නිළ ඇඳුම ඇඳ සිටි මේජර්වරයකු හා සාමාන්‍ය ඇඳුමෙන් සිටි කෝප්‍රල්වරයකු අතර කටුගස්තොට දී ගැටුමක් ඇති විය.
මේජර් වෑන් රියක් පදවමින් සිටි අතර කෝප්‍රල් සිය බිරිය සමග පාර මාරු වෙමින් සිටිය දී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යෑමෙන් පසු තමන්ට පහර දුන් බව දෙදෙනාම පොලිසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි. ලැජ්ජයි. හරිම ලැජ්ජයි. (නි)
සිවිල් එකේ වෙන ප්‍රශ්ණ සිවිල් විදිහට දකිමු.(නදී)
දුර්ජනයෝ (දී)
අනේ පව් කෝප්‍රල්.(නදී)
ඔහොම යන්.... ඔහොම යන් ........(නදී)
දෙන්නටම දඩුවම් දෙන්න. වැව වටේ රවුම් තුනක් කෝප්‍රල්ට දුවන්න කියන්න.මේජර් ට රවුම් හයක් දුවන්න කියන්න.. (දී)
ලජ්ජාවෛයනෙකනම්ල(දී)
හැබැයි ඉතින් හමුදා නීතියට අනුව නම් මේජර් හමුදාවෙන් ඉල්ලා අස්විය යුතයි. (දී)
ඔහොම ගහගන්න කොප්‍රල්ලා මේජර්ලා ඔක්කොම එකයි එකම බෝට්ටුවේ.(නදී)
මේජර් කෙනෙක් මීට කලිනුත් ගුටි කෑවා නේද? (නි)
මෙජෙර් ට නම් ගැහුවට කමක් නෑ. කෝප්‍රල් ට ගහලා නම් වැඩ වරද්ද ගන්න එපා .(දිල්)
ඕක සාමාන්‍ය දෙයක්. ලොක්කෝ කවදත් ඉන්නේ "ඔලුවේ තනතුර තියාගෙන - ඉදිමිලා". එහෙමත් නිලධාරියෙකුට විතරය් මහත්මා ගති තිබෙන්නේ. පහුගිය දවසක නුවර පාරේ පාර මාරු වෙන්න සිග්නල් වැටිලා තියෙද්දී කහ ඉර පනිනකොට හෝන් එක ගහගෙන කාර් එකක් ගියා. ඊට එහායින් පොලිස් නිලධාරියෙකුත් හිටියා. ඒ නිලදාරිය අර කාර් එක අල්ලනවා වෙනුවට කාර් එකට සැලියුට් එකකුත් ගැහුවා. වැරැද්ද කාගේද? පාර පැනපු අයගේද? කහ ඉර ඇන්ද අයගේද? කහ ඉර උඩ යන අයගේ ආරක්ෂාවට නීති හදපු අයගේද? පොලිස් නිලධාරින්ගේද? (නි)
මේජර් නිල ඇඳුමෙන් ඉන්නකොට සිවිල් පිට හිටපු කෝප්‍රල් ගහගත්තා නම් වැරැද්ද මේජර් ගේ විය හැකියි. කෝප්‍රල් කෙනෙක් නිල ඇඳුමෙන් තනතුර අඳුරගන්න දන්නවා. කෝප්‍රල් සහ බිරිඳ පාර පනින විට වාහනේ ගිය මේජර් මොකක් හරි වැරද්දක් කරන්න ඇති. නැත්නම් ඔවුන්ට අපහාස වෙන විදියට කෑගහන්න ඇති. කෝප්‍රල් කෙනෙක් මේජර් කෙනෙක් එක්ක ගහගන්න මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තිබිය යුතුමයි.(නදී)
හරිම අසෝබනයි. හමුදාවේ විනය නේද ප්‍රධානම දෙය ? (නදී)
විනය නැතිවීම ගැන කනගාටුයි.(නදී)
මහා මානුෂික මෙහෙයුම් කල හමුදාවේ අය මෙහෙම කලා වෙන්න බැහැ. හමුදාව අභ්‍යන්තරයේ ගැටුම් ඇති කරන්න ඩයස්පෝරාව සහ බටහිර අධිරාජ්‍යවාදීන් කල කුමන්ත්‍රණයක් වෙන්න බැරි ද ? (නදී)
අම්මෝ තනතුරු දෙක අතරේ තියෙන වෙනස (දී)
ඔන්න වැඩේ අපි කොහොමද ඉතින් මේවාට අදහස් දාන්නේ අපිටත් ගැහුවොත් (දී)
පිස්සු මිනිස්සු (දී)
කෝප්‍රල්ට දෙයියන්ගෙම පිහිටයි.(නදී)