එක්සත් ජාතික පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේ දී ඇති වූ ගැටුමේ දී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පිරිසකට පොලුවලින් පහර දී තුවාල සිදු කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි 24 දෙනකු ලබන 14 වැනි දා තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් සිසිර රුවන් කුමාර මහතා අද නියෝග කළේය.
එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී හේවා වෙල්ලාලගේ ගයාන් සංජීව, මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, නාගරික මන්ත්‍රීවරුන් වන නලින් කුමාර අබේගුණවර්ධන, මොහොමඩ් ඉක්බාල්, මොහොමඩ් හුස්කි, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පුද්ගලික ලේකම් හෙට්ටිආරච්චිගේ සමීර මනහර ද රිමාන්ඩ් කරනු ලැබුවන් අතර වෙති.
ඔවුහු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් බව කියන පිරිසකි.
ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු ලබන 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. ඔහු එජාපයෙන් නෙරැපුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ ආධාරකරුවෙකි.
ඔහුගේ පියා වන හර්මන් ගුණරත්න , මංගල සමරවීරගේ ආධාරකරුවකුට වෙඩි තැබීයැයි කියන සිද්ධිය පිළිබඳ විභාගය පසුවට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ රජ කරන්නේ යු.එන්.පී එකෙන් පැනපු අය. එ.ජා.පෙ රජ කරන්නේ ශ්‍රී ලංකා එකෙන් පැනපු අය.(නදී)
මේ ගැන අර නායකත්වය මට බලෙන් එපා කියන අයගේ සද්දයක් නැත්තෙ මොකද? බළලුන් ලවා කොස් ඇට බාවන එක නේද කරන්නේ? (නි)
මංගල දැන් මෝංගල් වෙලා ඉන්නෙ.... (ස)
දැන් පේනවනේ කවුද ගහගෙන තියෙන්නේ කියලා (නදී)
වහාම රිමාන්ඩ් ගම් මට්ටමින් ඇති කරන්න. පෙළපාලි යන්න. රිමාන්ඩ් කරන්න. උසාවි දාන්න. නඩු අහන්න. අනේ අපේ සල්ලි. රස්තියාදු දේශපාලනය. (නි)
මේ සිද්ධියෙන් තුවාල ලබා සිටින අයගේ පවුල් වලට තමා දැන් කරදරේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ සාමාජිකයන් සදහා ලක්ෂ 100ක් වත් ජීවිත සහ අනතුරු රක්ෂණ ආවරණයක් රජයෙන් ලබා දෙනවා නම් ඒක කාලෝචිත ක්‍රියාවක් (නි)
බලන්න පරම්පරාගත එක්සත් ජාතික පාක්ෂිකයන්ට අද වෙලා තිබෙන දේ? කොහෙවත් ඉඳලා ඇවිත් ජැක් එක ගහපු අය පක්ෂයේ වැඩකාරයෝ වෙලා. ඉතින් කවදා නම් දිනන්නද? (නි)
මංගලගෙ 24ක් රිමාන්ඩ් නම් ඒක මංගල්‍යයක් නොවෙයි අවමංගල්‍යක් වෙන්න ඕනෑ. වල් ඌරෝ කැකුණ තැලුවහම හබන් කුකුලන්ට මගුල්ලු! (නි)
මංගල, ඔබ කළ දෙය ඉතා අගනේය. දේශපාලන අවස්ථාවාදීන්ට ඔබ සහ පිරිස උගැන්වූ පාඩම ඉතා අගනේය.ඔබට රටේ බහුතරයකගේ ප්‍රණාමය! ජය වේවා! (නි)
මේක තනිකරම කාගේ වැඩක්ද කියලා රූපවාහිනිය බැලූ දෙකේ පන්තියේ ළමයෙකුට වුණත් තේරෙනවා. (නි)
මංගලගේ බංකොලොත් අවස්ථාවාදී දේශපාලන නිරුවත මුළු රටටම හෙලි වණා. ඉස්තුතියි මංගල ! ඊළඟ ඡන්දයේදී මාතර මිනිස්සු ඔබ වෙනුවෙන් බුද්දිමත් තීරණයක් ගනීවි ! (අ)
අන්න උසාවිය ඉස්සරහ හැකරු පැනලා මාමේ?(නදී)
මට ඉස්සරහ අර ඇවිදගෙන යන අය නම් හරිම හැන්ඩියා.(නදී)
මංගල කියන්නේ හොඳ නුල් සුත්‍ර දන්නා කෙනෙක්. ඒ වගේම දිය යටින් ගින්දර. ඔහු නම් බේබි මහත්තයට කොහේත්ම කැමති නැහැ. ඔහුට යු එන් පි එකේ තැනක් නැති වෙන නිසා..(නදී)
පෙත්තෝ ඔයාකියන්නේ පත්තරයක් අරන් යන්න කියලද? වැස්සොත් මොන දෙයියෝ බලාවිද? ශීලාචාරකම තෙමුනම.....දෙයියෝ සාක්කි....(නදී)
මොකක්ද ඉන්දු ශීලාචාර දේශපාලනයක් කියන්නේ? ශීලාචාර නම් දේශපාලනයක් කොරන්න බෑ. මොකද ඇඟේ තරමට සරිලන පොත් ලංකාවේ නෑ. පත්තරේ අරන් තමයි යන්න වෙන්නේ... ....නායකයන්ට .(නදී)
ඒ ගොල්ලො කවුද? (අ)
ගහ මරා ගන්නේ නැතුව ජනතාවට ආදර්ශයක් වෙන විදියට ශීලාචාර දේශපාලනයක් කරන්න බැරි ඇයි ? (නදී)
අවමංගල කටයුතු නොවී බේරුනා එක මංගල ඇතුළු එජාපයට ලොකු දෙයක් . පක්ෂයේ කටයුතු ඇතුලත විසඳා ගන්නට බේරුවා පාරට බැහැලා . කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ අපේ නායකයා . අපේ සහාය ඔහුට . සජිත් ගේ කට්ටියට හදිස්සි උනාට ටිකක් ඉවසීමෙන් ඉන්න (අ)
මංගලගේ බංකොලොත් අවස්ථාවාදී දේශපාලන නිරුවත මුළු රටටම හෙලි වුණා. ඉස්තුතියි මංගල ! ඊළඟ ඡන්දයේදී මාතර මිනිස්සු ඔබ වෙනුවෙන් බුද්දිමත් තීරණයක් ගනීවි ! (අ)