IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මගේ මහත්තයා ‍රෙදිත් හෝදනවා ගේත් අතුගානවා

20160121-relationship-03

 

20160121-relationship-01

010120160121-relationship-06කොහොමද සංගීත් එක්ක ගෙවෙන ජීවිතය?
හොඳයි. ගොඩක් ආදරෙන් සතුටින් කාලය ගතකරනවා.


0101දෙන්නා හඳුනගත්ත කාලය ගැන මතක් කළොත්?

අත්තම්මා ටෙලි නාට්‍යය කරන කාලෙදි තමයි අපි ගොඩක් සමීපව හඳුනා ගත්තේ. ප්‍රේම සම්බන්ධයක් ඇතිවුණේ ඒ කාලෙදි. ඒ කාලෙත් බොහොම සතුටින් ගෙවුණා. අපි විවාහ වෙලා ලබන 25 වැනිදට අවුරැද්දක්. ඒ කාලෙත් නොදැනීම වගේ ගෙවුණා.


0101සංගීත්ව තමන්ගෙම කරගන්න තිබුණ විශේෂත්වය ගැන කිව්වොත්?

එයා ගොඩක් නිහතමානියි. පොළොවේ පයගහලා ඉන්නෙ. හොඳ හදවතක් තියෙන ආදරයට ආදරය කරන කෙනෙක්. ඒ නිසා තමයි මම සංගීත්ට කැමැති වුණේ.


0101සංගීත් කියන නළුවයි, ඔයාගේ සැමියයි විදිහට ගත්තොත් කොහොමද ඒ වෙනස ඔයාට දැනෙන්නෙ?

රංගනයෙදි කැමරාවක් ඉදිරියේ අපි කරන්නෙ රඟපෑමක් කියන දේ ඔළුවේ තියෙන්න ඕනෙ. ඒක කැමරාවෙන් එළියට ඇවිත් පිටතදීත් කරන්න ගියොත් තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ. සැබෑ ජීවිතයේදී සංගීත් බොහොම සුන්දර චරිතයක්.


0101සංගීත්ගේ මවත් පියත් දෙන්නම කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධයි. හතර දෙනාම මේ වැඩ බේරගෙන කරන්නෙ කොහොමද?

අම්ම නම් මෑතකදි තමයි රඟපෑමට එකතු වුණේ. එයා ගුරැවරියක්. ඉඩ තියෙන වෙලාවට තමයි රංගනයට දායක වෙන්නෙ. තාත්තා නම් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. දැන් අවුරැදු 30ක් 35ක් විතර ක්‍ෂේත්‍රයේ වැඩ කරනවා. ඇත්තටම මේ වගේ පවුලකට එකතු වෙන්න ලැබීම ලොකු භාග්‍යයක්. ලොකු පන්නරයක්. මම හරි වාසනාවන්තයි කියලා හිතෙනවා මේ පවුලට එකතු වෙන්න ලැබීම ගැන. අපි බොහොම සුහදව, සහයෝගයෙන් වැඩ කරනවා.


0101සංගීත්ගෙන් ඔයාට මොනවගේ සහයක්ද ලැබෙන්නෙ?

ගෙදර වැඩවලටත් ගොඩක් උදව් කරනවා. රෙදි හෝදනවා. අතු ගානවා. ඔය හැමදේම කරනවා. දැන් අපි වෙනම ගෙදරක ජීවත් වෙන්නෙ. 


0101විවේක කාලය ගත කිරීමේදී සංගීත්ගේ කැමැත්ත මොන වගේද?

හරිම විනෝදයි. විවේකය අපි ගොඩක් සතුටින් ගතකරනවා. විනෝද ගමන් යනවා. සෙල්ලම් කරනවා. බයිසිකල් පදිනවා. සින්දු කියනවා. නටනවා. බොහොම විනෝදෙන් ඉන්නෙ. අපි ගැන නොදන්න කෙනෙක් නම් දැක්කොත් හිතන්නෙ අයියයි, නංගියි කියලා. ඒ තරමට සැහැල්ලුවෙන් ඉන්නෙ. හැබැයි අපිට අපේ වගකීම්, යුතුකම් අමතක වෙලා නෙවෙයි. ඒ හැම දෙයක්මත් ඉටුවෙනවා.


0101අමතක නොවෙන සිදුවීම් එහෙම ඕනෙ තරම් ඇති?

මේ ළඟදි අපි කිතුල්ගල ගියා. ගල්වල වැදි වැදී ගඟේ යන්න තියෙන්නෙ. එක තැනකදි අපි ගිය බෝට්ටුව ලොකු ගලක වැදිල පෙරලෙන්න ගියා. එදානම් හිතුවෙ කාටහරි ලොකු ඩැමේජ් එකක් වෙයි කියලා. ඒත් සංගීත්ගෙ හැකියාවෙන් බෝට්ටුව පෙරළෙන්නෙ නැතිව බේරැණා.


0101සංගීත්ගේ රංගන හැකියාව ගැන මොකද හිතෙන්නෙ? එයාගේ උපරිම රංගන හැකියාවන් පෙන්වලා තියෙනවද?

සංගීත් දක්‍ෂ කෙනෙක්. තාම එයාගේ උපරිමයෙන් වැඩ කරල නෑ. උපරිමය එළියට ඇවිත් නෑ. මට හිතෙන්නෙ එයා චරිත කිහිපයකට කොටුවෙලා. එතනින් එහාට ගිහින් විවිධත්වයක් තියෙන, පිස්සෙක්ගෙ, හිඟන්නෙකුගේ, මැරයෙක්ගේ වගේ චරිත වුණත් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා.

 

 

20160121-relationship-02

010120160121-relationship-04කොහොමද පවුල් ජීවිතයේ රඟසොබාව?

(සිනාසෙයි) ඇත්තටම උදාරිත් එක්ක ගෙවෙන පවුල් ජීවිතය ගොඩක් සුන්දරයි.. හරිම සැහැල්ලුවෙන් ගෙවෙනවා. 


0101ප්‍රේමවන්තයන්ව හිටිය කාලේ සුන්දර මතක සටහන් ඇති?

ඕන තරම් තියෙනවා. හැමදාම වගේ අලුත් අත්දැකීමක්. යාළුවෙන්න try කරපු කාලේ තමා නියම. ඒවා හැබැයි උදාරි තමයි ලස්සනට කියන්නෙ. උදාරි පෑන් කේක් කන්න ආසයි. ඔය කාලේ තමා අත්තම්මා drama එකේ Shooting තිබුණේ. මොනව වුණත් මට බෑනේ උදාරිට විතරක් පෑන් කේක් හදාගෙන යන්න. අම්මට කියන්නත් වෙනවනෙ. ඉතිං මම කරන්නෙ අර 30ක් 40ක් විතර ඉන්න set එකටම අම්මට කියලා පෑන් කේක් හදාගෙන යනවා. 

හැබැයි මුලින්ම කරන්නෙ උදාරිට ගිහින් අල්ලනවා, ඇති තරම් ගන්න කියලා. ඔහොම එයා කැමති දේවල් කරලා තමයි යාළු කරගත්තේ.


0101උදාරිව තමන්ගේ ජීවිතේට ළං කරගන්න ඕනෙ කියලා හිතුවේ ඇයි?

උදාරි හරි අහිංසකයි. ඕන කෙනකුට උදව් කරනවා. සත්තුන්ට ගොඩක් ආදරෙයි. ඒ වගේම තමයි ඕනම දේකට ඇහුම්කන් දෙනවා. ඒකට මම හරි කැමතියි. ආසයි. හැමෝටම උදව් කරගෙන හැමෝටම ඇහුම්කන් දීගෙන තමයි උදාරි තමන්ගෙ වැඩ කරන්නෙ. 


0101උදාරිගේ රංගන හැකියාව ගැන මොකක්ද ඔයාගේ තක්සේරැව?

උදාරිට හොඳ රංගන හැකියාවක් තියෙනවා. මම ආසාවෙන් බලන් ඉන්නවා ඉදිරියේදී මීට වඩා හොඳින් රංගනයට දායක වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. ඒ වගේම එයා හොඳ Singer කෙනෙක්. හොඳ dancer කෙනෙක්. අවුරැදු 2 1/2 වගේ කාලේ ඉඳන් තමයි උදාරි නර්තනය ඉගෙන ගන්න පටන් අරන් තියෙන්නෙ. Acting range එකත් හොඳයි. හොඳ වැඩ කොටසක් කරන්න පුළුවන් කෙනෙක්.


0101ඔයාගේ වැඩවලට එයාගෙන් ලැබෙන සහය මොනවගේද?

අපි දෙන්නා දෙන්නෙක්ව සිටි කාලය වගේ නෙවෙයි අපි එක්කෙනෙක් බවට පත් වුණාම. මගේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නෙ උදාරි. 


0101උදාරිගේ විලාසිතා ගැන මොකද හිතන්නෙ? ඒ වෙනුවෙන් ඔයාගේ සහයක් ලැබෙනවද?

ඇත්තටම උදාරි එයාට ගැළපෙන අලුත් විලාසිතා කරනවා. විලාසිතා ගැන උනන්දුයි. මමත් උදව් කරනවා. එයාට හොඳ ගැළපෙන විලාසිතා කළාට මගේ ප්‍රශ්නයක් නෑ. මම වුණත් මුල් කාලේ විලාසිතා ගැන උනන්දු කෙනෙක් නෙවෙයි. මගේ ඇඳුම් පැළඳුම් පවා වෙනස් කරලා ලස්සන කරලා ගත්තේ උදාරි.


0101ඉදිරි සැලසුම් ගැන එහෙම අලුත් තොරතුරක් දෙන්න පුළුවන්ද?

වැඩ කිහිපයක් Plan කරගෙන යනවා. චිත්‍රපටයක් කරන්නත් සූදානමක් තියෙනවා. ඒ නිසා ඒ ගැන වැඩි විස්තරයක් කියන්න විදිහක් නැහැ. තව අපි දෙන්නා සින්දුවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ටිකක් fast beat එකේ සින්දුවක්.  


0101පුංචි අමුත්තෙක් ගැන බලාපොරොත්තුවක් නැද්ද?

ඒ ගැනත් අපි Plan කරලා තියෙන්නෙ. තව අවුරැදු 3කින් විතර ඒ ආරංචිය දෙන්න පුළුවන්. 

 

             ආශිකා             

 

20160121-relationship-05



අදහස් (0)

මගේ මහත්තයා ‍රෙදිත් හෝදනවා ගේත් අතුගානවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 856 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1040 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 206 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5059 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1625 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31125 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23744 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site