IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මෙගාවොට් 4000 විදුලි ව්‍යාපෘතියට ඉඩම් හඳුනාගැනීම ඇරඹෙයි

(යොහාන් භාසුර)

පුනර්ජනනීය ප්‍රභවයගෙන්  විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩසටහන යටතේ මෙගාවොට් 4000 ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම සැලැස්ම අනුව මෙගාවොට් 3000ක බිම්ගත සූර්ය පැනල සහ ජලය මත පාවෙන සූර්ය පැනල මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති සහ මෙගාවොට් 1000 ක සුලං ප්‍රභව මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති සදහා වන අවශ්‍ය ඉඩම් හදුනාගැනීම් සහ ජල ප්‍රභව හදුනාගැනීම් සිදුවන බවද අමාත්‍යවරයා කීය. 



අදහස් (7)

මෙගාවොට් 4000 විදුලි ව්‍යාපෘතියට ඉඩම් හඳුනාගැනීම ඇරඹෙයි

don Saturday, 07 October 2023 11:55 AM

අර යාපනයේ කලපුව හෝ මන්නාරමේ ඉඳලා තලෙයිමන්නාරමට යනකන් ඕකට නිකන්ම ගන්න පුළුවන්නේ. මහලොකුවට සල්ලි වියදම් කරකර තැන් හොයන්නේ නැතිව...

:       3       19

Pradeep Kumara Saturday, 07 October 2023 01:18 PM

ඉස්සරවෙලාම බලන්න එක් එක් ගම්වල තම තමන්ගේ නිවාස වහල මත සූර්ය පැනල සවිකිරීමට කැමැති අය කොපමණ සිටිනවාද කියලා. එහෙම කැමති අය සිටීනම් වැයවන සම්පූර්ණ වියදමින් 50%ක් ආධාරයක් ලෙසත් ඉතිරි 50% ක මුදල අදාල නිවාස හිමියා විසින්දැරිය යුතු බවත් දන්වා මේ වැඩ සටහන ප්‍රායෝගික කරන්න බලන්න. ඔය විදියට ඉඩම් හොයාගෙන ඉදිකළත් එහි ආරක්ෂාව ගැන වගකියන්නේ කවුද?

:       0       27

නිහාල්Saturday, 07 October 2023 06:59 PM

එහෙම කළොත් අඩුවියදමෙන් කරන්න පුළුවන්. ඒවාට අපේ දේශපාලුවන් කැමැති නෑ. අතයට ගණන් ඉල්ලන්න බෑ...!

:       0       7

kumara Saturday, 07 October 2023 02:01 PM

මෙහෙමයි, ඩීසල් බලාගාර මගඩියට පසුව සූර්ය කෝෂ ගෙන්වන සමාගම් වල මගඩිය පටන් ගන්නයි ඔය හදන්නේ. ලංකාවට සුළං තියෙනවා. තඹ තියෙනවා. කාන්දම් ගෙන්විය හැකියි. මහා පරිමාණ වංචාවලට තෝතැන්නක් කරන්නේ නැතිව, පොඩි දෙයින් පටන් ගන්න. ටර්බයින් හදන්න ලංකාව ඇතුලේ. ඒවායින් සුලං බලාගාර, මුහුදු ජලයෙන් රැලිති වලින්, ගංගා ගලා යන ජලයෙන් නොමිලේම වගේ විදුලිය හදන්න පුළුවන්කම තියෙද්දී තවත් හොර මගඩියකට ඔය තනන්නේ. සූර්ය කෝෂ තනිකර වියදම් වැඩක්. අනික, ඒ්වා පසුව පරිසරයට මුදා හැරීමත් විනාශකාරියි. දුර හිතලා වැඩ කරන්න..

:       8       5

Chaminda Saturday, 07 October 2023 02:18 PM

මේකෙන් රටේ නිවාස විශාල ප්‍රමාණයකගේ වහල පිළිබඳ ගැටලු විසඳිය හැක. එසේ කළහොත් වියදමත් අඩුයි. ඒ නිසයි විදේශ රටවල, නිවාසවල වහලය සඳහා ආයෝජනය කරන්නේ. මෙයා මෙහේ වෙනම ඉඩම් අරගෙන ආදායම ඉතා සූක්ෂම විදියට බෙදීයන ප්‍රොජෙක්ට් තමා කරන්නේ. පෙට්‍රල් අර්බුදයේදී ඉන්ධන වෙනුවට සෝලාර් පවර් හරි රටේ අවශ්‍යතාවය කොන්වර්ට් කරන්න බැලුවේ නෑනේ... තෙල් ගෙන්නන්න වියදම් කරනවා ඇරෙන්න නේද?

:       0       13

සුරංග Saturday, 07 October 2023 04:07 PM

ප්‍රදීප් කුමාර හා චමින්ද දක්වා තිබෙන අදහස් ඉතාමත් කාලෝචිත ඒවා කියලා කියන්න පුළුවන්... ඒ වගේම ඇමැතිතුමා ඔහේ මාතර පැත්තේ යනවා නම් දකුණු අධිවේගී මාර්ගයේ යනවා ඇති කියලා හිතෙනවා. බලන්න ඒ මාර්ගයේ ඉහළින් කොපමණ සූර්ය පැනල සවිකරන්න පුළුවන්ද කියලා... ඉහළින් සවිකරන්න වියදම් යාවි තමයි. ඒත් එහෙම කළොත් අඩුම තරමින් මාර්ග ආලෝක කිරීමවත් කරන්න පුළුවන් වේවි නේද? මම හිතන්නේ එහෙම කළොත් ලොකු ව්‍යාපෘතියක් කරන්න පුළුවන් කියලා... තවත් බලන්නකෝ පාසල් ගොඩනැගිලි වහලවල් කොපමණ තියේද කියලා... ඒවා උපයෝගි කරගෙන පාසල්වල විදුලිය ප්‍රශ්නය විසඳීමට බැරිද? ඔයැයිට පුළුවන් නම් නාගරික ප්‍රදේශවලවත් අලුත් ගොඩනැගිලි හදනවිට ඒවායේ වහලයට සූර්ය පැනල සවිකරන්න නීතියක් ගේන්න... ඒක අමාරුයි නම් සහනාධාර මත ප්‍රදීප් හා චමින්ද කියපු ආකාරයට කරන්න.

:       0       10

Nimal Saturday, 07 October 2023 05:56 PM

ලෝක හොරු ටිකක් තමයි ඉන්නේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1235 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 226 0

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 273 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 140 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 405 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 153 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39942 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25920 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 198 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site