දස දෙනකුට මරු කැඳවූ බණ්ඩාරවෙල - පූනාගල ලංගම බසයේ රියදුරු එස් බී නීල් ප්‍රියන්ත දියතලාව රෝහලේ දී පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබා අද දහවල් ටිකට් කැපූ මොහොතේම අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය කියයි.
ඔහු මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
දස දෙනකුට මරු කැඳවූ බණ්ඩාරවෙල - පූනාගල ලංගම බසයේ රියදුරු එස් බී නීල් ප්‍රියන්ත දියතලාව රෝහලේ දී පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබා අද දහවල් ටිකට් කැපූ මොහොතේම අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය කියයි.
ඔහු මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කෙනාට විතරක් දඩුවම් කරලා මදි. සී.ටී.බී වල බ්‍රේක්, ටයර්, ලයිට් කිසිදෙයක් හරියට නැහැනෙ. ඒ වගේ බස් දුවන ඩිපෝ වල මහ අයටත් නඩු දාන්න ඕනෑ,තමන්ට භාරව ඇති ආයතනය හරියට පාලනය නොකරනවට.කීයෙන් කීයද හොද තත්ත්වයේ බස් තියෙන්නෙ?ගෙනාවට පස්සෙම හෝදලා නැති බසුත් තිබෙන එකේ ඔය වගේ අනතුරු බලාපොරොත්තු වෙන්න වෙනවා. හෙට මට වුණත් ජීවිතේ නැති වෙන්න පුලුවන් හරිහමන් නඩත්තුවක් නැති බස් නිසා. (නි)
වාහනේ පදවන ගමන් ෆේස්බුක් ගිහින්ද ?(දිල්)
ලංකාවේ රිය අනතුරකින් මිනිස්සු මැරුණට ඒ රියදුරුට දෙන්න පුළුවන් උපරිම දඩුවම රියදුරු බලපත්‍රය අවලංගු කිරීම පමණි. ඊට හේතුව ඔප්පු කරන්න සාක්ෂි නොමැතිකමයි. එය තමයි ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ නීතිය (නි)
පුද්ගලික බස් රථ ලංගම බස් රථ පසුකරගෙන යාමට කරන උත්සාහය,බස් රථය පදවන විට ජංගම දුරකථන භාවිතය,කන් බිහිරිවන සංගීත රාවය,මත්පැන් භාවිතය,වසර දෙකකට වරක්වත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය නොකිරීම ,මාර්ග නීතිරීති උල්ලංගනය කරමින් බස් රථ ධාවනය යන කරුණු බොහෝ විට මාර්ග අනතුරු වලට හේතුවේ.කොපමණ මිනීමැරුවත් දෙන දඩුවම සුළුය. (නි)
කැලුම් මලේ, මම දස අතේ ණයයි. ජිවිතේ නැති කර ගන්න හිතුනා (නි)
ප්‍රසිද්ධියේ මරණ දඩුවම දෙන්න.එවිට අනෙක් මග මරුවෝ හැදේවි . (නි)
පොලිසියෙන් කියල තිබුන මේක රියදුරුගේ වරද නිසා සිදු වූ අනතුරක් බව. නිරෝෂන් කියනවා වගේ හිතාමතා අනතුරක් කරන්නේ නැහැ රියදුරෙක්. නමුත් නොසැලකිල්ල නිසා කෙරෙන වරදවල් වලට දඬුවම් ලැබිය යුතු බව නීතිපොතේ හැම තැනම කියවෙනවා. ඉස්සර බස්වල ඇතුලේ බෝඩ් එකක් තිබුන, "ජීවිත රැසක් ඔබ දෑතේ" කියල. ඒක තේරුම් නොගෙන බස් පදවන්න බැහැ. (දී)
කවුරුත් හිතලා මිනිස්සු මරන්නේ නැහැනේ (නි)
අද අප රටේ ඉන්නේ මානසික අාතතියෙන් පෙළෙන උදවිය. උදේ පාන්දර නැගිටින්නේ අද දවස කොහොමද ගතකරන්නේ කියාගෙන ඔලුවේ දහසකුත් ප්‍රශ්ණ මැද්දේ. විශේෂයෙන් රියදුරන්ට ගුරුවරුන්ට මෙය තදින් බලපානවා. ඉහළ පංතිවල වැජඹෙන අැත්තන්ට ඔිවා වැටහෙන්නෙ නැහැ (නි)
මෙතන අදහස් දාන අය හරියට තමන්ගේ අතින් ජිවිත කාලෙටම වැරැද්දක් වෙලා නැති අය වගේනේ. එහෙම නෙමෙයි! රියදුරෙක් හිතාමතාම මගීන්ව අනතුරට පත් කරන්නේ නැහැ. මොකද එහෙම හිතාමතාම අනතුරකට පත් කළොත් තමනුත් ඒකටම බිලිවෙනවා. නොසැළකිල්ල වෙන්න පුළුවන්. ඒ කියන්නේ බිමත්කමින්, රිය පදවන විට කා සමග හෝ කතා කරමින් යාමෙන්, ජංගම දුරකථන සංවාද , එහෙම නැත්නම් අධික වෙහෙස , තමන් පිළිබඳ අධික විශ්වාසය වගේ දේවල්. ඉතින් මේ කරුණු වලට යම් දඬුවමක් දෙන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකයි. හැබැයි ප්‍රසිද්ධියේ මරන්න , එල්ලලා මරන්න , ගල්ගහලා මරන්න වගේ දේවල් හරියන්නෙ නැහැ. මොකද මේක අනතුරක් නිසා. අනික් කාරණය අද ලංගම සහ පුද්ගලික බස් හරියට පරික්ෂා කළොත් 80% ම ධාවනයට නුසුදුසු බස්. මේවා ගැන කවුරුවත් අවධානය යොමු කරන්නෙත් නැහැ. (නි)
පරීක්ෂණ කරන පොලිස් කණ්ඩායම ට තොරතුරු සහ සාක්ෂි ලැබිල තයෙනවාලු මොහු අපරීක්ෂ කාරීව සහ නොසැලකිල්ලෙන් ධාවනයේ යෙදුන බවට. දඬුවම් කරන්නේ උසාවියෙන්. එක ඉතින් උසාවියේ වැඩක්. දැන් ඉතින් මරණ දඬුම දුන්නත් වැඩක් තියෙනවද?(දිල්)
රියදුරාටත් දරු පවුලක් ඇති. කවුරුත් දඩුවම් කරන්න ඕනෑ වෙන්නේ නැහැ. එයාගේ හෘද සාක්කිය එයාට ජිවිතේ කවදාවත් නොදුන් දඩුවමක් දෙයි (නි)
දැනට අවුරුදු ගණනකට කලින් ලංගමයේ හිටියේ සැබවින්ම රියදුරු මහත්වරු. අද ඉන්න සමහර අය හරිම අවිනීතයි වගේම විනය නොසළකන අය. (නි)
මතක හිටින දඩුවමක් දෙන්නයි තියෙන්නේ. (නි)
මේ ඩ්‍රයිවර් බස් එක ඩ්‍රයිව් කරන කොට හෑන්ඩ් ෆෝන එක යූස් කරලා තියෙනවා. අනික පටු පාරෙත් වේගයන් බස් එක ඩ්‍රයිව් කරලා. (ස)
මේ රියදුරු අධික වංගු සහිත මාර්ගයේ දුරකථනයද බාවිතා කරමින් අධික වේගයෙන් බස් රථය පදවන විට යතුරු පැදියක් පසුකර යාමේදී මෙම අනතුර සිදුවී ඇති බව දැනගන්නට ලැබී ඇත. ලංකාදීප පාඨකයන් වෙනුවෙන්. (ස)
මෙයාගේ ජංගම දුරකථනය සඟවා ඇති ස්ථානය සොයන්න කන්දක් උඩට ගෙනියන්ඩ ඊට පස්සේ මෙයා ලිස්සා වැටෙයි. (ස)
සමහරු වැඩියෙන් පක්ෂ වගකීමකින් තොරව රිය පදවන රියදුරන්ට වගේ. රියදුරෙකු වුවහම මුලින්ම සිතිය යුත්තේ වේගය ගැන නොව තමන්ගේ අතේ ඇති ජිවිත් සහ මහා පාරේ ගමන් කරන්නවුන්ගේ ජිවිත ගැන.එහෙම හිතන අය කී දෙනාද අද ඉන්නේ. මුලින්ම සිතිය යුත්තේ තමන්ගේ වගකීම, වාහනයේ තත්වය. එහෙම නැතුව ගියරය මාරු කර අක්සිලරෙටරය පෑගුවහම යන එකී.හදිසියක් උනහම බ්‍රේක් පාගන එක ගැන නොවෙයි.නමුත් අද වැඩි දෙනෙක් දන්නෙත් ඕක විතරයි.මගේ පියාත් දොව අනතුරට පෙර කඩුවෙල වැලිවිටදී සිදු වූ ලංගම බස් අනතුරින් මියගිය අයෙක්. එදා බස් රියැදුරා රථය පදවා තිබුනේ බිමත්ව. විපතට වැටුනේ අපි. ඒ නිසාම තමා මම රැකියාවෙන් රියදුරෙකු නොවුනත් බර වාහන බල පත්‍රය ගෙන, හැකි පමණින් මගේ රැකියාවේදී වැරදි කරන රියැදුරන්ට මට හැකි උපරිම දඬුවම දුන්නේ.අද උනත වැරදි කරපු රියදුරෙකුට විරුද්ධව සාකි දීමට මම ඉදිරිපත් වෙනවා.වැරදි කරන රියදුරන්ට උපරිම දඬුවම් දිය යුතුයි.මාර්ග තත්ත්වය,දේශගුණික තත්ත්වය සහ තමාගේ මානසික තත්ත්වය සහ වාහනයේ තත්වය අනුව වාහනය පැදවීමට රියැදුරා දැනගත යුතුයි.නැතුව වලිගය ගිනිගත් වඳුරන් සේ වාහන පදවිය යුතු නැහැ. (ස)
මේ අනතුරින් පස්සේ ප්‍රවාහන ඇමතිතුමා හොඳ තීරණයක් අරගෙන ජංගම දුරකථන රියපදවන විට තහනම් කරන්න. ගම්පොල මහනුවර පුද්ගලික බස් රියදුරන් හරියට ප්ලේන් එකක් පදවනවා වගේ ඉන්න තැන කියන්න ජංගම දුරකථන පාවිච්චි කරන්නේ. (ස)
මෙයා එයත් මරාගෙන මැරෙන්න බස් එක පදවපු කෙනෙක්ද? එහෙම නම් කමක් නැහැ. (නි)
අනෙකුත් දහස් සංඛ්‍යාත අපරික්ෂාකාරී රියදුරන්ගේත් ඇස් ඇරවීමට මේ පුද්ගලයාට උපරිම මට්ටමෙන් දඬුවම් කරන්න. (ස)
ඒ කියන්නේ රියදුරාගේ වරදින්ද ඒ බිහිසුණු අනතුර උනේ....? අනේ අහිංසක ජීවිත දෙයියනේ. (ස)
නැවතත් රථ අනතුරක් සිදු කිරීමට නොහැකි වන සේ මග මරුවාට උපරිම දඬුවම් දිය යුතුය.මොහුගේ පවුල ගැන සිතා බැලීමට පෙර මෙවැනි අය නිසා විපතට පත්වෙන අය සහ ඔවුන්ගේ දරු පවුල් ගැන සිත බැලිය යුතුය. උවමනාවෙන අනතුරු සිදු න්කරන්නේ නැත.එහෙත් පුළුවන් නම් බේරියව් යන සිතුවිල්ලෙන් නැට්ට කැපු රිලවුන් ලෙස රිය පදවන මග මරුවන් නිසා රිය අනතුරු සිදුවේ. (ස)
උල තියන්න වටින්නෙ. (ස)
ඔය මිනිහට විතරක් දඩුවම් කරල මදි... සී.ටී.බී වල බ්‍රේක්, ටයර්, ලයිට් කිසි දෙයක් හරියට නෑනෙ... ඒ වගේ බස් දුවවන ඩිපෝ වල මහ අයටත් නඩු දාන්න ඕන තමන්ට භාරව ඇති ආයතනය හරියට පාලනය නොකරනවට..කීයෙන් කීයද හොද තත්වයේ බස් තියෙන්නෙ.. ගෙනාවට පස්සෙම හෝදලා නැති බසුත් තියන එකේ ඔය වගේ අනතුරු බලාපොරොත්තු වෙන්න වෙනවා... හෙට මට උනත් ජීවිතේ නැති වෙන්න පුලුවන් හරි හමන් නඩත්තුවක් නැති බස් නිසා... (ස)
නියම දඩුවමක් දී, ජීවිතාන්තය දක්වාම කිසිම වාහනයක් පැදවීමට ද තහනම් කල යුතුයි. (ස)
ඇත්ත කියාපන්, මොකද උනේ.? (ස)
වරද මහාමාර්ග ඉන්ජිනේරුවන්ගේ. මේකට මේ රියදුරන්ට දොස් කියලා වැඩක් නැහැ. තම තමුන්ටත් වරදින්න පුළුවන්. මාර්ගයේ කොන්ක්‍රීට් ආරක්ෂක බැමි ඉදිකළ යුතුය (නි)
දැන් ඉතින් මොනවා කළත් වැඩක් තිබෙනවද? (නි)
ලංකාව මේ අවස්ථාවේ ඉන්දියාව ආදර්ශයට ගත යුතුයි. නිසි පරිෂණයක් පවත්වා වගකිව යුතු සියලුම අයට නිසි දඩුවම් පැනවිය යුතුයි. අද ධාවනය වන බොහෝ ලංගම බස් රථ ධාවනයට සුදුසු තත්වයේ නැති බව සළකන්න.මට තවම මතකයි දෝවේ ලංගම බස් අනතුර. මගේ පියා ඒ කාලයේ ලංගම උසස් නිලධාරියෙක්. ඔහුට පවා ප්‍රශ්න පැන නැගුනා.මේ අවස්ථාවේ අපිත් අපක්ෂපාතිව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි (නි)
ඇත්ත තිත්තයි කැලුම්. නොසැළකිල්ල තමා ප්‍රධාන හේතුව. (නි)
රැකියාවකදී සමහර විට යම්යම් අපහසු අවස්ථා වලට අපි සැවොම මුහුණ දෙනවා. නමුත් තමන්ගේ කාර්යබාරය නිසිලෙස ඉටුකිරීම අප සැමගේ වගකීමයි. මෙවැනි විපත් මතු නොම වේවා අප සැමට. තෙරුවන් සරණයි! (නි)
මේ රියදුරු මහත්තය බස් එක පදවන වෙලාවේ ජංගම දුරකතනයකින් කතා කරමින්ද ඉදලා තියෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
කවුරුත් හිතලා මේවා කරන්නෙ නැහැ. අපි ඔහුට අනුකම්පා කරමු (නි)
මේ නොදන්නා නිසා අහන්නේ. මොකක්ද එතකොට මේ රියදුරා කරලා තිබෙන වැරැද්ද? (නි)
ඇත්ත. ඒ මනුස්සයා මේවා හිතලා කළේ නැහැ. හැබැයි නොසැළකිලිමත්කමින් කළා නම් දඩුවමක් ලැබිය යුතුයි (නි)
ලංගම වේවා පෞද්ගලික වේවා නිසි විධිමත් ක්‍රමයකට පුහුණු කළ හික්මීමක් ඇති රියදුරන් බිහි කිරීම රජයේ වගකීමක්. ඒ වගේම මගී ප්‍රවාහනයට යොදවන බස් රථ ඉතාමත් ආරක්ෂාකාරී ඒවා වෙනවා නම් හොදයි. රජයට මේ මිය ගිය ජීවිත වටිනවා නම් අදම හොද රියදුරන් පුහුණු කරන ආයතනයක් පටන් ගන්න ඕනෑ. (නි)