IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මංගලගෙ 24ක් රිමාන්ඩ්

එක්සත් ජාතික පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේ දී ඇති වූ ගැටුමේ දී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පිරිසකට පොලුවලින් පහර දී තුවාල සිදු කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි 24 දෙනකු ලබන 14 වැනි දා තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් සිසිර රුවන් කුමාර මහතා අද නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී හේවා වෙල්ලාලගේ ගයාන් සංජීව, මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, නාගරික මන්ත්‍රීවරුන් වන නලින් කුමාර අබේගුණවර්ධන, මොහොමඩ් ඉක්බාල්, මොහොමඩ් හුස්කි, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පුද්ගලික ලේකම් හෙට්ටිආරච්චිගේ සමීර මනහර ද රිමාන්ඩ් කරනු ලැබුවන් අතර වෙති.

ඔවුහු  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් බව කියන පිරිසකි.

ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු ලබන 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. ඔහු ‍එජාපයෙන් නෙරැපුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ ආධාරකරුවෙකි.  

ඔහුගේ පියා වන හර්මන් ගුණරත්න , මංගල සමරවීරගේ ආධාරකරුවකුට වෙඩි තැබීයැයි කියන සිද්ධිය පිළිබඳ විභාගය පසුවට කල් තැබිණි.

 



අදහස් (0)

මංගලගෙ 24ක් රිමාන්ඩ්

සුනිල් Monday, 07 October 2013 05:21 PM

මංගලගේ බංකොලොත් අවස්ථාවාදී දේශපාලන නිරුවත මුළු රටටම හෙලි වණා. ඉස්තුතියි මංගල ! ඊළඟ ඡන්දයේදී මාතර මිනිස්සු ඔබ වෙනුවෙන් බුද්දිමත් තීරණයක් ගනීවි ! (අ)

:       0       0

ලලිත් Tuesday, 08 October 2013 01:15 AM

මේක තනිකරම කාගේ වැඩක්ද කියලා රූපවාහිනිය බැලූ දෙකේ පන්තියේ ළමයෙකුට වුණත් තේරෙනවා. (නි)

:       0       0

සුනිල් Monday, 07 October 2013 05:21 PM

මංගලගේ බංකොලොත් අවස්ථාවාදී දේශපාලන නිරුවත මුළු රටටම හෙලි වුණා. ඉස්තුතියි මංගල ! ඊළඟ ඡන්දයේදී මාතර මිනිස්සු ඔබ වෙනුවෙන් බුද්දිමත් තීරණයක් ගනීවි ! (අ)

:       0       0

මොහමඩ් ෆාරුක් Monday, 07 October 2013 05:31 PM

අවමංගල කටයුතු නොවී බේරුනා එක මංගල ඇතුළු එජාපයට ලොකු දෙයක් . පක්ෂයේ කටයුතු ඇතුලත විසඳා ගන්නට බේරුවා පාරට බැහැලා . කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ අපේ නායකයා . අපේ සහාය ඔහුට . සජිත් ගේ කට්ටියට හදිස්සි උනාට ටිකක් ඉවසීමෙන් ඉන්න (අ)

:       0       0

බන්ධු Tuesday, 08 October 2013 01:27 AM

මංගල, ඔබ කළ දෙය ඉතා අගනේය. දේශපාලන අවස්ථාවාදීන්ට ඔබ සහ පිරිස උගැන්වූ පාඩම ඉතා අගනේය.ඔබට රටේ බහුතරයකගේ ප්‍රණාමය! ජය වේවා! (නි)

:       0       0

දයා ලංඩන් Monday, 07 October 2013 05:39 PM

ගහ මරා ගන්නේ නැතුව ජනතාවට ආදර්ශයක් වෙන විදියට ශීලාචාර දේශපාලනයක් කරන්න බැරි ඇයි ? (නදී)

:       0       0

සාදි Monday, 07 October 2013 06:29 PM

ඒ ගොල්ලො කවුද? (අ)

:       0       0

සත්‍යයා Tuesday, 08 October 2013 04:51 AM

මංගලගෙ 24ක් රිමාන්ඩ් නම් ඒක මංගල්‍යයක් නොවෙයි අවමංගල්‍යක් වෙන්න ඕනෑ. වල් ඌරෝ කැකුණ තැලුවහම හබන් කුකුලන්ට මගුල්ලු! (නි)

:       0       0

ලලිත් Tuesday, 08 October 2013 05:09 AM

බලන්න පරම්පරාගත එක්සත් ජාතික පාක්ෂිකයන්ට අද වෙලා තිබෙන දේ? කොහෙවත් ඉඳලා ඇවිත් ජැක් එක ගහපු අය පක්ෂයේ වැඩකාරයෝ වෙලා. ඉතින් කවදා නම් දිනන්නද? (නි)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 07:03 PM

මොකක්ද ඉන්දු ශීලාචාර දේශපාලනයක් කියන්නේ? ශීලාචාර නම් දේශපාලනයක් කොරන්න බෑ. මොකද ඇඟේ තරමට සරිලන පොත් ලංකාවේ නෑ. පත්තරේ අරන් තමයි යන්න වෙන්නේ... ....නායකයන්ට .(නදී)

:       0       0

පැංචි Monday, 07 October 2013 07:33 PM

පෙත්තෝ ඔයාකියන්නේ පත්තරයක් අරන් යන්න කියලද? වැස්සොත් මොන දෙයියෝ බලාවිද? ශීලාචාරකම තෙමුනම.....දෙයියෝ සාක්කි....(නදී)

:       0       0

ආරියසේන Monday, 07 October 2013 07:44 PM

මංගල කියන්නේ හොඳ නුල් සුත්‍ර දන්නා කෙනෙක්. ඒ වගේම දිය යටින් ගින්දර. ඔහු නම් බේබි මහත්තයට කොහේත්ම කැමති නැහැ. ඔහුට යු එන් පි එකේ තැනක් නැති වෙන නිසා..(නදී)

:       0       0

සුපුන් Tuesday, 08 October 2013 07:59 AM

මේ සිද්ධියෙන් තුවාල ලබා සිටින අයගේ පවුල් වලට තමා දැන් කරදරේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ සාමාජිකයන් සදහා ලක්ෂ 100ක් වත් ජීවිත සහ අනතුරු රක්ෂණ ආවරණයක් රජයෙන් ලබා දෙනවා නම් ඒක කාලෝචිත ක්‍රියාවක් (නි)

:       0       0

පෙත්තා Tuesday, 08 October 2013 08:20 AM

වහාම රිමාන්ඩ් ගම් මට්ටමින් ඇති කරන්න. පෙළපාලි යන්න. රිමාන්ඩ් කරන්න. උසාවි දාන්න. නඩු අහන්න. අනේ අපේ සල්ලි. රස්තියාදු දේශපාලනය. (නි)

:       0       0

මංගල Monday, 07 October 2013 08:36 PM

මට ඉස්සරහ අර ඇවිදගෙන යන අය නම් හරිම හැන්ඩියා.(නදී)

:       0       0

සමිත් Wednesday, 09 October 2013 05:37 AM

මේ ගැන අර නායකත්වය මට බලෙන් එපා කියන අයගේ සද්දයක් නැත්තෙ මොකද? බළලුන් ලවා කොස් ඇට බාවන එක නේද කරන්නේ? (නි)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 08:57 PM

අන්න උසාවිය ඉස්සරහ හැකරු පැනලා මාමේ?(නදී)

:       0       0

දිනේෂ් Tuesday, 08 October 2013 02:55 PM

මංගල දැන් මෝංගල් වෙලා ඉන්නෙ.... (ස)

:       0       0

මෂුඩ් Monday, 07 October 2013 09:37 PM

ආණ්ඩුවේ රජ කරන්නේ යු.එන්.පී එකෙන් පැනපු අය. එ.ජා.පෙ රජ කරන්නේ ශ්‍රී ලංකා එකෙන් පැනපු අය.(නදී)

:       0       0

නිෂානි Tuesday, 08 October 2013 10:23 AM

දැන් පේනවනේ කවුද ගහගෙන තියෙන්නේ කියලා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 462 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 488 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10826 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3096 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3892 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6151 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19520 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site