IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘මගේ ජයග්‍රහණය පිටුපස තිබූ යෝධ සෙවනැල්ල අම්මා‘

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ අටක් ලබාගෙන ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ සිට කොළඹ ආනන්ද විද්‍යාලයයට පැමිණි ඉසුරු මහේෂ් සිසුවා මෙවර කලා අංශයෙන් දිවයිනේ 18 වැනි තැනට පත් විය.

ඔහු උපදින්ම දෑස් නොපෙනෙන සිසුවෙකි.  

පාසල් අධ්‍යාපනය නිමවා නිවසට ගිය පසු ඔහුට ඇසෙන පරිදි පොත් පත් කියවන්නේ ඔහුගේ මවයි.

‘අම්මා රෑ 12, 1 වෙනකම් පොත් කියෙව්වා. මගේ ජයග්‍රහණය පිටුපස ඇති සෙවණැල්ල මගේ අම්මා.‘ යැයි ඉසුරු මහේෂ් තම ජයග්‍රහණය ගැන කතා කරද්දී මුලින්ම කීවේය.

කොළඹ ආනන්ද විද්‍යාලයයේ අද පැවැති උත්සවයක දී ඉසුරු මහේෂ් සිසුවා විශේෂ ඇගයීමකට ලක් විය.

එම උත්සවය ඇමතූ සිසුවා තම පාසලේ සහෝදර සහෝදරියන්ට ඉදිරියට යෑම සඳහා ඔවදන් දුන්නේ තමන් උදාහරණයට ගෙනය.

‘දෙමාපියන්ට කරන ලොකුම ගෞරවය මෙවැනි ජයග්‍රහණයක් අත් කර ගැනීමයි.  මට වගේ නෙවෙයි, ඔබට දෑස් තිබෙනවා. ඔබට පුළුවන් පොත් පත් පාඩම් කරන්න. දෙමාපියන්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග එයයි.

උපතින්ම මට ලොකු දෙයක් දෛවය විසින් අහිමි කරලා තිබ්බා. ඒ අහිමි දේ ගැන හිත හිත හිටියා නම් මට තවමත් අඬ අඬ විතරයි ඉන්න වෙන්නේ. තමන්ට තිබෙන දේවල් පාවිච්චි කරලා ජීවිතය ජය ගන්න උත්සාහ කරන්න.‘ යැයි ඉසුරු මහේෂ් කියද්දී උත්සව සභාවේ සිටි බොහෝ දෙනකුඟේ දෑස් කඳුලෙන් තෙත් වී තිබිණි.

DSC_0025 DSC_0032 DSC_0038 DSC_0067



අදහස් (0)

‘මගේ ජයග්‍රහණය පිටුපස තිබූ යෝධ සෙවනැල්ල අම්මා‘

ජයන්ත Friday, 13 January 2017 07:20 AM

ඇස් පෙනෙන බොහොමයක් අයට නැති ඔබට ඇති නුවණැස ඉතා ප්‍රභලයි පුතා. අනිවාර්යෙන්ම ඔබ රටට, ජාතියට විශාල මෙහෙවරක් කළ හැකි වටිනා පුද්ගලයකු වෙනවාමයි. ඔබට ජය! (නි)

:       0       1

සිල්වා Tuesday, 10 January 2017 02:58 PM

පුතා ඔබ සැබෑ දක්ෂයෙක් දීප්තිමත් අනාගතයක් පාර්ථනා කරමි උණුසුම් සුබ පැතුම් ඔබට තෙරුවන් සරණ අාශිර්වාදය ලැබේවා (හේ)

:       0       1

රිෂාද් Wednesday, 11 January 2017 04:47 AM

ඔබට ජය වේවා (ම)

:       0       0

ප්‍රියානි Tuesday, 10 January 2017 03:10 PM

තව තවත් ඉදිරියට යන්න චිත්ත ධෛර්ය ලැබේවා.(හේ)

:       0       0

සරත් Tuesday, 10 January 2017 03:12 PM

ඇස් තිබිලත් පිස්සු නටන පොඩි උන් ඉන්න කාලෙක ,පුතාගේ ජය ගැන අපි උපරිමයෙන් සතුටු නොවී කොහොමද .සුභ අනාගතයක් (අ)

:       0       0

සෝමසිරි Wednesday, 11 January 2017 04:53 AM

ඇස් දෙක පේන කන් දෙකත් ඇහෙන අපි මොක්කුද කියල හිතෙනවා. ඔබට ජය . (අ)

:       0       0

ප්‍රසාද් Wednesday, 11 January 2017 05:02 AM

සුබ පැතුම් පුතා (අ)

:       0       0

පද්මිණී Wednesday, 11 January 2017 05:15 AM

මවගේ සෙනෙහස යෝධ ඇලේ බැම්මටත් එහායින් පිටාර ගලාගිය ආදර්ශමත් කතාවක්. පුතේ, ඔයා ඔතනට ගෙනා අම්මාට මගේ ප්‍රණාමය පුදමි. (නි)

:       0       0

ශෂික Tuesday, 10 January 2017 03:36 PM

අහන්නත් සතුටුයි.අපේ ඇස්වලටත් කදුළු එනවා.දෙමව්පියන්ගේ සල්ලි වලින් පිස්සු වැඩ කරලා ජීවිතේ අවුල් කරගන්නා බොහෝ පුතුන්ට ලොකු ආදර්ශයක්.බුදු සරණයි දරුවෝ ඔයාට.(අ)

:       0       0

පකීර් Wednesday, 11 January 2017 05:36 AM

උදාරයි පුතා! (නි)

:       0       0

චන්දා Wednesday, 11 January 2017 05:52 AM

අම්මා... පෙම්බර අම්මා... (නි)

:       0       0

ෆරීඩ් Wednesday, 11 January 2017 06:20 AM

ඔබට උණුසුම් සුබ පැතුම්! ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබගේ ශක්තිය ඔබගේ අම්මාය. (නි)

:       0       0

විරාජ් Wednesday, 11 January 2017 04:17 PM

රත්තරන් දෙමව්පියෝ! මල්ලියේ, ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

සේනක Tuesday, 10 January 2017 05:30 PM

මේ රත්තරන් දරුවා අභියෝගයකට අභියෝග කරලා ඇස් පෙනෙන අනෙකුත් පාසල් සගයන්ට පෙන්වූ විල්ලුද පලස ඉතා අලංකාරයි. දරුවාගේ කටහඬේ ඔහුගේ දීප්තිමත් අනාගතය සනිටුහන් කර ඇත. (නි)

:       0       0

සුනේත්‍රා අභයවර්දන Thursday, 12 January 2017 02:39 PM

ඔබ වැනි පුතෙක් දෑස් පෙනෙන අපට හොද ආදර්ශයක්. (අ)

:       0       0

ප්‍රියාන් Tuesday, 10 January 2017 05:48 PM

ඔබට සියළු දෙවි රැකවරණ ලැබේවා! (නි)

:       0       0

කුසුම් Tuesday, 10 January 2017 05:49 PM

කුඩා කල ගාල්ල ශාන්ත ඇලවිසියස් විදුහලේ අකුරු කළ ඔබට ඉදිරියට යන්න සියළු රැකවරණ ලැබේවා! (නි)

:       0       0

රිස්වාන් Wednesday, 11 January 2017 07:22 AM

පුතේ ඔයාගේ කතාව අහලා මගේ ඇස් වලට කඳුළු ආවා. ඇස් ගෙඩි දෙක තියාගෙන මගඩි වැඩ කරන අය ඉන්න මේ රටේ ඔයා වගේ රත්තරන් දරුවෙක් වදපු දෙමව්පියන් හරිම වාසනාවන්තයි. ඒ වගේම ඔය අනික් යට ලොකු ආදර්ශයක්. ඔයාගේ අනාගතේට මම හද පතුලින්ම සුබපතනවා. ඒ වගේම මතු උපදින කිසිම සංසාර බවයක කිසිම අඩුවක් නැතිව ඉපදීමට වරම් ලැබේව කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා.! (ර)

:       0       1

ෆාරා Tuesday, 10 January 2017 06:53 PM

සුබ පැතුම් මල්ලියේ. ඇත්තටම ඔය ගැන ආඩම්බරයි. (නි)

:       0       0

විපුලිකා ප්‍රනාන්දු Tuesday, 10 January 2017 07:09 PM

පුතේ, ඔයාගේ කතාව සජීවීව අහපු ආනන්ද විද්‍යාලයේ ගුරුවරියක් මම. ඒ මොහොතේ මම ඇතුළුව අනෙක් සියලු දෙනාගේම දෑසට කදුළු නැගුනා. ඔබ විශිෂ්ටයෙක්!! ඔබ සැමටම අදර්ශයක්. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ලංකා Tuesday, 10 January 2017 07:18 PM

ලංකාවේ සිද්ධවෙන පිස්සු වැඩ කියවලා ඔලුව අවුල්වෙලා ඉන්න අයට මේ වගේ දෙයක් අහන්න ලැබීමත් පිනක්. ඔබට ස්තුතියි පුතා. අපේ ඇස් වලත් සතුටු කඳුළු. ඔබේ ධෛර්යය ඔබට ආශිර්වාදයක් වේවා! (නි)

:       0       0

සිතුමිණ අරුණ Thursday, 12 January 2017 04:57 PM

මොනවා වුණත් ඔබ අද හොඳ තැනක ඉන්නවා. ගොඩක් සතුටුයි. ජය වේවා....! (නි)

:       0       0

බුද්ධික Wednesday, 11 January 2017 08:27 PM

ගොඩාක් ලොකු ආදර්ශයක්. හැමදාමත් ඔබට වාසනා! (නි)

:       0       0

ආරි Wednesday, 11 January 2017 08:39 PM

ඔබ වැනි දරුවන් අපේ රටට වාසනාවක්. මගේ දෙනෙත් කඳුලින් තෙත් වුණා. ඔබටත් ඔබේ සෙවණැල්ල වුණ ඔබේ රත්තරන් අම්මාටත් තෙරුවන් සරණයි! (නි)

:       0       0

ප්‍රසාදි Monday, 30 January 2017 02:41 AM

ආඩම්බරයි ගොඩාක්. බණ්ඩාර දිසානායකයන් නිසයි ඉසුරු ගැන දැනගත්තේ. බුදු සරණයි..! ඔයාගේ අනාගතේ මීටත්වඩා ගොඩක් සුන්දර වෙයි (නි)

:       0       0

සන්දීප් Friday, 20 January 2017 08:42 PM

විශිෂ්ටයි සහෝදරයා! (නි)

:       0       0

දිල්රුක්ෂි හේවාගම Tuesday, 10 January 2017 09:47 PM

ඔබට තෙරුවන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා පුතා! (නි)

:       0       0

උපුල් Thursday, 12 January 2017 08:39 PM

දිරියෙන් ඉදිරිය ජයගැනීමට වරම් ලැබේවා! (නි)

:       0       0

බානුල් විතානගේ Thursday, 12 January 2017 08:41 PM

මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 10 January 2017 10:09 PM

විශ්ව විද්‍යාලයට ආබාධිත සිසුවන් සෑම වසරකදීම ඇතුළු වෙනවා. සරසවි සිසුන් කිසිමවිටක ඔවුන් තනි කරන්නේ නැහැ. දේශනා ශාලා වලට පවා අතින් අල්ලාගෙන යන දර්ශන ඔබට සරසවියකට ගියවිට දැකගන්න පුළුවන් (නි)

:       0       0

වණසිංහ Thursday, 12 January 2017 01:26 AM

ඔයාගේ අනාගතේට මම හද පතුලින්ම සුබ පතනවා. ඒ වගේම මතු උපදින කිසිම සංසාර බවයක කිසිම අඩුවක් නැතුව ඉපදීමට වරම් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.! (නි)

:       0       0

ජනහිත Tuesday, 10 January 2017 11:57 PM

මේ කියන්නේ ඇස් ඇති අයගේ ඇස් පාරවන දෙයක්. මෙවන් දරුවෙක් ඉහළ යනකොට ඇස් වලින් දකින්න පුළුවන් අය ඒ ආදර්ශයට ගතයුතුයි. මේ දරුවා නැති දේ ගැන නොසළකා ඉහළ යාම ගැන හිතා සිතීම ඉතාමත්ම අගයමු. තියෙන අය තමන්ට යන්න පුළුවන් මඟ හිතුවොත් ඒ අයත් ගොඩ! (නි)

:       0       0

අබය Wednesday, 11 January 2017 12:31 AM

ඕනෑම දරුවෙකුගේ යෝධ ශක්තිය වෙන්නේ සෙවණැල්ලක් වන්ව පිටුපස හිඳින අම්මා මිස වෙන කවරෙක්ද? හොරෙකු, වංචාකාරයෙකු හෝ රජෙකු වන්නේ අම්මාගේ යහමඟ පෙන්වීම මතම මිසක් වෙන කිසිවෙකුත් නිසා නොවේ. (නි)

:       0       0

නිමල් Wednesday, 11 January 2017 01:24 AM

තව තවත් ඉදිරියට යන්න චිත්ත ධෛර්ය ලැබේවා! (නි)

:       0       0

නිමල් Wednesday, 11 January 2017 01:23 AM

උණුසුම් සුබ පැතුම්! ඔබට තෙරුවන් සරණේ අාශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

කුරුප්පු Thursday, 12 January 2017 03:41 AM

මට ඇත්තෙන්ම ඔබ ගැන ආඩම්බරයි (නි)

:       0       0

රෂීඩ් Wednesday, 11 January 2017 03:00 AM

මගේ හදවතින් සුබ පැතුම්! (නි)

:       0       0

සෙනරත් Wednesday, 11 January 2017 03:02 AM

ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. තව තවත් ජයග්‍රහණ ලබමින් ඉදිරියටම යන්න ලැබේවා! (නි)

:       0       0

එරන්ද Wednesday, 11 January 2017 03:11 AM

උණුසුම් සුබ පැතුම්! ඔබට තෙරුවන් සරණේ අාශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

අශෝක Wednesday, 11 January 2017 11:46 AM

ඔබ අභියෝග කර යන විශිෂ්ටයෙක් අනෙකුත් අයට ආදර්ශවත් රත්තරන් දරුවෙක්. මගේ සුබ පැතුම් ! (බ)

:       0       0

සමීර කාරියවසම් Thursday, 12 January 2017 07:10 AM

ඔයාට උගන්වන්න ලැබීම මටත් ගොඩාක් සතුටක් ඉසුරු . සුබපැතුම් ඔයාට (ම)

:       0       0

උදිත Wednesday, 11 January 2017 03:46 AM

හරිම විශිෂ්ට දරුවෙක්. කියන්න වෙන කිසිවක් නැහැ.(අ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 11 January 2017 04:04 AM

තෙරුවන් සරණි ඔබට (ම)

:       0       0

දුනිල් Thursday, 12 January 2017 08:04 AM

දයාබර පුතේ, මෙම සටහන තබන මම ඔබට ඉතාමත් සුබ අනාගතයක් පතමි! බුදුසරණයි! අම්මා අම්මා අම්මා මතු බුදු වේවා! (නි)

:       0       0

විදුරංග Wednesday, 11 January 2017 01:11 PM

ඔබ නියමයි ආදි ඇලවීසියානුවෙක් සුබ පැතුම් (බ)

:       0       0

සුනිල් Tuesday, 10 January 2017 02:36 PM

නියමයි ඉසුරු පුතා. මගේ හදවතින්ම සුබ පැතුම් ! තෙරුවන් සරණයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1512 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2755 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 399 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1183 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 10049 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 4011 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 350 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 430 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site