සිවිල් ජීවිත යහපත් අතට හැරී හමාරයි. එවන් මොහොතක විපක්‍ෂය ත්‍රස්තවාදී හිතවාදීන් සමග සිරිකොතේ උත්සව පවත්වා කර ගත් එකම දේ තමයි නැවත වතාවක් විකක්‍ෂය දේශද්‍රෝහී පක්‍ෂයක් වීම . චැනල් ෆෝ එක සිරි කොතට ගෙන්නුවේ අණ්ඩුව කියන; සජිත් මන්ත්‍රීට තියෙන මොලේ අමාරුවට කොත්තමල්ලී බීලා හරියන්නේ නෑ.(දිල්)
දේශප්‍රේමි ජනතාව කියා කෙනෙකු ලියා තිබෙනවා සජිත් ආණ්ඩුව විවේචනය කරනවා වෙනුවට එජාපය විවේචනය කරනවා කියා . එහෙත් මම දකින්නේ සජිත් ඇත්ත ඇති සෙටියෙන් පවසා තිබෙනවා යන්නයි . විපක්ෂයක් උනාම රජය කරන වැරදී විවේචනය කරාට කමක් නැහැ. රජය හොඳ වැඩක් කරන විට හෝ රටට විරුද්දව තම පක්ෂයම ද්‍රෝහී කමක් කරන විට එයා පැවසීම හොඳ දේශපාලන කටයුත්තක් .(නදී)
මෙතන අජිත්ල ගොඩක් ඉන්න නිසා මම මගේ අනිත් නම පාවිච්චි කරනවා. නැත්නම් අදහස් පටලවාගෙන මහා ජංජාලයක් තමයි වෙන්නේ..(දී)
මේවා නාඩගන් වැඩක් ඇති දෙයක් ගැන කතා කරමු (දී)
කණගාටුවෙන් උනත් කියන්න කැමතියි, සමහර අය රට ගැන පළමුවෙන් හිතන්නේ නැතිව මෙහි අදහස් ප්‍රකාශ කිරීම ගැන. ඒත් රජය සමග රටට ආදරේ කරන ජනතාවක් ඉන්නවා, රටට හානියක් කරන්න හදන විදෙස් බලවේග හමුවේ රජය නොසැලී ඒවාට මුහුණ දෙනවා, රටට ආදරය කරන නායක පිරිසක් බිහිවනතුරු එජාපයට විපක්ෂයේම තමා ඉන්න වෙන්නේ. අනේ අපොයි.(නදී)
ප්‍රේමදාස නම යූඑන්පී එකේ තියන එක හොදය. එත් රටකට අවශ්‍යව එක ප්‍රේමදාස කෙනෙකු නොව, උග ත්කම සහිත, බුද්ධියෙන් රට මෙහෙයවා, රාජ්‍යතන්ත්‍රිකව ලෝකය දිනන්න හැකි නායකයෙකි. (ස)
පෙර කළ පව් තමයි තවම විදින්නේ.(නදී)
ඔබතුමාට හරි කරදර. මේ රටේ ඔහොම තමා. ඉදිරියටම යන්න (නි)
ලක්මාල්, ඔහු කියන්නේ ඇත්ත.මැක්රේ සිරිකොතට ගෙනවිත් අපේ රටේ සොල්දාදුවන් සහ ඔවුන්ගේ පවුල් වලට අමතක නොවෙන රිදවිමක් කළේ.මෙතුමාවත් කරපු වරදට ජාතියෙන් සමාවක් ගත්තදෙන්. (නි)
තමන්ගෙ පක්ෂයටම මඩ ගහන එක කැතයිනෙ මහත්තයො (නි)
මෙතුමා දේශපාලනික වශයෙන් ළාමකයි මගෙ හිතේ. තව ඉවසන්න පුරුදු වෙන්න වෙයි වගේ. (නි)
ජාතික නායකයෙක් වෙන්න ඉන්න කෙනෙක් වගකීමක් ඇතිව ප්‍රකාශ නිකුත් කළ යුතුයි. (නි)
දෙයියන්ගේම පිහිටයි රටට, ඒගොල්ලෝ රට දාලා ගිහින් නැත්නම්? (නි)
මැක්රේ කොටි ඩයස් පෝරාවේ කොන්ත්‍රාත් ඉෂ්ට කරනවා. සජිත් මහත්තයා ආණ්ඩුවෙ කොන්ත්‍රාත් ඉෂ්ඨ කරනවා.(නදී)
ලක්මාල් ඔබ හරි. සජිත් මහතා පක්ෂ නායක කමට කෑදර කම් කරන බව පැහදිලියි. මෙතුමා ආණ්ඩු විරෝධී ප්‍රකාශ කරනවා වෙනුවට තමන්ගෙ ප්‍රකාශනේටම මඩ ගහන්නෙ.(නදී)
මෙතුමා විපක්ෂයෙද ආණ්ඩු පක්ෂයෙද කියල හිතාගන්න බෑ කරන ප්‍රකාශ වලින්... තමන්ගෙ පක්ෂයෙ අය සමග සමගියෙන් වැඩ කරන්න බැරුව කොහොමද රටෙ පාලකයා වෙලා රටේ සෑම ජන කොටසයක්ම එකතු කරන් ඉදිරියට යන්නෙ. මට නම් සැකයි.(නදී)
චැනල් 4 එකට චිත්‍රපටයක් ගහන්න සිරිකොතේදි ඉඩ දීපු එක ප්‍රශ්නයක් වෙන්නෙ ඒක එළියට දාපු දවසට. හයර් එක නොගෙවා පල්ලම් බැහැපු අය විශ්වාස කරලා නම් වැඩකරන්න එපා. රටේ ඉන්නෙ ඔබතුමාලයි. හැබැයි මට නම් පෙන්නන්නම බැරි, ඔය කිසිම ජන පදනමක් නැති සමහර ඩොලර් කාක්කො ළං කරගන්න එකට. (නි)
ඕසන් සලාම්, මම හිතන්නේ ඔහු මෙහෙට ගෙන්වපු එක හොඳයි.මොකද ඔහුගේ කටින් පිටකර ගන්න පුළුවන් වුණා දෙමල ත්‍රස්තවාදය කුරිරු ඝාතකයන් බව.අනික ඔහු කුමන්ත්‍රණකාරයෙක් බව, යන යන තැන කිව්වා.ඔහුට එය හිසරදයක් වුණා. (නි)
මොකක්ද මේ දෙන රූපය? (නි)
ටිකිරි මොලේට ඔය තේරෙන්නේ. ඉන්දියාවත් වීසා දෙන්න බැහැ කිව්වා. මැක්රේව ලංකාවට ගෙන්නුවේ සිරිකොතෙන්ද? ඔබතුමා අපේ හුදී ජනයාගේ අනාගත රජුම වේවා!පොල්කටු ප්‍රතිමාව නම් ලස්සනයි. (නි)
ඔබ නායකයා වුණොත් අපේ ඡන්දය දෙනවා. ඒතාක් අපේ ඡන්දය මහින්ද රාජපක්ෂ මහතාට (නි)
අප සැවොම ඔබ සමගයි. ඔබට ජය! (නි)
එජාපයේ ඉන්න සමහරු හිතනවා නම් රටට හතුරුකම් කරන බලවේග සමග එකතුවෙලා, රටේ බලය අල්ලා ගන්න පුළුවන් කියලා ඒක මහා විහිළුවක්. රටට ආදරය කරන ජනතාවයි එකතු කළ යුත්තේ, මේ රජය කරන ගොඩක් දේවල් ගැන ජනතාව කළකිරිලා ඉන්නේ. ඒත් රජය සමග රටට ආදරේ කරන ජනතාවක් ඉන්නවා, රටට හානියක් කරන්න හදන විදෙස් බලවේග හමුවේ රජය නොසැලී ඒවාට මුහුණ දෙනවා, රටට ආදරය කරන නායක පිරිසක් බිහිවනතුරු එජාපයට විපක්ෂයේම තමා ඉන්න වෙන්නේ. (නි)
නැතුව නැතුව, නැවතත් සියලු ජාතීන් දිනාගත යුතුයි. (නි)
ඔබ හරි. රටට ආදරේ කරන කෙනෙක් විපක්ෂෙට ඕනෑ. ඔබ විතරයි ඇත්ත කිව්වේ. අනිත් ඔක්කොම සුද්දාගේ පැත්තේ. (නි)
අනේ.....අම්මෝ........! (නි)
ඔය හාදයෝ ටික සිරිකොතට පමණක් නොව ලංකාවටම ගෙන්වූ එකම බර ණයක්.(නදී)
අදහස නම් හරි තමා. එහෙත් හැමදාම වරදින්නේ කොතනද? (නි)
සමගි වෙන්න ! මැරුණු යුඑන්පි අය සැමදා අඩන විදියට කටයුතු කරන්න එපා. සිතන්න. (නි)
මොළේ තියෙනවා නම් ඇත්ත තේරුම් ගන්න. (නි)
සජිත් පහුගිය අවුරුදු 2-3ම කළේ එජාපෙට අවාසි සහගත ප්‍රකාශ කරල පරාජයෙ වගකිම නායකයට පවරපු එක. පහුගිය කාලෙ පක්ෂය දිනවන්න මෙයා මොනාද කළේ. .(නදී)
50 ක් දීලා ඇති.(නදී)
ඔහු නියම ජන නායකයෙක්. පක්ෂය වෙනුවෙන් අනිත් අය වගේ බොරු නැහැ. කෙළින් කතාකරනවා (නි)
කරු මහතා සමග එකී දුක්විදින ජනතාව වෙනුවෙන් යම් දෙයක් කරන්න. (නි)
කිවුවොත් ඔය වගේ ගොන් කතා තමයි.(නදී)
මැක්රේ මහතා සිරිකොතට ගෙන්නපු එක හොදයි,යුද අපරාධ විභාග කර දඩුවම් දී ජාත්‍යන්තර ප්‍රජාව සමග ඉදිරියට යා යුතුයි,මැක්රේ මහතාට පහසුකම් සලසා දී උදවු ගනිමු(නි)
සජිත් කිව්වොත් ඔහොම කතාවක් තමයි.ආණ්ඩුවට අභියෝගයක් වෙන කිසිම මාතෘකාවකට එයා නැහැනේ. (නි)
ඔබ තුමාට අපේ සුභ පැතුම්.(නදී)
චැනල් 4 එකට ආරාධනා කරන්න ඕනෑ නැහැ. ඒගොල්ලන් ඇවිල්ලා ඉන්නේ ඔයවගේ තැන් හොය හොයා යන්න. (නි)
සජිත් මහතාගේ කතාව හරියටම හරි. (නදී)
වැඩිය වැදගත් වෙන්නේ ජාතියක් හැටියට එකමුතු වෙන එකයි.(නදී)
මැක්රේ ගෙනාවේ එ.ජා ප ය නෙමෙයි.ඉවසීමෙන් වැඩ කරන්න. එතකොට ඔබට අනාගතයක් තිබෙනවා. සියලුම දෙනා සමග සමගියෙන් වැඩ කරන්න (නි)
ලක්මාල්, සජිත් කිව්ව කතාව සියයට සියයක් සත්‍යය කියමනක්. විරුද්ධ පක්ෂයේ සිටියට ඔහු කිවුවේ එජාපය දිනන්නට සියලුම ජාතින් එකතු කළ බවයි.සජිත් ඔබට ජය වේවා! ඇත්ත ඇති සැටියෙන් කිව්වාට (නි)
සජිත් මහත්තය ටිකක් කට පියාගෙන ඉන්නවද?ඔයා හිතන් ඉන්නේ හැම යු එන් පී කාරයෙක්ම ඔයාට කැමතියි කියලද? එහෙම නැහැ මහත්තයෝ..(නදී)
මැක්රේ විතරක් නෙමෙයි කොටි අවතාරත් හැමදාම කොටින්ට කඩේ ගිය රැළකුත් එක්ක සිරිකොතට ගෙන්නලා බස් පිටින්..සිරිකොතේ අපලේ අරින්න වෙන්න ඇති...(නදී)
මේකෙන් රනිල් කොටියෙක් බව පේනවා.(නදී)