IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මගේ ඇස් දෙක ලස්සනයි කියලා හැමෝම කියනවා

නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි කිෂානි අලංකි පෙරේරා වර්තමානය වනවිට බොහෝ රසික පිරිසක් අතර ජනප්‍රිය වී ඇත්තේ ටෙලි සහ සිනමා නිළියක ලෙසයි. කිෂානි පිළිබඳව නිතර රසික අවධානය යොමුවන නිසාම මෙවර 'සාරවිට' තරු කතාබහට අපි කිෂානි සම්බන්ධ කරගත්තෙමු. එහෙත්, මාධ්‍යය නිතරම විමසන ප්‍රශ්නවලට වඩා තරමක් වෙනස් ආරක ප්‍රශ්න කිහිපයක් අපි ඇයට යොමු කළෙමු.  

2016-06-21-ent-51විවේකීව ඉන්න කොට කිෂානි කරන්නේ?

පොත් කියවනවා. රූපවාහිනිය නරඹනවා. ඊට අමතරව යාළුවොත් එක්ක සාප්පු සවාරියේ යනවා.

 

මෑතකදී කියවපු පොත් අතරින් සිත් ගත් පොතක් ගැන කියනවා නම්?

A Thousand Splendid Suns කියන පොත

 

කන්න කැමති කෑමක් තියෙනවාද?

ඔව්. මම ගොඩක් කැමතියි තායි, චයිනිස් ඉතාලි වගේ කෑමවලට. තෙල් ජාති කෑමවලටත් මම ගොඩාක් කැමතියි.

 

අදින්න කැමති ඇඳුමක් තියෙනවාද?

මේ දවස්වල නම් ගොඩක්ම මම කැමති සාරි අඳින්න. මොකද 'රාධා' කියලා මගේම කියලා සාරි ෂොප් එකක් පටන් ගත්තා. බොරැල්ලේ ටිකල් පාරේ.

 

යාළුවෝ එක්ක ඇවිදින්න කැමති තැන්?

ලංකාවේ නම් නුවර තමයි මම යන්න කැමති.

 

විදේශීය සංචාරයක් තෝර ගන්නවා නම්?

දැනට මම රටවල් 20කට අධික ප්‍රමාණයක් සංචාරය කරලා තියෙනවා. ඒ අතරින් මම කිහිප වතාවක් ඉතාලියේ සංචාරය කරලා තියෙනවා. මීට අවුරුදු 10කට විතර කලින් තමයි මම ඉතාලියට පළමු පාරට ගියේ.

 

මෑතකදී බලපු චිත්‍රපටය?

The Devils Double චිත්‍රපටය

 

කැමති නිළිය?

දිපීකා පදුකෝන්ට මම ගොඩක් කැමතියි. ඇයගේ රූපයට වගේම රංගන හැකියාවටත් මම ගොඩක් ආසයි. බොලිවුඩ්වල අද ගොඩක් අලුත් අය ඉන්නවා. නමුත්, දිපීකාගේ රංගනයට අභියෝගයක් එල්ල කරන්න තරම් කෙනෙක් මම දකින්නෙ නැහැ. ඇය මෑත කාලයේ රඟපෑ සියලුම චිත්‍රපට මම බලලා තියෙනවා. ඒ හැම එකකම ඇයගේ රංගනය ඉතා උසස් මට්ටමක තියෙනවා.

 

නළුවෙක්?

ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ අය අතරින් ෂාරුක් ඛාන්ට මම කැමතියි.

 

ක්‍රීඩා තරග නරඹන්න කැමති නැද්ද?

කැමතියි. ගොඩක් වෙලාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන තරග මම නරඹනවා. කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන්ට මම ගොඩක් කැමතියි.

 

වරමක් ලැබුණොත්?

මට හොඳ සැමියෙක් ලැබෙන්න කියලා.

 

කිෂානිගේ මුහුණ බලපු හැමෝම කියන්නේ?

මගේ ඇස් දෙක ලස්සනයි කියලා.

 

ලංකාවේ වර්තමාන දේශපාලනය සම්බන්ධව කතා කරනවා නම්?

මට දැනෙන දෙයක් තමයි පසුගිය කාලයට වඩා අද මාධ්‍ය නිදහස කියන දේ වැඩිපුර දීලා තියෙනවා කියලා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - කිෂානිගේ ෆේස්බුක් ගිණුම

2016-06-21-ent-54 2016-06-21-ent-53 2016-06-21-ent-52



අදහස් (0)

මගේ ඇස් දෙක ලස්සනයි කියලා හැමෝම කියනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 7 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 26 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 923 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1369 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2046 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 505 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site