මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මඟුල් ගෙදරක යන අතර තුරදී හොරණ මදුරාවල ප්‍රාදේශීය සභාවට අද උදේ ගොඩ විය.
මාධ්‍යවේදීන් ඇතුළු 2000 කට අධික පිරිසක් ඔහු ආ පුවත අසා එහි ආහ.
මාධ්‍යවේදීන් සමග නිදහසේ කතා කළ රාජපක්ෂ මහතා පැවසූවේ ඔහු අගමැති කිරීම සඳහා වන මහනුවර රැළියට ඇරයුම් ලැබී ඇති බවයි.
එයට සහභාගී වන්නේ දැයි ඔහු නිශ්චිත පිළිතුරක් දුන්නේ නැත.
''මට මගුල් ගෙදරක යන්න තියෙනවා. නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ මා ලඟයි. මමයි නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ'' යැයි ඔහු එහිදී ප්‍රකාශ කළේය.
මාධ්‍ය වේදීන් දිගටම ප්‍රශ්ණ අසන්නට වු විට ඔහු පැවසුවේ ''ඔය ඇතිනේ, වැඩිය කතා කළොත් කට වරද්දාගන්න වේවි'' යනුවෙනි.
මහින්ද රාජපක්ෂ මහතා එහි ආ බව අසා කුමාර වෙල්ගම මහතා ඇතුලු හිටපු මැති ඇමතිවරු පිර්සක්ද එහි ආහ.
මහින්ද රාජපක්ෂ මහතා ලංකාදීප පුවත්පත බලමින්








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත ඇත්ත. මේ දවස් වල කට වරද්දාගන්න නම් හොඳම නැහැ (නි)
එතුමා සාමාන්‍ය මිනිසුන් සමඟ එකමුතුව කටයුතුකිරීම අපි අගය කරනවා (නි)
බලන්නකෝ එතුමාට ඇති ජනතා ප්‍රසාදය? (නි)
මේක තමයි යථාර්තය තේරුම් ගත්තා නම් හොදයි (දිල්)
ඇත්තම කියනවනම් මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තය එක්ක (බ)
මෙතුමා අපේ රජු (බ)
එතුමට අයිතියක් තිබේද එසේ ඇතුල් වෙන්න (නදී)
අතිතයේ සිදුඋන වැරදි සහ අතපසුවීම් බුද්දිමත් මනසකින් තේරුම් ගෙන අනාගතයට මුණ දීමට් ශක්තිය දිරිය එතුමට ලැබේවා නැවත. (අ)
කොහොමද මහින්ද මහත්තයාගේ ජන ප්‍රසාදය. කලින් කිව්වේ බස් වලින් ඇදල කියලා. (නදී)