‘ඡායා කැබිනට් එකේ පිරිසුදු මිනිහෙක් ඉන්න ඕනේ මගේ අමාත්‍යංශයේ වැරදි සොයන්න. ඒ කල්ලියේ පිරිසුදු මිනිස්සු නැහැ. අමාත්‍යංශය නිරීක්ෂණය කරනවානම් මම කැමතියි. හැබැයි පිරිසිදු අය. එෆ් .සි. අයි.ඩී , හා සි .අයි .ඩි පරීක්ෂණ යන වේගය ගැන අපි සැහීමකට පත් වෙන්න බැහැ කියලා ජනපතිට හා අගමැතිට කිව්වා‘ යැයි ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරියේ පිහිටි නව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයට පැමිණීම නිමිත්තෙන් පැවති උත්සවයේදී ඔහු එසේ කීවේය. ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අතර මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද 5000 ක් විතර ගත් එක්කෙනෙක් ගිය උඩ කියලා මට හිතුනා (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
ඔය දියවන්නාවේ එක්කෙනෙක් ගැනවත් මගේ නම් පැහැදීමක් නැහැ (නි)
දැන් කරන හැටි බලමුකෝ! (නි)
තමන් පිරිසිදුද? ප්‍රථමයෙන් එය සොයාබැලුවොත් නේද හොඳ? (නි)
අර රාජිත ඇමතිතුමා කිවුවා වගේ එහෙනම් දිව්‍ය ලෝකයෙන් තමයි ගෙන එන්න වෙන්නේ. මහත්තයෝ, හොරු තමයි හොරකම් කොහොමද කෙරෙන්නේ කියලා දන්නේ. කටුවක් ගන්න කටුවක් ඕනෑ වගේ හොරු අල්ලන්න හොරුම දාමු. (නි)
කෝටි 6 කාර් එකෙන්ම වැඩ පටන් ගනිමු නේද? (නි)
කතාව ඇත්ත. මමත් ඔබතුමා සමඟ එකඟයි (නි)
නාලක, මෙතුමා මුළුමහත් රටටම කළ සේවය ගැන මුල මතක තියාගෙන කටයුතු කරන්න (නි)
ආපොයි! බලමුකෝ කියවන ගානට වෙයිද කියලා. නිරාන්, එයා එ් ඔක්කොම වැඩ දැම්මේ මහින්ද මහතා හින්දයි. (නි)
එහෙනම් පිරිසිදු කෙනෙක් යහපාලනෙන්වත් හොයන්නකෝ. (නි)
නිරාන්, මුල මතක තියන මිනිස්සු හිටියා නම් තාමත් මහින්ද රටේ ජනාධිපති වෙන්න එපායැ (නි)
ඔය ඉන්නේ සුදු ඇඳලා ඕනෑතරම් හතර පෝයට සිල්ගන්න පිරිසිදු කට්ටිය. එක්කෙනා දෙන්නා නෙමෙයි, පවුල් පිටින්ම. (නි)
ඇමති මණ්ඩලය සුපිරිසිදු ඇති නේද? (නි)
තමන් පිරිසිදුද? ප්‍රථමයෙන් වෛරය නැති කරන්න, අනුන්ගේ කිල්ලෝට ගැන සොයන්න කලින්. (නි)
ඔබතුමා වගේ අය දේශපාලනයට අැවිල්ලා එක පාටකට සීමාවුණා. රටේ වීරයෝ වගේ ඉන්න තිබුන රටම ගරුකළ චරිත අද ඡන්දයක් ගන්න බැරි තත්වයට වැටිලා. (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
මට පුදුමයි මුළු රටම සූරාකනතුරු, මීට පෙර කට අරින්න කිසිම කෙනෙක් ලංකාවේ හිටපු නැති එකට. පව් බය හිතෙන්න ඇති. එ්කේ ප්‍රතිඵලය තමයි රටවැසියාත් සල්ලි වලට කෑදරවෙලා සමාජය දුෂිත වුණ එක. (නි)
යුධ සෙන්පතියෙක් ලෙස ඉතා අගේකලයුතු කෙනෙක් උනත් දේශපාලනයේ නම්... (ර)
නිරාන්, මොහුට විතරක් ඇයි ගරු බුහුමන් මහින්ද නොහිටින්න ඔය කාටත් යුද්ධය දිනන්න බෑ. (ර)
අපිට ඉතින් හැම පැත්තෙන්ම හිනා යනවා. (ර)
එහෙනම් හොයාගන්න හරි අමාරුවෙයි (නි)
ඩුබායි තිලක්, කාලයක් ඔයාලා මෙතුමා ගැළවීමේ හමුදාවටවත් හොඳ නැහැ කිව්වා නේද? (නි)
එහෙමනම් කාවහරි සබන් ගාලා නාවලාවත් ගන්න වෙයි (නි)
පිරිසිදු දේශපාලකයින් ගැන නම් අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)
පිරිසිදු මිනිස්සු ගැන කතා කරන්නේ නියම කට්ටියක් ළඟ තියාගෙනනේ. මොනතරම් උතුම් ආදර්ශයක්ද. (නි)
පිරිසිදු කෙනෙක් හොයාගන්න සටන එහෙනම් පටන්ගමු නේද? (නි)
ඔයාලගේ කල්ලියේ ඉන්නේ ඔක්කොම පිරිසිදු අයනේ නේද? මේවා අහලා කොහෙන් හිනා වෙන්නද මන්දා? (නි)
ඔබතුමාද මේ දේවල් කියන්නේ.(හේ)
බලමුකෝ ඔබතුමා රටට වැඩක් කරයිද කියලා.(හේ)
අපරාද ගැන හොයන්න පිරිසිදු කී දෙනෙක් ඉන්නවද?(හේ)
ඔබතුමා කියන දේ හරි.(හේ)
පිරිසිදු කම ගැන දන්නේ අපිනේ.(හේ)
ඉසෙල්ලා ඡන්දේ අරන් එන්න.(හේ)
ඔබතුමා වගේ අය මේ රටේ අඩුයි (නි)
ඒ විතරක් නොවෙයි, කෝටි හතක විතර වාහනයකුත් අරන් එන්න ඕනෑ. (නි)
මිනිස්සු දුක් විඳිද්දී තමන්ගේ තත්වය තියාගන්න කියලා මිනිසුන්ගේ සල්ලි වලින් කෝටි 7-8 වාහන ගන්න වගේ පිරිසිදු කෙනෙක්ද ඕනෑ? (නි)
කාර්යාලයේ වැඩකරන අයට දෙවියන්ගේම පිහිටයි කියලා තමයි කියන්න වෙන්නේ (නි)
පිරිසිදුකම ගැන නම් කියලා වැඩක් නැහැ. ඔක්කොම මඩ නාලා කතා කරන්නේ, කහමලෙන් නාලා වගෙයි. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)
කියන එක්කෙනත් හරි පිරිසිදුයිනේ. (නි)
මෙහෙම ගිහිල්ලා ළඟදීම හොඳ පාඩමක් ඉගෙනගත් දවසට කාට කාටත් තේරෙයි (නි)
නාලක, ඔහුට ප්‍රථම සිටි හැම හමුදාපතිම කොටින් පරද්දන්න බැහැ කියමින් මඟහැරි යුද්ධය ඔහු පමණක් ඉදිරපත් වී කළ එකම මදිද? (නි)
අැමෙරිකාවෙන්වත් කෙනෙක් ගෙන්නා ගනිමු. මොකද ලංකාවේ නම් ඉන්න එකම එක්කෙනා ඔබ විතරක් නිසා. අනිත් ඔක්කොම දැන් ඇතිවෙන්න නාලා ඉන්නේ (නි)
ලංකාවෙන් නම් ඔය සුදුසුකම් සපුරන කෙනෙක් හොයාගන්න බැරිවෙයි (නි)
දැන් කොහෙන්ද අපි එහෙම කෙනෙක් හොයාගන්නේ? (නි)
ජවිපෙ හැරුනුකොට මම ගෞරව කරන එකම දේශපාලකයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පමණයි. (නි)
හැබැයි අපි කවුරුවත් ඡන්දය දීලා නම් ඔය පත්වීම් කළේ නැහැ (නි)