පිටකොටුව මහනුවර පාරේ දුරගමන් යන පෞද්ගලික බස් අතරමගදී මගීන් නංවාගනිතියි බස් 10කට පමණ පහර දී ඇතැයි පෞද්ගලික බස් රියදුරෝ කියති.පහරදීමෙන් පසුව ඔවූහු බස් ධාවනයෙන් වැළකී සිටිති.
200,180 හා138 මාර්ග අංක වල ධාවනය වන බස් රථ වර්ජනයෙන් මගීහු දහස් ගණනක් අමාරුවේ වැටී සිටිති.කඩවත,කිරිල්ලවල,නිට්ටඹුව ප්‍රදේශවලින් මගීන් නංවාගන්නා බව ඔවුහු චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර ගමන්, කෙටි ගමන් මොන ගමන් ගියත් නුවර පාරේ ගමන් එපාවෙනවා. මිනිසුන්ට ඕනෑ ඉක්මනට ගමන යන්න. මොන කරුම රටකද මන්දා අපි ඉපදුනේ. (නි)
එකම පාරේ 30-35කිමී ඇතුළේ බස් අංක සීයක් විතර දුවනවා. ඉතින් මෙහෙම නොවී තියෙයිද? (නි)
ඇත්තටම බස් කොටන නිසා තමයි දුරගමන් බස් වල යන්නේ (නි)
කමක් නෑ. වර්ජන කරපුදෙන් අපි සුමානයක් හරි ගෙදරටම වෙලා ඉන්නම් මේකටනම් මොනවා හරි ස්ථිර විසදුමක් ඕනේ. රාජකාරි වලට යන වැදගත් මිනිස්සුන්ගේ කාලය කන්න මේ අයට අයිතියක් නෑ. කොටන එකෙන් ඇතුලේ යන මගීන් ගෙයි, පිටිපස්සෙන් එන වාහන බ්ලොක් වෙලා ඒ අයගෙයි කාලය නාස්ති වෙනවා. (බ)
ජනතවට එදිනෙද තිබෙන ආණ්ඩුවට විසදුමක් දිය හැකි රටේ ශ්‍රම බලකාය රස්තියාදු වීමෙන් ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිකරන ප්‍රශ්න තමා මේවා , නිසිලෙස සොයා බලා ක්‍රියාත්මක වෙනවනම් ආණ්ඩුවට පුළුවන් ඉතා ඉක්මනින් මේවට විසදුමක් දෙන්න නමුත් අද ආණ්ඩුව කරන්නේ මෙවැනි දේවල් පැත්තක දමමින් , පසුගිය ආණ්ඩුවේ හිටපු හොරු ඇල්ලීම වැනි බහුභූත දොඩවමින් කාලය ගත කිරීමය (බ)
ඉක්මනට යනවා නම් ඕනෑම බස් එකක මගීන් යන්න ලෑස්තියි (නි)
මේගොල්ලන්ටම ගිය රටනේ මේක! (නි)
එයාලට වර්ජනය කරගන්න කියලා නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
කොට කොට යමින් අපිව හැමදාම රස්තියාදු කරනවා. මේවා ඔක්කොම රාජසන්තක කර නැවත ලංගම ස්ථාපිත කළයුතුය. වර්ජන කරන බස් වල මාර්ග බලපත්‍ර අහෝසිකර අලුත් මිනිසුන්ට දෙන්න. එතකොට මේ ඔක්කොම ලෙඩ රෝග හොඳ වේවි (නි)
මගදී අල්ලලා ඩ්‍රයිවර්ගෙයි කොන්දොස්තරගෙයි කෑලි ගළවන්න ඕනෑ. (නි)
ගහලා මදි හම ගහන්න ඕනි (හේ)
කඩවත සිට කොටුවට කි.මී. 20 යි. ගතවන කාලය පැය දෙකකට වැඩියි. ඔය කියන බස් උපරිමයෙන් කොටනවා. අපි ටිකක් කලින් කොළඹට යන්නේ දුර ගමන් බස් වලින්. ඒක අපේ අයිතිය. නිට්ටඹුවට යන කවුරුවත් නිට්ටඹුව බස් වල නඟින්නේ නැහැ. පැය 3 ක් විතර යනවා. මේ අපේ වෙලාව කනවට කවුද වගකියන්නේ (නි)
200,180,138, කොටන්නේ නැතුව යනවා නම් මේ ප්‍රශ්නේ ඇතිවෙන්නේ නැහැ. එයාලා කොටන නිසා මිනිස්සු හිටගෙන යන්න හරි නුවර බස් වල නගිනවා (නි)
දැන් මේවත් මාෆියා වෙලා (නි)
මේ මඟමරුවන් මර්දනය කළයුතුයි (නි)
ඔන්න නියම වැඩක්. ගහලා මදි කරන ජරා වැඩ වලට. සීට් ගානට කියලා වැඩිපුර නග්ගාගන්නවා. (නි)
ඉස්සර පිටකොටුවෙන් දුර පළාත් යන පුද්ගලික බස්වල අපි දකිනවා ඉඩ තිබුනොත් ළඟට මගින් නංවා ගනිද්දී කියනවා "ඔය ස්ටෑන්ඩ් විතරක් නගින්න" කියලා.නමුත් අද "ඔය ඉස්සරහ දාලා යන්න" කියන අඩියට දුරගමන් සේවා පිරිහිලා. රටේ තිබුණු බස් ඩිපෝ වලට ඔවුන්ගේ සේවයට මදිපාඩුව තිබුණු බස් ප්‍රමාණය පමණක් පුද්ගලික බස් වලින් පුරවා අදාල ඩිපෝවේ පාලනය යටතේ ධාවනය වන ක්‍රමවේදයකින් රටට පුද්ගලික බස් සේවය හඳුන්වා දුන්නා නම් මගී අපිටත් ඩිපෝවට ආදායමක් සහිත ශක්තිමත් ලංගමයක් අපිට තියෙනවා. (නි)
මිනිස් පැය අපතේ යවන නරුම සේවකයෝ මේ බස් රූට් එකේ ඉන්නේ. ඒ මදිවට ලස්සන කාන්තාවක් පෙනෙන්න බැහැ. එතනට වෙලා කැරකි කැරකි ඉන්නවා. කිසිම විනයක් නැහැ.මේ බස් රූට් වල පර්මිට් නවත්වන්න කියලා යොජනා කරනවා. (නි)
දුර ගමන් බස්වලට මිනිස්සු නගින්නේ ඉක්මනට යන්න. මොවුන්ට දහයේ කෑලි වුණත් කමක් නැහැ එකතු කරනවා. දුර යන මගීන්ගේ අපහසුව ගණන් ගන්නේ නැහැ. බලධාරීන් මේ ගැන බලන්නේ නැත්නම් මිනිස්සු මෙහෙම කරන්නේ නැතුව වෙන මොනවා කරන්නද. (නි)