IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මගෙ පළවෙනි චිත‍්‍රපටය හිරිපොදවැස්ස

මෑත කාලීනව තරුණ හදවත් ආකර්ෂණය කරගත් රංගන ශිල්පීන් අතර ප‍්‍රධාන තැනක් උසුළන කලාකරුවෙක් තමයි රොෂාන් රණවන.පෞරුෂ සම්පන්න, තරුණ සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් රූපයකින් හෙබි ඔහු මුලින්ම රංගන ක්ෂේත‍්‍රයට පිවිසෙන්නෙ මිට අවුරුදු 10 කට පමණ පෙර තිරගත වූ හිරිපොද වැස්ස චිත‍්‍රපටයෙන්. රොෂාන් කලා ක්ෂේත‍්‍රයට පැමිණ නොබෝ කලකින්ම පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගත්තා මෙන්ම එය නොඅඩුව රඳවා තබා ගැනීමට ද සමත්වූවා.

20160902Roshan-2වෙනදාට හුරු පුරුදු සම්ප‍්‍රදායික පෙම්වතාගේ චරිතයෙන් හමුවූ ඔහු පැල්පත්වාසි තරුණ චණ්ඩියෙකුගේ චරිතය ඔස්සේ පේ‍්‍රක්ෂකයන්ට අලූත්ම අත්දැකීමක් ලබාදෙන්නටත් සූදානම්. ඒ ”උලත් එකයි පිලත් එකයි” චිත‍්‍රපටය හරහා.

මේ විදියට හැමදාමත් පේ‍්‍රක්ෂකයන් පිනවන ඒ කඩවසම් තරුණ රංගන ශිල්පියා රොෂාන් රණවන වෙනුවෙනුයි මෙවර ”ජීවිතේ මල්” වෙන්වන්නෙ.

2002 මිස්ට ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගත්ත දවස මගෙ ජීවිතේ සුවිශේෂ දවසක්. ඒ සඳහා මාව යොමු කළේ අම්මා. පත්තරේ දැන්වීමක් දාලා තියෙද්දි අම්මා තමයි අයැදුම්පතක් දාලා තිබුණෙ. ඇයගෙ කැමැත්ත මත මම ඒ සඳහා යොමු වුණේ. ඇත්තටම මම හිතුවෙ නෑ මට මේ කිරුළ ලැබෙයි කියලා. මට මගෙ ගැන ලොකු විශ්වාසයක් තිබුණෙත් නෑ. නමුත් මිස්ට ශ්‍රී ලංකා කිරුළ මට දිනාගන්න හැකිවුණා. ඒ මගෙ ජීවිතේ ලබපු පළමු ජයග‍්‍රහණය, ඉතින් ඒ මොහොතෙ ඇත්තටම ලොකු සතුටක් දැනුණා. ඒ දවසෙ මගෙ පවුලේ කට්ටියත් ඇවිල්ලා හිටියා. ඒ හැමෝමත් එදා ගොඩක්ම සතුටු වුණා. ඒ ජයග‍්‍රහණයෙන් පසුව තමයි ලංකාව නියෝජනය කරන්න මෙවැනි පැජන්ට්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

 

මම බෙස්ට් මොඞ්ල් ඔෆ් ද වර්ල්ඞ් ජාත්‍යන්තර තරග 6 කට සහභාගි වුණා. මෑන් හන්ට් ඉන්ටනැෂනල් 2002 වගේ තරගවලට පසුව 2003 වසරේ තුර්කියේ පැවැති බෙස්ට් මොඞ්ල් ඔෆ් ද වර්ල්ඞ් තරගයට සහභාගි වුණා. එහිදී මට තෙවන ස්ථානය දිනාගන්න හැකිවුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරලා තෙවන ස්ථානය දිනාගන්න ලැබුණේ පළමු වතාවට. ඒ අවස්ථාව මට ලැබීම ගැනත් අතිශය සතුටු වෙනවා. මොකද රටවල් 40 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගි වෙලා හිටියා. ඉතින් ඒ අතරින් ලංකාවට මෙවැනි ජයග‍්‍රහණයක් හිමිකර දෙන්නට හැකිවීම ගැන පුංචි ආඩම්බරයකුත් තියෙනවා. ඒ අවස්ථාව මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවන දවසක්.

 

2004 වර්ෂයේ මාව මුලින්ම චිත‍්‍රපටයකට සම්බන්ධ කරගත්තු දවසත් මම ලබපු ඉහළම සතුටක්. මිස්ට ශ්‍රී ලංකා තරගයට සහභාගි වුණා වගේම අම්මා තමයි පත්තරේක දැන්වීමක් දැකලා මාව ඒ සඳහා යොමු කරන්න අයැදුම්පතක් දාලා තිබුණෙ. උදයකාන්ත වර්ණසූරිය මහතා අලූත් චිත‍්‍රපටයක් කරන්න තරුණ පිරිසක් හොයනවා කියලා දැන්වීමේ තිබිලා තියෙන්නෙ. ඉතින් අම්මා ඒ සඳහා මාව යොමු කළත් පෙර සේම මගෙ ගැන විශ්වාසයක් තිබුණෙ නෑ. සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා මට ලිපිය ලැබුණෙත් ප‍්‍රමාදවෙලා. ඒ පළමු ඔඩිෂන් එකෙනුත් පසුව. ඉතින් මම හිතුවා මේ අවස්ථාවත් මට නොලැබෙයි කියලා. නමුත් වාසනාවකට වගේ අම්මා නැවතත් ඔවුන් සමඟ කතා කරලා තිබුණා.

 

20160902Roshan-1පසුව උදයකාන්ත මහතා මට එන්න කියලා මාව සුදුසුද කියලා බැලූවා. පසුව තිර පිටපතත් අතට දීලා කිව්වෙ මාව ප‍්‍රධාන චරිතයට තෝර ගන්නවා කියලා. ඒ 2004 වර්ෂයේ. ඒකත් මගේ ජීවිතේ ලබපු විශාලම සතුටක්. මුලින්ම චිත‍්‍රපටයකට අවස්ථාව ලැබුණෙ එලෙසින්.

 

මගෙ පළවෙනි චිත‍්‍රපටය හිරිපොදවැස්ස තිරගත වුණු දවසත් විශේෂම දවසක්. එය තිරගත වුණේ 2006 වර්ෂයේ. ජනවාරි 15, ඒ දවසෙ ප‍්‍රවීණ කලාකරුවන් රැසක්ම සහභාගිවෙලා හිටියා. මගෙ පවුලෙත් හැමෝම ඒ සඳහා සහභාගිවුණා. ඉතින් මම චිත‍්‍රපටය බලලා එළියට එන මොහොතෙ ඇතිවුණ සතුට මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි තරම්. ඒ වගේම චිත‍්‍රපටය ගොඩක්ම ජනපි‍්‍රය වුණා. එයින් අපිටත් අති විශාල ජනපි‍්‍රයත්වයක් ලැබුණා. මට රංගන ක්ෂේත‍්‍රයේ ස්ථාවරයක් ලැබුණෙ හිරි පොදවැස්ස චිත‍්‍රපටය හරහා. ඒ කාලසීමාව හරිම සුන්දරයි.

 

මට පළමු සම්මානය ලැබුණු දවසත් ජීවිතේ ඉහළම සතුටක් ගෙන දුන්නු දවසක්. 2006 වර්ෂයේ ජනාධිපති සම්මාන උළෙලෙදී වසරේ නැඟි එන නළුවාට හිමි සම්මානය මට ලැබුණේ. ඒ මට පළමු වතාවට ආරාධනා ලැබුණු සම්මාන උළෙල එහිදීම මට සම්මානයක් ලබා ගන්නට හැකිවීම ලොකු වාසනාවක්.

 

එදා මමයි මගෙ සහෝදරයයි තමයි සම්මාන උළෙලට ගියෙත්. ඒ දිනවල ”ආසයි මං පියාඹන්න” චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධවෙලා හිටියේ මාතලේ ප‍්‍රදේශයේ. මාතලේ ඉඳන්ම තමයි මම සම්මාන උළෙලට ගියේ. ඒ යද්දි වුණත් සම්මානයකට නිර්දේශවෙලා කියලවත් මම දැනගෙන හිටියෙ නෑ. නමුත් මට ලැබුණු පළමු ආරාධනය නිසා මම මාතලේ සිටම පැමිණ මේ වෙනුවෙන් සහභාගි වුණා. සම්මානය ලැබෙන්න වාගෙ නම කියද්දි මට හිතාගන්නවත් බැරිවුණා. ඒ තරම් සතුටක් දැනුණෙ. පසුව ඒ සඳහා ලැබුණු අත්පොළසන් නාදයත් එක්ක දැනුණු සතුට අප‍්‍රමාණයි. ඇත්තටම එය මගෙ ජීවිතේ වචනවලින් කියන්න බැරි තරම් සතුටු වුණු මොහොතක්.

 

මම විවාහ වුණු දවසක් මගෙ ජීවිතේ සොඳුරුම දවසක්. විවාහ මංගල උත්සවය තිබුණේ 2014 අගෝස්තු මාසයේ. අපි අවුරුදු 11ක් ආදරය කරලා. ඒ ආදරයම ජයගෙන විවාහයකින් කෙළවර කරගන්න ලැබීම ඇත්තටම ලොකු ජයග‍්‍රහණයක්. ඒ ගැන මට ලොකු සතුටක් තියෙන්නෙ. ඉතින් අපේ විවාහ උත්සවයට අපිට ආදරේ කරන ගොඩක් කට්ටිය සහභාගි වුණා. ඒ වගේම කලා ක්ෂේත‍්‍රයේ මගෙ පවුලෙ හැමෝම වගේ හිටියා. ඒ දවස මගෙ ජීවිතේ අමතක නොවන සුන්දරම දවසක් බවට පත්වුණා.

 

2014 අපේ විවාහයෙන් පසුව මමයි මගෙ බිරිඳයි මධුසමය වෙනුවෙන් රටවල් ගණනාවක සංචාරය කළා. අපි දෙන්නගෙම හීනයක් සහ ආශාවක් තිබුණා රටවල් ගණනාවක සංචාරය කරන්න. මීට අවුරුදු 11 කට පෙර මම ඇයට කියලා තිබුණා පේ‍්‍රම සම්බන්ධය පටන් ගත්ත කාලෙම ඇයව ප‍්‍රංශයට ගෙනියනවා කියලා. ඉතින් ඒ විදියට අවුරුදු 11ක් ගෙවිලා අවසන්වෙලා ඒ කිව්වා වගේම අපි විවාහ වෙලා රටවල් ගණනාවකම සංචාරය කරන්න අපට හැකිවුණා. දවස් 18ක් පුරාවට අපි යුරෝපයේ සංචාරය කළා. ඉතින් අපි දැකපු හීනය සැබැ කරගන්න ලැබීමත් ලොකු සතුටක්. ඒ කාලසීමාව ඉතා සුන්දර ලෙස තමයි ගෙවුණෙ.

 

ධනු විජේරත්න

 



අදහස් (0)

මගෙ පළවෙනි චිත‍්‍රපටය හිරිපොදවැස්ස

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 229 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 616 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 123 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 564 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 659 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1101 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site