මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ පානදුර නිවසින් විස්කි බෝතල හතක් හා ලැප්ටොප් පරිගණකයක් සොරකම් කළැයි කියන රත්මලානේ ශිරාන් ප්‍රියංකර ඇප මත මුදාහරින ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිරවැලිවත්ත මහතා නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා පැවසුයේ සැකකරු දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කැර ඇති බවයි.
ඒ පෙත්සම අනුව ඔහු මංගල සමරවීර මහතා දැන සිටි අයෙකි.
විස්කි හා පරිගණකය ඔහුට සමරවීර මහතා විසින් දෙන ලද බවද වර්ණකුලසුරිය මහතා කියා සිටියේය.
රුපියල් 5000 ක මුදල් ඇපයක් හා රුපියල් 25000 ක ශරීර ඇපයක් මත මුදා හළ ඔහුට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි නැති හොරෙක් කොහොමද හේමන්ත වර්ණකුලසුරිය වැනි ජනාධිපති නීතීඥ කෙනෙක් අල්ලන්නේ.(නදී)
මොහු මංගල සමරවීර මහතාගේ පුද්ගලික මිතුරෙක් වන්නට ඕනේ.(නදී)
මොකක්ද අලුත් කතාවක් පැතිරෙන්නේ මඩ ගැසිමක්ද (දී)
මඩද වතුරද ?කොහොම උනත් පුද්ගලික දේවල් මාධ්‍යට දමන්න හොඳ මදී (දී)