කැනඩාවේ ටොරන්ටෝ නුවර වෙළෙඳ ප්‍රදර්ශනයක දී ශ්‍රී ලාංකික ව්‍යාපාරික යුවළක් ශ්‍රී ලංකාවේ පොල් කිරි වෙනුවෙන් සම්මානයක් දිනා ගත්හ.
‘ඇරයුම‘ නමින් මෑතකදී පිහිටුවා ගත් සමාගමට මේ විශේෂ සම්මානය හිමි විය.
දෙසතියක් පුරා පැවැති සම්මානයේ දී මීගමුවේ චානක කුරේරා හා ඔහුගේ බිරිය මාරිසේ මේ මෙම සම්මානයට හිමිකම් ලැබූහ.
ශ්‍රී ලංකාවෙන් උසස් තත්ත්වයේ පරිසර හිතකාමී කෑම බීම ඇතුළු භාණ්ඩ කැනඩාව, ඇමෙරිකාව, යුරෝපය හා වෙනත් රටවල අලෙවියට ඔවුහු සමාගමක් පිහිටුවා ගනු ලැබ සිටිති.
ස්වභාවික පොහොර යොදා වගා කරන බවත්, ඔවුන් අලෙවි කරන පොල්කිරිවලින් ලබන මුදලින් සියයට එකක් ශ්‍රී ලංකාවේ වල් අලින් රැකගැනීමේ අරමුදලට යොදවන බවත් දැනගන්නට ඇත.
චානක , ඔහුගේ බිරිය හා දරු දෙදෙනා මොන්ට්‍රියල් හා ක්විබෙක් හි පදිංචිව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුබ පැතුම්!! (නි)
චානක අයියේ, ඔබට ස්තූතියි! (නි)
ලංකාවේ බොහෝ වෙබ් අඩවි වලට ප්‍රතිචාර දැක්කාම හරි දුක හිතෙනවා. මේ පුවතම ඒ වගේ අඩවියකට දැම්මා නම් සමච්චලය තමයි ලැබෙන්නේ. මෙතන හැමෝම සුබ පතලා. ඒක හරිම වටිනවා. මාත් ඒ සුබ පතන ගොන්නට එකතු වෙනවා. යහපත් ව්‍යාපාර යහපත් විදියට කරගන යන්න. අලි රැක ගැනීම ගැන අපටත් කියන්න. ලංකාවේ ඉන්න අපිත් කැමතියි අපට පුළුවන් උදව්වක් මුදලින් හෝ අතින් පයින් කරන්න. පිටරටවල ඉන්න අය රටට ආදරේ කරන තරමට ලංකාවේ අයත් රටට ආදරේ නම් බොහෝ දේවල් හුඟක් වෙනස් කරන්න පුළුවන්. අවාසනාවකට වගේ බොහෝ අයට අපේ රටේ අගේ තේරෙන්නේ ඈතදි. (නදී)
හදවතින්ම සුභ පැතුම්! (නි)
චතුරංගි,. මම හිතන්නෙ අලි රැක ගැනිමේ ව්‍යාපාරය කියන්නේ දේශපාලනයට සම්බන්ධ එකක් වෙන්න ඇති (නි)
අගය කරනවා ඔබේ උත්සාහය. (ස)
මේක හොඳ වැඩක්. ඔබට සුබ පැතුම් !!!! (ස)
මට පුළුවන් අලුත් පොල් ඔබලාගේ රටවල් වලට සපයන්න. ගැණුම්කරුවන් පමණක් අමතන්න. (නි)
සුබ පැතුම් (නි)
කාන්සියට මීගමු යනවා ...මාන්සියට ගොන් කුර ගෙවෙනා.. සුබ පැතුම් වැන්කුවර් අපෙන් ,ඔබට! (නි)
ඔබට අපේ උපහාරය සයිප්‍රස් සිට.ඔබලාගේ නිෂ්පාදන දිනෙන් දින දියුණු වේවා.ශ්‍රී ලාංකික නාමය වැජඹේවා! (නි)
චතුරංගි ඔය හරි ගේ සුභ පැතුම් (අ)
ඉතාම අගය කළ යුතු වැඩක්. ඔබේ මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (නි)
ඔය නිෂ්පාදන අමතක නොකර ප්‍රංශයටත් එවන්න. මෙහෙ අපි ගන්න පොල් කුරුවල්වෙලා කල් ගතවෙලාම. (නි)
කාලීනව ගැළපෙන නිෂ්පාදනයක්. (නි)
මිනිස්සු ලෙඩ වෙන එක නවත්වන්න තිබෙන විසදුමක් මේ. හරිම පින්! නැති වෙලා යන දහස් ගාණක් විතර වී ජාති අපේ රටේ තිබෙනවා. බීජ මාෆියාව නිසා පිටරටින් ගෙන්නලා දෙන වී වවන්න නිලධාරින් ගොවියට බල කරනවා . ඉස්සර මේ රටේ කළා වගේ පිරිසිදුවට ඒ අපිටම උරුම වී ජාති වවලා වෙළඳපොලට දෙන්න සමාගමක් හදන්න, මේ විදියට හිතන, රට ගැන දුක් වෙන තව අය ඉන්නවා. එයාලත් එකතුවෙයි එහෙම සමාගමක් හැදුවොත්. පොල් කිරි හදලා නවතින්න එපා. (නි)
මගේ සුබ පැතුම් ! (නි)
හරිම සතුටුයි මේ වගේ ශ්‍රී ලාංකිකයන් ගැන අහන්නත්. ඒ අලි රැක ගැනීමේ අරමුදල කියන්නේ මොකක්ද? ඒ ගැන ලිපියක් පල කරන්න ලංකාදීප.. උදවු කරන්න ඕනෑතරම් මිනිස්සු ඉන්නවා. ඒ වගේම වස විස නොදා වවන පොල් වලින් තෙල් හදන්නත් ඒවා වීදුරු බෝතල් වල දාන්නත් පුළුවන් නම් ඒ වගේ නිෂ්පාදන වලට විශාල ඉල්ලුමක් තිබෙනවා . මේ අරමුදලින් වන විනාශය නවත්වන්නත් යලි වවන්නත් අලිමංකඩ නිදහස් කරන්නත් කැළෑ අල්ලාගෙන ඉන්න අය ඉවත් කරන්නත් වැඩ කරනවා නම්, මිනිසුන් දැනුවත් කරනවා නම් හුඟක් ප්‍රයෝජනයි. මේ සේරම ගැන වෙබ් අඩවියක් හදන්න. හැම දෙනාටම දැන ගන්නත් එක්ක.. අපේ සුභ පැතුම් ! (නි)
පුදුමාකාරයි. ඔබට සුභ පැතුම්! (නි)
ශ්‍රී ලාංකියකන් හැටියට අපට ඔබ කළ දෙය ලොකු ආඩම්බරයක්. ඔබලාට සුබ අනාගතයක් පතමි (නි)