එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පළාත් සභා මන්ත්‍රීන් වන මෛත්‍රී ගුණරත්න හා ශිරාන් ලක්තිලක මහත්වරුන්ගේ සංවිධානත්වයෙන් පසුගිය පස්වැනිදා මාතර නගර සභාව අසල පැවැත්වු උද්ඝෝෂණයට පහර දුන්නැයි පොලීසියට අවශ්‍යව සිටි මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මංගල සමරවීර , දෙවිනුවර ආසන සංවිධායක එච් ආර් විමලසිරි හා බලපිටිය ආසන සංවිධායක නීතීඥ කමල් සොයිසා යන මහත්වරු රුපියල් ලක්ෂයක් බැගින් ශරීර ඇප තුනක් මත මුදා හරින්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා විසින් නියෝග කරනු ලැබුහ.
ඔවුහු පොලීසිය මගින් අද අධිකණයට භාර වුයේ මෝසමක් මගින් නඩුව කැදැවීමෙනි.
අයුතු ජන රාශිය,කුරුදු පොලු වලින් පහර දීම ,වාහනයකට අලාභහානී කිරීම හා ශබ්ද විකාශන යන්ත්‍ර පැහැර ගැනීම යන චෝදනා තුන මත පොලීසිය බී වාර්තාවකින් අධිකරණයට කරුණු දැක්වීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යය තවත් අට දෙනකුගේ නම් සදුදා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුහු අද අධිකරණයට ඉදිරිපත් නොවුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාප නායක රනිල්ව 2002 2004 චන්ද වලදී මිස්ටර් බීන් කරපු මංගල අද රනිල්ව සුපර් මෑන් කරන්න දගලනවා .නියම එජාප පක්ෂිකයෝ දොරේ හඩත් පඩේ හඩත් හොදට දන්නවා . මංගල වගේ අය එජාපයට සුදුසු නැත නැත නැත (අ)
පොලිසියට යනකොට ෂොපින් බෑග් එකක ගෙන ගිය බඩු ටික පොලිසියෙන් පිටට එනකොට නැති වුනේ කොහොමද? (ස)
ඔබ රටේ නායකයෙක් වනු දැකීම මේ රටේ ජනතාවගේ එකම ප්‍රාර්ථනයයි (නි)
"සුද්දන්ට එන්න කියමු. බලාලා ඉගෙනගන්න කියමු අපි. සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි..." (නි)
අනංග, ලබන ආත්මයේ ඔයාටත් ඔය වගේ අපහාස විදින්න වෙයි. මිනිස්සුන්ට අපහාස කරනකොට බලාගෙන (නි)
පල ඇති රුකටනේ මිනිස්සු ගල් ගසන්නේ. මෙතුමාට මතු දවසක ශ්‍රී ලංකාවේ නායකත්වයට පැමිණ විශාල සේවයක් කිරීමට හැකිවේවායි පතමු. (නි)
අර අන්තිම ඡායාරූපයේ එක් දසුනක් ගැන නම් මට ටිකක් සැක උපදවන සුළුයි. (නි)
මොවුන් පිටුපස යන අය ඉන්නා තාක්කල් මේ වගේ සිදුවීම් නවත්වන්නට නොහැකිය. (නි)
අපි මේවා කරන්නේ රට වෙනුවෙන්,පක්ෂය වෙනුවෙන්. (නි)
පරණ පිනක්!යාන්තන් ඇති (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
බලමු පසුවට වන්නේ මොකක්ද කියලා (නි)
මෙයාට වැඩි ප්‍රචාරයක් දෙන්න එපා. පේනවනේ මුහුණේ තියෙන සතුට ෆොටෝ ගහනකොට. (අ)
මට මතක් වෙනවා 2010 අවූරුද්දේ පේරාදෙණිය සරසවියට ඇමතිතුමෙක් ආ වෙලාවේ සාමකාමීව උදඝෝෂණය කළ මහා ශිෂ්‍ය සංගමයේ අපේ සහෝදරවරු 4 දෙනෙක් නවක වද පනත යටතේ ඇප නොදී දින 54ක් රිමාන්ඩ් කරලා තියා ගත හැටි. එදා අපේ අතේ කුරුඳු පොල්ලක් තියා තණකොළ ගහක්වත් තිබුණේ නැහැ. (නි)
අපොයි ලොකු දෙයක් ,,,තව පොඩ්ඩෙන්... අසරණ රිමාන්ඩ් කාරයෝටික..(අ)
අනෙක් ප්‍රදේශ වලිනුත් මෙවැනි දේම සිදු වේද? (නි)
මෙන්න හොද පාඩම්, සමහර උදවියට (නි)
අනේ මෙහෙමත් රටක් වෙන කොහෙවත් නැතුවා ඇති (නි)
මේවා දැක්කම අපිට ඇපත් නැතිවෙනවා. (නි)
එතුමලාට තිබෙනවා විශේෂ මන්ත්‍රී වරප්‍රසාද (නි)
අනේ මන්දා. (නි)
අනෙක් සැකකරුවන්ටත් ඇප ලබාදෙමු (නි)
ඇප ලැබිලද? ඔන්න අලියා ප්‍රවේශමෙන්! (නි)
පෙරසිටම බලාපොරොත්තු වූ දෙයක්.... (නි)
අයියෝ! (නි)