පසුගිය පස් වැනි දා මාතර මහ නගර සභාව ඉදිරිපිට එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු 11 දෙනකු උසාවි කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන්නැයි ගන්දර පොලිසිය කළ ඉල්ලීම මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා අද ඉවත දැමීය.
ඔවුන් ගැටුමට සම්බන්ධ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට බලතල ඇතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
පහත නම් සඳහන් අය අත්අඩංගුවට ගැනීමට ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර (ඔහු අඟහරුවාදා (15) නීතීඥවරයකු මාර්ගයෙන් උසාවියට ඉදිරිපත් වීමට නියමිත බව දැනගන්නට ඇත.), දෙවිනුවර ආසන සංවිධායක එච් ආර් විමලසිරි, හබරාදූව ආසන සංවිධායක ලයනල් ඉපලවත්ත, විපක්ෂ නායක කාර්යාලයයේ සුදත් චන්ද්‍රසේකර,
කමල් සොයිසා, කිත්සිරි කහටපිටිය, සන්දිල් සමරසිංහ, ලක්ෂ්මන් විජේමාන්න, සුරනිමල රාජපක්ෂ, ප්‍රියන්ත පද්බේරිය හා නදිල් මාලගොඩ .
මේ අතර රිමාන්ඩ් භාරයේ සිට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පාර්ශ්වයේ සැකකරුවන් තිස් දෙදනාගෙන් මාතර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නුස්කි ඉක්බාල් හා මාතර මහ නගර සභාවේ සුළු සේවක අගුරුකංකානම්ගේ ජයරාජා යන දෙදෙනා මෙම නඩුවේ සාක්කිකරුවකු වූ දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් චරිත ගුණරත්න මහතා විසින් හදුනා ගනු ලැබූහ.
අනෙක් සාක්කිකරු වූ ඔහුගේ රියැදුරු වන පෙරුමාල් මුත්තුකුමාර මහතාට පෙරට්ටුවට ඉදිරිපත් කළ කිසිවකුත් හදුනා ගත නොහැකි විය.
මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් මත මෙම පෙරට්ටුව පැවැත්වූයේ නීතීඥ චරිත නානායක්කාර මහතා ය.
ඒ අනුව එම සැකකරුවන් තිස් දෙදෙනා ඇතුළුව මෙම ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයේම සැකකරුවෝ 36 දෙනෙක් ප්‍රධාන මහේස්ත්‍රාත් සිසිර කුමාර මහතා විසින් ලබන 21 වන දින දක්වා යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
ඒ අතුරින් අද පොලිසිය සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ වාද්දූව පදිංචි ජීවප්‍රිය චාමර නමැති සැකකරු ද ලබන 21 වැනි දා හදුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම ගැටුමේ දී ගිනි අවියකින් වෙඩි තබා පස් දෙනකු ඝාතනය කිරීමට තැත් කළ බව කියන දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් ඔහු පරීක්ෂා කර බලා රිමාන්ඩ් කාලය දීර්ඝ කරන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් වරයා වෙත දැනුම් දුන්නේය.
ඔහු ලබන 21 වැනි දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.
රිමාන්ඩ් බාරයේ අපරැක්ක ආයුර්වේද රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන මාතර හිටපු නාගරික මන්ත්‍රී සාලිය ජයවර්ධන මහතා පරීක්ෂා කිරීමට ගිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඔහු ද ලබන 21 වැනි දා දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ ලනු කන අයට සිදුවන්නේ මෙය තමා. (නි)
එයාව නඩුව අවසන් වෙන තෙක්ම හිර කල යුතුයි. නැත්නම් නැවතත් කාට හරි ගස්සවයි. (ස)
එජාපයට වය ධම්මා සංඛාරා වගෙයි (නි)
මල් වට්ටියක්.. වෙන්දේසියක්.. ඔබ පුදන්නට ගමේ දෙපිළක තරගයක්..... එඩ්වඩ් ජයකොඩි මහතාගේ මේ ගීතය මතක් වෙනවා අපි ජ්‍යෙෂ්ඨ නායකයෙක් වටා පෙළගැසෙමු (නි)
ඉස්සර ග්‍රීන්පාත් වලදී මාධ්‍යවේදීන් කණ්ඩායමකට ගහලා කැමරා කුඩුකරපු එකත් හරියට මේ වගේ නේද කියලා මතක් වුණා. එතකොට නම් වෙන පැත්තක තමයි ඇතැම් අය හිටියේ. ඒ වුණාට ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. (නි)
මංගලටත් ප්‍රශ්නයක් වෙයිද? (නි)
කරුණාකර ප්‍රතිපතියක් නැති හැමදාම පරදින අයට ඡන්දය දීම නවතන්න (නි)
බඹරුන් ඇවිස්සුණා. (නි)
මංගලගේ පෙරහැර මාතර බෝධියම තෝරාගත්තේ මොකද දන්නේ නැහැ. (නි)
අපොයි එයාව නම් රිමාන්ඩ් කරන්න එපෝ.......රිමාන්ඩ් එකේ ඉන්න අයටයි ගාඩ්ලටයි ගොඩක් අපල වේවි. (ස)
දෙබරයකට ගල් ගැසීමෙන් වෙන දේ (නදී)
හෙටම පටන් ගමු නතර කල තැන සිට (නදී),
අනේ අපේ සල්ලි?(නදී)
ඒ කියන්නේ අනිත් පැත්තෙන් සටන් කරලා තියෙන්නේ අර කව් බෝයි විතරද?(නදී)
මේ සියල්ල රටේ ජාතික ආදායමින් ගෙවන අපේම සල්ලි... (නි)
ලෝකයේ හැටි එහෙම තමයි. (නි)
අර පෙළපාලිය පාඩුවේ යන්න හැරියා නම් ඉවරයිනේ. (නි)