IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මට අවුරුදු 25ක් සපිරෙන කොට රංගනයෙන් සමුගන්නවා

සුසිල නිෂ්පාදනයක් වූ 'සල් සපූ නා' ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසි ෂනාලි වීරසිංහ මේ දිනවල කාගෙත් ආදරය දිනාගත් යොවුන් රංගන ශිල්පිණියකි. සතියේ දින පහේම සිරස නාළිකාවේ විකාශය වන 'සල් සපූ නා' ටෙලි නාට්‍යයේ 'ආලියා' ලෙස ඔබ හමුවට එන ඇය වසර කිහිපයක් තිස්සේ වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක ලෙසද කටයුතු කර ඇත. 'ආලියා' ලෙස සිය පළමු ටෙලිනාට්‍ය රංගනයට පිවිස ඇති ෂනාලි දැනට බොහෝ වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා ප්‍රමාණයකටද දායක වී තිබේ.

ෂනාලි කියන්නද? ආලියා කියන්නද?

ෂනාලි කියන්න. ඒත්, දැන්නම් ෂනාලිට වඩා ජනප්‍රිය ආලියා කියන නම. ගොඩදෙනෙකුට ෂනාලි කියන මගේ නමත් දැන් හුරු නැති වෙලා. ඒ අයත් මට කියන්නේ ආලියා කියලා.

20160425Shenali-4'සල් සපු නා' ටෙලි නාට්‍යයේ 'ආලියා' චරිතය ලැබුණේ කොහොමද?

මම රොසෑන් ඩයස් මහත්මිය ගාව නිරූපණය පිළිබඳව හැදෑරීම් කළා. ඇය තමයි කිව්වේ අලුත් ටෙලි නාට්‍යයකට අලුත් ගැහැනු ළමයෙක් හොයනවා ගිහිල්ලා බලන්න කියලා. ඉතන් මම ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියා. එහිදී මට 'සල් සපූ නා' ටෙලිනාට්‍යයේ තිර පිටපත රචනා කළ තුෂාරි අබේසේකර අක්කාව මුණ ගැහුණා. ඇයගේ අතදීම මත තමයි මම 'ආලියා' වුණේ.

මේ පළමු රංගනයද ෂනාලිගේ?

ඔව්, මීට කලින් මම වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනාවලට පෙනී සිටියත් රංගන ශිල්පිණියක් විදිහට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ 'සල් සපු නා' ටෙලිනාට්‍ය හරහායි.

'ආලියා' කියන්නේ නම් අහිසංක චරිතයක්. ෂනාලිත් ඒ වග්ද?

අපෝ නැහැ. 'ආලියා' කියන්නේ අහිංසක, තැන්පත් චාම් ගතිපැවතුම් ඇති කෙනෙක්. නමුත්, ෂනාලි කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. චුට්ටක් ඇත්නම් මට තරහත් යනවා.

'සල් සපු නා' ටෙලි නාට්‍යයට එකතු වුණේ ඔබ නවකයෙක් විදිහට. කොහොමද කට්ටියගේ සැලකුම්?

ප්‍රවීණ හා නවක කියලා භේදයක් අපි කා අතරවත් තිබුණේ නැහැ. ඒ අය මා රංගනය පැත්තෙන් නොදන්න හැමදේම දරුවෙකුට, සහෝදරියකට වගේ කියලා දෙනවා. මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනා රම්‍යා වනිගසේකර, රෝහණ බැද්දගේ, දමිතා අබේරත්න, ගයනි ගිසන්තිකා වගේම ජනක කුඹුකගේ පිරිසව. ඔවුන් මට රංගනය පැත්තෙන් ගොඩක් දේ කියලා දුන්නා.

'සල් සපු නා' නාට්‍යයෙන් පස්සේ?

දැනට ගොඩක් කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා ලැබෙනවා. නමුත්, මම කැමතියි 'සල් සපු නා' නාට්‍ය අවසන් වෙලා තවත් නිර්මාණයකට යන්න. එක දිගට කලා කටයුතු බාර අරගෙන අමාරුවේ වැටෙනවට වඩා ඒක හොඳයි කියලා හිතෙනවා.

ෂනාලිට තාම අවුරුදු 19යි. කලා ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්නද කල්පනාව?

නැහැ මට අවුරුදු 25ක් සපිරෙද්දිම මම කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. ඒක තමයි මගේ ඉලක්කය. දැන් මට අවුරුදු 19යි. තව අවුරුදු 6ක් ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න පුළුවන්. ඒ කාලය තුළ මා රංගනය පැත්තෙන් යන්න තියෙන සියලු ඉලක්කවලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න ඔබට ආරාධනා ලැබුණොත් බාරගන්නවද?

අනිවාර්යෙන්ම බාරගන්නවා. මොකද. සිනමාවට සම්බන්ධ වෙනවා කියන්නේ මගේ තවත් එක් හීනයක් තමයි. හැබැයි ලැබෙන ආරාධනය මට කරන්න පුළුවන් හොඳ චරිතයක් වෙන්න ඕනා.

ෂනාලිට කවුද උදවු කළේ?

අම්මා, තාත්තා, රොසෑන් ඩයස් මහත්මිය, 'සල් සපූ නා' ටෙලි නාට්‍ය කණ්ඩායම. සුසිල නිෂ්පාදන ආයතනය වගේම 'ආලියා' චරිතයට මාව තෝරගත්තු තුෂාරි අබේසේකර අක්කාවත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරනවා.

බුද්ධික සේනාධීර / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

20160425Shenali-3 20160425Shenali-2 20160425Shenali-1



අදහස් (0)

මට අවුරුදු 25ක් සපිරෙන කොට රංගනයෙන් සමුගන්නවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 11 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 373 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 223 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 345 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1067 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2855 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site